Tuesday, March 14, 2017

අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධ පරාජිත දේශපාලන හෝතඹුවනි.., දැන් මොකද කියන්නේ..? මංගල රැස්වීම අද..!

අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධ පරාජිත දේශපාලන හෝතඹුවනි.., දැන් මොකද කියන්නේ..? මංගල රැස්වීම අද..!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.15, පෙ.ව‍‍.4.00) අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනමතය ගොඩ නැගීමේ මංගල රැස්වීම අද (2017 මාර්තු 15) සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
එහි කැඳවුම් කාර මණ්ඩලය ලෙස පුජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසුරිය, අධිනීතිඥ ලාල් විජේනායක, ගාමිණි වියන්ගොඩ, කේ. ඩබ් ජනරංජන, සමන් රත්නප්‍රිය, අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, සම්පත් රාජිත, උදේනි වික්‍රමසිංහ, බ්‍රිටෝ ප්‍රනාන්දු, ලූෂන් බුලත්සිංහල, පිලිප් දිසානායක, නීතිඥ සුදර්ශන ගුණවර්ධන හා මහින්ද රත්නායක යන අය කටයුතු කරති.
1994 සිට බලයට පත් වූ සියලු ජනාධිපති වරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දී ඇත. චන්ද්‍රිකා මැතිණිය බලයට පත් අවස්ථා දෙකේදීත්, මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් අවස්ථා දෙකේදීත් හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාත්, තමා බලයට  2015 දීත් මේ ප්‍රතිඥාව රට ඉදිරියේ තබා තිබේ. ඒ සෑම අවස්ථාවකදීම රටේ බහුතරයක් ජනතාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ස්වකීය ලබාදී ඇති බව පැහැදිලිය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නැතැයි කියා ඡන්දය ඉල්ලූ එකම අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව විසින් පරාජය කිරීමෙන් එය වඩාත් හොඳින් පැහැදිලිය.
1931 ඩොනමෝර් ව්‍යවස්ථාව, 1947 සෝල්බරී ව්‍යවස්ථාව, 1972 ජනරජ ව්‍යවස්ථාව සහ 1978 විධායක ජනාධිපති ව්‍යවස්ථාව යන කිසිවක් සඳහා රටේ ජනතාවගේ අදහස් විමසා නැත.  1972 සහ 1978 ව්‍යවස්ථා සම්මත කර ගන්නා ලද්දේ දෙමළ ජනතාවගේ බලවත් විරෝධය මධ්‍යයේ බව අමතක නොකළ යුතුවා මෙන්ම එයම තිස් වසරක යුද්දයටද හේතු කාරණා වූ බවද අමතක නොකළ යුතුය. 
අද සියලු ජාතීන්ගේ සහභාගීත්වයෙන් හා අනුමැතියෙන් යුතුව, රටට වඩාත් ගැලපෙන සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ අවස්ථාව උදාවී තිබේ. “අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය” ඒ වෙනුවෙන් අද සිට රට පුරා රැස්වීම් තබමින් ක්‍රියාත්මක වනු ඇත.
(මෙහි දැක්වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය විසින් ප්‍රසිද්ධ කරන ලද පෝස්ටරයකි.) 
---------------------------
by     (2017-03-14 22:35:00)




No comments:

Post a Comment