ජනතාව ගෙදර යැවූ, ජනමතයක් නැති පිරිසක් රටේ අනාගතය තීන්දු කරනා ලෝකයේ තිබෙන එකම රට ලංකාවද? ජනපති, අගමැති, ජනමතයට හිස නමනු..!
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය
අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි තම ජීවිතය පුජා කොට අපේක්ෂා කලේ කුමක්ද? මේ රට යුක්තිය, සාධාරණය රජයන සමාජයක් වනු දැකීමයි. ඒ සඳහා උන්වහන්සේ දස වදෑරුම් යෝජනාවලියක් රටේ නායකයන් දෙපලම ගෙන්වා තම 73 වන උපන්දිනය දා ඉල්ලා සිටියේ මේ වැඩපිළිවෙල ඉදිරි වසර පහ තුල ක්‍රියාවට නංවා පක්ෂ භේදයෙන් තොරව දෙගොල්ලන්ම එකතුවී මීළඟ මැතිවරණයක් එනතුරු මැතිවරණ ගැන කතා කිරීම පවා නවතා රට පාලනය කරන ලෙසයි. ජාතික ආණ්ඩුවක් බිහිකිරීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද එයමය. උන්වහන්සේගේ දස වැදෑරුම් ක්‍රියාවලිය තුල ප්‍රධානම මාතෘකාව උනේ මේ විධායක ක්‍රමය අහෝසි කිරීම, මනාප ක්‍රමය අහෝසි කිරීම සහ ස්වාධීන කොමිසම් ක්‍රියාවට නංවා රජයේ සියලු තනතුරුවලට ඊට සුදුසු පුද්ගලයන් පමණක් පත් කිරීමයි. නව ව්‍යවස්ථාවක් ගෙන ඒම උන්වහන්සේගේ මීළඟ බලාපොරොත්තුව වුවද මෙය ඉහත කී කරුණු තුන ඉටු කිරීමෙන් පසුව කරනු දැකීම උන්වහන්සේගේ ඒකායන බලාපොරොත්තුව විය. මන්ද උන්වහන්සේ හොඳටම දැනගන හිටිය මේ දෙක පටලවා ගතහොත් මේ කිසිම දෙයක් කිරීමට නොහැකි බව. උන්වහන්සේ රටේ නායකයන් හමුවෙමින් පොදු අපේක්ෂකයකු සෙවීමේ කාර්යයේදීත් හමුවන හැම නායකයෙක් ගෙන්ම ඉල්ලා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර මෙම ප්‍රතිසංස්කරණ සිදු කලයුතු බවයි. අද මේ සිදුවෙමින් පවතින දේවල් දෙස බලන විට උන්වහන්ස්ගේ ඉසිවර නුවනින් දුටු සියල්ල සත්‍ය බවත්, අද සිටින කිසිම නායකයෙකුට මෙවන් දැක්මක් හෝ මේ සඳහා අවංකවම කරනු ලබන උත්සාහයක් දකින්නට නැත. අපි යම් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වෙනවා යයි සිතමු. එහිදී අපිට නිශ්චිත කාලසීමාවක් තුල ලඟා කරගත හැකි ඉලක්ක පමණක් ඉලක්ක කරගන එම දී ඇති කාලසීමාව තුල එය සාර්ථක ලෙස නිම කිරීමට නම් අපට අතර මගදී හමුවන තවත් ඉලක්ක සහ අරමුණු ද ඊට එකතු කරගතහොත් අපට එම කාලය තුල අප අර ඉහත කී ඉලක්ක වෙත ලඟා විය හැකිද? මේ සත්‍යය තේරුම් ගත් සෝභිත හිමි තම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේදී මේ සියලු කරුණු සලකා බලා ඉතා බුද්ධිමත් ලෙස එය කළමනාකරණය කොට රටේ නායකයන් දැනුවත් කොට එම කටයුත්ත කිරීමට සුදුසු පුද්ගලයන් පත්කොට ඉල්ලා සිටියේ පලමුවෙන්ම මේ මුලික කරුණු තුන ඉටු කොට ඊළඟ සතරවන කරුණ වෙනම ගෙන මුළු බරම ඊට යොදවා ඊළඟ අවස්ථාවේ අනෙකුත් සියලු දේත් ඇතුලත්වන ( ඉතිරි යෝජනා 07) නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කොට එය ජයග්‍රහණය කරවීමට නිසි වැඩපිළිවෙලක් , රටම දැනුවත් කිරීමක් සමග වෙනම යායුතු බවයි. උන්වහසේ එදා කී පරිදි එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවූ වා නම් අද අපට සියලුදෙනාම එකතුකරගන මේ නව ව්‍යවස්ථාව යථාර්තයක් කරගැනීමට ස්වර්ණමය අවස්ථාවක් උදා කරගත හැකිව තිබුණි. නමුත් දැන් සියල්ල එකම බාස්කට්ටුවක් තුල දමාගන හත් පොලේ ගා ගැනීමක් සිදුවී ඇත. මෙයින් පෙන්නුම් කරන්නේ මේ රටේ අපි බුද්ධිමත් යයි කියා සිතා පත්කරනු ලබන නායකයන්ගේ සැබෑ ස්වරූපය හෙවත් දේශපාලනය යනු බලය සඳහාම පමණකි යන්න යථාර්තයක් බවට පත්ව ඇති බව නොවේද?
අවසන් වශයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය දැන් අකර්මන්‍ය වී ඇති බවට අදහස් දක්වන සහ එයට ජනතා බලයක් තව දුරටත් නැති බව සිතා කටයතු කරන නායකයන් වෙත ඉතාම කරුණාවෙන් දන්වා සිටින්නේ අපවත් වූ සෝභිත හිමියන් ජීවත්ව සිටි සෝභිත හිමියන්ට වඩා සිය දහස් ගුණයකින් බලවත් බවයි. උන්වහන්සේ දිවි පුදා රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටි, උන්වහන්සේ අපේක්ෂා කළ, උන්වහසේ සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම් පරිදි රටේ නායක දෙපළ කටයුතු නොකළහොත් උන්වහසේ මීළඟ සංග්‍රාමය ආරම්භ කරන දිනය වැඩි ඈතක නොවන බවයි. එය කරන්නේ කෙසේද? කියා ඔබ සිතන්නේ නම් එදා මේ රටේ සියලු විපක්ෂ නායකයන් ප්‍රකාශ කලේ පවතින විධායක ක්‍රමය යටතේ වසර විස්සක් විපක්ෂයේ සිටියදීත් මේ ක්‍රමය පවතින තාක කල් පසුගිය පාලනය පෙරලා දැමීම මිත්‍යාවක් බවයි. එහෙත් එවන් අසාධ්‍ය රෝගීන් පිරිසක් බවට පත්ව සිටි විපක්ෂයට පණ දුන් සෝභිත හිමි එය කල හැකි බව ඔප්පු කොට පෙන්වීය. එදත් උන්වහන්සේ සමීපයේම සිටි ඉතා කුඩා එහෙත් දැනුමින්, ක්‍රියාවෙන්, බුද්ධියෙන් මෙන්ම අවංකව කැපවීමෙන් කිසිදු වරප්‍රසාදයක් තනතුරක් නොතකා තම ශ්‍රමය, ධනය, කාලය සියල්ල කැප කල පිරිස අද තවමත් සිටින්නේ උන්වහන්සේ සමගයි. එදත් ඇතැම් දිනවල අප හමුවන විට රැස්වීමකදී පවා විශාල පිරිසක් නොසිටියද ඔවුන් ගේ අදහස සහ ඔවුන් සමාජ ගතකල මතය මහා බලවේගයක් බවට පත්ව රටම අවදි කොට එදා එම වෙනස කල පරිදීම අවශ්‍ය නම් අදත් කල හැක. එහෙත් අපි තවදුරටත් ජනාධිපති තුමා සහ අගමැති තුමා මේ පිළිබඳව දක්වන උනන්දුව සහ කැපවීම මෙන්ම දරන යම් යම් උත්සාහයන් නිසාම තව දුරටත් ඔවුන්ට අවස්ථාව ලබා දී ඉල්ලා සිටින්නේ ජනමතයක් නැති පිරිසකගේ බලයට යට නොවී ජනතාව සමග සිටගෙන කෙලින් තීන්දු තීරණ ගෙන ඔවුන් පැතූ සාධාරණ සමාජය බිහිකිරීමට දායක වෙන ලෙසයි.
මීට
ප්‍රධාන ලේකම්
ප්‍රධාන ලේකම්
සිසිර ජයමහ
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය
176, නාවල පාර, නුගේගොඩ
දුර: 0719684325 / 0112890922
176, නාවල පාර, නුගේගොඩ
දුර: 0719684325 / 0112890922
---------------------------
by (2017-03-15 01:25:15)
by (2017-03-15 01:25:15)
No comments:
Post a Comment