Wednesday, February 21, 2018

අබුද්දස්ස කාලේ මාධ්යය වේදියෝත් ගෝත්රිකයෝ නම් ජනතාවට කාගේ පිහිටක්ද....? ඊනිව්ස්හි විශ්වමිත්ර දේශබන්ධු සහෘදයාගේ ලිපියට ජනතාවගෙන් පිලිතුරක්.. සෝභිතාවතාර විශ්වයේ සිට කනස්සල්ලෙන් - 2018/02/22

 කුළු හරකාගේ අං දෙකෙන් අල්ලා නොගැනීම..! 
 විශ්වමිත්‍ර දේශබන්ධුගේ විග්‍රහය 
(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.20, පෙ.ව‍.2.15) ආණ්ඩුව
සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිතා මතා ඇති කර තිබෙන අර්බුදය පිළිබඳව කතා කරන කිසිදු විචාරකයකු හෝ දේශපාලකයකු, ජනාධිපතිවරයා ඇති කර තිබෙන මෙම අර්බුදයේ යතාර්ථය ගැන ඍජුව ඇසිය යුතු ප්‍රශ්නය නොඅසන බව පෙනේ. වෙනත් විධියකින් කියන්නේ නම් නොබියව “කුළු හරකාගේ අං දෙකෙන් අල්ලාගන්නා” බවක් නොපෙනේ. 
===============================================================================
               ....යන මැයෙන් ඉහත විශේෂ ලියුම් කරුවෙකුගේ යැයි කියා ගන්නා ලියුම්කාර විශ්වමිත්ර දේශබන්ධු සහෝදරයාගේ ලිපියේ මෙම ප්රතම ඡේදයෙන් උපුටා ගත් කොටසක් (එම ලිපියේ ඉතිරි කොටසට අදාල ලිංක්/Link එක අවසානයේ දක්වා අැති බව සලකන්න) හුවා දක්වමින් මෙම දිගු ලිපියට කිසියම් පිලිතුරක් දීමට සෝභිතාවතාර කල්පනා කලේ ජනතාව නියෝජනය කරමින් ජනතාවගේ හඞක් ලෙසින් ජනතාවගේ පාර්ශවයේ සිටය.

වෙබ් අඩවි කරුවන් තම අඩවියට වෙළඳ දැන්වීම් ලබාගෙන බිස්නස් කර ගැනීමටත්... යම් යම් අාකාරයේ මාධ්යය කරුවන් විවිධ සිත්සතන් සහ කල්පනා අැතිව දවසේ ගතමනාව සහ ෂොට්  එකක් දැමීමට අවශ්යය අල්ලස ලබා ගැනීම පිනිසත් පාඨක ජනයා මුලා කරනු වස් බොහෝ උප්පරවැට්ටි දමති. කස්තිරම් අල්ලති. නටති/ගයති/වයති/කති/බොති/වැටෙති රටට හෙන ගැහුවත් ජනතාවට හෙන ගැහුවත් අපිට මොකෝ යැයි සිතා තමාගේ සහ තම පන්තියේ පැවැත්ම උදෙසා දිනපතා නිතිපතා මොනවා හෝ කරති...

අනේ ඉතින් මේ ප්රවෘත්ති බලන ජනතාවටත් ඉතින් දෙයියන්ගේම පිහිට පමනි.

නමුත් රටේ වෙසෙනා සබුද්ධික ජනතාවගේ සහ සෝභිත හිමියන්ගේ දේදුනු ප්රජාවගේ සවිඥාණය කෙතරම්දැයි මෙවැනි වැඩ පෙන්වීමට සහ අයෑම්ද මෑන් වීමට තතනනා/උත්සාහ කරනා ලිලිපුට්ටන් හට ඉහත ජනතාවගේ ජන විඥාණය කෙතරම් දියුණුදැයි පෙන්වීමට මෙම ලිපිය සුවිශේෂී සාධකයක් බවට පත් කර ගත්තෙමු.

අනේ අප කලක් බොහෝ අාදරය කල ඊනිව්ස් සහ එහි සිටිනා විශේෂ ලියුම් කරුවානනි ඔබට ලැබී අැති මාත්තෘකාව ඔස්සේ අාණ්ඩුව කරකවාගෙන කරකවාගෙන ගොස් ගොනා තණකොල පඳුර දෙසට සෙමින් සෙමින් යනවා අපි දුටිමු. ඒ ඔබලාගේ ගොදුර දඩයම සහ කොන්ත්රාත්තුවද වන වත්මන් ජනපති තුමන් අසරන කරවීමේ ගොත්රික වූ ම්ලේඡ්ච වෛරයයි. මේ වන විට ඊනිව්ස් අලිමලික්ගේ කොන්ත්රාත් පමනක් නොව දූෂිතයින්ගේ සිහින පරාදීසය වූ පොහොට්ටු රජානෝගේ කොන්ත්රාත්ද බාරගෙන අැති සෙසක් පෙනෙන්නට අැත.

කෙසේ වෙතත් ලියුම් කරුවාගේ ලිපිය අරබයා රටේ සබුද්ධික ජනතාව වශයෙන් සුවහසක් සහෝදර ජනයාට ජනගත කල යුතුව අැත්තේ පහත විග්රහ කරනා යථාර්තයයි.
===========================================

ලියුම් කරු පවසනා සේ ජනපති සිරිසේන කුළු හරකාගේ අං තට්ටුව හිර කොට අල්ලා ගන්නට දෙපක්ෂයේ පමනක් නොව මේ තෙපක්ෂයේම සිටිනා පට්ටහොරු/කම්බහොරු සහ අතීත හොරු බොහෝ දෙනෙක් එහෙට දුව දුව මෙහෙට දුව දුව නොගත් උස්සාහයක් නොමැත. තුන් පැත්තම කමින් තම තමන්ලාගේ ඉදිරි පැවැත්ම සුරක්ෂිතව තහවුරු කර ගැනීමට සුවිශාල වෙහෙසක් ගත්තේ තම තමන්ලාව අද සිටිනා තැනට ඔසවා තැබූ ජනතාව ගැන එක බිඳක්වත් තෙතමනයක් හැඟීමක් නොමැතිවය.

බඩගෙෝස්තරවාදී දේශපාලකයින් සහ මාධ්යය කරුවන්ගේ පරවිඥාණය තම සවිඥාණයෙන් අතික්රමනය කර සිටිනා දශක ගනනාවක දේශපාලනමය සහ මාධ්යය විගඩම් සැනකෙලි දැක බහුශෘත භාවයට පත්ව සිටිනා රටේ සබුද්ධික වූ ජනතාව ලියුම් කරු තම ලිපිය මගින් වත්මන් ජනපති තබන්නට උත්සාහ කරනා පහත් ස්ථානය කිසිසේත් පිලි නොගෙනී.

ලිපියේ දස/10 පොලක පමන එකම ලියමින් තම කොන්ත්රාත්තුව අකුරට ඉටුකර ලියුම් කරු පවසා සිටින්නේ ජනපති ඉල්ලා අස්විය යුතු බවය.

දශක 7 ක නැතහොත් වසර 70 ක් පමන වූ අප රටේ ගෝත්රික දේශපාලනය තුල වත්මන් ජනපති තරම් ශ්රේෂ්ඨයෙකු දැක තිබුනේ නැති බව බොහෝ ඉක්මනින් රටේ සුවහසක් ජනතාව සහ ඔය කවුරු කවුරුත් දැන ගනු නියතය.

අප රටේ සාම්ප්රදායික කාලකන්නි දේශපාලනයේ මේතාක් කල් පැවතියේ මෙම ලියුම් කරු තම ලිපියෙන් ගොඩ නැගීමට උත්සාහ කරනා ගෝත්රිකවාදී දේශපාලනික මූල ධර්මයන්ය.

මෙම යල් පැන අැති මූසල මූලධර්ම තව දුරටත් අප රටේ පමනක් නොව ලෝකයේම හෝ පැවතියොත් මුලු ලෝකයම වේගයෙන් ඉදිරියට යාමක් යථාර්තය අවබෝධ කොට ගන්නා තාක් සිදුනොවනු අැත.

ඒ අතින් බලනා කල වත්මන් ජනපතිඳුන් විශ්වයේ සිට මෙම ලක් දෙරන වෙත පහල වනු ලැබූ ඉෂ්ඨ දේවතාවකු වන්නේය දිනෙක වන්දනා මානයට පත් විය යුතු.

සෝභිතාවතාර එසේ පවසා සිටිනුයේ වත්මන් ජනපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ පවතිනා යහගුණ කෙතරම් භයානක වටපිටාවක් මධ්යයේ උවද එන්න එන්නම ජනතාවාදී ලෙස තීවෘර කරමින් තම දිවි පරදුවට තබා කටයුතු කරගෙන යනු ලබනා බව ඉතා හොඳින් පෙනෙන්නට අැති නිසාය.

ලියුම් කරු සිටින්නේ ජනතාවගේ පැත්තේ නම් මෙවැනි ලිපියක් ලියන්නට හිතන්නේවත් නැත. නමුත් ඔහු ගෝත්රිකවාදී දේශපාලකයාගේ අසූචි බුදිමින් ජනතාවට කියන්නේ මේතාක් කල් මේ රටේ සිදුවුනු ප්රධානතම දේශපාලනික වරද ජනතාවාදී ජනපති මෛත්රීද සිදුකල යුතු බවය.

එනම් ලියුම්කාරයා පවසන්නේ පසුගිය පලාත් පාලන මැතිවරන සමයේදී ජනාධිපති යහපාලන රජයේ වැරදි ප්රසිද්ධ වේදිකාවන්හිදී විවේචනය කිරීම මහා වරදක් බවය.

යකෝ එසේ නොකරනා ජනතා නායකයෙක් ජනපතියෙක් ජනතාවට මොකටද බූරුවෝ.. ජනතාවට අවශ්යය කරන්නේ තම පක්ෂයේ හෝ අාණ්ඩුවේ හෝ වැරදි වසන් කරගෙන තමන් හට යම් කර්තව්යයක් වගකීමක් ඉටු කිරීම සඳහා සියළු සුරසැප සමග මහා බලයක් ලබා දුන් ජනතාව අමතක කොට නාෙසලකා හැර ගජමිතුරන් සුරකින පාදඩ නායකයෙක් නොවේ.

වත්මන් ජනාධිපති තුමා සේ වැරදි නම් තම සහෝදරයා කලත් වරදක් සේ දුටු නිර්ව්යාජ නායකයෙකි සෝභිත මාහිමිපානන්ගේ පූර්න අාශිර්වාදය අැතිව 2015 ජනවාරි 08 වැනිදා පොදු අපේක්ෂකයා ලෙස මේ පවතිනා කාලකන්නි දේශපාලන වටපිටාව උඩුයටිකුරු කරලීම පිනිස රටේ සුවහසක් දුක්විඳිනා ජනතාවගේ එකම ගැලවුම් කරුවා ලෙස අභිෂේක කරලන්නට සමත් වූයේ.

ඉතින් එතුමානන් ඒ ජනතා අභිලාෂයන් වෙනුවෙන් අපක්ෂපාතීව පෙනී සිටිනවාට විරුද්ධ අය කවුරුන්ද. අවස්ථාවාදීන් හැර....

ජනතාව මෙම භයානක තත්ත්වය ඉතා හොඳින් සහ ඉතා ඉක්මනින් අවබෝධ කොට ගත යුතුය. නොඑසේ උවහොත් විශ්ව මාතාවගේ මායාවක්ව අප රටත් ජනතාවත් අඳුරින් මුදවා ගන්නට ලැබුනු එකම ජීවමාන වරම පරලව අහෝසි වී යාමට ඉඩ අැත.

ඒ උදෙසා ජනතාවගේ රැකවරනය සහ අාශිර්වාදය හෝ නොලබා තනිවී මහා සටනක් මෙහෙයුමක් රට සහ ජනතාව වෙනුවෙන් සිදුකරනා ජනපතිඳුන් රැක ගැනුම තමන් හට කෙසේ වෙතත් තම දුවා දරුවන් හට හෝ යහපත් සුරක්ෂිත ස්වයංපෝෂිත අනාගතයක් පතනා මාපිය වැඩිහිටි සැමට බාරය.

මහින්ද සහ රනිල් සහ හිටපු සියළු නායකයින් විසින් සිදුකර වරද්දා ගත් මහා වරද වූ තම ගෝල බාලයින්ගේ වැරදි වසන් කිරීම තමන්ද නොසිදුකොට නියම නායකයෙකුගේ උත්කෘෂ්ඨ චරිතාංග මොනවට විදහා දක්වමින් මරනයට උවද නොබියව තමා ඉදිරිපිට සිටිනා ප්රතිවාදියාත් පිටුපස සිටිනා වාදියාත් එකසේ විවේචනය කල නියම නායකයෙක් මෙසිරිලක පහල වූවානම් ඒ අන් කිසිවෙකු නොව මෛත්රීපාල සිරිසේන වත්මන් ජනපතිඳානෝ හැර....

එසේ වන ජනතාවාදී නායකයෙක් මිස ජනතාව අමතක කරනා නායකයින් ජනතාවට මොකටද...

සුදු රෙද්දේ එක ලේ බිදක්වත් නොතැවරුනු මහින්ද හිටපු ජනපති තනිව යුද්ධය නිමකලා යැයි අන්ධ අවබෝධයෙක සිටිනා හැඟීම් වලින් තීන්දු ගන්නා සවිඥාව දුර්වල මේ රටේ අබුද්ධික ජනතාව නිසා ගෝත්රිකවාදී වහල් පාලකයින් තව බොහෝ කාලයක් මේ රට අගාධයේ හොවා තැබීමට නොයෙකුත් උප්පරවැට්ටි මායම් යොදනු අැත.

ඊට හොඳම සාධකය වූ හොරු එලවන්නට බලය දුන් වත්මන් ජනපති තමන්ව බලයට පත්කර ගත් හොරුන්ගේත් හොරු කම්බ හොරුන්ගෙන්ද සියුම් ලෙස තම අාත්මාරක්ෂාව සලසා ගනිමින් මුත් තම ඒකායන අරමුන සඳහා අව්ශයය කරනා අඩිතාලම සකසා ගනිමින් ඊට සුදුසුම තෝතැන්න වූ පසුගිය පලාත් පාලන මැතිවරන වේදිකාව ඉතා සාර්ථක ලෙස භාවිතා කලද ඒ දැක්මේ ගැඹුර තෝරා බේරාගෙන ජනපතිඳුන් හට අවශ්යය නිසි බලය ලබා දෙන්නට අසමත් වීමේ අවාසනාවන්ත සිදුවීම ගෙනහැර දැක්විය හැක.

අවාසනාවක තරම මෙතරම්දැයි කෙසේ පවසම්සද... අයියෝ මගේ රට සහ ජනතාව පව්.... සෝභිතාවතාර ඉමහත් කනස්සල්ලෙනි....

ජනාධිපති පරාද නැත. ඔහු සදහටම දිනා අවසන්ය. ඔහු ඒ නිත්යය ජය ලැබූයේ 2015 ජනවාරි 08 ය. යලි ඔහු කිසිදාකත් පරාද නැත. විශ්වාස භංග දෝෂාභියෝග ඔය මොන මගුල ගෙන අාවත් ඔහු පරාද වන්නේ නැත්තේ ඔහු දිනා ඉවර නිසාය. 

නමුත් ජනපති මෛත්රී තවමත් උත්සාහ ගන්නේ තම පවුල් පරපුර පිටින් අඩි 6 ක් පොලව යටට යන්නට සූදානම්ව සිටියදී රටේ ජනතාවගේ පරමාධිපත්යයේ බලයෙන් තමා කෙරෙහි මහත් විශ්වාසයක් තබා ඒකාධිපති මහින්ද වියරුව පරයා රටේ නායකයා කරවූ අවිහිංසක ජනතාවට කෘතගුණ සලකන්නටය.

නමුත් තම අරමුන කරා පියමං කරනට තමා සිතූ තරම් වත්මන් ජනපතිට කාර්යය පහසු නූයේ ක්ලීන් යැයි සිතා සිටි මිනිසුනුත් අබුද්ධස්ස කාලයේ නිසාදෝ දශක ගනනාවක් පැරදීමට ලක්ව සිට බංකාෙලොත්ව පැවති තම පක්ෂ භාණ්ඩාගාර පුරවාගනු අටියෙන් තමන්ද සූක්ෂ්ම ලෙස මහමොල සොරකම්වලට පිවිසුනු සහ තම අසාර්ථක නායකත්වය පක්ෂය තුලදීම අභියෝගයට ලක්ව අසරන වූ අවස්ථාවලදී තමන් අාරක්ෂා කල සුමිතුරු සටකපට ගජ මිතුරන් අාරක්ෂා කරනා වැනි අපේක්ෂා නාෙකල පිරිසක් සමග යහපාලන යැයි නාම මාත්රික අාණ්ඩුවක් පවත්වාගෙන යාමට සිදු වූ නිසාවෙනි.

ජනපතිඳුන් හට දෙපාර්ශවයක් සමග කරන්නට සිදු උනු යුද්ධයට අැවැසි යුධ පිටිය පසුගිය පලාත් පාලන මැතිවරන වේදිකාව කරගත්තේ පැවති බාධකවලට කදිම තෝතැන්නක් ලෙසය. නමුත් අභාග්යයේ තරම කෙතෙක්ද යත් අප රටේ ජනයා මෙය අවබෝධ කොට ගත්තේ නැත.

ජනපතිඳුන් හට තම සටන සඳහා මතුව පැවති ඊලඟ මහා බාධකය වූයේ ලොකු හොරු නොව පොඩි හොරුය. වරින් වර අති සුපිරි ලොකු හොරුන් දූෂකයින් පවා අත්අඩංගුවට ගන්නා අාකාරය මාධ්යය මගින් දකිනා විට අපේ ගමේ ගොඩේ නගරයේ පොඩි පොඩි හොරුන්ගේ සිතටද බිය ජනක සිහින පෙනෙන්නටත් සිහිනෙන් බිය වන්නටත් පටන් ගත්තේය.

මේ නිසාම මෙවන් හොරු පොඩි පොඩි අල්ලස් ගන්නා ගමේ සමහර ග්රාමසේවකවරු, සමහර රජයේ කාර්යාල මහත්තුරු, සමහර ප්රාදේශීය සභා නියාේජිතයින්, පොලිසියේ සමහර ට්රැෆික් රාළහාමිලා, මත්කුඩු, මත්පැන්, පාතාල මේ සෑම අාකාරයෙකම අකටයුතුකම් තම ජීවන පැවැත්ම කොටගෙන සිටි සෑම අයෙක්ම මෙම මැතිවරනයේදී පූර්න ශක්තිය යෙදවූයේ යහපාලනය නොව යලිත් යමපාලනය පැවතීම මත තමයි තමන්ගේ පැවැත්ම පවතින්නේ යන අන්ධ මෝඩ කල්පනාවෙහි සිට වලිගය පාගා ගත්තේ තම දුවා දරුවන්ගේ සුරක්ෂිත අනාගතය පිලිබඳ එක තත්ත්පරයක්වත් කල්පනා කොට නොව.

ඉතින් කාට හාේ එක අබමල් රේනුවක් තරම් හෝ මොල කලඳක් අැත්නම් තව දුරටත් කියන්නට පුලුවන්ද එලි වෙන පාන්දර ඡන්ද පොල අැරපු ගමන් දුවගෙන ගිහිල්ල පොහොට්ටුවට කතිරය ගසා පැරදවූයේ.....

.....නිදහසේ හුස්ම ගන්නටවත් මෙසේ ලියන්නට කියන්නටවත් නාෙහැකිව පැවති සුදු වෑන් භීෂනයෙන්ද... ජනතාවගේ සියළුම දේ ගිනි බදු ගෑස් සහ හයිවේ වැනි සැමතින්ම උදුරා ගනිමින් තම පවුල සහ තක්කඩි/මදාවි දූෂිත සහපිරිවර පමනක් සුරසැපෙන් ජීවත් වූ බලලෝභී ඒකාධිපති වියරුවද නැතහොත් තම දූදරුවන්ගේ සුරක්ෂිත අනාගතයද කියා ප්රමාද වැඩි වුවද දැන්වත් සිතා බලන්න..

මන්ද යත් අවබෝධ කර ගතහොත් තවමත් ප්රමාද නැත. 2020 වන තුරු අවස්ථාව තිබේ. රටේ මතු පරපුරේ සහ ඔබ සැමගේ දූදරුවන්ගේ යහපත් අනාගතය උදෙසා බොරු අප්පච්චීට නොව සැබෑ අප්පච්චි රටේ වත්මන් නායකයා මෛත්රීපාල සිරිසේන ජනපතිඳුන්ගේ දෑත් ශක්තිමත් කොට ඔහු විසින් සමස්ත රට වැසියා සහ මතු පරපුර වෙනුවෙන් සැලසුම් කරමින් පවතිනා ප්රබල වැඩ සටහනට පාට පක්ෂ සියළු බේද දුරලා සහාය වන්න.

ඒ වෙන අන් කිසිවක් වෙනුවෙන් නොව ඔබේ දූදරුවන් හට බියක් සැකක් අසීරුතාවක් නාෙමැතිව අනාගතයේදී විසිය හැකි උසස් සමාජයක් සහිත යහපත් රටක් ගොඩ නගා ගැනීම උදෙසා පමනි.

ඒ වෙනුවෙන් වර්තමානයේදී ඔබ සමහරක් දෙනා අදුරදර්ෂී ලෙස අපේක්ෂා කරනා පුංචි පුංචි වාසි සැප අල්ලස් නොතකා හරින්න. ඒවා නොමැති උනොත් ජීවත් වීම අසීරු වේවි යැයි පවතිනා හුඹස් බිය නැති කර ගන්න. මන්ද යත් රට අරාජිකත්වයෙන් ගොඩ ගන්නා කල සැමගේම අාර්ථිකය ඉබේම යහපත් වන නිසාය. එමෙන්ම කවුරුන් හෝ අධාර්මිකව උපයා ගනු ලබනා සෑම ශතයක්ම හෙම්බිරිස්සාවක් සෑදී හෝ දියවී යාම විශ්ව ධර්මතාවයකි. සැක සහිත නම් කල්පනා කාරීව පසුවන්න. අත්දැකීමෙන්ම අවබෝධ කොට ගතහැකි වනු නියත බව සෝභිතාවතාර විශ්වයේ සිට පෙන්වා දෙයි.

කෙසේ නමුත් මෙම ලිපියට හේතු පාදක උනු ලිපියට අනුව ජනපති පලමුව ගෙදර යා යුතුනම් ජනපති ඊට එක් වරක් නොව දහස් වරක් කැමැත්තේය. මන්ද යත් නොසිතූ විරූ ලෙස තමා රටේ ඉහලම තනතුරට පත්ව අැත.

ඉතින් තමාගේන් අැවැසි සේවය ජනවාරි 8 අපේක්ෂා කල කර්තව්යය නිමාකර දීම අවශ්යය නාෙමැතිනම් ගෙදර ගිහිල්ල කම්මැලි කම යන්නට ගොවිපලක් දාගෙන ඉන්නට අැත්නම් මේ වද කරදරේ වගේද හිතට තියෙන සැපය.


එනිසා ලියුම්කාර විශ්වමිත්ර දේශබන්ධු සහෝදරයාට අවසන් වශයෙන් පෙන්වා දිය යුතුව අැත්තේ ඔබේ ලිපියේ අවසන් ඡේදයේ දැක්වෙනා මෛත්රීපාලට අකල් විපතින් ගැලවීමට ලබා දුන් උපදෙස් පසෙකලා රටේ සහ ඔබ සහ ඔබේ දූදරුමාපියනෑහිතමිත්රාදී සියල්ලන්ගේම යහපත් හෙටක් සාධාරන සමාජයක් උදා කරදීම උදෙසා ඕවාදෙනු පරහට තමා සන්තකයෙහි පිහිටා සිට අන් අය විශ්වාස නොකොට තමා තුල සිටිනා කල්යාන මිත්රයාගෙන් සිහිබුද්ධිකව විමසා බලා වත්මන් ජනපතිඳුන්ගේ අදූෂිත විප්ලවයට ඔබට හැකි සහයෝගය විශ්වීය නාමයෙන් පුදකර සිටින්න.

ස්තුතියී.
සෝභිතාවතාර විශ්වයේ සිට කනස්සල්ලෙන් - 2018/02/22

========================================

කුළු හරකාගේ අං දෙකෙන් අල්ලා නොගැනීම..! -විශ්වමිත්‍ර දේශබන්ධුගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.20, පෙ.ව‍.2.15) ආණ්ඩුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිතා මතා ඇති කර තිබෙන අර්බුදය පිළිබඳව කතා කරන කිසිදු විචාරකයකු හෝ දේශපාලකයකු, ජනාධිපතිවරයා ඇති කර තිබෙන මෙම අර්බුදයේ යතාර්ථය ගැන ඍජුව ඇසිය යුතු ප්‍රශ්නය නොඅසන බව පෙනේ. වෙනත් විධියකින් කියන්නේ නම් නොබියව “කුළු හරකාගේ අං දෙකෙන් අල්ලාගන්නා” බවක් නොපෙනේ. 

යන මැයෙන්.....




No comments:

Post a Comment