Sunday, March 5, 2017

(ස) ප්රසංගය 2017..// රාග,ද්වේශ,මෝහ, තාලං..//

 (ස) ප්රසංගය 2017..// රාග,ද්වේශ,මෝහ, තාලං..// 
බමන රාග, දාරක ද්වේශ, සොරඅඹු මාේහ තාලං...!
රාජ කපුරු සෙට්ටියා, දඩිං// බිඩිං//ඩෝං// පටාං//
තක්කිට,තරිකිට,තෙයියත්,තං....//
 අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වූයේ. අනේ අපොයි වෙච්චි දෙයක්. 

Facebook සහෝදර සුමිතුරන් සහ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා හට රට වෙනුවෙන් කල යුතු බොහෝ කර්තව්යයන් තිබියදී මෙවන් වූ මුනුමිනිබිරි, දූපුතාලා, අම්මඅප්පලා, අත්තපනත්ත කිරිකිත්තලා විසින් තම තමන්ගේ ගෘහයන් තුලදීම ගහමරාගෙන හෝ විසඳා නැතහොත් සමනය කරගත යුතු අතිශය රහස්යය පෞද්ගලික ප්රශ්න ලෝකයා හිනස්සවා ගනිමින්ද ගෞරුත්වය, භක්තිය, පූජනීයත්වය කෙලෙසා ගනිමින්ද අන්තර්ජාලයට යොමු කොට ජංජාලයක් කර ගත්තේ කවුරුන්ද...? අපිද...තම තමන්ලා විහින්මද...

පලහිලව්ව අවසානයේ ගෙදරින් දාේර ගලාගිය පියානන් වෙනුවෙන් වූ දරුවන්ගේ වෛරය නැවතුනේ අන්තර්ජාල ඕපදූප මාධ්යය අඩවියේ නොවේද..!

දරුවන්ගේ වෛරයට හේතුව එකිනෙකා හට උරුම පියානන්ගේ අතිමහත් දේපොල වත්කම් අවධානමට පත් වීමද... නාෙඑසේනම් සත්යයවාදීවම වූ පියානන්ගේ බේබදුකමත් පවුල් පරම්පරාවේම පාලනයෙන් ඔබ්බට විසිරුනු සල්ලාල කම නිසා හටගත් පවුලේ නම්බුව කෙලෙසීමද යන කරුනු කාරනා හොඳ හැටි දන්නේද ඒ පවුල් අභ්යන්තරයම මිස උත්තරීතර ශ්රාවක ප්රේක්ෂක සමාජය නම් නොවන්නේය.
ඉතින් එසේනම් කුමකටද එවන් වූ උත්තරීතර සමාජයක් මෙසේ පලක් නොමැති අනුන්ගේ සීනි කිරන්නට තටමන්නේ...!

නමුත් එසේ කරන්නටද පැහැදිලි හේතුවක් නැත්තේමද නොවේ. ඉන් පලමුවැන්න නම් මෙවන් වූ උත්කෘෂ්ඨ කලා කරුවන් අයිති වන්නේ තමාටම හෝ එම පවුල් පරපුරේ සමාජිකයින්ට පමනක් නොවීමය. මොවුන් ලෝක පූජිත අමරදේවයානන්ගේ අඩිපාරේ යන්නෝ යැයි රට්ටුන් සිතා සිටි පූජාසනයෙහිම වැඩ විසූ ජාතික වස්තූන් නිසාය.

මහා ගේය සිසු කැලක් රටට දායාල කල මුනිවරයන්ය. දේශීය සංගීත ශ්රේත්රය ලෝකය හමුවේ උඩුයටිකුරු කල විශ්ව ප්රසංග පැවැත්වූ ඉසිවරයන්ය. (ස) ඒක පුද්ගල ගීත ප්රසංගවල නිර්මාත්තෘවරුන්ය.

දැන් ඉතින් සබුද්ධික කලා ලෝලීන් කොහොමද මෙයාලගේ පූජනීයත්වය ගැන දරුමල්ලන් සමග වහසි බස් දොඩන්නේ...? හපොයි දෙයියනේ..!

අතුල,සමිතා,ජොනාගොනා වැනි අඳබාලයින්ගේ මෙවන් ප්රශ්න ගැන නම් අප එක තත්පරයක්වත් වටිනා කාලය මෙසේ මිඩංගු කරන්නේ නැත කිසි කලෙකත්...

නමුත් අවාසනාවක මහිම උන් හොඳ නොවැ මුන්ට වඩා. මේ නාකියා නහින දෙහින කාලේ පරම්පරා ගනනාවකම අසූචි ඉළුව නොවැ.. අායි අපුල්ලලාවත් යවන්නට බැරි වෙන්නම. ඔච්චරම ඉන්න බැරි ගායක් තිබුනනම් තියා ගනින්කෝ ඔය කොහේ හරි පරම පවුලේ සුවිශේෂී කටයුතු අස්සට වද්දාගන්න දඟලන්නේ නැතිව.

සුවිශාල සමාජ අත්දැකීම් සම්භාරයක් අැතැයි අපට සිතෙන මෙයාට අවබෝධ කර ගන්න බැරි උනාද අාසන්නම පවුලට ඒ පවුලේ සාමාජිකයින් හට මෙවන් ක්රියා කිසිසෙත් දරාගත නොහැකි වන බව.

මෝඩ සීයේ...

අප රටේ වන් බුද්ධ වර්ෂ 2500 ක් ඉක්මවූ දිර්ඝ ඉතිහාසයක් අැති අභිමානවත් රටවල්වල සිටි රජවරුන් විසින් පිටුවහල් කල රාජද්රෝහීන් ගොඩබැස හදාගත් රටවල් වන අැමරිකාවේ ට්රම්ප් සංස්කෘතිය නොවේ ලංකාවේ දැහැමි සබුද්ධිකයින් තුල පවතින්නේ බව අමතක උනා‍ද බමන මතට.. මොල ගෙඩියේ ශෛයිල විනාශ වෙලාවත්ද... අමනෝක්ඥ වැඩ කරන්නේ වල පයයි ගොඩ පයයි කාලේ..

වටහා ගන්න අසීරු උනාද ඔබ පතනා ඒ තාවකාලික මානසික සුවය තමන්නේ මිනිපිරියකගෙන් උවත් ලැබිය නොහැකි නොවනා මනෝභාවයක් බව. වටහා ගන්නට අසීරු උනාද නෑකමක්වත් නොමැති දශක 4 ටත් වඩා වයසින් අඩු සොර අඹුවක් අාදරය කරනවා අැත්තේ තමන් හටද තම දේපොල වස්තුව හටද යන වග. වටහා ගන්නට අසීරු උනාද ලෝකයේ සොර අඹුවන් කිනම් අවස්ථාවක හෝ අප්රානිකයාගේ දෑස්වසා අවසර කල රහස් තැන සොර අඹුවන් කවුරුද ව්යාග්රාවෙකු හා වරදෙහි නොබැඳෙනා බවට අැති කියමන් හිස් වචන පමනක් නොවනා බව. 

කොහේද ඉතින් දැන්නේ රට්ටු දන්නේ හිතන් හිටපු උත්තමයගේ බේබදු කමයි නැට්ටේ ගායයි කොතරම්ද යන වග... 

ගේය පද නිර්මානයෙන්ද.. තනු නිර්මානයෙන්ද.. සංගීතය සැපයීමෙන්ද භාවමය සංගීත ක්ශේත්රය හෙල්ලූ ප්රතාපවත් යෝධයින් ප්රායෝගික සැබෑ ලෝකයේදී කෙතරම් දිළින්දන්දැයි මොවුන් අැදහිල්ලට පාත්ර කල ශ්රාවක ප්රේක්ෂක ප්රජාව වටහා ගත යුතුව අැත. නොඑසේ උවහොත් හෙට දවසේදීත් මීලඟ කලා කරුවා හමුවේහිදීද කොයි කවුරුත් රැයෙහි වැටුනු වලේ දහවලෙහිද වැටීමට ඉඩ නැතැයි කාට නම් කිව හැකිද...!

දැං ඉතින් නම්බු පිටින් මේ සීය මුත්තගේ මුනු මිනිපිරියන් මොන්ටිසෝරි ගිහිල්ල ඉන්නද යාළු කෙල්ලො කොල්ලන්ගෙන් බයිට් නොවී. ඒ අහිංසක ලේලිලා සහ දියණියන් තමන්ගේ පැටව් අරන් පාරේ තොටේ යන්නද ඔලුව කෙලින් තියාගෙන අප්පගේ නිමෙන්ඩ කිට්ටු පහනේ එලිය වැඩිවෙලා නේද කියල අනිත් අම්මන්ඩිලා ඔච්චමට අහන පුරස්නවලට දීපන්කෝ උත්තර.. 

අැයි උඹලට අපේ මාමන්ඩි/අප්පච්චි දැලේ දාගන්න බැරි උන එකද අමාරුව කියල අහන්ටයැ හිටං නැද්ද මං කියන්නේ.. අල වගේද ගෝවා...//

දුරදිග නොහිතා නොබලා ගිය නුවන අැතුන් සියයක් ලවාවත් නැවත අැද්දවිය නොහැකි ලෙස අප්පොච්චිගෙන් පලි ගන්න අන්තර්ජාලයේ පිස්සු ටෝකක් දීල උඩ බලාගෙන කෙල ගහපු අර ගොබ්බ පුතෙයාට නම් වගේ වගක් නැතිව අැති හෙට මොන නව නිංගිරාව උනත් අප්ප දේපොලවලින් පොඩි අැඩ්වාන්ස් පාරක අල්ලසක් දෙනව කිව්වනම්...!

අනේ මුං වගේ බූරු අප්පලා සහ ...ගේ පුතාලා නොදොමකිං.. තුහ්...කුසලතාවයෙන් කෙතරම් ප්රවීන උවත් එකී විශ්ව භාෂනයෙන් විශ්ව සංගීතයෙන් ලොවටම ධ්යාත්මිකව සහ අාධ්යාත්මිකව භාවමය බණ භා භාවනා උගැන්වූ මුනිවරයන් හට තමාගේ සිතුවිලි සහ හැඟීම් පාලනය කර ගත නොහැකි වීමෙන් සැවොම අවබෝධ කොට ගත යුතු වන්නේ මෙයා කට හඬ විකුණපු බිස්නස් කාරයෙක් සහ/හෝ වෙළෙන්දෙක් මිස වෙන අන් ගත යුතු සුවිශේෂි මානව ගුණාත්මක කම් රැස් කර ගත් බහුශාතයෙකු නොවනා වග නොවේද ජනතාවනි...

අැමරිකාවේ වත්මන් ජනපති Trump ලා වැන්නන්ගේ හැට පැන්නත් වඳුරන් බිමින් නොයමින් දමනා ගස් උඩ සෙල්ලම් අපේ රටේ පඳුරකට ගහපුවහම රොතු පිටින් විසික්ක වෙන ප්රවීනයින්ගේ ගීත සොරාගෙන ජනප්රිය වන සමහර තුට්ටුදෙකේ ගායක චංචනික කලාකාරයන්ට ගැලපුනාට දේවත්වයේ ලා සැලකිය හැකි නාමයෙන්ම අමර දේවයානන්ලා වූ ප්රවීන සංගීතක්ඥයින්ගේ අඩි පාරේ යන්නා වූ අනුගාමිකයින් යැයි ලොව පුරා වසනා ලාංකේය ජනතාවගේ විශ්වාසයට පාත්රව අැදහිල්ලට ලක්වූ දේශීය සංගීත ක්ශේත්රයේ මුනිවරුන් වන මොවුන් හට කිසිසේත් නොගැලපෙනා සිදුවීමක් රටේ අවාසනාවටදෝ සිදුව අැත. 

මෙය යමෙකුගේ පෞද්ගලිකත්වය යැයි කිසිසේත් සුුළු කොට හෝ ලගු කොට හෝ තැකිය නොහැක්කේ මොහු වැන්නන් ඒකායන ගෘහයක් තුල වසනා පෞද්ගලිකයන් නොම වන රටේම මුළු මහත් ස්ත්රී පුරුෂ වැඩිහිටියන් බාලයින් සහ දරුමුනුමිනිපිරියන් හට අයත් වන පොදු ජාතික සම්පත් ලා ඝනයට අයත් වන වස්තූන් නිසාමය.

ඒ අරබයා සෝභිතාවතාර විසින් අද මෙම අදහස් දැක්වීම අන්තර්ජාල නිදහස් මාධ්යය ඔස්සේ රටවැසි ලෝවැසි සමස්ත ශ්රීලාංකිකයින්ගේ නාමයෙන් ජනගත කිරීමට කල්පනා කලේ රටේ වසනා ඉතිරි ප්රවීන කලා කරුවන් අැතුළු සියළු සුවිශේෂී චරිත වෙත තම වටිනා ජීවිතය අවසන් කඩඉම දක්වා ඒකාලෝකව පවත්වා ගැනීම සඳහා වන පූර්වාදර්ශයක් සපයනු අටියෙනි.

ස්තුතියී.
වැරදි අැතොත් සමා කරන්න,
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසින් තම සදාදරණීය ප්රියම්බිකාවගේ උපන් දිනය වෙනුවෙන් සිදුකල ධර්ම දානයකි
2017/03/06 
========================================================================

========================================================================

වික්ටර් රත්නායක (Victor Ratnayaka)

ජීවන තොරතුරු
1942 පෙබරවාරි මස 18 වන දින කඩුගන්නාවේදී සොයුරු, සොයුරියන් දහ දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැන්නා වී උපත ලැබීය. පියා ජේමිස් රත්නායකය. මව සුමනාවතී මායාදුන්නය. 1946 දී කඩුගන්නාවේදි මහා විද්‍යාලයෙන් පාසැල් ජීවිතය ආරම්භ කලේය. පසුව උත්තර භාරතිය රාගධාරි සංගීතයේ මුල ධර්ම අභ්‍යාසත්,ගායනයත්, වයලීන් හා තබ්ලා වාදනයත් පිළිබඳ දැනුමක් ලබාගත් ඔහු “ප්‍රාරම්භ” සහ “මධ්‍යම” යන සංගීත විභාග වලට පෙනී සිටියේය. ගායන හා වාදන යන දෙඅංශයෙන්ම ගාන්ධර්ව, මධ්‍යම විභාග සමත් විය.
ගුවන් විදුලි සංස්ථාවේ “ඵ්” ශ්‍රේණියේ ගායයෙකු වශයෙන් 1965 දී තම ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කෙරිණි. ප්‍රථම ගීතය වුයේ අරිසෙන් අහුබුදුගේ “සිඳ බිඳ මොහදුරු පාප” ගීතයයි. “ගොළු මුහුදේ මුතු ඇටේ සහ ඈත පෙනෙනා හිමිවු කඳුමත” ගීතය ඵදින ඉදිරිපත් කළේය. ගුවන් විදුලි තැටි ගතවු පළමු ගීතය පියසේන කොස්තා ලියු “දෙවඟන පරදන කොමල කතා” ය. වෙළඳ සේවයේ ප්‍රථම සරල ගී වැඩසටහනට ගැයු “මයුරාසන මත වැඩ හිඳිනා” සහ “ඔබේ සෙවැනැල්ල වගේ නම් ” වැන ගීත ජනප්‍රිය විය. 1966 දී සංගීත ගුරුවරයෙකු ලෙස මුලින්ම බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයට පත්විමක් ලැබිණි.
1966 දී නොවැම්බර්  1 දා චිත්‍ර රත්නලතා ජයසිංහ සමග විවාහ විය. ඔහුට ජයන්ත, චාන්දනි, මංජුලා හා ලෙළුම් වශයෙන් දරුවන් සිව් දෙනෙකි.
1957 දී ඵම්.ජී.පී කලායතයනයට සම්බන්ධ විය. මහනුවර ලේක් සමාජ ශාලාවේදී ආර්. ඵ් චන්ද්‍රසේනගේ සංගීත ප්‍රසංගයන්හි ගායකයෙකු හා වාදකයෙකු ලෙස කටයුතු කලේය. 1963 දී ගුවන් විද්‍යාලයට ඇතුලත් විය. 1965 දී ගුවන් විදුලියේ  “ඵ් ” ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කළේය. 1968 දී ඵලාන් ගීත ධාරා ගුවන් විදුලි වැඩසටහනේ ගායකයෙකු ලෙස ප්‍රථම ස්ථානය දිනාගත්තේය. 1971 දී සතිස්චන්ද්‍ර ඵදිරිසිංහගේ මාතර ආචිචිචිත්‍රපටයෙන් චිත්‍රපට සංගීතයට පිවිසියේය.
මේ අතරතුර “ස“ ප්‍රසංගය පැවැත්විය. 1975 දී මංගල දර්ශණය ලුමිබිණි රඟහලේදීද, 1975 දී සියවන දර්ශනය ලයනල් වෙන්ඩ්ටි රඟහලේදීද, 300 වන දර්ශනය 1976 දී වැල්ලවත්තේ කදිරේෂන් ශාලාවේදීද, 1980 දී 800 වන දර්ශනය සහ 1984 දී 1000 වන දර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීද පැවැත්විණ.
මැලේසියාව, සිංගප්පුරුව, බල්ගේරියාව, ඵක්සත් රාජධානිය, ප්‍රංශය හා ඉතාලිය වන රටවල් සංචාරය කළේය. ඔහු ගීත 2500 කට වඩා තනු නිර්මාණයෙන්ද, ගී 2000 කට වඩා ගායනයෙන්ද දායක වී ඇත.                                                                      
                                     නිර්මාණ                                                                                                                                (ගීත කිහිපයක්)     
     කුරුල්ලන්ට ගී කියන්න ඔබේ කටහඩ දෙන්න
     දෙවිරමි වෙහෙරේ හිමි වැඩ හිටි සමයේ මා සිටියා නම් 
     අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසිවරු
     පොඩි කුමාරි හාමියේ
     කොහේ සිට ඔබ පැමිණියේදෝ   
     පෙම්බර මධු මගේ
     ගිගිරි ගීත රාවේ මලවි හී සැරේ
     “තොටුපළ අයිනේ කවුද අතවනන්නේ
     ආදරයේ උල්පත වු අමිමා
     හිත මිතුරු සුලඟ ලඟ ඵන වැහි වළාවට කියන්
     අම්මා නැති මට කිරි අමිමා වී
     සිතගාව දකගාලා නෙතුගාව හිනවුණා
     සඳ හිරු තරු පවතින තුරු
     අපි ඇතට ඈතට පා නගලා
     ජීවත් වන දා දැකගන්නටවත්
      “ඔබේ දෙතොල් පෙති ලිහි පිපුණු හසරැල් විලේ”
      නුඹේ නමින් මා දුක් වී"
    
සම්මාන
  • 1969 ආදරවන්තයෝ (අමරනාත් ජයතිලක) - හොඳම ගායකයා
         ගීතය - ඈත හිමාලයේ සීතල සෙවනේ
         සහය - සුජාතා අත්තනායක
         රචනය - ධර්මසිරි ගමගේ
         සංගීතය - ප්‍රේමසිරි කේමදාස
  • 1979 දී ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම පසුබිම ගායක ලෙස කුසලතා සම්මාන සහතිකය ලබා ගැනීම.
  • 1981 දී ආරියරත්නගේ “සිරි බෝ අයියා” හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය)
  • 1987 දී ආරියරත්න විතානගේ (අතුරු මිතුරු) - හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය)
==============================================

වික්ටර් රත්නායක
Photographic Portrait of Victor Ratnayaka.jpg
වික්ටර් රත්නායක
පසුබිම් තොරතුරු
උපත් නාමයවික්ටර් රත්නායක
උපත18 පෙබරවාරි 1942 (අවුරුදු 75)
සම්භවයSri Lanka
Genresශ්‍රී ලාංකික සංගීතය
වෘත්තීයසංගීතඥ,
සක්‍රීය වර්ෂ1973 – වත්මන
වෙබ් අඩවියwww.wictorratnayake.com

========================================================================

No comments:

Post a Comment