Wednesday, February 8, 2017

අරගලය පෙරටම හරක් පාලනය දිගටම - ලංකා ඊ නිව්ස් ඉහත ලිපියට අටුවාටිකාවක් සමග යහපාලන රජයට යෝජනාවක්...

කකුල කකුල කකුල පේන්න බැරි කකුල..! යහපාලනය තුල අමන පාලනයක්..!!
(ආචාර්ය තුමෙකුගේ අත්දැකීමක්)

"මේක ළමයින්ගේ නීතියක්. අපට කියල තියෙන්නේ පොලිස් ඇඳුම් ඇඳගෙන එන අයට සහ කොට කලිසම් ඇඳගෙන එන අයට මේ ගේට්ටුවෙන් ඇතුලට එන්න දෙන්න එපා කියල. ඉතින් ඒ ගොල්ල කියන දේවල් කළේ නැත්නම් අපට කරදර  වෙනවා. ඒ නිසා අපි ඒ ගොල්ල කියන විදියට තමයි පාලන කටයුතු කරන්නේ. මහත්තය දැන් එලියට ගියා නම් හොඳයි නේද?"
==========================
ආචාර්ය පියදාස එදිරිසුරිය, මොනෑෂ් විශ්ව විද්‍යාලය, මෙල්බර්න්, ඕස්ට්‍රේලියා.
=========
(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.08, ප.ව.7.45)


ලංකා ඊ නිව්ස් ඉහත ලිපියට අටුවාටිකාවක් සමග යහපාලන රජයට යෝජනාවක්...

ජාත්යන්තර විශ්ව විද්යාලවලට යවන්නට ධනය නොමැති දුප්පත් දෙමාපියන්ගේ ලේ/කඳුළු සහ රුහිරුවලින් කාබී/හැදී/වැඩී කරදඬු උස්මහත් වී විශ්ව පාසලකට පිවිසෙන්නට වරම් ලබනා විට තමුන්ට වඩා පකීර් කෙනෙකු අායිත් මේ තුන් ලෝකයේ නැතැයි සිතා තමන් පිලිබඳ ඉතාමත් අධිතක්සේරුවක පිහිටා සිට සත්යවාදීවම තම මාපියන්ගේ සහ තමාගේ මුක්යය පරමාර්ථය මුදුන් පත් කරවාගෙන උපාධියක් ලැබුමට පිවිසෙනා දෙනෝදහසක් අවිහිංසක සෙසු සිසු සිසුවියන්ගේ සහ තමන්ගේම අසරන මාපියන්ගේද අපේක්ෂා බංග කරමින් අවිනීතව හැසිරෙනා මෙවන් පාදඩයින් හට කුහකයින් කියා අමතනවාට වඩා උසස් අාමන්ත්රනයක් මෙතුන්ලොව තවත් තිබිය හැකිද..!

මේ අතරම ධනය සහ නුවන අැතත් අනෙකාගේ සාර්ථකත්වයට ඊර්ෂ්යා කරනා කාලකන්නින්ද සරසවි තුලට පිවිස කඩා‍කප්කාරී ක්රියාවන් හට නායකත්වය දීම සහ අනෙක් අසරනයින් තම කඩාකප්පල්කාරී ක්රියාවන් හට පොලඹවා ගැනීමද බහුල බැවින් නුවනැත්තෝ ඊර්ෂ්යාකාර මුන්ගේ උගුල්වලට හසු නොවීමට වග බලා ගත යුතුය.

අවසන් වශයෙන් සරසවි වලට සිසුන් අැතුලත් කර ගැනීමේ (මුන් දනගාගෙන බඩගාගෙන පැමිනෙනා) අාරම්භක අවස්ථාවේ සිටම දැඩි කොන්දේසි මත පිහිටුවීමේ විනය ක්රියා මාර්ගවලට වත්මන් යහපාලන රජය අවතීර්න වී ලක්ෂ සංඛ්යාත අවිහිංසක උගත් අසරන දරුවන්ගේ උසස් අධ්යාපන පසුබිම සවිමත් කල යුතුය.

සෝභිතාවතාර
2017/02/09

No comments:

Post a Comment