Tuesday, March 14, 2017

අපවත් වූ සෝභිත හිමියන් ජීවත්ව සිටි සෝභිත හිමියන්ට වඩා සිය දහස් ගුණයකින් බලවත්... බව ඒකාන්තයි - සෝභිතාවතාර

ජනතාව ගෙදර යැවූ, ජනමතයක් නැති පිරිසක් රටේ අනාගතය තීන්දු කරනා ලෝකයේ තිබෙන එකම රට ලංකාවද? ජනපති, අගමැති, ජනමතයට හිස නමනු..!

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.15, පෙ.ව.3.25) 
අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි තම ජීවිතය පුජා කොට අපේක්ෂා කලේ කුමක්ද? මේ රට යුක්තිය, සාධාරණය  රජයන සමාජයක් වනු දැකීමයි. ඒ සඳහා උන්වහන්සේ දස වදෑරුම් යෝජනාවලියක් රටේ නායකයන් දෙපලම ගෙන්වා තම 73 වන උපන්දිනය දා ඉල්ලා සිටියේ මේ වැඩපිළිවෙල ඉදිරි වසර පහ තුල ක්‍රියාවට නංවා පක්ෂ භේදයෙන් තොරව දෙගොල්ලන්ම එකතුවී මීළඟ මැතිවරණයක් එනතුරු මැතිවරණ ගැන කතා කිරීම පවා නවතා රට පාලනය කරන ලෙසයි. ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද එයමය. උන්වහන්සේගේ දස වැදෑරුම් ක්‍රියාවලිය තුල ප්‍රධානම මාතෘකාව උනේ මේ විධායක ක්‍රමය අහෝසි කිරීම, මනාප ක්‍රමය අහෝසි කිරීම සහ ස්වාධීන කොමිසම් ක්‍රියාවට නංවා රජයේ සියලු තනතුරුවලට ඊට සුදුසු පුද්ගලයන් පමණක් පත් කිරීමයි.  නව ව්‍යවස්ථාවක් ගෙන  ඒම උන්වහන්සේගේ මීළඟ බලාපොරොත්තුව වුවද මෙය ඉහත කී කරුණු තුන ඉටු කිරීමෙන් පසුව කරනු දැකීම උන්වහන්සේගේ ඒකායන බලාපොරොත්තුව විය. මන්ද උන්වහන්සේ හොඳටම දැනගන හිටිය මේ දෙක පටලවා ගතහොත් මේ කිසිම දෙයක් කිරීමට නොහැකි බව. උන්වහන්සේ රටේ නායකයන් හමුවෙමින් පොදු අපේක්ෂකයකු සෙවීමේ කාර්යයේදීත්  හමුවන හැම නායකයෙක් ගෙන්ම ඉල්ලා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර මෙම ප්‍රතිසංස්කරණ සිදු කලයුතු බවයි. අද මේ සිදුවෙමින් පවතින දේවල් දෙස බලන විට උන්වහන්ස්ගේ ඉසිවර නුවනින් දුටු සියල්ල සත්‍ය බවත්, අද සිටින කිසිම නායකයෙකුට මෙවන් දැක්මක් හෝ මේ සඳහා අවංකවම කරනු ලබන උත්සාහයක් දකින්නට නැත. අපි යම් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙනවා යයි සිතමු. එහිදී අපිට නිශ්චිත කාලසීමාවක් තුල ලඟා  කරගත හැකි ඉලක්ක පමණක් ඉලක්ක කරගන එම දී ඇති කාලසීමාව තුල එය සාර්ථක ලෙස නිම කිරීමට නම් අපට අතර මගදී හමුවන තවත් ඉලක්ක සහ අරමුණු ද ඊට එකතු කරගතහොත් අපට එම කාලය තුල අප අර ඉහත කී ඉලක්ක වෙත ලඟා විය හැකිද? මේ සත්‍යය තේරුම් ගත්  සෝභිත හිමි තම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේදී මේ සියලු කරුණු සලකා බලා ඉතා බුද්ධිමත් ලෙස එය කළමනාකරණය කොට රටේ නායකයන් දැනුවත් කොට එම කටයුත්ත කිරීමට සුදුසු පුද්ගලයන් පත්කොට ඉල්ලා සිටියේ පලමුවෙන්ම මේ මුලික කරුණු තුන ඉටු කොට ඊළඟ සතරවන කරුණ වෙනම ගෙන මුළු බරම ඊට යොදවා ඊළඟ අවස්ථාවේ අනෙකුත් සියලු දේත් ඇතුලත්වන ( ඉතිරි යෝජනා 07) නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කොට එය ජයග්‍රහණය කරවීමට නිසි වැඩපිළිවෙලක් , රටම දැනුවත් කිරීමක් සමග වෙනම යායුතු බවයි. උන්වහසේ එදා කී පරිදි එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවූ වා නම් අද අපට සියලුදෙනාම එකතුකරගන මේ නව ව්‍යවස්ථාව යථාර්තයක් කරගැනීමට ස්වර්ණමය අවස්ථාවක් උදා කරගත හැකිව තිබුණි. නමුත් දැන් සියල්ල එකම බාස්කට්ටුවක් තුල දමාගන හත් පොලේ ගා ගැනීමක්  සිදුවී ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ මේ රටේ අපි බුද්ධිමත් යයි කියා සිතා පත්කරනු ලබන නායකයන්ගේ සැබෑ ස්වරූපය හෙවත් දේශපාලනය යනු බලය සඳහාම පමණකි යන්න යථාර්තයක් බවට පත්ව ඇති බව නොවේද?

මෙහි වඩාත්ම හාස්‍ය ජනක කරුණ වන්නේ එදා 2015 ජනවාරි 08 දින මේ රටේ සමස්ත ජනතාවගේ එකම ඉල්ලීම වූ විධායක ක්‍රමය අහෝසි කොට මනාප ක්‍රමයද අහෝසි කොට යුක්තිය, සාධාරණත්වය ඉටුවන රටක් සඳහා අවශ්‍ය කරන මුලික පසුබිම වසරක් වැනි කෙටි කලක් තුල ඇති කොට දෙපිරිසම එකට වාඩිවී පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් කොට රටම එකතුවී හදන නව ව්‍යවස්ථාවකට මුල පුරන ලෙසයි. නමුත් රටේම අවාසනාවකට මේ කිසිවකට ඇහුම්කන් නොදී කරන ලද ඔල මොට්ටල කම් නිසා අද සිදුවෙමින් පවතින්නේ එදා  රටේම ජනතාව ප්‍රතික්ෂේප කරපු,  ජනතාව ගෙදර යවපු පිරිසෙන් කොටසක් රජය සමග එකතුවීත් තවත් පිරිසක් වෙනම කල්ලියක් ලෙස සැදීත්  ජනතාව නොමග යවමින් ඔවුන් නැවත ඉතාම ඛේදනීය ලෙස රටම අන්තවාදී , ජාතිවාදී තැනකට තල්ලු  කිරීමේ මහා පාප කර්මයට දායක වීමයි.එදා රටේම ජනතාව දුන් ජනමතය යනු ඉහත කී කරනු කිසිදු කොන්දේසියකින් තොරව හැකි ඉක්මනින් ඉටු කිරීමයි. එහෙත් ජනාධිපති වරණයේදී ජනතාව දුන් වරම අනුව පත් වූ ජනාධිපති එම ජනතා අභිලාශය ඉටු කිරීමට අතවශ්‍ය වූ මේ ජනවාරි 08 ජනමතය පාර්ලිමේන්තුව තුලද නියෝජනය කරවීමට තිබු ස්වර්ණමය අවස්ථාව පැහැර හැරීම නිසා අද ජනමතයේ විකෘතියක් බලවත් වී ඇත. මෙයට හොඳම නිදසුන රජයේ පාර්ශවය නියෝජනය කරමින් මාධ්‍යය වෙත අදහස් දක්වන මේ විකෘති බලකාමී පිරිසයි. රටේ තීන්දු ගතයුත්තේ රටේ එම මොහොතේ රටේ මිනිසුන්ගේ ජනමතය අනුව පාර්ලිමේන්තුවට පත්කර යැවූ ජනතා නියෝජිතයන් මිස ජනතාව ප්‍රතික්ෂේප කොට ගෙදර යැවූ පිරිසක් නොවේ. ලෝකයේ මෙලෙස ජනතාව ගෙදරයවපු ජනමතයක් නියෝජනය නොවන පිරිසක් රටේ අනාගතය තීරණය කරනු ලබන තීරනාත්මක අවස්ථාවක එම මතයට මුලුමනින් පිටුපා විපක්ෂයේ මතය නියෝජනය කරමින් තීන්දු තීරණ ගන්න ලෝකයේ තිබෙන එකම රට ලංකාව විය යුතුයි. මේ කිසිවකුට මෙලෙස රටේ ජනතාවගේ මතයට විරුද්ධ වීමට  කිසිම අයිතියක් නැත. එලෙස ඔවුන්ට ජනමතයට විරුද්ධ මතයක් රජය තුල ස්‌ථාපිත කිරීමට ඉඩ දී නිහඩ පිළිවෙතක සිටීමට එම මතය අනුව පත්කළ නායකයන්ටද කිසිම අයිතියක් නැත. වීරුද්ධ පක්ෂය එම මතය නියෝජනය කිරීම සහ ජනතාව උසි ගැන්වීම ගැන අප පුදුම නොවෙමු. එහෙත් ජනමතයක් නැති පිරිසක් රටක තීන්දු තීරණ ගැනීම සහ ජනමතයට විරුද්ධව කටයුතු කිරීමට එරෙහිව කටයුතු කිරීමට හැකි නීත්‍යානුකුල ක්‍රමවේදයක් තිබුණි නම් ඔවුන්ට එරෙහිව නඩු දැමීමට පවා හැක. මොකද මෙය රටේ මිනිසුන්ගේ මානව හිමිකම්  වලට එරෙහිව යාමකි. අපි රටේ නායකයන්ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ එදා 2015 ජනවාරි 08 ජනමතයට පිටුපා කටයතු කිරීම වහාම නවතා එම පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් කැප වෙන ලෙසයි.
 

අවසන් වශයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය දැන් අකර්මන්‍ය වී ඇති බවට අදහස් දක්වන සහ එයට ජනතා බලයක් තව දුරටත් නැති බව සිතා කටයතු කරන නායකයන් වෙත ඉතාම කරුණාවෙන් දන්වා  සිටින්නේ අපවත් වූ සෝභිත හිමියන් ජීවත්ව සිටි සෝභිත හිමියන්ට වඩා සිය දහස් ගුණයකින් බලවත් බවයි. උන්වහන්සේ දිවි පුදා රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටි, උන්වහන්සේ අපේක්ෂා කළ,  උන්වහසේ සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම් පරිදි රටේ නායක දෙපළ කටයුතු නොකළහොත් උන්වහසේ මීළඟ සංග්‍රාමය ආරම්භ කරන දිනය වැඩි ඈතක නොවන බවයි. එය කරන්නේ කෙසේද? කියා ඔබ සිතන්නේ නම් එදා මේ රටේ සියලු විපක්ෂ නායකයන් ප්‍රකාශ කලේ  පවතින විධායක ක්‍රමය යටතේ වසර විස්සක්  විපක්ෂයේ සිටියදීත්  මේ ක්‍රමය පවතින තාක කල් පසුගිය පාලනය පෙරලා දැමීම මිත්‍යාවක් බවයි. එහෙත් එවන් අසාධ්‍ය රෝගීන් පිරිසක් බවට පත්ව සිටි විපක්ෂයට පණ දුන් සෝභිත හිමි එය කල හැකි බව ඔප්පු කොට පෙන්වීය. එදත් උන්වහන්සේ සමීපයේම සිටි ඉතා කුඩා එහෙත් දැනුමින්, ක්‍රියාවෙන්, බුද්ධියෙන් මෙන්ම අවංකව කැපවීමෙන් කිසිදු වරප්‍රසාදයක් තනතුරක් නොතකා තම ශ්‍රමය, ධනය, කාලය සියල්ල කැප කල පිරිස අද තවමත් සිටින්නේ උන්වහන්සේ සමගයි. එදත් ඇතැම් දිනවල අප හමුවන විට රැස්වීමකදී පවා  විශාල පිරිසක් නොසිටියද ඔවුන් ගේ අදහස සහ ඔවුන් සමාජ ගතකල මතය මහා බලවේගයක් බවට පත්ව රටම අවදි කොට එදා එම වෙනස කල පරිදීම අවශ්‍ය නම් අදත් කල හැක.
එහෙත් අපි තවදුරටත් ජනාධිපති තුමා සහ අගමැති තුමා මේ පිළිබඳව දක්වන උනන්දුව සහ කැපවීම මෙන්ම දරන යම් යම් උත්සාහයන් නිසාම තව දුරටත් ඔවුන්ට අවස්ථාව ලබා දී ඉල්ලා සිටින්නේ ජනමතයක් නැති පිරිසකගේ බලයට යට නොවී ජනතාව සමග සිටගෙන කෙලින් තීන්දු තීරණ ගෙන ඔවුන් පැතූ සාධාරණ සමාජය බිහිකිරීමට දායක වෙන ලෙසයි.

මීට 
ප්‍රධාන ලේකම් 


සිසිර ජයමහ

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය 
176, නාවල පාර, නුගේගොඩ
දුර: 0719684325 / 0112890922
---------------------------
by     (2017-03-15 01:25:15)

අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධ පරාජිත දේශපාලන හෝතඹුවනි.., දැන් මොකද කියන්නේ..? මංගල රැස්වීම අද..!

අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධ පරාජිත දේශපාලන හෝතඹුවනි.., දැන් මොකද කියන්නේ..? මංගල රැස්වීම අද..!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.15, පෙ.ව‍‍.4.00) අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනමතය ගොඩ නැගීමේ මංගල රැස්වීම අද (2017 මාර්තු 15) සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
එහි කැඳවුම් කාර මණ්ඩලය ලෙස පුජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසුරිය, අධිනීතිඥ ලාල් විජේනායක, ගාමිණි වියන්ගොඩ, කේ. ඩබ් ජනරංජන, සමන් රත්නප්‍රිය, අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, සම්පත් රාජිත, උදේනි වික්‍රමසිංහ, බ්‍රිටෝ ප්‍රනාන්දු, ලූෂන් බුලත්සිංහල, පිලිප් දිසානායක, නීතිඥ සුදර්ශන ගුණවර්ධන හා මහින්ද රත්නායක යන අය කටයුතු කරති.
1994 සිට බලයට පත් වූ සියලු ජනාධිපති වරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දී ඇත. චන්ද්‍රිකා මැතිණිය බලයට පත් අවස්ථා දෙකේදීත්, මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් අවස්ථා දෙකේදීත් හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාත්, තමා බලයට  2015 දීත් මේ ප්‍රතිඥාව රට ඉදිරියේ තබා තිබේ. ඒ සෑම අවස්ථාවකදීම රටේ බහුතරයක් ජනතාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ස්වකීය ලබාදී ඇති බව පැහැදිලිය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නැතැයි කියා ඡන්දය ඉල්ලූ එකම අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව විසින් පරාජය කිරීමෙන් එය වඩාත් හොඳින් පැහැදිලිය.
1931 ඩොනමෝර් ව්‍යවස්ථාව, 1947 සෝල්බරී ව්‍යවස්ථාව, 1972 ජනරජ ව්‍යවස්ථාව සහ 1978 විධායක ජනාධිපති ව්‍යවස්ථාව යන කිසිවක් සඳහා රටේ ජනතාවගේ අදහස් විමසා නැත.  1972 සහ 1978 ව්‍යවස්ථා සම්මත කර ගන්නා ලද්දේ දෙමළ ජනතාවගේ බලවත් විරෝධය මධ්‍යයේ බව අමතක නොකළ යුතුවා මෙන්ම එයම තිස් වසරක යුද්දයටද හේතු කාරණා වූ බවද අමතක නොකළ යුතුය. 
අද සියලු ජාතීන්ගේ සහභාගීත්වයෙන් හා අනුමැතියෙන් යුතුව, රටට වඩාත් ගැලපෙන සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ අවස්ථාව උදාවී තිබේ. “අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය” ඒ වෙනුවෙන් අද සිට රට පුරා රැස්වීම් තබමින් ක්‍රියාත්මක වනු ඇත.
(මෙහි දැක්වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය විසින් ප්‍රසිද්ධ කරන ලද පෝස්ටරයකි.) 
---------------------------
by     (2017-03-14 22:35:00)




Sunday, March 12, 2017

බුදු සරනයි කියල Facebook Page එකක් හදා ගත්ත නංගි මල්ලිට පොඩි අනුශාසනාවක්...

බුදු සරනයි කියල Facebook Page එකක් හදා ගත්තේ බුදුන්ගේ දර්ශනයට නිගාදෙන දේ කරන්නට හෝ කියන්නට නොවිය යුතුය.

බුදුන් බුද්ධත්වයට පෙරුම් පුරද්දී නයින්ට ප්රතිකාර පවා සිදු කර අැති අවස්ථා ඔබ අසා නැත්ද...?


ඒ නිසා වෛරී සිතුවිලි බැහැර කොට මෛරිය වඩා සිදුකල සත්කාර්යයන් වෙනුවෙන් සතුටු වනවා හැර කිසිදා පසුතැවිලි නොවන්න. පසුතැවිල්ලෙන් සිදු වන්නේ තමාටම අයහපත ලඟාවීම පමනි.
https://www.facebook.com/photo.php?fbid=592541177612391&set=a.141125786087268.1073741826.100005695415258&type=3&permPage=1

ඒ වගේම යමක් දෙන විට ඒ වෙනුවෙන් නැවත කිසිවක් අපේක්ෂා නොකොට දෙන්න. ඒ කෙසේද යත් දකුණතින් දෙන දේ වමතට නාෙදැනෙන්න දෙන්න හුරුපුරුදු වන්න.

එවිට ඔබට අාපසු යමක් ලැබෙන්නේ අපේක්ෂිත පුද්ගලයාගෙන් නොව විශ්වයෙනි.

එය ධන හෝ රින වශයෙන් අපි කොයි කවුරුන් විසින් හෝ සිදු කරනා හොඳ හෝ නරක ක්රියාවන්ට සාපේක්ෂව නියත වශයෙන්ම සිදුවේ. ඒ පිලිබඳව පැහැදිලි උදාහරනයක් මගින් සපයන්නේ නම් බුදුන් වැදෑරූ පරිදි තමන් අත් නොහැර නිරන්තරයෙන්ම තමන් පසුපස පැමනෙන තම සෙවනැල්ල සේ යහපත් ක්රියා වෙනුවෙන් යහපතද... අයහපත් ක්රියා වෙනුවෙන් අයහපතද... ස්ථිරවම උරුම වේ 

ස්වභාව (ධර්මයේ) නියත යථාර්තය එයයි.

සෝභිතාවතාර
2017/03/12 - අද පොහොය දා පනිවිඩයයි.
http://sobithawathara.blogspot.com/


Saturday, March 11, 2017

වැදූ මවටත්..සුහවසක් වූ මාතෘත්වයටත්.. වීර පුරන්අප්පු වැනි ජාතික වීරයින්ටත් නිගා දෙමින් දේශය වෙනුවෙන් සටන් කරනවා යැයි කියා රට්ටු රවටා වලිගෙ පාගාගෙන සිටිමින් සෝභිතාවතාරට කොමෙන්ටුවක් එවා අැති අපේ නූගත් මලයාගේ බුද්ධියේ තරම මුලාවී සිටිනා ඔහුගේ Facebook මිතුරු මිතුරියන්ට හෙලිදරව් කරමින්ම බුදු දහමට අනුව පිලිතුරකුත්..


වැදූ මවටත්..සුහවසක් වූ මාතෘත්වයටත්.. වීර පුරන්අප්පු වැනි ජාතික වීරයින්ටත් නිගා දෙමින් දේශය වෙනුවෙන් සටන් කරනවා යැයි කියා රට්ටු රවටා වලිගෙ පාගාගෙන සිටිමින් සෝභිතාවතාරට කොමෙන්ටුවක් එවා අැති අපේ නූගත් මලයාගේ බුද්ධියේ තරම මුලාවී සිටිනා ඔහුගේ Facebook මිතුරු මිතුරියන්ට හෙලිදරව් කරමින්ම බුදු දහමට අනුව පිලිතුරකුත්..

ඔබට ශාන්තීයී... ශාන්තීයී.. ශෘන්තීයී..//

සෝභිතාවතාර
2017/03/11
http://sobithawathara.blogspot.com/

Wednesday, March 8, 2017

තම ණය ගෙවීම සහ ජාතිය ණය කරවීම - මල්ලිලාගේ Facebook පෝස්ට් එකට පොඩි අටුවාටිකාවක්

 තම ණය ගෙවීම සහ  ජාතිය ණය කරවීම 
https://www.facebook.com/priyadarsani.jansen/posts/1609709559043410
වැදූ මවටත් රටටත් අැති ණය තමන්ලා ගෙවා හමාර කලා වගේම මෙම අපූරු සහෝදරයින් ඉතාම වැදගත් කටයුත්තක් ලෙස කල්පනා කොට සිදු නාෙකල යුතුව තිබුනේ රටේ දරුවන්ගේ ජීවිතවල වටිනා අනාගතයට මේසා විශාල ධනස්කන්දයක් කාබාසිනියා කල නාස්තිකාර ණය බරක් උරුම කොට ලෝකයට වසර ගනනාවක ණය කරුවන් නොකර සිටිිමය.

එනිසා ඔබ තුමන්ලා රටට සිදු කල යහපත අභිබවා යන සේ රටේ සහ මතු පරපුරේ අනාගතයට සිදු කල විනාශයේ පාපයෙන් අත් මිදෙන්නට රැස් කර ගත්තා යැයි සිතා සිටිනා පින මදි වේවි බොහෝමත්ම...

තම ජීවිතය පරදුවට තබා දේදුනු විප්ලවයේ නියමු කර්තව්යයට පණදුන් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් සහ වත්මන් ජනපති නොවෙන්නට මේ වනවිට මේ රට නරකාදියක් වන්නට හොඳටම ඉඩකඩ තිබුනි.

ඒ දුර්දාන්ත දූෂිත රස්තියාදුකාර යමපාලනය පෙරලා ඉඩිඅමින්ලා, පාදඩවංශලා, මර්වියාලා, ෂෝඨාබසිල්නාමුල්ලා අතුගා දමා රටට යහපාලනයේ අරුනළු ගෙන අා ඒ පින උදෙසා වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා මේ වන විටත් වැදූ මවටත් මාතෘ භූමියටත් අැති ණය ගෙවා හමාර වී අැති අතරම සංසාරය පුරාම පවතිනා ණය සියල්ල 2020 වන විටදී පොලිත් සමගම ගෙවා හමාර කොට තව දුරටත් අනීති සාදාගෙන බලයේ ඉන්නට වෙර නොදරා රටට නව ව්යස්ථාවක්ද ජනිත කාෙට සැනසිලි සිතින් විශ්රාම යන සැටි රටටමත් ලෝකයටමත් අර තණ්හාධිපතියන් සියල්ලටමත් දැක බලාගත හැකි වනු අැති බව නියත අනාවැකියකි.

සෝභිතාවතාර
2017/03/09 අළුයම 00.40 ට සටහන් තැබූ වගයි.
http://sobithawathara.blogspot.com/

Tuesday, March 7, 2017

නියත මරනය සැපයක් වන්නේ කාටද...

නියත මරනය සැපයක් වන්නේ කාටද...
https://www.facebook.com/Ur.Chandakitthi 
සමාවන්න හිමියනි ඔබ වහන්සේගේ යෝජනාවට මෙවන් අදහසක් පලකලාට....

අපේ රටේ ඉන්න සහ හිටපු සමහර දූෂිත දේශපාලකයින් නම් හිතාගෙන ඉන්නේ ජීවිතය නමැති නවාතැන් පොල යනු ලබන අාත්මයට ප්රයෝජනයට ගන්නට හැකි වන ලෙස අැති තරම් ජනතාවගේ ධනය සොරාගෙන ඒවා වෙනත් රටවල අැති බැංකු ගිණුම්වල සඟවා තබල මරනයට පත්වූ පසු නැවතත් ඉපදිලා අර සඟවපු ධනය අරගෙන සංසාරය පුරාම මේ අාකාරයට දිගින් දිගටම සුරසැප විඳින්නට හැකියී කියල නොවේද...


ඒ නිසානේ මේ සොර දෙටුවන්ගේ සොරකම්වල නිමක් නාෙමැත්තේ. බුදු අප්පේ මෙහෙමත් ජනතා මුදල් සොරකම් කරපු උන්ට යන්න අපායවලුත් අලුතින්ම හදන්න වෙයි විශ්ව පාලන දෙවියන් හට.



හැබැයි යථාර්තය නම් මියගිය පසු නොව ජීවත්ව සිටියදීම මෙවන් පවුවලට වන්දි ගෙවන්නට නොසිදු උවහොත් අපි විශ්වාස කරනා අාගම දහම බොරුය.


මේ අය හිරේ විලංගුවේ නොවැටුනත් ජීවිතයේ ඉතිරි ටික මියෙන තුරාම හූල්ලලා...,හූල්ලලා...,හූල්ලලා...,හූල්ලලා...,

අාතතියෙන් හදවත ගිනිගෙන තමයි මරනයට පත්වන්නට සිදුවන්නේ... මොවුන්ගේ තත්ත්වය දැනටමත් ඒ අවස්ථාවට පාත්ර වෙලයි තියෙන්නේ. ඔය පෙන්නැද්ද දැන් ඒ හොරු සේරම නටන නෙයියාඩගම්වල තරම. ඔලුගෙඩි ටික අැති නිකම් යකාගේ කම්මල වගේ. විඳෝපල්ලා තව විඳෝපල්ලා උඹලට ඒ මරනය දැන්ම දෙන්නේ නැහැ මරුවා. උඹලා සිත්වලින් තව හාෙඳට විඳවන්න ඕනා. තම තමනන්ලා ජනතාවට සිදු කල අපරාධ සිහිපත් කර කර තව විඳවන්න ඕනා. විඳෙව්වා තව හොඳටම මදි. තව ඉස්සරහට මෙහෙම නොවේ විඳවන්න වෙන්නේ. සෝභිතාවතාර අද කිව්වා කියලා ලියල තියා ගනිල්ලා. ඊට වඩා සත්යයක් මේ තුන් ලොව තවත් නෑ.. බොලංනේ...

ඉතින් එවන් වූ මරනයකට පත්වන්නට සිදුවනා අයට තමයි හිමියනි මරනය දුකක් වන්නේ. පස් පවින් වැලකිලා ද්වේශ,ක්රෝද,මෝහ යන්ගෙන් සිත නිදහස්ව යහ පැවැත්මෙන් ජීවිතය ගතකරන්නවුන් හට දිනෙකදි නියත මරනය අති උතුම් වූ සැපයක් මිස වෙන් අන් කිමෙක්ද සංසාර ගමන කෙටි කර ගත හැකි....


සෝභිතාවතාර
2017/03/08
http://sobithawathara.blogspot.com/

Sunday, March 5, 2017

(ස) ප්රසංගය 2017..// රාග,ද්වේශ,මෝහ, තාලං..//

 (ස) ප්රසංගය 2017..// රාග,ද්වේශ,මෝහ, තාලං..// 
බමන රාග, දාරක ද්වේශ, සොරඅඹු මාේහ තාලං...!
රාජ කපුරු සෙට්ටියා, දඩිං// බිඩිං//ඩෝං// පටාං//
තක්කිට,තරිකිට,තෙයියත්,තං....//
 අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වූයේ. අනේ අපොයි වෙච්චි දෙයක්. 

Facebook සහෝදර සුමිතුරන් සහ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා හට රට වෙනුවෙන් කල යුතු බොහෝ කර්තව්යයන් තිබියදී මෙවන් වූ මුනුමිනිබිරි, දූපුතාලා, අම්මඅප්පලා, අත්තපනත්ත කිරිකිත්තලා විසින් තම තමන්ගේ ගෘහයන් තුලදීම ගහමරාගෙන හෝ විසඳා නැතහොත් සමනය කරගත යුතු අතිශය රහස්යය පෞද්ගලික ප්රශ්න ලෝකයා හිනස්සවා ගනිමින්ද ගෞරුත්වය, භක්තිය, පූජනීයත්වය කෙලෙසා ගනිමින්ද අන්තර්ජාලයට යොමු කොට ජංජාලයක් කර ගත්තේ කවුරුන්ද...? අපිද...තම තමන්ලා විහින්මද...

පලහිලව්ව අවසානයේ ගෙදරින් දාේර ගලාගිය පියානන් වෙනුවෙන් වූ දරුවන්ගේ වෛරය නැවතුනේ අන්තර්ජාල ඕපදූප මාධ්යය අඩවියේ නොවේද..!

දරුවන්ගේ වෛරයට හේතුව එකිනෙකා හට උරුම පියානන්ගේ අතිමහත් දේපොල වත්කම් අවධානමට පත් වීමද... නාෙඑසේනම් සත්යයවාදීවම වූ පියානන්ගේ බේබදුකමත් පවුල් පරම්පරාවේම පාලනයෙන් ඔබ්බට විසිරුනු සල්ලාල කම නිසා හටගත් පවුලේ නම්බුව කෙලෙසීමද යන කරුනු කාරනා හොඳ හැටි දන්නේද ඒ පවුල් අභ්යන්තරයම මිස උත්තරීතර ශ්රාවක ප්රේක්ෂක සමාජය නම් නොවන්නේය.
ඉතින් එසේනම් කුමකටද එවන් වූ උත්තරීතර සමාජයක් මෙසේ පලක් නොමැති අනුන්ගේ සීනි කිරන්නට තටමන්නේ...!

නමුත් එසේ කරන්නටද පැහැදිලි හේතුවක් නැත්තේමද නොවේ. ඉන් පලමුවැන්න නම් මෙවන් වූ උත්කෘෂ්ඨ කලා කරුවන් අයිති වන්නේ තමාටම හෝ එම පවුල් පරපුරේ සමාජිකයින්ට පමනක් නොවීමය. මොවුන් ලෝක පූජිත අමරදේවයානන්ගේ අඩිපාරේ යන්නෝ යැයි රට්ටුන් සිතා සිටි පූජාසනයෙහිම වැඩ විසූ ජාතික වස්තූන් නිසාය.

මහා ගේය සිසු කැලක් රටට දායාල කල මුනිවරයන්ය. දේශීය සංගීත ශ්රේත්රය ලෝකය හමුවේ උඩුයටිකුරු කල විශ්ව ප්රසංග පැවැත්වූ ඉසිවරයන්ය. (ස) ඒක පුද්ගල ගීත ප්රසංගවල නිර්මාත්තෘවරුන්ය.

දැන් ඉතින් සබුද්ධික කලා ලෝලීන් කොහොමද මෙයාලගේ පූජනීයත්වය ගැන දරුමල්ලන් සමග වහසි බස් දොඩන්නේ...? හපොයි දෙයියනේ..!

අතුල,සමිතා,ජොනාගොනා වැනි අඳබාලයින්ගේ මෙවන් ප්රශ්න ගැන නම් අප එක තත්පරයක්වත් වටිනා කාලය මෙසේ මිඩංගු කරන්නේ නැත කිසි කලෙකත්...

නමුත් අවාසනාවක මහිම උන් හොඳ නොවැ මුන්ට වඩා. මේ නාකියා නහින දෙහින කාලේ පරම්පරා ගනනාවකම අසූචි ඉළුව නොවැ.. අායි අපුල්ලලාවත් යවන්නට බැරි වෙන්නම. ඔච්චරම ඉන්න බැරි ගායක් තිබුනනම් තියා ගනින්කෝ ඔය කොහේ හරි පරම පවුලේ සුවිශේෂී කටයුතු අස්සට වද්දාගන්න දඟලන්නේ නැතිව.

සුවිශාල සමාජ අත්දැකීම් සම්භාරයක් අැතැයි අපට සිතෙන මෙයාට අවබෝධ කර ගන්න බැරි උනාද අාසන්නම පවුලට ඒ පවුලේ සාමාජිකයින් හට මෙවන් ක්රියා කිසිසෙත් දරාගත නොහැකි වන බව.

මෝඩ සීයේ...

අප රටේ වන් බුද්ධ වර්ෂ 2500 ක් ඉක්මවූ දිර්ඝ ඉතිහාසයක් අැති අභිමානවත් රටවල්වල සිටි රජවරුන් විසින් පිටුවහල් කල රාජද්රෝහීන් ගොඩබැස හදාගත් රටවල් වන අැමරිකාවේ ට්රම්ප් සංස්කෘතිය නොවේ ලංකාවේ දැහැමි සබුද්ධිකයින් තුල පවතින්නේ බව අමතක උනා‍ද බමන මතට.. මොල ගෙඩියේ ශෛයිල විනාශ වෙලාවත්ද... අමනෝක්ඥ වැඩ කරන්නේ වල පයයි ගොඩ පයයි කාලේ..

වටහා ගන්න අසීරු උනාද ඔබ පතනා ඒ තාවකාලික මානසික සුවය තමන්නේ මිනිපිරියකගෙන් උවත් ලැබිය නොහැකි නොවනා මනෝභාවයක් බව. වටහා ගන්නට අසීරු උනාද නෑකමක්වත් නොමැති දශක 4 ටත් වඩා වයසින් අඩු සොර අඹුවක් අාදරය කරනවා අැත්තේ තමන් හටද තම දේපොල වස්තුව හටද යන වග. වටහා ගන්නට අසීරු උනාද ලෝකයේ සොර අඹුවන් කිනම් අවස්ථාවක හෝ අප්රානිකයාගේ දෑස්වසා අවසර කල රහස් තැන සොර අඹුවන් කවුරුද ව්යාග්රාවෙකු හා වරදෙහි නොබැඳෙනා බවට අැති කියමන් හිස් වචන පමනක් නොවනා බව. 

කොහේද ඉතින් දැන්නේ රට්ටු දන්නේ හිතන් හිටපු උත්තමයගේ බේබදු කමයි නැට්ටේ ගායයි කොතරම්ද යන වග... 

ගේය පද නිර්මානයෙන්ද.. තනු නිර්මානයෙන්ද.. සංගීතය සැපයීමෙන්ද භාවමය සංගීත ක්ශේත්රය හෙල්ලූ ප්රතාපවත් යෝධයින් ප්රායෝගික සැබෑ ලෝකයේදී කෙතරම් දිළින්දන්දැයි මොවුන් අැදහිල්ලට පාත්ර කල ශ්රාවක ප්රේක්ෂක ප්රජාව වටහා ගත යුතුව අැත. නොඑසේ උවහොත් හෙට දවසේදීත් මීලඟ කලා කරුවා හමුවේහිදීද කොයි කවුරුත් රැයෙහි වැටුනු වලේ දහවලෙහිද වැටීමට ඉඩ නැතැයි කාට නම් කිව හැකිද...!

දැං ඉතින් නම්බු පිටින් මේ සීය මුත්තගේ මුනු මිනිපිරියන් මොන්ටිසෝරි ගිහිල්ල ඉන්නද යාළු කෙල්ලො කොල්ලන්ගෙන් බයිට් නොවී. ඒ අහිංසක ලේලිලා සහ දියණියන් තමන්ගේ පැටව් අරන් පාරේ තොටේ යන්නද ඔලුව කෙලින් තියාගෙන අප්පගේ නිමෙන්ඩ කිට්ටු පහනේ එලිය වැඩිවෙලා නේද කියල අනිත් අම්මන්ඩිලා ඔච්චමට අහන පුරස්නවලට දීපන්කෝ උත්තර.. 

අැයි උඹලට අපේ මාමන්ඩි/අප්පච්චි දැලේ දාගන්න බැරි උන එකද අමාරුව කියල අහන්ටයැ හිටං නැද්ද මං කියන්නේ.. අල වගේද ගෝවා...//

දුරදිග නොහිතා නොබලා ගිය නුවන අැතුන් සියයක් ලවාවත් නැවත අැද්දවිය නොහැකි ලෙස අප්පොච්චිගෙන් පලි ගන්න අන්තර්ජාලයේ පිස්සු ටෝකක් දීල උඩ බලාගෙන කෙල ගහපු අර ගොබ්බ පුතෙයාට නම් වගේ වගක් නැතිව අැති හෙට මොන නව නිංගිරාව උනත් අප්ප දේපොලවලින් පොඩි අැඩ්වාන්ස් පාරක අල්ලසක් දෙනව කිව්වනම්...!

අනේ මුං වගේ බූරු අප්පලා සහ ...ගේ පුතාලා නොදොමකිං.. තුහ්...කුසලතාවයෙන් කෙතරම් ප්රවීන උවත් එකී විශ්ව භාෂනයෙන් විශ්ව සංගීතයෙන් ලොවටම ධ්යාත්මිකව සහ අාධ්යාත්මිකව භාවමය බණ භා භාවනා උගැන්වූ මුනිවරයන් හට තමාගේ සිතුවිලි සහ හැඟීම් පාලනය කර ගත නොහැකි වීමෙන් සැවොම අවබෝධ කොට ගත යුතු වන්නේ මෙයා කට හඬ විකුණපු බිස්නස් කාරයෙක් සහ/හෝ වෙළෙන්දෙක් මිස වෙන අන් ගත යුතු සුවිශේෂි මානව ගුණාත්මක කම් රැස් කර ගත් බහුශාතයෙකු නොවනා වග නොවේද ජනතාවනි...

අැමරිකාවේ වත්මන් ජනපති Trump ලා වැන්නන්ගේ හැට පැන්නත් වඳුරන් බිමින් නොයමින් දමනා ගස් උඩ සෙල්ලම් අපේ රටේ පඳුරකට ගහපුවහම රොතු පිටින් විසික්ක වෙන ප්රවීනයින්ගේ ගීත සොරාගෙන ජනප්රිය වන සමහර තුට්ටුදෙකේ ගායක චංචනික කලාකාරයන්ට ගැලපුනාට දේවත්වයේ ලා සැලකිය හැකි නාමයෙන්ම අමර දේවයානන්ලා වූ ප්රවීන සංගීතක්ඥයින්ගේ අඩි පාරේ යන්නා වූ අනුගාමිකයින් යැයි ලොව පුරා වසනා ලාංකේය ජනතාවගේ විශ්වාසයට පාත්රව අැදහිල්ලට ලක්වූ දේශීය සංගීත ක්ශේත්රයේ මුනිවරුන් වන මොවුන් හට කිසිසේත් නොගැලපෙනා සිදුවීමක් රටේ අවාසනාවටදෝ සිදුව අැත. 

මෙය යමෙකුගේ පෞද්ගලිකත්වය යැයි කිසිසේත් සුුළු කොට හෝ ලගු කොට හෝ තැකිය නොහැක්කේ මොහු වැන්නන් ඒකායන ගෘහයක් තුල වසනා පෞද්ගලිකයන් නොම වන රටේම මුළු මහත් ස්ත්රී පුරුෂ වැඩිහිටියන් බාලයින් සහ දරුමුනුමිනිපිරියන් හට අයත් වන පොදු ජාතික සම්පත් ලා ඝනයට අයත් වන වස්තූන් නිසාමය.

ඒ අරබයා සෝභිතාවතාර විසින් අද මෙම අදහස් දැක්වීම අන්තර්ජාල නිදහස් මාධ්යය ඔස්සේ රටවැසි ලෝවැසි සමස්ත ශ්රීලාංකිකයින්ගේ නාමයෙන් ජනගත කිරීමට කල්පනා කලේ රටේ වසනා ඉතිරි ප්රවීන කලා කරුවන් අැතුළු සියළු සුවිශේෂී චරිත වෙත තම වටිනා ජීවිතය අවසන් කඩඉම දක්වා ඒකාලෝකව පවත්වා ගැනීම සඳහා වන පූර්වාදර්ශයක් සපයනු අටියෙනි.

ස්තුතියී.
වැරදි අැතොත් සමා කරන්න,
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසින් තම සදාදරණීය ප්රියම්බිකාවගේ උපන් දිනය වෙනුවෙන් සිදුකල ධර්ම දානයකි
2017/03/06 
========================================================================

========================================================================

වික්ටර් රත්නායක (Victor Ratnayaka)

ජීවන තොරතුරු
1942 පෙබරවාරි මස 18 වන දින කඩුගන්නාවේදී සොයුරු, සොයුරියන් දහ දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැන්නා වී උපත ලැබීය. පියා ජේමිස් රත්නායකය. මව සුමනාවතී මායාදුන්නය. 1946 දී කඩුගන්නාවේදි මහා විද්‍යාලයෙන් පාසැල් ජීවිතය ආරම්භ කලේය. පසුව උත්තර භාරතිය රාගධාරි සංගීතයේ මුල ධර්ම අභ්‍යාසත්,ගායනයත්, වයලීන් හා තබ්ලා වාදනයත් පිළිබඳ දැනුමක් ලබාගත් ඔහු “ප්‍රාරම්භ” සහ “මධ්‍යම” යන සංගීත විභාග වලට පෙනී සිටියේය. ගායන හා වාදන යන දෙඅංශයෙන්ම ගාන්ධර්ව, මධ්‍යම විභාග සමත් විය.
ගුවන් විදුලි සංස්ථාවේ “ඵ්” ශ්‍රේණියේ ගායයෙකු වශයෙන් 1965 දී තම ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කෙරිණි. ප්‍රථම ගීතය වුයේ අරිසෙන් අහුබුදුගේ “සිඳ බිඳ මොහදුරු පාප” ගීතයයි. “ගොළු මුහුදේ මුතු ඇටේ සහ ඈත පෙනෙනා හිමිවු කඳුමත” ගීතය ඵදින ඉදිරිපත් කළේය. ගුවන් විදුලි තැටි ගතවු පළමු ගීතය පියසේන කොස්තා ලියු “දෙවඟන පරදන කොමල කතා” ය. වෙළඳ සේවයේ ප්‍රථම සරල ගී වැඩසටහනට ගැයු “මයුරාසන මත වැඩ හිඳිනා” සහ “ඔබේ සෙවැනැල්ල වගේ නම් ” වැන ගීත ජනප්‍රිය විය. 1966 දී සංගීත ගුරුවරයෙකු ලෙස මුලින්ම බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයට පත්විමක් ලැබිණි.
1966 දී නොවැම්බර්  1 දා චිත්‍ර රත්නලතා ජයසිංහ සමග විවාහ විය. ඔහුට ජයන්ත, චාන්දනි, මංජුලා හා ලෙළුම් වශයෙන් දරුවන් සිව් දෙනෙකි.
1957 දී ඵම්.ජී.පී කලායතයනයට සම්බන්ධ විය. මහනුවර ලේක් සමාජ ශාලාවේදී ආර්. ඵ් චන්ද්‍රසේනගේ සංගීත ප්‍රසංගයන්හි ගායකයෙකු හා වාදකයෙකු ලෙස කටයුතු කලේය. 1963 දී ගුවන් විද්‍යාලයට ඇතුලත් විය. 1965 දී ගුවන් විදුලියේ  “ඵ් ” ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කළේය. 1968 දී ඵලාන් ගීත ධාරා ගුවන් විදුලි වැඩසටහනේ ගායකයෙකු ලෙස ප්‍රථම ස්ථානය දිනාගත්තේය. 1971 දී සතිස්චන්ද්‍ර ඵදිරිසිංහගේ මාතර ආචිචිචිත්‍රපටයෙන් චිත්‍රපට සංගීතයට පිවිසියේය.
මේ අතරතුර “ස“ ප්‍රසංගය පැවැත්විය. 1975 දී මංගල දර්ශණය ලුමිබිණි රඟහලේදීද, 1975 දී සියවන දර්ශනය ලයනල් වෙන්ඩ්ටි රඟහලේදීද, 300 වන දර්ශනය 1976 දී වැල්ලවත්තේ කදිරේෂන් ශාලාවේදීද, 1980 දී 800 වන දර්ශනය සහ 1984 දී 1000 වන දර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීද පැවැත්විණ.
මැලේසියාව, සිංගප්පුරුව, බල්ගේරියාව, ඵක්සත් රාජධානිය, ප්‍රංශය හා ඉතාලිය වන රටවල් සංචාරය කළේය. ඔහු ගීත 2500 කට වඩා තනු නිර්මාණයෙන්ද, ගී 2000 කට වඩා ගායනයෙන්ද දායක වී ඇත.                                                                      
                                     නිර්මාණ                                                                                                                                (ගීත කිහිපයක්)     
     කුරුල්ලන්ට ගී කියන්න ඔබේ කටහඩ දෙන්න
     දෙවිරමි වෙහෙරේ හිමි වැඩ හිටි සමයේ මා සිටියා නම් 
     අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසිවරු
     පොඩි කුමාරි හාමියේ
     කොහේ සිට ඔබ පැමිණියේදෝ   
     පෙම්බර මධු මගේ
     ගිගිරි ගීත රාවේ මලවි හී සැරේ
     “තොටුපළ අයිනේ කවුද අතවනන්නේ
     ආදරයේ උල්පත වු අමිමා
     හිත මිතුරු සුලඟ ලඟ ඵන වැහි වළාවට කියන්
     අම්මා නැති මට කිරි අමිමා වී
     සිතගාව දකගාලා නෙතුගාව හිනවුණා
     සඳ හිරු තරු පවතින තුරු
     අපි ඇතට ඈතට පා නගලා
     ජීවත් වන දා දැකගන්නටවත්
      “ඔබේ දෙතොල් පෙති ලිහි පිපුණු හසරැල් විලේ”
      නුඹේ නමින් මා දුක් වී"
    
සම්මාන
  • 1969 ආදරවන්තයෝ (අමරනාත් ජයතිලක) - හොඳම ගායකයා
         ගීතය - ඈත හිමාලයේ සීතල සෙවනේ
         සහය - සුජාතා අත්තනායක
         රචනය - ධර්මසිරි ගමගේ
         සංගීතය - ප්‍රේමසිරි කේමදාස
  • 1979 දී ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම පසුබිම ගායක ලෙස කුසලතා සම්මාන සහතිකය ලබා ගැනීම.
  • 1981 දී ආරියරත්නගේ “සිරි බෝ අයියා” හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය)
  • 1987 දී ආරියරත්න විතානගේ (අතුරු මිතුරු) - හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය)
==============================================

වික්ටර් රත්නායක
Photographic Portrait of Victor Ratnayaka.jpg
වික්ටර් රත්නායක
පසුබිම් තොරතුරු
උපත් නාමයවික්ටර් රත්නායක
උපත18 පෙබරවාරි 1942 (අවුරුදු 75)
සම්භවයSri Lanka
Genresශ්‍රී ලාංකික සංගීතය
වෘත්තීයසංගීතඥ,
සක්‍රීය වර්ෂ1973 – වත්මන
වෙබ් අඩවියwww.wictorratnayake.com

========================================================================