Tuesday, February 21, 2017

රටේ දරුවන්ගේ බොරු අප්පච්චී...


 රටේ දරුවන්ගේ බොරු අප්පච්චී...
රටේ දරුවන්ගේ බොරු අප්පච්චී නොහොත් මහින්දගේ යමපාලන යුගය තරම් අනාගත පරපුර ණය කරවූ පාදඩ යුගයක් ඉතිහාසයේ පහලව සිටි නරකම පාලකයා හෝ පාලිකාවවත් සිදු කර නැත.

2026 වන තුරු රටේ සමස්ථ ණය බර ඩොලර් කෝටි ලක්ෂ 3000 ඉක්මවා ජාතියේ ධනය කොස් අැට සිබිඩි ගනනට සිතා කාබාසිනියා කල (ලාල්කාන්තගේ වචනවලින් පවසන්නේ නම් බේබදු පියෙකු) මෝඩ තකතීරුවෙකු සේ දිනු නිදහසේ ගෞරවය සෝදා පාළුකොට දමා රට වෙනත් පැතිකඩකින් මහා විනාශයකට පාත්ර කරවා අැත. ඔබට මෙය රු.152/= න් වැඩිකර බැලීමෙන් අපරාධයේ සහ දූෂණයේ මහිමය සිතා ගත හැක.

ඉතින් අම්මේ තාත්තේ එන පොට හොඳ නෑ. අන්තර්ජාලය ඔස්සේ ඔබසැම මහා රැවටිල්ලකට පත් කරන්නටයි කුරුමානම. ඒ නිසා මේවා සියල්ල ගැන ඉතා හොඳින් සිතන්න. රෑ වැටුනු වලේ යලි කිසිදා රැයකදීවත්... දහවලකදීවත්... නොවැටෙන්නට වරක් දෙවරක් නොව සියක් වරක් හැඟීම්වලින් නොව දරුවන්ගේ අනාගතය ගැන සිතා බුද්ධියට ඉඩදී තීන්දු තීරන ගන්නට අදිටන් කර ගන්න.‍‍

සෝභිතාවතාර ඔබ සමගයි සැමදා කිසිවක් අපේක්ෂා නොකර රට වෙනුවෙන්...
http://sobithawathara.blogspot.com/

Sunday, February 19, 2017

පැරදුණු මහින්දව ගෙදර පැන්නවූ දුරකථන ඇමතුම් දෙක එළියට; මහින්ද වික්ෂිත්ත වෙයි (Exclusive)

පැරදුණු මහින්දව ගෙදර පැන්නවූ දුරකථන ඇමතුම් දෙක එළියට; මහින්ද වික්ෂිත්ත වෙයි (Exclusive)


2015 ජනවාරි මස 08 වනදා ජනාධිපතිවරණයෙන් මෙරට අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත්කළ ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා වූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු ගෙදර නොයා කරන්නට ගිය හමුදා කුමන්ත්‍රණයත්, එය බිඳ දැමු අතිවිශේෂ දුරකථන ඇමතුම් දෙක සම්බන්ධයෙන් වන තොරතුරු මේ වන විට මුදා හැර තිබේ.


එදා පරාජිත කුප්‍රකට පර්සි මහින්ද කියා සිටියේ තමා ඉතා පහසුවෙන් සරලව බලය හැරදා පැමිණි බවයි. එහෙත් එවක ඒකාධිපති රෙජීමාධිපති පර්සි මහේන්ද්‍ර නොහොත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රෙජිමාධිපතිවරුන් තම බලය බලහත්කාරයෙන් පවත්වා ගෙන යෑමට සිදුකළ සැලැස්ම අනාවරණය වී ඇත. මෙය අනාවරණය වීමත් සමඟම මේ වන විට වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ දැඩි වික්ෂිප්තභාවයටත්, අසීරුතාවයටත් පත්ව ඇතිබව මහින්ද රාජපක්ෂගේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මේ එම බලලෝභයෙන් මත් වුණු රාජපක්ෂවරුන්ගේ අතිබිහිසුණු සැලැස්ම ගැන වූ අද්විතීය අනාවරණයයි.
දැනගන්න පිවිසෙන්න.....

සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවයේ 2015 ජනවාරි 08 න් අැරඹි රට හදන පොදු හටනේ දෙවන සහ අවසන් අධියර වන 2020 අවසන් මෙහෙයුමේදී නව්ය වූ දේශපාලනික න්යාය පත්රයක් සහ සංස්කෘතියක්ද සමග නව්ය වූ නවමු නායකත්වයක්ද සමගින් අප ඔබ සැමගේම දූදරුවන් සහ අනාගත පරපුර වෙනුවෙන් සෝභිත හිමිපානන්ගේ සිහිනය සැබෑ කරනු වස් එකම කඳවුරකට ගාල්වී හිටපු සහ පවතිනා සොරුන් සහ දූෂිතයින් සියල්ලෝම අතුගා දැමීමට අදිටන් කර ගනිමු.
මේ අතරම සිටිනා පාරිශුද්ධ සියල්ලෝම නව කඳවුර වෙත අාරාධනා කර ගනිමු.
සෝභිතාවතාර
ඔබ සැමට තුණුරුවන්ගේ සරණයි සියළු දෙවි රැකවරනයි
http://sobithawathara.blogspot.com/


පැරදුණු මහින්දව ගෙදර පැන්නවූ දුරකථන ඇමතුම් දෙක එළියට; මහින්ද වික්ෂිත්ත වෙයි (Exclusive)

Tuesday, February 14, 2017

මෙරටේ අහිංසක අබුද්ධිකයින් තුල පවතිනා ලොකුම සිහිනය සහ විහිළුවට ඉතා කෙටි පිලිතූරක්...

====================================================
මෙරටේ අහිංසක අබුද්ධිකයින් තුල පවතිනා ලොකුම සිහිනය සහ විහිළුවට ඉතා කෙටි පිලිතූරක්...
====================================================
හිටපු ජනපති රට කලේ මර්වියාගේ නීති පොතෙන්ද...! ගෝඨාගේ නීති පොතෙන්ද...! නැතිනම් විමලෙගේ නීති පොතෙන්ද...! නොඑසේනම් ලමයි වඩාගෙන රට්ටු රවටමින් තමාම ගෙන ගිය සටකපට චංචනික නීති පොතෙන්ද...

නමුත් ඒවාට රැවටුන අහිංසක අාච්චිලා සීයලා වගේ අතාර්කික ඔලු ගෙඩි නොවේ සහෝදරයා අද වර්තමාන සමාජයේ සිටින්නේ. වත්මන් පරපුර ගොඩ නැගෙන්නේ හැඟීවලින් අඳ ගොළු බිහිරිව නොවේ. සබුද්ධික විඥාණයෙන් යුතුවයි.

ඒ නිසා ඔබලා කොතෙක් උත්සාහ කලත් අතට අාපු කුරුල්ලා බල තන්හාව නිසා නැති කර ගත්ත හිටපු ජනපති මහින්දව යලි බලයට ගෙන ඒම ලෝකයේ පවතිනා ලොකුම සිහිනය සහ විහිළුව වේ.

අපිටත් දුකයි තමයි. ඒත් මොනවා කරන්නද. යඵාර්තය එයයි.

සෝභිතාවතාර.

Wednesday, February 8, 2017

අරගලය පෙරටම හරක් පාලනය දිගටම - ලංකා ඊ නිව්ස් ඉහත ලිපියට අටුවාටිකාවක් සමග යහපාලන රජයට යෝජනාවක්...

කකුල කකුල කකුල පේන්න බැරි කකුල..! යහපාලනය තුල අමන පාලනයක්..!!
(ආචාර්ය තුමෙකුගේ අත්දැකීමක්)

"මේක ළමයින්ගේ නීතියක්. අපට කියල තියෙන්නේ පොලිස් ඇඳුම් ඇඳගෙන එන අයට සහ කොට කලිසම් ඇඳගෙන එන අයට මේ ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්න එපා කියල. ඉතින් ඒ ගොල්ල කියන දේවල් කළේ නැත්නම් අපට කරදර  වෙනවා. ඒ නිසා අපි ඒ ගොල්ල කියන විදියට තමයි පාලන කටයුතු කරන්නේ. මහත්තය දැන් එලියට ගියා නම් හොඳයි නේද?"
==========================
ආචාර්ය පියදාස එදිරිසුරිය, මොනෑෂ් විශ්ව විද්‍යාලය, මෙල්බර්න්, ඕස්ට්‍රේලියා.
=========
(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.08, ප.ව.7.45)


ලංකා ඊ නිව්ස් ඉහත ලිපියට අටුවාටිකාවක් සමග යහපාලන රජයට යෝජනාවක්...

ජාත්යන්තර විශ්ව විද්යාලවලට යවන්නට ධනය නොමැති දුප්පත් දෙමාපියන්ගේ ලේ/කඳුළු සහ රුහිරුවලින් කාබී/හැදී/වැඩී කරදඬු උස්මහත් වී විශ්ව පාසලකට පිවිසෙන්නට වරම් ලබනා විට තමුන්ට වඩා පකීර් කෙනෙකු අායිත් මේ තුන් ලෝකයේ නැතැයි සිතා තමන් පිලිබඳ ඉතාමත් අධිතක්සේරුවක පිහිටා සිට සත්යවාදීවම තම මාපියන්ගේ සහ තමාගේ මුක්යය පරමාර්ථය මුදුන් පත් කරවාගෙන උපාධියක් ලැබුමට පිවිසෙනා දෙනෝදහසක් අවිහිංසක සෙසු සිසු සිසුවියන්ගේ සහ තමන්ගේම අසරන මාපියන්ගේද අපේක්ෂා බංග කරමින් අවිනීතව හැසිරෙනා මෙවන් පාදඩයින් හට කුහකයින් කියා අමතනවාට වඩා උසස් අාමන්ත්රනයක් මෙතුන්ලොව තවත් තිබිය හැකිද..!

මේ අතරම ධනය සහ නුවන අැතත් අනෙකාගේ සාර්ථකත්වයට ඊර්ෂ්යා කරනා කාලකන්නින්ද සරසවි තුලට පිවිස කඩා‍කප්කාරී ක්රියාවන් හට නායකත්වය දීම සහ අනෙක් අසරනයින් තම කඩාකප්පල්කාරී ක්රියාවන් හට පොලඹවා ගැනීමද බහුල බැවින් නුවනැත්තෝ ඊර්ෂ්යාකාර මුන්ගේ උගුල්වලට හසු නොවීමට වග බලා ගත යුතුය.

අවසන් වශයෙන් සරසවි වලට සිසුන් අැතුලත් කර ගැනීමේ (මුන් දනගාගෙන බඩගාගෙන පැමිනෙනා) අාරම්භක අවස්ථාවේ සිටම දැඩි කොන්දේසි මත පිහිටුවීමේ විනය ක්රියා මාර්ගවලට වත්මන් යහපාලන රජය අවතීර්න වී ලක්ෂ සංඛ්යාත අවිහිංසක උගත් අසරන දරුවන්ගේ උසස් අධ්යාපන පසුබිම සවිමත් කල යුතුය.

සෝභිතාවතාර
2017/02/09

Tuesday, February 7, 2017

අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවේ සෝභිත මාහිමිපානන් වහන්සේ ගේ අාතූරයා සත්පුරවැසියා කථා කරයි.


වර්ෂ 2017 ක් වූ පෙබරවාරී මස 08 වන අද දින 2016/01/08 දිනෙන් තම සෝභිතාවාතාර අඩවියේ ප්රතම වර්ෂ පූර්නය ඉක්මවූද... දේදුනු විප්ලවයට දෙවස් පූර්නය ඉක්මවූද.. පලමු මාසය ඉක්මවනා මොහොතේ තබනා සුවිශේෂී සටහනකි මෙය...

අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවේ සෝභිත මාහිමිපානන් වහන්සේ නිවන් මගටවත් නොපිවිස සැමට සාධාරන සමාජයක් බිහිකරලීමේ තම සිහිනය යථාර්තයක් වන තුරා දේදුනු විප්ලවයේ දෙවන අධියර 2020 දී ක්රියාත්මක කිරීම උදෙසා විශ්වයේ සිට අවතාරයක්ව කැප වී සිටිනා වගයි.

උන් වහන්සේගේ ඒ අති උතුම් අභිප්රායය ඉෂ්ඨ සිද්ධ කර ගැනීම උදෙසාද නොමල (කිසිදා මිය නොයනා අාත්මය) චෛතසිකයේ කැකෑරෙනා සිතුවිලි/යෝජනා/චෝදනා/අණ නියෝග ජන ගත කිරීම උදෙසා උන් වහන්සේගේ තෝරා ගැනීමට අනුව අැප කැපව සිටිනා අාතූරයා සත්පුරවැසියා පිලිබඳ උන්වහන්සේ තැබූ අකලංක විශ්වාසය දිවි හිමියෙන් අාරක්ෂා කරනා බවට රටේ සමස්ථ ජනතාව අතරේ විශේෂයෙන් උන්වහන්සේගේ දේදුනු විප්ලවයේ සබුද්ධික දේදුනු ප්රජාව වෙත දහස් වාරයක් සපත කර සිටිනා වගයි.

එමෙන්ම උන්වහන්සේගේ මෙම   http://sobithawathara.blogspot.com/    
අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ කිසිදු මූල්යය අධාරයක් හෝ අනුග්රාහක වෙළඳ දැන්වීම් අපේක්ෂාවෙන් හෝ යහපාලන රජයේ තනතුරු වරදාන වරප්රසාද හෝ වෙනත් කිසිදු ලාභ ප්රයෝජන අපේක්ෂාවෙන්ද නොවනා බවත් නැවතත් අවධාරනයෙන් සපත කර සිටිමි.

මෙය සම්පූර්නයෙන්ම සත්පුරවැසියා උපත ලද මේ අති උතුම් පින් බිමට අැති කෘත ගුණ දැක්වීම උදෙසා රටත් ජාතියත් වෙනුවෙන්ද... අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවේ සෝභිත මාහිමිපානන් වහන්සේට තම සිහිනය යථාර්තයක් වී උන් වහන්සේ අප සැම වෙනුවෙන්ද රට ජාතිය වෙනුවෙන්ද ජීවිත පරිත්යාගයෙන් සිදුකල කැපවීම උදෙසා උන්වහන්සේට ඉක්මනිවන් නිවන් මග උරුම කර දෙනු වස් පවත්වාගෙන යනු ලබනා දානමය පුණ්යය කටයුත්තක් බව සැලකුව මනාය.
==================================================================
2017/02/10 - අද අති උතුම් පොහෝදා මෙම නව පරිඡ්චේදය යාවත්කාලීන කරනා ලද පනිවිඩයකි.
මෙවන් වූ අැතැම් බ්ලොග් අඩවි සහ වෙබ් අඩවි කරුවන් අාරම්භක අවධියේ තමන් බොහෝමත්ම රට ජාතියට අැති අාදරය කැක්කුම නිසා මෙවන් වූ දේශ හිතෛයීෂී ක්රියාකරකම්වල යෙදෙනා බව පෙන්වූවද... 

පසුව තම අඩවි වෙත මහජන ප්රසාදය වැඩිවෙමින් පවතිද්දී සූක්ෂ්ම ලෙස ඒවා මගින් අාධාර උපකාර වැනි දෑ ලැබුනොත් එපා කියන්නේ නැතැයි වශයෙන් වූ ඉඟිබිඟි පානු දැකීම අවබෝධ කොට ගැනීම දේදුනු ප්රජාවට නම් අසීරු නැත.

ඉන් එක් උදාහරනයක් ලෙස මෑතදී තම 100 වෙනි බ්ලොග් සටහන තැබූ ටයිපටියක් තුලින් එවැනි යටි අදහසක් කියැවුනාදැයි එය නැවත නැවත නරඹා අවබෝධ කොට ගත යුතු කරුනකි.

කෙසේ වෙතත් තවෙකෙකු තුල පවතිනා දේශ හිතෛයිශී භාවය හා සමගම බැඳුනු අසීරුතා හමුවේ අන් අයගේ අසරන භාවයන් හෑල්ලුවට ලක්කිරීම සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සිදු කරනා වරදක් විය හැක.

එය එසේ වී නම් ඒ පිලිබඳ අතිශය කණගාටුව ප්රකාශ කරමින් සමාව අයදිනා අතරම සෝභිත හිමියන් හට නිවන් මග අත්වනු වස් දානමය පුණ්යය කටයුත්තක් ලෙස අාතූරයා සත්පුරවැසියා අදාල රජයේ බදු සහ ගාස්තු ගෙවා තමන් විසින් දානය පිනිස සෝභිතාවතාරයේ අණනියෝග පරිදි පවත්වාගෙන යනු ලබනා මෙම අඩවිය වෙනුවෙන් එකී පිංකමට දායක වීම සඳහා මෙම අඩවියට අාධාර උපකාර කිරීමට සිත් පහල වනා ඕනෑම අයෙකුට ඉතා කාරුනික අායාචනයක් කිරීමට කැමැත්තෙමි.

එනම් අපවත් වී වදාල අපගේ සදාදරනීය සෝභිත මාහිමිපානන් වහන්සේ ජීවත්ව සිටියදී තමන් හට තම දායක මහත්ම මහත්මීන්ලාගෙන් සහ බැතිමතුන්ගෙන් ලැබුනා වූ බාෙහෝ පිරිකර එකතු කරගෙන උන් වහන්සේ අෑත එපිට දුෂ්කර ගම් දනව්වල පැවති පන්සල්වල ඉතා අඩුපාඩු කම් සහිතව දුක්ඛිත ලෙස පැවිදි දම් පුරමින් සිටි සංග්යයා වහන්සේලා වැඩ සිටි වෙහෙර විහාරස්ථානවලට සහ දුගී දුප්පත් මිනිසුන්ගේ නිවෙස් කරාද ගොස් තමන් වහන්සේ ලද ඒ බොහෝ පිරිකර සහ මුදල් අාධාර දානයෙන් දානය උතුම් දානයකැයි සලකා බෙදා දී චිත්ත සන්තුෂ්ඨියට පත් වූ දුර්ලභ යථිවරයෙකි.

ඒ වෙනුවෙන් කිසියම් සාක්ෂියක් අවශ්යය නම් උන්වහන්සේ වැඩ විසූ කෝට්ටේ ශ්රී නාගවිහාරස්ථානය අවට කාලයක සිට වෙසෙනා ගමේ මිනිසුන්ගෙන් විමසීමෙන් තහවුරු කොට ගත හැකි වන්නේ උන් වහන්සේ තම පන්සල අවට මිනිසුන් හටද බොහෝ අැප උපකාර සිදුකොට අැති නිසාය.

එවැනි සියළු තහවුරු කර ගැනීම් වලින් අනතුරුව මෙම සෝභිතාවතාර අඩවියට උදව් උපකාර කිරීමට සිත් පහල වනා ඕනෑම අයෙකු කල යුතු එකම කාර්යය වනුයේ තමන් හට හැකි අයුරින් තමා විසින්ම සොයා බලා තෝරා ගනු ලබනා දුර හෝ ලඟ සුදුසුම ගිහියාට හෝ පැවිද්දාට තමාට හැකි උපරිම හෝ අවම ප්රමානයෙන් සුදුසු අවශ්යයතාවයක් හෝ දැවෙන ප්රශ්නයක් සොයා බලා ඉටු කර සෝභිත හිමියන් රට ජාතිය සහ විශේෂයෙන් මතු අනාගත දූදරු පරපුර යම පාලනයෙන් මුදවා ප්රජාතාන්ත්රික නිදහස නැති කම උදෙසා රට අතහැර යාමේ සිතුවිල්ල හද තුල මෝදු නොවනා යහපාලන සංස්කෘතියක් බිහි කල යුග මෙහෙවර සිහිපත් කොට නිවන් මග පතා දානයක් පූජාවක් ලෙසින් තමා විසින්ම සිදු කරන්න.

ඒ හැර සෝභිත හිමිපානන් වෙනුවෙන් වෙනත් කිසිදු දානයක් අැප උපකාරයක් අාධාරයක් මූල්යය පරිත්යාගයක් වැනි කිසිවක් උන් වහන්සේගේ අාත්මය හෝ අාතූරයා අපේක්ෂා නොකරයි.

ඒ නිසා උන් වහන්සේ වෙනුවෙන් හෝ උන් වහන්සේගේ අාත්මීය අඩවියේ ක්යාකාර අාතූරයා සත්පුරවැසියා මගින් පවත්වාගෙන යනු ලබනා මෙම අඩවියට අාධාර උපකාර කිසිවක් සිදු කිරීම අවශ්යය නාෙවනා බව ඉතාමත් නිහතමානීවද... කාරුනිකවද අායාචනය කර සිටිමු...


විශේෂයෙන් සැලකිය යුතුයි... 
කාර්යය මණ්ඩලයක්ද නඩත්තු කරමින් වෘර්තීය මට්ටමින්ද යුතුව මුත් දිවි හිමියෙන් අැපකැපව දේශයේ මුරදේවතාවෙකු ලෙස පෙනී සිටිනා දේදුනු විප්ලවයේ සේනා බලමුළු ගැන්වූ ලංකාඊනිව්ස් (http://www.lankaenews.com/) මෙම යෝජනාවෙන් සහ චෝදනාවන්ගෙන් පූර්න වශයෙන් නිදොස් කොට අැති බව සැලකුව මනාය.

ස්තූතීයී.
සෝභිතාවතාර සමග අාතූරයා සත්පුරවැසියා ඒකාබද්ධව සැලකර සිටිනා වගයි.

බුදු සරණයි සියළු දෙවි රැකවරනයි.
2017/02/10
අද අති උතුම් පොහෝදා යාවත්කාලීන කරනා ලද පනිවිඩයයි.

Saturday, February 4, 2017

හැඟීම් බරව අඳ/ගොළු/බිහිරිව සිටිනා අවිහිංසක මිනිසුනි...මොහොතක් සිතන්න. තීන්දුව ඔබ සතුයී.


හැඟීම් බරව අඳ/ගොළු/බිහිරිව සිටිනා අවිහිංසක මිනිසුනි...මොහොතක් සිතන්න. තීන්දුව ඔබ සතුයී....

රටේ පවතිනා සම්පත් සහ ධනය අැත්තේ ඔබලාගේ සහ සියළු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසාය.

රටේ පවතිනා සම්පත් සහ ධනය අැත්තේ ඔබලාගේ සහ සියළු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසාය.

නමුත් ඒවා සොරකම් කොට තම පවුල් පරපුරේ සාමාජිකයින් හට දූෂිත ලෙස බෙදාදීම වෙනුවෙන් සිදු කරනා නීතිමය පරීක්ෂන දේශපාලන දඩයමක් විදියට දකින්නේ ඔබ සැම හැඟීම් වලින් අන්ධ භාවයට පත්ව අැති නිසාය. 

ඒ නිසා තම දරුවන් වෙනුවෙන්ද රටේ අනාගතය වෙනුවෙන්ද නුවනින් සහ බුද්ධියෙන් විශේෂයෙන් දේශපාලනික ව්‍යුහය සම්බන්ධයෙන් තීන්දු තීරන ගන්නට අදිටන් කර ගන්න.

එවිට ඔබට කිසිදාකත් පසුතැවිලි වීමට සිදු නොවනු නියතය.

ඔබේ සාමාන්යය බුද්ධියෙන් සිතා බලන්න ෆුට් බයිසිකලයක් අැතිව පොඩි කොමියුනිකේෂන් එකක් කරගෙන යාන්තමට ජීවත් උනු අයෙක් මෙතරම් කෙටි කලකදී පවුල් පරපුර පිටින්ම සුපිරි ධනවතුන් වී අැත්තේ කෙසේද කියා...

එය එසේනම් ඊට සාපේක්ෂව පුංචි පොහොසතෙක්වත් වන්නට ඔබට බැරි උනේ අැයිදැයි සිතා බලන්න. දියුනු වන්නට ඔබ මොන තරම් වෙර වීරිය ගන්නවාද කියා ඔබ දන්නවා. ඒත් මේ වගේ ධනවත් වන්නට නම් තවම බැරි උනා නේද...

නමුත් මතක තියා ගන්න සොහොයුර මේ පාවාදෙන වංශ වගේ පාවාදෙන්නට හුරු පුරුදු වන තුරු ඔබට කිසිදාකත් ඔය තරම් ඉක්මනට මේ තරම් ධනවතෙකු වන්නට නම් බැරිවේවි.

නමුත් සොයුර අපි ඔබලාට ඔය වගේ පාවාදෙන, තක්කඩි සොරෙකු වන්නට පුළුවන්ද හෙට කන්න නැතිව මැරුනත්....

තීරනය ඔබ සතුයි...
ස්තුතියී
‍මා ඔබේ සදාදරනීය සහෘදයා සෝභිතාවතාර විශ්වයේ සිට...

නිදහස් දිනය වෙනුවෙන් “සුදු අප්පොච්චි My Dear Ceylonට එවූ ලියුම..! (Video)


නිදහස් දිනය වෙනුවෙන් “සුදු අප්පොච්චි My Dear Ceylonට එවූ ලියුම..! (Video)


(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.04, ප.ව‍.11.30) 69 වෙනි නිදහස් සමරුව වෙනුවෙන් ‘අළුත් විදිහට‘ සිතන තරුණ කණ්ඩායමක් විසින් වාර්තා රංගයක අපූරු වීඩියෝවක් ජනගත කර තිබේ.
‘සුදු අප්පොච්චි‘ විසින් My Dear Ceylon වෙත එවන ලියුමක් මෙම උත්ප්‍රාසාත්මක වාර්තා රංගයට යොදා ගෙන තිබේ.
වීඩියෝ මාධ්‍යය තම ආත්ම ප්‍රකාශන මාධ්‍ය ලෙස යොදාගන්නා ‘FTT කණ්ඩායම‘ ලෙස නම් කර ගත්, ස්වේච්ඡාවෙන් සාමූහිකව කටයුතු කරන තරුණ කණ්ඩායමක් වෙනුවෙන් මෙම වීඩියෝව අධ්‍යක්ෂනය කර ඇත්තේ ‘අදීශ හේවාවසම්‘ නම් තරුණයෙකි.
ලංකා ඊ නිව්ස් විසින් අදීශ හේවාවසම්ගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ වසරක් පමණ වයසැති තම ‘FTT කණ්ඩායමේ‘  වෙන වෙන වීඩියෝ ආයතන වල විවිධ රැකියා කරන මිතුරන් සිටින නමුත් ඔවුන් සියළුම දෙනා කවදා හෝ හොඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ පිපාසාවෙන් පෙළෙන පිරිසක් බවයි.
පහත දැක්වෙන ‘සුදු අප්පොච්චිගේ ලියුම‘ නරඹා මේ තරුණ කණ්ඩායමට උදව් කිරීමට සිතුනොත් අදීශ හේවාවසම් තරුණයා අමතන්න. ඔහුගේ දුරකථනය 0094 77 959 6361 වේ.
http://www.lankaenews.com/news/5261/si/si 
---------------------------
by     (2017-02-04 18:53:24)