Tuesday, February 21, 2017

රටේ දරුවන්ගේ බොරු අප්පච්චී...


 රටේ දරුවන්ගේ බොරු අප්පච්චී...
රටේ දරුවන්ගේ බොරු අප්පච්චී නොහොත් මහින්දගේ යමපාලන යුගය තරම් අනාගත පරපුර ණය කරවූ පාදඩ යුගයක් ඉතිහාසයේ පහලව සිටි නරකම පාලකයා හෝ පාලිකාවවත් සිදු කර නැත.

2026 වන තුරු රටේ සමස්ථ ණය බර ඩොලර් කෝටි ලක්ෂ 3000 ඉක්මවා ජාතියේ ධනය කොස් අැට සිබිඩි ගනනට සිතා කාබාසිනියා කල (ලාල්කාන්තගේ වචනවලින් පවසන්නේ නම් බේබදු පියෙකු) මෝඩ තකතීරුවෙකු සේ දිනු නිදහසේ ගෞරවය සෝදා පාළුකොට දමා රට වෙනත් පැතිකඩකින් මහා විනාශයකට පාත්ර කරවා අැත. ඔබට මෙය රු.152/= න් වැඩිකර බැලීමෙන් අපරාධයේ සහ දූෂණයේ මහිමය සිතා ගත හැක.

ඉතින් අම්මේ තාත්තේ එන පොට හොඳ නෑ. අන්තර්ජාලය ඔස්සේ ඔබසැම මහා රැවටිල්ලකට පත් කරන්නටයි කුරුමානම. ඒ නිසා මේවා සියල්ල ගැන ඉතා හොඳින් සිතන්න. රෑ වැටුනු වලේ යලි කිසිදා රැයකදීවත්... දහවලකදීවත්... නොවැටෙන්නට වරක් දෙවරක් නොව සියක් වරක් හැඟීම්වලින් නොව දරුවන්ගේ අනාගතය ගැන සිතා බුද්ධියට ඉඩදී තීන්දු තීරන ගන්නට අදිටන් කර ගන්න.‍‍

සෝභිතාවතාර ඔබ සමගයි සැමදා කිසිවක් අපේක්ෂා නොකර රට වෙනුවෙන්...
http://sobithawathara.blogspot.com/

No comments:

Post a Comment