Sunday, January 22, 2017

සෝභිතාවතාර වත්මන් ජනපති පිලිබඳ සැමදා පැවසූ අනාවැකි සත්යය වෙයි. 2017/01/22

සෝභිතාවතාර සියළු සබැඳි අනාවැකි සඳහා අඩවියට පිවිසෙන්න...

www.sobithawathara.blogspot.com



නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණය ජය ගැනීමේ සටන ඇරඹේ..! ජනපති මෛත්‍රීගේ එදා ස්ථාවරය වෙනස් වී නෑ..!


යහපාලන බලවේගයන්ගේ තීරණාත්මක රැස්වීම: රාජිතගේ විශේෂ ප්‍රකාශය(Audio & Video)

(ලංකා ඊ නිව්ස් -2017.ජන.22, ප.ව.8.05) 
නව ජනතා ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතික්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමටත්, බලය බෙදා හැරීමටත්, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදා දුන් පොරොන්දුව වෙනස් කර නැති අතර එම ස්ථාවරයන් තුනේම ඔහු දැඩි ලෙස සිටින බව ඊයේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ද ශපථ කෙළේ යැයි අද යහපාලන බලවේගයන්ගේ තීරණාත්මක රැස්වීමේදී ඇමැති රාජිත සේනාරත්න සහ ගාමිණී වියන්ගොඩ මහත්වරුන් විසින් අවධාරණය කළහ.
එපමණක් නොව මේ සඳහා රට පුරා ගෙන යන ප්‍රචාරක ව්‍යාපාරයට ජනාධිපතිවරයාද එක්වන බවද පවසා තිබේ.
නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට රට සූදානම් කිරීම සඳහා පසුගිය ජනවාරි 8 වෙනිදා එක්වූ යහපාලන බලවේගයන් අද සවස කෝට්ටේ වෝටර්ස් එජ් හෝටලයේදී රැස්වූහ. එම රැස්වීම ඉතා සාර්ථක වූ අතර, දෙසියයක පමණ පිරිසක් ඊට සහභාගී වී සිටියහ. 
ශ්‍රීලනිප මහ ලේකම් වරයා තම පක්ෂයේ ස්ථාවරය හෙලිකරමින් කීවේ ඉහත කී ස්ථාවරයන් තුනටම එකඟ බවයි. යම් හෙයකින් ජනමත විචාරණය ගෙන ඒමට අසමත් වුවොත් පක්ෂයේ කණ්ඩායමක් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස පුද්ගලයෙකුගේ නමක් කියමින් යන නිසා දෙවන වරටත් තම පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රී යැයි කීවා මිස ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ස්ථාවරයෙන් පක්ෂය ඉවත් වී නැතැයිද හේ පැවසීය. 
අද පැවැති මෙම රැස්වීම සංවිධානය කිරීමට ඇමැති මංගල සමරවීර සහ ඇමැති රාජිත සේනාරත්න දෙපොළ මූලිකත්වය ගෙන තිබූ අතර ඊට සමන් රත්නප්‍රිය, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, මුජිබර් රහ්මාන්, ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයේ කැඳවුම් කරු තුසිත හල්ලොලුව ආදීහුද මූලික වී සිටියහ. 
රැස්වීම සඳහා මංගල සමරවීර, රාජිත සේනාරත්න, ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය හර්ෂද සිල්වා, ආචාර්ය ආශු මාරසිංහ, එරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මුජිබර් රහ්මාන්, මනෝ ගනේෂන්, දුමින්ද දිසානායක, චතුර සේනාරත්න, ඇතුළු දේශපාලනඥයන්ද, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නායකයන්ද, නීතිවේදීන්ද මාධ්‍යවේදීන්ද බුද්ධිමතුන්ද විශාල පිරිසක් සහභාගී වී සිටියහ. සත්‍ය වශයෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා සිටි බලවේග වල කිසිදු වෙනසක් සිදුව තිබුනේ නැත.
රැස්වීමෙන් පසුව ලංකා ඊ නිව්ස් ඇමතූ රාජිත සේනාරත්න මහතා කළ විශේෂ ප්‍රකාශය පහතින්
ඩේටා ඉතිරි කර ගැනීමට අවශ්‍ය නම් මෙතැන ක්ලික් කර හඬ පටය පමණක් අසන්න
වීඩියෝව පහත දැක්වේ 
---------------------------
by     (2017-01-22 14:51:10)

No comments:

Post a Comment