Sunday, January 22, 2017

සෝභිතාවතාර වත්මන් ජනපති පිලිබඳ සැමදා පැවසූ අනාවැකි සත්යය වෙයි. 2017/01/22

සෝභිතාවතාර සියළු සබැඳි අනාවැකි සඳහා අඩවියට පිවිසෙන්න...

www.sobithawathara.blogspot.com



නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණය ජය ගැනීමේ සටන ඇරඹේ..! ජනපති මෛත්‍රීගේ එදා ස්ථාවරය වෙනස් වී නෑ..!


යහපාලන බලවේගයන්ගේ තීරණාත්මක රැස්වීම: රාජිතගේ විශේෂ ප්‍රකාශය(Audio & Video)

(ලංකා ඊ නිව්ස් -2017.ජන.22, ප.ව.8.05) 
නව ජනතා ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතික්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමටත්, බලය බෙදා හැරීමටත්, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා දුන් පොරොන්දුව වෙනස් කර නැති අතර එම ස්ථාවරයන් තුනේම ඔහු දැඩි ලෙස සිටින බව ඊයේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ද ශපථ කෙළේ යැයි අද යහපාලන බලවේගයන්ගේ තීරණාත්මක රැස්වීමේදී ඇමැති රාජිත සේනාරත්න සහ ගාමිණී වියන්ගොඩ මහත්වරුන් විසින් අවධාරණය කළහ.
එපමණක් නොව මේ සඳහා රට පුරා ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයට ජනාධිපතිවරයාද එක්වන බවද පවසා තිබේ.
නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට රට සූදානම් කිරීම සඳහා පසුගිය ජනවාරි 8 වෙනිදා එක්වූ යහපාලන බලවේගයන් අද සවස කෝට්ටේ වෝටර්ස් එජ් හෝටලයේදී රැස්වූහ. එම රැස්වීම ඉතා සාර්ථක වූ අතර, දෙසියයක පමණ පිරිසක් ඊට සහභාගී වී සිටියහ. 
ශ්‍රීලනිප මහ ලේකම් වරයා තම පක්ෂයේ ස්ථාවරය හෙලිකරමින් කීවේ ඉහත කී ස්ථාවරයන් තුනටම එකඟ බවයි. යම් හෙයකින් ජනමත විචාරණය ගෙන ඒමට අසමත් වුවොත් පක්ෂයේ කණ්ඩායමක් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස පුද්ගලයෙකුගේ නමක් කියමින් යන නිසා දෙවන වරටත් තම පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රී යැයි කීවා මිස ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ස්ථාවරයෙන් පක්ෂය ඉවත් වී නැතැයිද හේ පැවසීය. 
අද පැවැති මෙම රැස්වීම සංවිධානය කිරීමට ඇමැති මංගල සමරවීර සහ ඇමැති රාජිත සේනාරත්න දෙපොළ මූලිකත්වය ගෙන තිබූ අතර ඊට සමන් රත්නප්‍රිය, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, මුජිබර් රහ්මාන්, ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ කැඳවුම් කරු තුසිත හල්ලොලුව ආදීහුද මූලික වී සිටියහ. 
රැස්වීම සඳහා මංගල සමරවීර, රාජිත සේනාරත්න, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය හර්ෂද සිල්වා, ආචාර්ය ආශු මාරසිංහ, එරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මුජිබර් රහ්මාන්, මනෝ ගනේෂන්, දුමින්ද දිසානායක, චතුර සේනාරත්න, ඇතුළු දේශපාලනඥයන්ද, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නායකයන්ද, නීතිවේදීන්ද මාධ්‍යවේදීන්ද බුද්ධිමතුන්ද විශාල පිරිසක් සහභාගී වී සිටියහ. සත්‍ය වශයෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා සිටි බලවේග වල කිසිදු වෙනසක් සිදුව තිබුනේ නැත.
රැස්වීමෙන් පසුව ලංකා ඊ නිව්ස් ඇමතූ රාජිත සේනාරත්න මහතා කළ විශේෂ ප්‍රකාශය පහතින්
ඩේටා ඉතිරි කර ගැනීමට අවශ්‍ය නම් මෙතැන ක්ලික් කර හඬ පටය පමණක් අසන්න
වීඩියෝව පහත දැක්වේ 
---------------------------
by     (2017-01-22 14:51:10)

Wednesday, January 18, 2017

තමුන්ගේ ගෑනිට ලමය හම්බුවෙනකොට අල්ලපු ගෙදර මිනිහට විලිරුදා හැදෙන්නේ වගකීමක් නොමැති නිර්නාමික ලිපි ලියනා විකල්ප මාධ්යයත් ඩීල් සංස්කෘතියට යටවෙලා නිසාවත්ද...! - සෝභිතාවතාර - 2017/01/18

අතුරලියේ රතන ‘ස්වාධීන‘ වීමට පෙර ගෝඨා සමග රහස් සාකච්ඡා කරලා: අශෝක අබේවර්ධනත් හවුල්: රතනගේ බල්ටියේ ඇත්ත කතාව..!

ජාතික ලැයිස්තුවෙන් ආ අය ස්වාධීන වීම නොයුතුයි: කළ යුත්තේ ඉල්ලා අස්වීමයි

(ලංකා ඊ නිව්ස් -2017.ජන.18, පෙ.ව.7.50)
=======================================
ඉහත අලජ්ජී නිර්නාමික ලිපියට පිලිතුරු
සෝභිතාවතාරයෙන් - 2017/01/18

තමුන්ගේ ගෑනිට ලමය හම්බුවෙනකොට අල්ලපු ගෙදර මිනිහට විලිරුදා හැදෙන්නේ වගකීමක් නොමැති නිර්නාමික ලිපි ලියනා විකල්ප මාධ්යයත් ඩීල් සංස්කෘතියට යටවෙලා නිසාවත්ද...!

අතුරලියේ රතන හිමි එජාපයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේ උන් වහන්සේ දේශපාලන අනාථයෙක් නිසා නාෙවනා බව පැතිගාමී නොවනා නිරන්තරවම පක්ෂ පාට පසෙකලා තීන්දු තීරන ගන්නා දේදුනු විප්ලවයේ (අැන්දවිය නාෙහැකි) සබුද්ධික ජනතාව ඉතා හොඳින් දන්නා කරුනකි.

රාජපක්ෂලාගේ යම පාලනයට එරෙහිව දේදුනු විප්ලවයට පෙර සිටම දැඩි මතයක සිටි අයගේ නාම ලේඛනයේ රතන හිමිගේ නාමය ඉහලින්ම පැවතිනි.

එවන් අභියෝගයන් හට ජිවිත පරිත්යාගයෙන් කැප වූ යුග පුරුෂයෙක් වූ රතන හිමි තවත් රාජපක්ෂ කෙනෙකු සමග රහස් සාකච්ඡා කරලා යැයි කීමම අක්ඥාණවන්ත ලෙස අැඳිවතේ පහරා ගැනීමකි.

දේදුනු විප්ලවයේ නියත ජයග්රහනය කලින්ම දැන සිටි රතන හිමි තවත් අයෙකුට අවස්ථාව හිමි කරලීමේ පරම පවිත්ර අදිටනින් මැතිවරනයට ඉදිරිපත් නොවුනා මිස... යම් හෙයකින් උන් වහන්සේ 2015 ජය නියත ඒ මැතිවරනයට රටේ කුමන දිසාවකින් හෝ ඉදිරිපත් වූවානම් අති විශාල මනාප සංඛ්යාවකින් තේරී පත්වනවා සිකුරුය.

ඒ නිසා රතන හිමිගේ ජාතික ලැයිස්තු පත්වීම පිලිබඳ එදා පැවති දේශපාලනික සන්දර්භය තුල සිදුවුනු සැලසුම් ගැන නොදැන හෝ දැන දැන කබරගොයා තලගාෙයා කරගැනීමට මාන බලනා සමහර අවස්ථාවලදී නැති බැරි කමට හෝ ලබාගත් පොඩි අල්ලසකට හෝ සබුද්ධික ජනතාව නාෙදන්නා රහස් ගජ මිතුරු හවුලක පැටලී සිටිනා අන්තර්ජාලීය ..... විකල්ප මාධ්යය (විශේෂයෙන් නිර්නාමිකව) කටයුතු කිරීම පිලිබඳ සෝභිත හිමිපානන්ගේ අාත්මයේ අාශිර්වාදයට පාත්රව සිටිනා සබුද්ධික ප්රජාවගේ උකුසු අවධානයෙන් ගිලිහෙනු බොරුය.

රතන හිමි ස්වාධීන උනාම කාටවත් අැති රුදාව මොකෝ. අඩු තරමින් උන්වහන්සේට ජාතික ලැයිස්තු පත්වීම ලබාදුන් එජාපයවත් තවම ප්රකාශයක් නාෙකල කොට මේ අහක ඉන්න උන්ට විලිරුදා හැදිල දඟලන්නේ බඩ කලේ උන් හින්දද....

එජාපයේ දියයට ගින්දර වලින් රෝස් කරපු අසූචි ගිලපු විකල්ප මාධ්යයට ලැජ්ජ නැද්ද අකැමති උනත් පක්ෂ මතයට එකඟ විය යුතුයි නැතිනම් ස්වාධීන නාෙවී ඉල්ලා අස්විය යුතුයි කියල ලියන්න... ඩීල් සංස්කෘතියේ වෛරස්වලින් (ජීවිත පරදුවට තියල ගොඩනගා ගත්තු අන්තර්ජාලයේ අති උතුම් ජනහිතකාමී මාධ්යයක කීර්ති නාමයක් සහ නාමික ලියුම් කරුවන්ගේ ශ්රේෂ්ඨ ප්රතිරූපයත්) කඩාකප්පල්කාර වගකීමක් නාෙමැති නිර්නාමික ලියුම් කරුවන්ගේ බාල ලිපි නිසා විනාශ කර ගන්නට එපා යැයි දේදුනු විප්ලවයේ සමස්ථ සබුද්ධික පාඨකයින්ගේ නාමයෙන් ඉතාමත් අාදරයෙන් අයාචනය කර සිටිමු.

මහින්ද රාජපක්ෂගේ නාමය අෑඳා රතන හිමිට මඩ ගැසීම ජනතාව පිලි නොගන්නා නිසා ගෝඨාභය උන්නැහේව පටලා රතන හිමිට මඩ ගසන්නට හෝ උන් වහන්සේගේ (වත්මන් ජනපති සහ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ අාත්මීය අාශීර්වාදයෙන් දියත් වන්නට නියමිත) මීලඟ විප්ලවය බොඳ කර හරින්නට එජාපයේ කොන්ත්රාත් බාර ගත්තාට ඒවා සාර්ථක වනු විහිළුවකි. 

රතන හිමි සූදානම් වන්නේ සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ 2020 දෙවන සංග්රාමය අාරම්භ කිරීමටය. සෝභිත හිමියන්ගේ අඩුව පුරවාලමින් එදා උන් වහන්සේ සියළු මහජන බලවේගයන් හට නායකත්වය දුන්නා සේම නැවතුනු තැන සිට යලි ඒ යහපත වෙනුවෙන් වූ අරගලය ඉදිරියට ගෙන යනු අටියෙනි.

ඒ බැව් ජනගත කරනා ලෙස සෝභිත හිමිපානන්ගේ විශ්වයේ සැරිසරනා අාත්මය අද දින ටෙලිපති මගින් අාතූරයාට නියෝග කරනු ලැබුවේ මෙම පහත් මඩ ගැසීම පුස්සක් කරවාලනු අටියෙනි.

එම නිසා අවසන් වශයෙන් වටිනා කියනා ජනහිතකාමී වෙබ් මාධ්යයන් හට දේදුනු විප්ලවීය සබුද්ධික ප්රජාව අයාචනය කර සිටිනුයේ දුර දිග නොසිතා නොබලා පටු කල්පනාවන්ට හෝ මිත්ර කමකට හෝ වෙනත් කෘත ගුණ දැක්වීමක් වෙනුවෙන් හෝ එක් මාෙහොතකටවත් ජනතාවට පිටු පානා හෝ අවාසි සහගත වන්නා හෝ කිසිදු ක්රියාවකට පෞද්ගලික වාසි තකා හෝ අනුවන කමට හෝ දායක නොවනා ලෙසය.

එසේ උවහොත් ඒ ජනතාවගේ හෝ රතන හිමිගේ හෝ විනාශය නාෙව ඒ මාධ්යය ජාලයේ අවසානය වනු නියතය. සබුද්ධික ජනතාවක් බොරුවෙන් හෝ කීර්ති නාමයකින් අන්දවනු කොලොප්පමකි.

එදා සිදුවූ ඒ වෙනසේ නිර්මාත්රූ සෝභිත හිමිපානන් වූවා සේම 2020 දී සිදු වනා වෙනසේ නිර්මාත්රූ නොහොත් මහ මොල කාරයා කිසිවෙකු නාෙව වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා බව සෝභිතාවතාර අනාවැකි පල කර සිටිනා වගයි.

ඒ සංග්රාමය උදෙසා සටන් බිම සංවිධාන කටයුතු සහ ජන බලවේග සියල්ලන් ඒකරාශී කිරීම උදෙසා රතන හිමි සේනාධිනායකයා ලෙස කල්යල් අැතිවම නිදහස් කල වගයි.

අවසන් මෙහොතේදී කලඑලි බස්සවනා මීලඟ පාෙදු අපේක්ෂකයා පෙරටු කොට ගත් එජාපය, ශ්රීනිපය, ජේවීපිය අැතුළු සියළුම දේශපාලන පක්ෂ සහ ව්යාපාරයන්හි සිටිනා අදූශිත පාරිශුද්ධ දේශපාලනක්ඥයින් සහ උගත් බුද්ධිමත් පාරදුශ්යය ජනතා පුත්රයින් ඒකරාශී කල මහා ජන බලයක් සහ ව්යාපාරයක් බිහි කොට ඉතිහාසය පුරා පැවති පාට මාරු, ඔලුගෙඩි මාරු, යල් පැන ගිය කුණුවෙච්චි දහජරා නූගත්කමයි වාචාල කමයි ඉහලම සුදුසුකම වෙචිචි පාදඩ දේශපාලන සංස්කෘතියට තිත තබා ලෝකයටම පරමාදර්ශී වූ නිර්ව්යාජ දියුණු දේශපාලන සංස්කෘතියක් අාණ්ඩුවක් අාණ්ඩු ක්රමයක් පක්ෂ විපක්ෂ සියලු ජනතාවගේ සහ දේශපාලකයින්ගේ දරුවන් වෙනුවෙන් බිහි කොට මෙසිරිලක ලෝකයේ දියුණුම දේශපාලන වටපිටාවක් පවතිනා රටක් රාජ්යයක් බවට පත් කරවනු නියත බැවින් යහපත වෙනුවෙන් වූ ඒ අරගලය උදෙසා තම දරුවන් වෙනුවෙන් යුක්තිය සාධාරනය රජයන යහපත් රටක් බිහිකරනු අටියෙන් ජාති අාගම් කුලමල පාට පක්ෂ සියළු භේද දුරලා එක්රොක් වන්නට අදිටන් කර ගනිමු.

ස්තුතියී.
සෝභිතාවතාර
2017/01/18






Tuesday, January 17, 2017

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ අඩුව පුරවාලීම උදෙසා... ජනපතිගේද පූර්න අාශිර්වාද අැතිව 2020 අවසන් මෙහෙයුම උදෙසා අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි. සෝභිතාවතාර අනාවැකි 2017/01/16

මින් ඉහත අප විසින් හෙළි කරන්නට යෙදුණ ආකාරයටම
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ දේශපාලන තීන්දුවක් ගෙන අද උදෑසන මාධ්‍ය හමුවකදී ඒ ගැන ප්‍රසිද්ධ කර තිබේ.


තමා ස්වාධීන මන්ත්‍රීවරයකු 
ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර ඇතැයි අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් උන් වහන්සේ දැනුම් දී ඇත.

http://sobithawathara.blogspot.com/2017/01/2020-20170116.html

Monday, January 16, 2017

සෝභිත හිමිපානන්ගේ 2020 අවසන් මෙහෙයුමෙන් පසු ශ්රී ලංකාවේ නව්යය දේශපාලන සංස්කෘතියක්... හොරුන් දූෂිතයින් සහ නූගතුන් නාෙමැති පාරිශුද්ධ අාණ්ඩුවක් සහ අාණ්ඩු ක්රමයක්... පාට පක්ෂ අාණ්ඩු මාරුවෙන් වෙනස් නොවනා සම්මුතිවාදී ජාතික ප්රතිපත්තියක්.... නායකත්වයට අපේක්ෂකයින් තෝරාගන්නට පාප් වහන්සේ තෝරා ගන්නා අාකාරයේ විධික්රමයක්. සෝභිතාවතාර අනාවැකි පල කරනා වගයි..!

පුරවැසි නිවේදනයයි..! දූෂිතයන් අපරාධකරුවන් හැබෑවටම නීතිය ඉදිරියට ගේන්න..! 2015 ජනවරමට අනුගත දේශපාලන ප්‍රතිසංස්කරණ වහාම ඉටු කරන්න..! සාමූහික වගකීම කඩන ඇමැතිවරු විනයගත කරන්න..!!!
(සවිස්තරාත්මකව දැනගන්න මෙම අඩවියට පිවිසිලා නැවත මෙතැනට පිවිසෙන්න...)
(ලංකා ඊ නිව්ස් -2017.ජන.16, පෙ.ව.8.20)

http://www.lankaenews.com/news/5154/si
=========================================
ඉහත පුරවැසි නිවේදනයට සෝභිතාවතාරයේ අාශීර්වාද වේවා.
සාධාරන සමාජයක් බිහිකරලීමේ තම නොනිමි අරමුන අභිප්රායය ඉෂ්ඨ වන තුරු නිවන් මගටවත් නොපිවිස අවතාරයක්ව විශ්වයේ සැරිසරනා අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ අාත්මයට මේ වන විට කිසියම් සැනසිලි සුවයක් අත් වන්නට නැතහොත් මෝදු වන්නට පටන් ගෙන අැති බව උන්වහන්සේගේ ජීවමාන අාතූරයා සත්පුරවැසියා වෙත ටෙලිපති මගින් දන්වන්නට යෙදුනි.

2015 ජනවාරි 08 දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව පවතිනා තත්ත්වයන් මැනවින් හඳුනා ගනිමින් දේදුනු විප්ලවයේ 2020 දෙවන මෙහෙයුම උදෙසා එක්රොක් වෙමින් පැවතීම උන්වහන්සේගේ අාත්මය අමන්දානන්දයට පත්වීමට හේතු පාදක වී අැත.

ඒ උදෙසා මෙම පුරවැසි නිවේනදන සහ එහි අත්සන් තබන ලද සියල්ලන් අනුමත කරමින් සෝභිතාවතාර අනුමැතිය සහ අාශිර්වාදය මෙමගින් ජනගත කරන්නට යෙදුනු වගයි.

ඒ අතරම ඉතාමත් වැදගත් කාරනයක් ඉස්මතු කර සිටිනා සෝභිත මාහිමිපානන්ගේ අාත්මය අාතූරයාට දන්වා සිටිනවා ජනගත කරනා ලෙස පහත දක්වනා සුවිශේෂී කාරනය...

සෝභිතාවතාරයේ අවවාද සහ උපදෙස් අනුව යමින් නොකිලිටි නොකැලැල් තම දේශපාලන දිවිය වඩාත් වර්නවත් මෙන්ම ජනහිතකාමී වනු අටියෙන් පුලුල් ජන බලවේගයක් අැති කරනු වස් තම දේශපාලන දිවියට සමාප්තිය තබන්නට සූදානම් වන විදුර වික්රමනායක මැතිතුමා සමගද සහසම්බන්ධතා පවත්වාගෙන ගොස් 2020 අවසන් මෙහෙයුමේ තීරනාත්මක අවස්ථාවේදී ඒකාබද්ධ කර ගන්නා ලෙස.

සෝභිතාවතාර
2017/01/16
http://sobithawathara.blogspot.com/2017/01/2020.html

Saturday, January 14, 2017

දේශද්රෝහී දයාන් ජයතිලකට අභියෝගාත්මක උපකල්පනයක්... සෝභිතාවතාරයෙන් - 2017/01/15



 ඔබේ තර්ක කුමක් උවත්... ජනපති, අගමැති කුමක් කිව්වත්.. කෙරුවත්.. තමුන්ගේ මානව හිමිකම් කඩවූවන්ගේ සහ එම වින්දිතයින්ගේ පැත්තේ සිටගෙන එය අපට හෝ අපේ අයෙකුට සිදු උනනානම් ඔබේ තර්කය මෙයමද...

මේ වගේ දේශද්රෝහීන් සම්බන්ධයෙන් සෝභිතාවතාර වැඩිය කාලය නාස්ති කරන්න කැමති නැහැ. මන්ද යත් රටේ මතු පරපුර වෙනුවෙන් සහ රටට අැති ණයගැති භාවය වෙනුවෙන් අපිට ඊට වඩා වටිනා වැඩ තියෙනවා කරන්නට.

ඒ නිසා රටේ නිදහස් අධ්යාපනයෙන් උගෙන ජීවිතයේ අාරම්භක කඩඉම පසුකර කිසියම් තත්ත්වයකට සපැමින අාත්මාර්ථය වෙනුවෙන් රටට වින කරනා දයාන් ජයතිලක වැන්නන්ගෙන් අසන්නට තිබෙන්නේ එක් ප්රශ්නයක් පමනි...

කිසියම් රටක යුධමය වාතාවරනයක් පැවති තත්ත්වයකදී සියළු සකල මානව හිමිකම් අාරක්ෂා වීමක් අපේක්ෂා කල නාෙහැකි බව පිලිගත හැකි ප්රායෝගික සත්යයකි. 

එවන් අාකාරයේ වූ යුද්ධයක් අප රටේත් පැවති බව සත්යයකි. කිසියම් විදියෙකින් ඒ යුද්ධය අවසන් කල ජනාධිිපති මෙන්ම සේනාධිනායකයා ඔබ වී සිටියා යැයි මොහොතකට උපකල්පනය කලහොත්..

යුද්ධය මුවාවෙන් උතුරේ පමනක් නොව දකුනේ පමනක්ද නොව රටේ දසත පුරා සිදුවුනු දේශපාලනික සහ පෞද්ගලික පලිගැනීම් වලට ගොදුරුව නන් අයුරින් ජීවිතයෙන් සමු ගත්තවුන් සම්බන්ධයෙන් පාරදුශ්යයභාවයෙන් යුත් සත්භාවයෙන් යුතු පසු විපරමක් කවුරුන් විසින් හෝ සිදුකර නීතිය ක්රියාත්මක වීම වරදක්ද. නොඑසේනම් එය කිනම් වූ පාපයක්ද... කුමන සූත්තරයක්ද...

මෙවන් දුකක් අත්වූ වින්දිතයින් සම්බන්ධයෙන් ඔබේ තීන්දුව කවරේද...! නොඑසේනම් එය කුමන සූත්රයක්ද... කිනම් පාපයක්ද...


======================
වැඩිය අවශ්යය නැහැ අපි ඉතා සරල උපකල්පනයකට යමු...

දයාන් ජයතිලකගේ කට වැඩියී. නිතරම යහපාලන සම්මුතිවාදී අාණ්ඩුවෙන් මහින්ද ගැත්තෙකු සහ කුක්කෙකු වූ තමුන්ට තැනක් ලබා නොදුන් නිසා ඒ වෛරය පිරිමැසීම සඳහා රටේ සිටින්නේ තමුන් වගේ සූරයින් නොව ගොබ්බයින් යැයි සිතා තමා කියනා ඕනෑම කෙබරයක් පිලිගන්නවා අැතැයි සිතා රටක් ජනතාවක් කලඹවනා ප්රකාශ නිකුත් කරනා දයාන්ව දේදුනු විප්ලවයේ දේදුන්නේ කුමන හෝ පාටකින් යුත් වෑන් හෝ බරභාගයකින් හෝ උස්සාගෙන ගිරිතලේ පැත්තට ගෙන ගොස් දස වද දී මරා අසුවන නිසා පාරේ නොදමා මුහුදට දමා සාක්ෂි සියල්ලම වලලා දමනු ලබනවා.

එවන් දුකක් උරුම වනා දයාන්ගේ දූදරු අඹු මාපියන් නෑහිතවතුන් සියල්ලන්ම අපරාධකරුවන් පිලිබඳ කිසිදු තොරතුරක් නාෙදත් විනිසුරුවරුන් ලවා අපරාධයට හේතු පාදක වුනු කරුනු කාරනා පමනක් පදනම් කරගත් පාරදුශ්යය භාවයකින් යුතු පිලිගත හැකි තීන්දුවක්වත් අඩුම තරමින් අහිමි වූ තමුන්ගේ අාදරවන්තයා වෙනුවෙන් අපේක්ෂා කිරීම පාපයක්ද... නොඑසේනම් එයත් කුමන සූත්රයක්ද... කිනම් පාපයක්ද...

සෝභිතාවතාර

Friday, January 13, 2017

ලොතරැයි පාරිභෝගිකයාට කිසිදු පලයක් නාෙමැති ලංකාවේ (සුවිප් ටිකැට්) ගැන ජනපතිට යෝජනාවක් - සෝභිතාවතාරගෙන්


=================================================================

පසුගියදා ලොතරැයි අලෙවි කරුවන්ගේ විරේධය මත රජය මගින් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30
දක්වා ඉහළ දැමීම


මේ වනවිට අහිතකර ඵල විපාක ඇති කර තිබෙන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි. නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම වෙනස නිසා ලොතරැයි පත්අලෙවිය පෙර පැවතියාට වඩා 40%කින් පහළ බැස ඇතැයිද මේ නිසා ලොතරැයි අලෙවියෙන් ජීවත් වූ අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකයන් 40,000කට ආසන්න ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයක පත්ව සිටින බවද එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ කියයි.
===============================

ලොතරැයි පාරිභෝගිකයාට කිසිදු පලයක් නාෙමැති ලංකාවේ (සුවිප් ටිකැට්) ගැන ජනපතිට යෝජනාවක් - සෝභිතාවතාරගෙන් 
තේරෙන්නේ නැද්ද මිස්ටර් හිටන් ක්ලීන් රටේ අාගමට දහමට අනුව ලැජ්ජ බය අැතිව ජීවත් වන අවිහිංසක මිනිසුන්ට අරුන් වගේ ලැජ්ජ බය හිරිකිතයක් නැතිව හොරකම් කරන්න පුළුවන්ද...!
===============================

ඕනෑම භාණ්ඩයක් හෝ ද්රව්යයක් මිල වැඩි වූ වහාම එහි පැවති ඉල්ලුම අඩු වීමත්... පසුව මිනිසුන් ඒ මිලට හුරු පුරුදු වන විට පෙර පැවති තත්ත්වයට ඉල්ලුම ඉහල යාමත් වෙළඳ පලක ස්වභාවයයි. 

එමෙන්ම වැඩි වූ මිලට සාපේක්ෂව වෙලෙන්දාගේ ලාභ ප්රථිශතයද ඉහලට යන බැවින් නිෂ්පාදකයාගේත් අතර මැදි සියළු වෙළඳ ප්රජාවගේ ලාබය ඉහල යාමද සාමාන්යය ස්වභාවයක් නිසා පවතිනා ගැටළු තාවකාලික වේ.

නමුත් සෝභිතාවතාර රජයට අවධාරනය කරන්නට කල්පනා කරන්නේ එවන් තාවකාලික වූ නොවටිනා කරුනක් පිලිබඳව නොව. එදා මෙදා තුර ලොතරැයි පාරිභෝගිකයා හට සිදුව අැති ඉමහත් අසාධාරනය පිලිබඳවය.

රටක පවතිනා රජයකට එහි වාසය කරනා සියළු ජනතාව වෙනුවෙන් සුබසාධන සහ අනෙකුත් සියළු කටයුතු වෙනුවෙන් බදු අාධායම්වලින් සහ ලොතරැයි අලෙවිය වැනි ක්රමෝපායයන් මගින් මහත් වූ සුවිශාල අාධායමක් උපයා ගත යුතු බව හෝ නොවිය යුතුය පිලිබඳ වාදයක් විවාදයක් මෙහි කිසිසෙත් අඩංගු නැත.

නමුත් ගැටළුවක් වී අැත්තේ ඒ කිසිවක්ම නොව. ලොතරැයි අලෙවියට සහ එමගින් ලබනා අාධායම සහ මහා ධනස්කන්දයක් වූ ශුද්ධ ලාබයට සරිලනා අනුපාතයකින් යුතු සාධාරන දිනුම් වාසනා හිමිවීමක් ලොතරැයි පාරිභාේගිකයා හට නොලැබීමයි.

පාසල් දරුවන් හට ගණිත විෂය උගන්වනා ගණිත ගුරුවරුන්ගේ සමීකරනයට අනුවනම් කිසිදාකත් කිසිවෙකුටත් වටිනා කියනා ත්යාග මුදලක්නම් ලංකාවේ ලොතරැයි පතකින් දිනුමක් අැදෙනු බාෙරුය. බැරිවෙලා හෝ කෙදිනක හෝ අැදුනත් ඒ මිලියනයකට එකකි.

ප්රායෝගිකව සමීක්ෂනයක් වෙලඳ පොල තුල සිදු කලත් දැක ගත හැකි තත්ත්වයෙහි ලොකු වෙනසක් නැත.

නමුත් අපගේ වන් දුප්පත් රටක අාණ්ඩුවට ලාෙතරැයි මගින් ලැබෙනා මහා ධනස්කන්දයට සාපේක්ෂිත ලෙස අතේ මිටේ තැන්පත් ධනයක් නොමැති ජනතාවට ලොතරැයි දිනුමකින්වත් පොඩි පොහොසතෙකු වන්නටවත් සාධාරන අවස්ථාවක් සලසා තැබිය යුතු වන්නේ රටේ ජනාධිපතිලා අගමැතිලා අැමතිලා මන්ත්රීලා පලාබබාලා සහ උන්ගේ කටුලෙවකනා බත්බැලයින් සේ කිසිදු බියක් සැකක් හිරිකිතයක් නොමැති ලෙස ජනතාවට සොරකම් කල නාෙහැකි නිසා සහ බහුතරයක් ඒ පාපතර ක්රියාවට වඩා අාගම දහමට බිය නිසාය.

රු 20/- සැනසිලි නම් හෝගාල නමුත් අඩුම තරමින් රු.ලක්ෂයක් අැදුනු මිනිහෙක් බෙහෙතකටවත් නෑ හාෙයා ගන්නට. සූදුවක් විදියට ලොතරැයි කෙලියෙහි යෙදෙන්නන් දහස් සහ ලක්ෂ ගනනින් මුදල් යාෙදවා දිනුම් ලබා ගන්නා තවත් කුමක්දෝ ගනිත ක්රමයක් අැති බව පැවසේ.

නමුත් සාකඡ්චාවට බඳුන් ගත කරන්නේ ඒ කිසිවක් නොව සාධාරන දිනුම් අවස්ථා ප්රමානයක් දුප්පත් ලොතරැයි පාරිභෝගිකයින් හටද උදා කරදී සැමතින්ම අපෙක්ෂා භංගත්වයට පත්ව සිටිනා දුප්පත් ජනතාවට (විලිස් ජීප් කටුවක් තිබුන රාජපත්ෂලා වගේ හෝ බයිසිකල් කටුවක් පමනක් තිබුනු පාවාදුන්වංලශලා වගේ) සොරකම් නොකොට හදිසි ධන ලාභයක් ලැබුමට ලාෙතරැයි මගින් හෝ කිසියම් උපේක්ෂා සහගත භාවයක් රට තුල නිර්මානය කර දෙන ලෙසය.

සෝභිතාවතාර
2017/01/14

‘අවුරුදු දෙකකුත් ඉවරයි..! අලුත් ව්‍යවස්ථාවට බය කව්ද..?‘ මහජන රැස්වීම 18 දා

http://www.lankaenews.com/news/5130/si

‘අවුරුදු දෙකකුත් ඉවරයි..! අලුත් ව්‍යවස්ථාවට බය කව්ද..?‘ මහජන රැස්වීම 18 දා


(ලංකා ඊ නිව්ස් - 2017.ජන.12, ප.ව.11.30) ‘අවුරුදු දෙකකුත් ඉවරයි..! අලුත් ව්‍යවස්ථාවට බය කව්ද..?‘ මැයෙන් මහජන රැස්වීමක් ජනවාරි 18 වෙනිදා සවස 3 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
රාජපක්ෂලාගේ වනචර දශකයක යමපාලනය නිමා කර යහපාලනය ගෙන ඒමට කැපවූ පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබේ.
මෙහිදී පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසූරිය, ජ්‍යෙෂ්ඨ නීතිඥ බැසිල් ප්‍රනාන්දු, සමන් රත්නප්‍රිය, ගාමිණී වියන්ගොඩ, කේ.ඩබ්.ජනරංජන ආදීහු ඔබ අමතති.   
---------------------------
by     (2017-01-12 20:02:46)