Saturday, February 4, 2017

හැඟීම් බරව අඳ/ගොළු/බිහිරිව සිටිනා අවිහිංසක මිනිසුනි...මොහොතක් සිතන්න. තීන්දුව ඔබ සතුයී.


හැඟීම් බරව අඳ/ගොළු/බිහිරිව සිටිනා අවිහිංසක මිනිසුනි...මොහොතක් සිතන්න. තීන්දුව ඔබ සතුයී....

රටේ පවතිනා සම්පත් සහ ධනය අැත්තේ ඔබලාගේ සහ සියළු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසාය.

රටේ පවතිනා සම්පත් සහ ධනය අැත්තේ ඔබලාගේ සහ සියළු දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම උදෙසාය.

නමුත් ඒවා සොරකම් කොට තම පවුල් පරපුරේ සාමාජිකයින් හට දූෂිත ලෙස බෙදාදීම වෙනුවෙන් සිදු කරනා නීතිමය පරීක්ෂන දේශපාලන දඩයමක් විදියට දකින්නේ ඔබ සැම හැඟීම් වලින් අන්ධ භාවයට පත්ව අැති නිසාය. 

ඒ නිසා තම දරුවන් වෙනුවෙන්ද රටේ අනාගතය වෙනුවෙන්ද නුවනින් සහ බුද්ධියෙන් විශේෂයෙන් දේශපාලනික ව්‍යුහය සම්බන්ධයෙන් තීන්දු තීරන ගන්නට අදිටන් කර ගන්න.

එවිට ඔබට කිසිදාකත් පසුතැවිලි වීමට සිදු නොවනු නියතය.

ඔබේ සාමාන්යය බුද්ධියෙන් සිතා බලන්න ෆුට් බයිසිකලයක් අැතිව පොඩි කොමියුනිකේෂන් එකක් කරගෙන යාන්තමට ජීවත් උනු අයෙක් මෙතරම් කෙටි කලකදී පවුල් පරපුර පිටින්ම සුපිරි ධනවතුන් වී අැත්තේ කෙසේද කියා...

එය එසේනම් ඊට සාපේක්ෂව පුංචි පොහොසතෙක්වත් වන්නට ඔබට බැරි උනේ අැයිදැයි සිතා බලන්න. දියුනු වන්නට ඔබ මොන තරම් වෙර වීරිය ගන්නවාද කියා ඔබ දන්නවා. ඒත් මේ වගේ ධනවත් වන්නට නම් තවම බැරි උනා නේද...

නමුත් මතක තියා ගන්න සොහොයුර මේ පාවාදෙන වංශ වගේ පාවාදෙන්නට හුරු පුරුදු වන තුරු ඔබට කිසිදාකත් ඔය තරම් ඉක්මනට මේ තරම් ධනවතෙකු වන්නට නම් බැරිවේවි.

නමුත් සොයුර අපි ඔබලාට ඔය වගේ පාවාදෙන, තක්කඩි සොරෙකු වන්නට පුළුවන්ද හෙට කන්න නැතිව මැරුනත්....

තීරනය ඔබ සතුයි...
ස්තුතියී
‍මා ඔබේ සදාදරනීය සහෘදයා සෝභිතාවතාර විශ්වයේ සිට...

No comments:

Post a Comment