Monday, January 16, 2017

සෝභිත හිමිපානන්ගේ 2020 අවසන් මෙහෙයුමෙන් පසු ශ්රී ලංකාවේ නව්යය දේශපාලන සංස්කෘතියක්... හොරුන් දූෂිතයින් සහ නූගතුන් නාෙමැති පාරිශුද්ධ අාණ්ඩුවක් සහ අාණ්ඩු ක්රමයක්... පාට පක්ෂ අාණ්ඩු මාරුවෙන් වෙනස් නොවනා සම්මුතිවාදී ජාතික ප්රතිපත්තියක්.... නායකත්වයට අපේක්ෂකයින් තෝරාගන්නට පාප් වහන්සේ තෝරා ගන්නා අාකාරයේ විධික්රමයක්. සෝභිතාවතාර අනාවැකි පල කරනා වගයි..!

පුරවැසි නිවේදනයයි..! දූෂිතයන් අපරාධකරුවන් හැබෑවටම නීතිය ඉදිරියට ගේන්න..! 2015 ජනවරමට අනුගත දේශපාලන ප්‍රතිසංස්කරණ වහාම ඉටු කරන්න..! සාමූහික වගකීම කඩන ඇමැතිවරු විනයගත කරන්න..!!!
(සවිස්තරාත්මකව දැනගන්න මෙම අඩවියට පිවිසිලා නැවත මෙතැනට පිවිසෙන්න...)
(ලංකා ඊ නිව්ස් -2017.ජන.16, පෙ.ව.8.20)

http://www.lankaenews.com/news/5154/si
=========================================
ඉහත පුරවැසි නිවේදනයට සෝභිතාවතාරයේ අාශීර්වාද වේවා.
සාධාරන සමාජයක් බිහිකරලීමේ තම නොනිමි අරමුන අභිප්රායය ඉෂ්ඨ වන තුරු නිවන් මගටවත් නොපිවිස අවතාරයක්ව විශ්වයේ සැරිසරනා අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ අාත්මයට මේ වන විට කිසියම් සැනසිලි සුවයක් අත් වන්නට නැතහොත් මෝදු වන්නට පටන් ගෙන අැති බව උන්වහන්සේගේ ජීවමාන අාතූරයා සත්පුරවැසියා වෙත ටෙලිපති මගින් දන්වන්නට යෙදුනි.

2015 ජනවාරි 08 දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව පවතිනා තත්ත්වයන් මැනවින් හඳුනා ගනිමින් දේදුනු විප්ලවයේ 2020 දෙවන මෙහෙයුම උදෙසා එක්රොක් වෙමින් පැවතීම උන්වහන්සේගේ අාත්මය අමන්දානන්දයට පත්වීමට හේතු පාදක වී අැත.

ඒ උදෙසා මෙම පුරවැසි නිවේනදන සහ එහි අත්සන් තබන ලද සියල්ලන් අනුමත කරමින් සෝභිතාවතාර අනුමැතිය සහ අාශිර්වාදය මෙමගින් ජනගත කරන්නට යෙදුනු වගයි.

ඒ අතරම ඉතාමත් වැදගත් කාරනයක් ඉස්මතු කර සිටිනා සෝභිත මාහිමිපානන්ගේ අාත්මය අාතූරයාට දන්වා සිටිනවා ජනගත කරනා ලෙස පහත දක්වනා සුවිශේෂී කාරනය...

සෝභිතාවතාරයේ අවවාද සහ උපදෙස් අනුව යමින් නොකිලිටි නොකැලැල් තම දේශපාලන දිවිය වඩාත් වර්නවත් මෙන්ම ජනහිතකාමී වනු අටියෙන් පුලුල් ජන බලවේගයක් අැති කරනු වස් තම දේශපාලන දිවියට සමාප්තිය තබන්නට සූදානම් වන විදුර වික්රමනායක මැතිතුමා සමගද සහසම්බන්ධතා පවත්වාගෙන ගොස් 2020 අවසන් මෙහෙයුමේ තීරනාත්මක අවස්ථාවේදී ඒකාබද්ධ කර ගන්නා ලෙස.

සෝභිතාවතාර
2017/01/16
http://sobithawathara.blogspot.com/2017/01/2020.html

No comments:

Post a Comment