Sunday, March 12, 2017

බුදු සරනයි කියල Facebook Page එකක් හදා ගත්ත නංගි මල්ලිට පොඩි අනුශාසනාවක්...

බුදු සරනයි කියල Facebook Page එකක් හදා ගත්තේ බුදුන්ගේ දර්ශනයට නිගාදෙන දේ කරන්නට හෝ කියන්නට නොවිය යුතුය.

බුදුන් බුද්ධත්වයට පෙරුම් පුරද්දී නයින්ට ප්රතිකාර පවා සිදු කර අැති අවස්ථා ඔබ අසා නැත්ද...?


ඒ නිසා වෛරී සිතුවිලි බැහැර කොට මෛරිය වඩා සිදුකල සත්කාර්යයන් වෙනුවෙන් සතුටු වනවා හැර කිසිදා පසුතැවිලි නොවන්න. පසුතැවිල්ලෙන් සිදු වන්නේ තමාටම අයහපත ලඟාවීම පමනි.
https://www.facebook.com/photo.php?fbid=592541177612391&set=a.141125786087268.1073741826.100005695415258&type=3&permPage=1

ඒ වගේම යමක් දෙන විට ඒ වෙනුවෙන් නැවත කිසිවක් අපේක්ෂා නොකොට දෙන්න. ඒ කෙසේද යත් දකුණතින් දෙන දේ වමතට නාෙදැනෙන්න දෙන්න හුරුපුරුදු වන්න.

එවිට ඔබට අාපසු යමක් ලැබෙන්නේ අපේක්ෂිත පුද්ගලයාගෙන් නොව විශ්වයෙනි.

එය ධන හෝ රින වශයෙන් අපි කොයි කවුරුන් විසින් හෝ සිදු කරනා හොඳ හෝ නරක ක්රියාවන්ට සාපේක්ෂව නියත වශයෙන්ම සිදුවේ. ඒ පිලිබඳව පැහැදිලි උදාහරනයක් මගින් සපයන්නේ නම් බුදුන් වැදෑරූ පරිදි තමන් අත් නොහැර නිරන්තරයෙන්ම තමන් පසුපස පැමනෙන තම සෙවනැල්ල සේ යහපත් ක්රියා වෙනුවෙන් යහපතද... අයහපත් ක්රියා වෙනුවෙන් අයහපතද... ස්ථිරවම උරුම වේ 

ස්වභාව (ධර්මයේ) නියත යථාර්තය එයයි.

සෝභිතාවතාර
2017/03/12 - අද පොහොය දා පනිවිඩයයි.
http://sobithawathara.blogspot.com/


No comments:

Post a Comment