Thursday, February 15, 2018

රන්දෙනිගල සිංහ මලයට සෝභිතාවතාර අමතයි... / අප පෙල ගැසෙන්නට අවශ්යය වන්නේ අපටත් වඩා අසරනව සිටිනා සුළු ජාතීන්ට එරෙහිව නොව...! සමස්ථ සියළු ජාතීන් පීඩාවට පත්කරවනා දූෂනය/භීෂනය සහ අසාධාරනයට එරෙහිවය. සෝභිතාවතාර.

රන්දෙනිගල සිංහ මලයට සෝභිතාවතාර අමතයි... / අප පෙල ගැසෙන්නට අවශ්යය වන්නේ අපටත් වඩා අසරනව සිටිනා සුළු ජාතීන්ට එරෙහිව නොව...! සමස්ථ සියළු ජාතීන් පීඩාවට පත්කරවනා දූෂනය/භීෂනය සහ අසාධාරනයට එරෙහිවය. සෝභිතාවතාර.

ඔබේ මෙම FB/Post එක හොඳයි මල්ලී....
නමුත් සහෝදරය සතෙකුට උනත් අාත්ම ගරුත්වයක් තියෙනවනේ. ඒ නිසා මහ ජාතිය වන අපි සෑම වේලාවේම සුලු ජාතීන් හට අවමන් කිරීම නොකර ඒ අය සමග යහපත් සංහිඳියාවෙන් ඉන්න බලමු. බලන්න අපේ සමහර සුළු ජාතික මිතුරන් මොන තරම් හොඳ අය ඉන්නවද... ඒ වගේම අපේ මහ සිංහල සිංහ වංශයේ සමහර නරිත් ඉන්නවා නේද..! සටන් පාවාදෙන ද්රෝහී ඊර්ශ්යාකාර උගුල් අටවන්නන්.
එහෙම උන් පිරිසක් නේද 71 කැරැල්ල පාවාදීල, ඔත්තුදීල අපේ සිංහල කොල්ලො කෙල්ලො දසදහස් ගානක් අපේම සිංහල පාලකයින් විසින් පාරවල් ගානේ හන්දි ගානේ මරල පුච්චලා දැම්මේ. මගේ අැස් ඉස්සරහ පිට පස් දෙනෙක් පනපිටින් පිච්චුවා ටයර් දාල. බාගෙම පිච්චුන කොල්ලන්ට අාපහු පාරක් අැවිල්ල පැට්රෝල් දාල පුච්චනවා මම ජනෙල් කවුළුවෙන් බලා සිටියා ලාබාල වයසේදී කරන්න දෙයක් නැතිව. ඒ අාවේ ප්රභාකරන් නෙවේ අපේ සිංහල අළුගෝසුවොයි සහෝදරය. 

ඒ නිසා අවිහිංසක සුළු ජාතීන්ට පමනක් දොස් කියන්න එපා. අපිටත් වඩා අසරන ඒ මිනිසුන්ට අපේ සිංහල නායකයින්ගෙන් සිදුවෙලා තිබෙන අසාධාරන අකටයුතුකම් ගැන හිතල උසස් මනසක් අැති සිංහල බෞද්ධයින් වශයෙන් අප මහා සම්බුදු පියානන් දේශනා කර අැති පරිදි සියළු සත්වයෝ නිදුක් වෙත්වායි යන උතුම් චේතනාව පෙරදැරි කරගෙන අවිහිංසාවාදීව විප්ලව කරමු. (*බැරිම උනොත් ඒක එතකොට... බලා ගමු)

සෑම ජාතියක් තුලම පජාතියෝ ඉන්නවා. බලන්න අපේ සිංහල දේශපාලනික නායකයින්ගෙන් අපේ අාත මුත්ත කාලේ ඉඳන්වත් හරි හමන් දෙයක් රටට ජාතියට සිද්ධ වෙලා තියෙනවද කීප දෙනෙකුගෙන් හැර....

ඉතින් අපේම ජාතිය අපිටම ගොඩක් අසාධාරන කම් සිද්ධ කරල තියෙනවානම් අපටත් වඩා අසරන අන්යය ජාතීන්ගෙන් මාෙනවානම් බලාපොරොත්තු වෙන්නද අපි....

අනිත් වැදගත් කාරනය වන්නේ ඔබට අපිට මේසා විශාල අසාධාරන කම් කරලා තියෙන අපේ සිංහල මහඋන් ඒ අහිංසක මිනිසුන් හට මොන තරම් නම් අසාධාරන කම් කරලා අැත්ද....

ඒ නිසා නොවේද ප්රභාකරන් කෙනෙක් උතුරෙනුත්... විජේවීර කෙනෙක් දකුණෙනුත් බිහි උනේ...!

කෙසේ හෝ සේරමල්ලා අතින්ම අඩුවැඩි වශයෙන් ඉතිහාසය පුරාම සමස්ථ ජාතීන්ටම වැරදි සිද්ධ වෙලා තියෙනවා. කමක් නැහැ දැන් ඒ සියල්ලම අතීත කටුක අමිහිරි අත්දැකීම් පමනයි. 

ඔබ/අපි කාෙයි කාගේත් ජීවිතවල වටිනාම යුගය ගෙවී අවසන් වන්නත් ලඟයි. අපි දැන් මහළු වියට පා තබමින් සිටින්නේ...

නමුත් අපේ/ඔබේ සහ රටේ සමස්ත දරුවන්ගේ අනාගතයටත් අපට අත්වූ ඉරනමම අත්වන්නට ඉඩ දෙන්න පුළුවන්ද. බැහැ නේද... සහෝදරයා කිසිසේත්ම බැහැ. අපිට දැන් හිටියත් එකයි. දූෂිතයින්ගේ වෙඩි පහරකින් මැරෙන්නට සිදු උනත් එකයි. මන්ද යත් අපි දැනටමත් ජීවත් වන්නේ මැරිල වගේනේ නේද සහෝ...

කවදාවත්ම මැරෙන්නෙ නැහැ කියල හිතන් ඉන්න අපේම සමහර උන්ම නේද... මේසා විශාල ලෙස රටේ ජනතාවගේ ධනය සොරා කන්නේ කිසිදු බයක් හැකක් සීමාවක් නාෙමැතිව... බලන්න බයිසිකල් කටුවක් පමනක් තිබුන බියගම පැත්තේ හිටපු පාදඩයෙක්... විල්ස් ජීප් කබලක් තිබුන දකුණේ පරපුරක්... කාෙළඹ කුරුඳු වත්තේ ගරා වැටුනු වලව්වල හිටපු සමහර බංකාෙලොත් වලව් කාරයින් සහ තව බොහෝ වත්මන්  දේශකාපාලුවන්  අද සිටිනා තැන කොතැනද කියා... ජනතාවගේ ලේ/දහදිය (රුහිරු) සොරාගෙන. අනේ කාලේ වනේ වාසේ. අබුද්දස්ස කාලේ. ලබුත් තිත්ත ඌයේ.... මුන්ට කවදා හරි මේ පව් ගෙවන්න සිද්ධ වෙන්න ඕනා නේද...! 

ඉතින් ඒ නිසා අපි (අදූෂිත) සැවොම ඒකරාශීව බැඳලමු රට පුරාම ජාති අාගම් කුලමල බේදයන්ගෙන් තොරව මහා මිනිස් පවුරක්. සැරසෙමු සෝභිත හිමියන්ගේ 2020 අවසන් මහා මෙහෙයුමට. (සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම)  2020 - FINAL MISSION

එතෙක් අපි සෝභිත හිමියන්ගේ නිසල දේහය අබියස දිව්රුමෙන් සපත කර අැති වත්මන් ජනපති කෙරෙහි විශ්වාසය තබා බලමු. දශක ගනනාවකට පසු මෙරට පහල වූ කියනා දේ කරනා... කරනා දේ කියනා අභිත ජනපතිවරයෙක්ද කියා මෛත්රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා.

පසුගිය යමපාලන සහ යහපාලන කාලය තුල ඔහු යම් යම් බැඳීම් සහ කොටුවීම් තුල සිරව සිට අැති බව අපි කොයි කාටත් දැන් දැන් පෙනෙන්නට අැති නිසා සහ මේ වන විට ඒ සියළු බැඳීම් වලින් නිදහස්ව තම බලය නිසි ලෙස ශක්තිමත් කොටගෙන සිතැතිව පැවති අභිප්රායයන් ලත් අවසරය ප්රයෝජනයට ගෙන රට හමුවේ නිර්භයව ප්රකාශයට පත් කරමින් සිටිනා නිසා ඒ සඳහා සාධාරන කාල පරාසයක් ඔහුට ලබා දීමට තරම් අපිත් සාධාරන සහ බුද්ධිමත් වෙමු.

නමුත් කිසියම් විදියෙකින් මේ අවසන් අවස්ථාවේදීත් ජනතාව රවටනු ලැබුවහොත් 2020 දී කල යුතු දේ පිලිබඳව අපි සැම ඉස්සර වගේ පාලනය කල නොහැකි දියුනු අපේ නිදහස් මාධ්යය ඔස්සේ කතිකා කර සංවිධානය වෙමු. ඒවා රහස් නේද සහෝ...

ඔබ සැමට ස්තුතියී. තෙරුවන් සරනයි
සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන් අැප කැපව
2018/02/15
===================================
රන්දෙනිගල සිංහ මලයට සෝභිතාවතාර අමතයි...

No comments:

Post a Comment