Saturday, February 4, 2017

නිදහස් දිනය වෙනුවෙන් “සුදු අප්පොච්චි My Dear Ceylonට එවූ ලියුම..! (Video)


නිදහස් දිනය වෙනුවෙන් “සුදු අප්පොච්චි My Dear Ceylonට එවූ ලියුම..! (Video)


(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.04, ප.ව‍.11.30) 69 වෙනි නිදහස් සමරුව වෙනුවෙන් ‘අළුත් විදිහට‘ සිතන තරුණ කණ්ඩායමක් විසින් වාර්තා රංගයක අපූරු වීඩියෝවක් ජනගත කර තිබේ.
‘සුදු අප්පොච්චි‘ විසින් My Dear Ceylon වෙත එවන ලියුමක් මෙම උත්ප්‍රාසාත්මක වාර්තා රංගයට යොදා ගෙන තිබේ.
වීඩියෝ මාධ්‍යය තම ආත්ම ප්‍රකාශන මාධ්‍ය ලෙස යොදාගන්නා ‘FTT කණ්ඩායම‘ ලෙස නම් කර ගත්, ස්වේච්ඡාවෙන් සාමූහිකව කටයුතු කරන තරුණ කණ්ඩායමක් වෙනුවෙන් මෙම වීඩියෝව අධ්‍යක්ෂනය කර ඇත්තේ ‘අදීශ හේවාවසම්‘ නම් තරුණයෙකි.
ලංකා ඊ නිව්ස් විසින් අදීශ හේවාවසම්ගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ වසරක් පමණ වයසැති තම ‘FTT කණ්ඩායමේ‘  වෙන වෙන වීඩියෝ ආයතන වල විවිධ රැකියා කරන මිතුරන් සිටින නමුත් ඔවුන් සියළුම දෙනා කවදා හෝ හොඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ පිපාසාවෙන් පෙළෙන පිරිසක් බවයි.
පහත දැක්වෙන ‘සුදු අප්පොච්චිගේ ලියුම‘ නරඹා මේ තරුණ කණ්ඩායමට උදව් කිරීමට සිතුනොත් අදීශ හේවාවසම් තරුණයා අමතන්න. ඔහුගේ දුරකථනය 0094 77 959 6361 වේ.
http://www.lankaenews.com/news/5261/si/si 
---------------------------
by     (2017-02-04 18:53:24)

No comments:

Post a Comment