Monday, June 13, 2016

විවිධ පැතිකඩ මානයන් යටතේ යම් දිනෙක ශ්රීලාංකීය දේශපාලකයින් (සෝභිත දේදුනු ජනතා සම්මානයෙන්) පිදුම් ලැබුමට වරම් ලබන්නේ කවුරුන්ද...! ඒ කෙසේද...! සුදුසුකම් කවරේද...!

--------------------------------------------------------------------------------------------
==========================================
සියළුම දේශපාලකයින් හට සිදු කරනා වැදගත් දැනුම් දීමයි...
==========================================
--------------------------------------------------------------------------------------------
විවිධ පැතිකඩ මානයන් යටතේ යම් දිනෙක ශ්රීලාංකීය දේශපාලකයින්
(සෝභිත දේදුනු ජනතා සම්මානයෙන්)
පිදුම් ලැබුමට වරම් ලබන්නේ කවුරුන්ද...! ඒ කෙසේද...! සුදුසුකම් කවරේද...!

හිටියොත් හොඳට හැදීයී.... දෙවියොත් නමට වඳීයි....
ලෝකයේ කිසිදු රාජ්යය නායකයෙකුට හෝ දේශපාලකයෙකු හට හිමි වී නැති සුවිශේෂී චරිත සහතිකයක් (තම දේශපාලන දිවිය අැගයීමට ලක්කල ජනතා සම්මානයක්) විශිෂ්ඨ දේශපාලන දිවියක් ක්රියාවෙන් ඔප්පු කර විශ්රාම ගතවන ශ්රීලාංකික රාජ්යය නායකයින් සහ සුවිශේෂි දේශපාලන චරිත වෙත පිරිනැමීමේ සංඛල්පයක් සෝභිත හිමි සිහිනෙන් කල දැනුම් දීමකට අනුව සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සියළු ජනතාව වෙනුවෙන් පුද කිරීමට අපේක්ෂා කර අැත. එම අැගයීම් සම්මානයේ නාමය වන්නේ..

(සෝභිත දේදුනු ජනතා සම්මානයයි)

එනම් අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ සිහිනයක් වූ සාධාරන සමාජයක් බිහිකිරීමේ බාරදූර කර්තව්යය වෙනුවෙන් විවිධ පැතිකඩ මානයන් යටතේ සුවිශේෂී මෙහෙවරයන් ඉටු කල දේශපාලකයින් මෙම අැගයීමට ලක්වේ.

නමුත් අප රටේ බිහිවුනු දේශපාලකයින් බහුතරයක් ඉතිහාසය පුරාම ජනතා විශ්වාසය පලුදු කර අැති නිසා මෙම කුළුඳුල් අැගයීම් සම්මානය හිමි වනුයේ අදාල දේශපාලකයින් දේශපාලනයෙන් සමුගත් පසුවය. එය සමහර විට හිමිකරුට ජීවත්ව සිටියදී දැක ගන්නට නාෙහැකි වන්නටද පුළුවන. නමුත් එය ඔහු හෝ අැයගේ මිනී පෙට්ටිය උඩට හෝ පවුලේ සාමාජිකයින් වෙත හෝ අනිවාර්යයෙන්ම ලැබෙනු අැත.

තමන් අා මග පිලිබඳ පැහැදිලි විශ්වාසයක් අැති අය හට මෙමගින් තමන්ගේ පවතින්නන් හට තමුන් මිය ගිය පසු ජනතාවගේ ශාපයට පාත්ර නොවී සිටිය හැකිවනු අැති බවට සතුටක් සිත්හි දරා ගත හැකි වනු අැත. කිසිදු මනුශ්යයකු තමන් හට කෙසේ වෙතත් තමන්ගේ අාදර වන්තයින් හට අකටයුත්තක් අවනම්බුවක් වනවාට කැමති නැත. 

එසේ තමන්ගේ අාසන්නතමයින් හට ගොඩක් අාදරය කරනා දේශපාලකයින් මින් පසුව හෝ තමන් පිලිබඳ පසු විපරමක් ඉඳහිට සිදු කිරීමත්... ඒ පිලිබඳ තමුන් හට නොපෙනෙන කරුනු කාරනා අැත්නම් තමන් ඒ පිලිබඳ දැනුවත් කරනා ලෙස භාර්යාවට, සැමියාට, දරුවන්ට, මාපියන්ට, කල්යාණ මිත්රයින් හට දැනුම් දී තිබීම ප්රක්ඥාගෝචර වේ.

ඒ මන්ද යත් පෙරහැර වඩා හොඳින් පෙනෙන්නේ පෙරහැරේ යන අයට නොව පෙරහැර බලා සිටිනා අයටය. නමුත් පෙරහැරේ අලි ගිය පලියට හෝ ඒ අලි නරඹන්නන් හට වඩා හොඳින් පෙනුනු පලියට මෙම සම්මානය ලැබීමට කිසිසේත් සුදුසුකම් ලබන්නේ නැත.

ඊට කදිම නිදසුනක් ලෙස ජේවීපි පෙරහැරේ කරඬු තබාගෙන ගිය පතාක අලි... සෝමවංශලා, වීරවංශලා අද ජනතාවට කෙසේ වෙතත් තම පාක්ෂිකයින්ගේද.. තම සාමාජිකයින්ගේද.. ලේ දහඩිය ජීවිත පුදා දශක ගනනාවක් දුක්විඳ ගොඩනගා ගත් දුප්පත් පක්ෂයට තමන් අපාගත වන තරමේ ද්රෝහීකම් සිදුකර අැත. ඉතිහාසය පුරාම වතාවත් ගනනාවකදී මෙවන් ද්රෝහීන් එම පක්ෂය වල පල්ලට අැද දමා අැත. අවසන් වශයෙන් විමල් වීරවංශ නමැති කාලකන්නි පාහරයා එම පක්ෂයට සිදුකල වින්නැහිය නොවුනානම් මීලඟට රටේ රාජ්යය බලය අත්පත් කර ගැනීමේ තීරණාත්මක මංසන්ධියකට පිවිස සිටීමට එම පක්ෂය සුදුසුකම් ලබමින් සිටියේය.

නමුත් ඒ ද්රෝහී පාහරයා ඒ දුප්පත් පක්ෂයට සිදුකල වින්නැහිය නිසා හෙට දවසේ වත්මන් පලමු වැනියා... දෙවැනියා... තුන්වැනියා... කිසියම් ද්රෝහීකමක් සිදු නොකරාවිදෝ යන සැකය ජනතාවගෙන් වියැකී යාමට තවත් බොහෝ කාලයක් ගතවනු අැත.

අන්න ඒ ශාපය විමල් වීරවංශට හිමි නොවුනහොත් සියළු අාගම්වල කියැවෙන දහම බොරුය. 

නමුත් එදා මෙදා තුර වත්මන් ජනපති තුමානන් සේ ඉතාමත් අල්පේච්ච ජීවිතයක් ගත කරමින්ද... තෘෂ්ණාභරිත නොවී උපේක්ෂා සහගතව පක්ෂය තුල රැඳෙමින් ජනතා සේවයට අැප කැපව වඩා පරමාදර්ශී කාර්යය භාරයක් නිහඬව සිදු කරනා ටිල්වින් සිල්වා මැතිතුමා වර්තමානය වන විට සබුද්ධික ජනතාවගේ සවිණ්ඥානය තුල ප්රතිපත්ති සහගත පුද්ගලයෙකු ලෙස දැහැන් ගතව සිටීයී...!

නමුත් ඔහු මේ වන විට ඉහත කී ජනතා සම්මානයට හිමිකම් ලබා අහවර යැයි මෙමගින් කිසිසේත් අදහස් නොකල යුතුය. එවැනි ජනතා සම්මානයක් හිමිවීමට සියල්ලෝම තව බොහාේ දුර යායුතුය.
අාදුර ඉතා කෙටිය.. යායුතු මග තව බොහෝ දිගුය...
නමුත් ඒ ඕනෑම දේශපාලකයෙකු හට තමන් එකී ජනතා සම්මානයට සුදුසුකම් ලබා අැත්ද... නැද්ද... යන්න ජීවත්ව සිටියදී තමන් සිදු කරනා දේශපාලනික ක්රියාකාරකම් පිලිබඳව පසු විපරමක් ඉඳහිට හෝ සිදු කර කිසියම් තක්සේරුවකින් සැකහැර ගැනීමක් අැති කරගත හැකි වනු අැත.

අනේක දුක් විඳිනා ජනතාවගේ අාශිර්වාදයෙන් ලබනා එවන් මහජන සම්මානයකින් මරනින් පසු තමන්ට හිමිවන්නේ දෙව්ලොවද... අපායද... නිවන් මගද... යන්න පිලිබඳ කල් අැතිව දැන ගෙන අවසන් ගමන් යාමට සූදානමින් සිටිය හැකි වනු අැත.

විවිධ පැතිකඩ මානයන් යටතේ වර්තමානය වන විට එම ලැයිස්තුවට නාම යෝජනා වශයෙන් වත්මන් ජනපති, අගමැති, රතන හිමි, රන්ජන්, SF, ටිල්වින්, හඳුන්නෙත්ති, සුජීව සේරසිංහ, උදාහරන වශයෙන් දැක්විය හැක.

නමුත් ඉදිරි ක්රියාකාරකම් හමුවේ මෙම නාමයන් අදාල ලැයිස්තුවෙන් ඉවත් වී යාමටද ඉඩ අැත. එමෙන්ම කිසි කලෙකත් කිසිදු දේශපාලකයෙකු හට මෙම ජනතා සම්මානය දූෂිත අාකාරයකට ලබා ගත නොහැකි වනු අැත. 

ලෝක දේශපාලනයේ මෙතුවක් කල් කිසිදු දේශපාලකයෙකු මෙවන් ජනතා සම්මානයකින් පිදුම් ලබා නැත. නමුත් එවැන්නක් ලැබීම...
කන කැස්බෑවා විය සිදුරෙන් අහසේ සඳ බලා සිටියාටත් වඩා අසීරු කාර්යයක් විය හැකිය...
එම නිසා මෙම ජනතා සම්මානයෙන් අැගයීමට ලක්වන ඉතා සීමිත වූ සෑම දේශපාලකයෙකුම සැබෑම පුණ්යවන්තයකු වනු අැත. තම දේශපාලනික විශ්රාම දිවිය (හිටපු ජනපතිට වර්තමානයේදී සිදුව අැත්තා සේ) කිසිදු අාතතියකින් තොර වූ සාේවාන් ඵලයකට පත්වූ අයෙකු සේ දිවියේ අවසන් කාලය මහාර්ඝ ප්රීතියකින් කල් ගත කල හැකි වනු නියතය.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
http://sobithawathara.blogspot.com/
2016/06/14

Saturday, June 11, 2016

විකසිත විය යුත්තේ යම පාලකයින්ගේ මල්කැකුළු පමනද...!

විකසිත විය යුත්තේ යම පාලකයින්ගේ මල්කැකුළු පමනද...!

ඒකාබද්ධ යමපාලන විපක්ෂයේ ඔබලාද... ලැබූ ඒ අයිතිය මතම ඉපිද... ඒ අයිතිය තුලම ජීවත් වී.... ඒ අයිතිය තුලින්ම තනතුරු තාණාන්තර වරප්රසාද (පිං බත්, පිං බේත්, පිං පඩි, පිං වාහන, පිං සවාරි, පිං නිවාස, විදේශීය හොර පිං ගිණුම්) ලබා ගන්නා ඔබ නොවේ අප රටේ සමහර කාලකන්නි හාල් පාරු දේශපාලකයින් අැයි මොහොතකට ඔබ කියනා මේ දේ තේරුම් නොගන්නේ...!

ඒ සුපිපි කුසුමන් අයාලේ පරවී යානොදී රැක ගැනුමට අැයි මේ තමන්ලාද තම නිවසට උතුම් පියවරුන් වන සමහර දේශපාලකයින් නාෙසිතන්නේ.

ඒ දරුවන්ගේ දැවෙන ප්රශ්න විසඳා දීමට සම්මුතිවාදීව සිදු කල හැකි දායකත්වය නොදී ඒ දරුවන්ගේ ජීවිතවල වටිනාම යුගය නිස්කාරනයේ වයසට යවා ජීවිත වනසන්නේ අැයි. පැහැදිලිවම මමත්වය සහ අාත්මාර්ථය නිසා නොවේද....

සත්පුරවැසියාගේ ජීවිතයද මෙවන් සැඩසුලං කුණාටුවලට ලක්ව මේ වන විට වයස දශක 6 ට අාසන්න කාලයක් නාස්ති වී අැත. දැන් ඉතිරිව අැත්තේ මරුවා පැමිනෙන තුරු බලා සිටීමේ සංක්රාන්ති සමය පමනි.

ඒ නිසා ඒ මරුවා නිකම්ම නිකන් අැවිත් නිකම්ම නිකන් මා රැගෙන යනවාට වඩා රටට විනයක්ව අැති ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා සමහර ජාතිද්රෝහීන් පිරිස පැමින සුදු වෑන් එකකින්   ගිරිතලේ දිසාවට ගෙන ගියක් කමක් නැතැයි සිතා යන ඒ ලොවකින් හෝ සුගතියක් අත් කර ගනු අටියෙන් මතු පරපුරේ මල් විකසිත කිරීම උදෙසා අපවත් වී වදාල සෝභිත හිමිපානන් මා හට පැවරූ වගකීම ඒ අාකාරයෙන්ම ඉටු කරමින් දිවි හිමියෙන් කැප වෙමි.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසි (තාත්තා) අනිකුත් සියළු තාත්තලාට අායාචනය කර සිටින්නේ....

ඒකාබද්ධ යමපාලක පීතෘවරයන්ගේ මනස් විකසිත වේවා. දෙනෙත් විකසිත වේවා. ඒ බලයෙන් මතු පරපුර වන රටේ සියළු දරුවන්ගේ ජීවිත විකසිත වේවා.

හබං කුකුළාගේ අග්නි පරීක්ෂාව...

==========================================
හබං කුකුළාගේ අග්නි පරීක්ෂාව....
=====================
අර කියමනක් තියෙනවානේ හබං කුකුළෝ කැකුන තලනකොට වලි කුකුළන්ට ජය මගුල් කියලා..

අපි අහිංසක ජනතාව විදියට සැමදාම බලා සිටින්නේ අපේ මේ මව් රට කවුරුන් හෝ කවදා ගොඩගෙන කෙදිනකද අපි සැමගේ මතු පරපුර වන දූවාදරුවන් හට යහපත් අනාගතයක් උදා වේවිද යන සැකය දුරු වන තුරුය....

ඉතින් එවන් වාතාවරනයක සුභ සිහින දකිමින් සිටිනා පොදු ජනතාවට මෙවන් වකවානුවක් තුල අර පාවාදෙන වංශලාත්, ඒ කාලේ 2500/-කට ගෑස් සිලින්ඩරේවත් ගන්න බැරිව තිබුනු යුගයක 2500/- කින් මාසේම කාල ඉන්න පුලුවන් කියපු ගොබ්බ අාර්ථික විශේසඤ්ඥයයි, මරන මංචකය දක්වා දේශපාලන අනාගතයක් නොතිබුන... හිටපු ජනපති තුමාට පිංසිද්ධ වෙන්න ගාෙඩගිය උන්දැයි, නහින දෙහින කාලේ අප්සැට් කෙලින සීයපප්පයි, අනිත් තක්කඩි රැලයි වගේ නැතිව (අපි මේ ඉන්න බැරි අැඟේ අමාරුවට දවසේ රස්සාවත් දාල මේව කලාට) අල ගෙඩියක් තරම් පොඩි මොල ගෙඩියකුත් තියෙනවා වගේ පේන අපේ ගොඩපෙරකදෝරු උන්නැහේට පිං පඩි හම්බ වෙන නිසා මොන මොනව හරි කරන්න කාලේ තියෙන හින්ද යහපාලනවාදී දේදුනු ජනතාව හා සමග එක්ව මෙවන් පරීක්ෂාවල් සිදුකිරීම ඉතා යහපත් ක්රියාවක් බව පවසමු.

මන්ද යත් වත්මන් ජනපති අගමැති අපේ මේ බැටින් ඩබල ඕගොල්ලන්ගෙන් එන ඕනෑම දුස්රා පන්දුවකට නියමෙට බැට් කරනවා. මෙයාල දෙන්න තමයි දුප්පත් යුක්ති ගරුක ජනතා ටීම් එකට කාලෙකින් සෙට් උන රියල් බැටින් පෙයාර් එක. අපි ජනතාව අපේක්ෂා කරන්නේ මේ පෙයාර් එකෙන්ම ගේම ඉවර කරල ඔයාලගේ ඒකාබද්ධ ටීම් එකට ඉනිංස්වලින් ගෙදර යන්න වැඩේ කරන්නයි.

ඉතින් ඒ නිසා ඔබතුමා (සමහර අවස්ථාවලදී විවේචනයට ලක්වන්නා වූ සියලු මැති/අැමති/මන්ත්රීන්ලාගේ නම් කෙටියෙන් දක්වන්නේ අගෞරව කරනු පිනිස නොව ඉඩකඩ සීමා බැවින්ද කෙටිකල යුතු නිසාද බව කරුණාවෙන් සලකන්න) අපි ජනතාව සමග මෙවන් අවස්ථාවලදී ඒ ඩබලගේ බැටින් ගේම නිරීක්ෂනය කොට යම් යම් පරීක්ෂාවල් සිදු කිරීමත්, අැඩ්වයිස් දීමත් අගයමි.

නමුත් යම් ලෙසකින් ඔබ හෝ ඔබලා දුස්රා පන්දු මුවාවෙන් නීති විරෝධී නිපන්දු එවුවහොත් අපි ජනතාවට ඔබලාගේ ඔළුවටම යෝකර් පන්දු එවීමට සිදුවනු අැත.

ඒ නිසා අපි හැමෝටම හැමදාම බෝල අල්ල අල්ල හෝ බෝල මිරික මිරික හෝ ඉන්නට නොහැකිය. මැච් එක ඉක්මනට ඉවර කරගෙන පිටියෙන් ඉවත් විය යුතුය. 

ඒ මන්ද යත් අපි සැවොම ජයග්රහනය කර රට දිනවා නිවසට පැමිනෙන තුරු අපි සැවොමගේම අහිංසක දුක් විඳිනා පවුල් සාමාජිකයින් දෑස් දල්වා බලා සිටිනා නිසාය.

එනිසා අපගේ විරසක කම්වල වන්දිය අපගේ අනාගත පරපුරටද ගෙවීමට ඉඩ නොතබමු. ලෝක දේශපාලනයේ පිලුනු වී කුණු චෙච්චි මේ පාට පක්ෂ විරසක කාලකන්නි දේශපාලන පරන මැසිම ඉවතලා සියල්ලෝම බෙදී දේශපාලන මත දරමින්ම සම්මුතිවාදීව එකට එක්ව රට කරවා පරමාදර්ශී වූ නවමු මාවතකට පිවිසෙමුයි යෝජනා කරමු.

ටික දිනක් හෝ මහන දම් පිරූ ඔබ සම්බුදු පියානන්ගේ දහම සිහිපත් කොට කිසියම් සෝවාන් පලයකට පත්ව ඒකාබද්ධ විපක්ෂය යැයි කියනා අයගේ විකෘති මොල සේදීමේ බාරදූර කර්තව්යයේ නියමුවානන් වනු අැතැයි යුක්ති සහගත ජනතාව කිසියම් විශ්වාසයක් තබයි...

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
යුක්තිගරුක යහපාලන ලැදි සමස්ත ජනතාව සමග ඒකාබද්ධව යෝජනා කර සිටිනා වගයි....
2016/06/11

Thursday, June 9, 2016

කෝටි ගණන්වල සැප වාහන ඇමතිලට අවශ්‍ය නෑ – රාජිත කියයි


කෝටි  ගණන්වල සැප වාහන ඇමතිලට අවශ්‍ය නෑ – රාජිත කියයි  

Wednesday, June 8, 2016

සැවොම අපේ සහෝදර ශ්රීලාංකික ජනතාවයි./ මහ ජාතිය යැයි කියනා අප සංහිඳියාව යන වචනය පරිසමාප්තියෙන්ම අගයනවාදැයි පරීක්ෂාවට කදිම යෝජනාවක්...

===============================
සැවොම අපේ සහෝදර ශ්රීලාංකික ජනතාවයි.
===============================
සාමාන්‍ය වැසියන් ඉන්න ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කරන්න ඕන කියන එකට සිංහල , දෙමළ හා මුස්ලිම් කියල භේදයක් නැහැ.
==============================================
මහ ජාතිය යැයි කියනා අප සංහිඳියාව යන වචනය පරිසමාප්තියෙන්ම අගයනවාදැයි පරීක්ෂාවට කදිම යෝජනාවක්...
==========================
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
මානව දයාව හඳුනන, යුක්ති සහගත සමස්ථ ශ්රීලාංකික ජනතාව සමග ඒකාබද්ධව ජනාධිපතිගේ අවධානයට යොමු කරවනා වගයි...

=================================================================

කොස්ගම පිපිරීම උදාහරණයක් සේ ගෙන උතුරේ යුද හමුදා කඳවුරුත් වෙනත් ස්ථාන වලට ගෙනියන්න - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඉල්ලයි


(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.08, ප.ව‍‍.7.20) කොස්ගම සිදු වූ  පිපිරීම උදාහරණයක් සේ සලකා උතුරේ පිහිටි යුද හමුදා කඳවුරු දැන් හෝ වෙනත් සුදුසු ස්ථාන වලට ගෙන යෑමට ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් පියවර ගනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ 07 දා යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා,
‘‘ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල හමුදා කඳවුරු කිහිපයක්ම තියනවා එම හමුදා කඳවුරු තියෙන්නේ ජන ශූන්‍ය ප්‍රදේශ වල නෙමෙයි හැම හමුදා කඳවුරක්ම තියෙන්නේ සිවිල් ජනතාව වාසය කරන ප්‍රදේශවල. යාපනය , වව්නියාව , මුලතිව් , කිලිනොච්චි හා මන්නාරම් දිස්ත්‍රික්කවල කිසියම් දෙයක් හෝ පිපිරීමක් වුවහොත් ප්‍රශ්ණ ගණනාවක් නිර්මාණය වනවා. රජය දැන්වත් මම හිතනවා මේ හමුදා කඳවුරු සුදුසු වෙනත් ස්ථාන වලට මාරු කරයි කියලා.
අපි ඉල්ලීමක් කරනව ශ්‍රී ලංකා රජයේ ජනාධිපති තුමාගෙන් සහ අගමැති තුමාගෙන් මෙම හමුදා කඳවුරු ඉවත් කරන්නැයි කියලා. කොස්ගම පිපිරීම ඒකට හොඳම උදාහරණයයි. සාමාන්‍ය වැසියන් ඉන්න ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කරන්න ඕන කියන එකට සිංහල , දෙමළ හා මුස්ලිම් කියල භේදයක් නැහැ ” යි ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පැවසීය.
(දිනසේන රතුගමගේ වවුනියාව)

---------------------------
by     (2016-06-08 16:25:08)
===========================================================================

Tuesday, June 7, 2016

රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)

===========================
රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)
=================================
2016.06.06 දින පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහසට - 

------------------------------------------
https://www.facebook.com/UdayaGammanpilaFanPage/videos/10154204350789253/
------------------------------------------
========================================
දේදුනු විප්ලවීය සබුද්ධික ජනතාවගෙන් යම් එකඟතාවයක්.....
========================================
ගම්මන්පිල මහතා කියනා සේම - (රාජා භවතු ධම්මිකෝ) රටේ හිටපු පාලකයන් දැහැමි වනවා වෙනුවට අධාර්මිකව රාජ්යය පාලනය කල නිසා එම යමපාලන සංස්කෘතිය අවසන් කල දේදුනු විප්ලවීය (6200000) හැටදෙලක්ෂයක් ජනතාව සහ මේ වන විට වත්මන් ජනපති තුමාගේ යහපාලන වැඩ පිලිවෙල හමුවේ එතුමන් හා එක්ව සිටිනා එදා පැවති මාධ්යය මර්ධනය නිසා රට තුල පැවති අධාර්මික තත්ත්වය නිසිලෙස අවබෝධ කාෙටගෙන නොසිටි තවත් ලක්ෂ සංඛ්යාත ජනතාවක්.....

.....වර්තමානය වන විට දැඩි අාතතියකින් පසුවේ. එම අාතතියේ බරපතල කම කොතෙක්ද යත් යමපාලන යුගයේ සිටි මැතිවරන කාෙමසාරිස් දයානන්ද මහතා 2010 ජනාධිපතිවරන ප්රථිපල නිකුතුවේදී පෙලුනු අාතතියද අභිබවා ගිය එකකි.

අාතතියට පදනම්ව අැත්තේ දූෂිතයින් පලවා හැරීමටත් හොරු අැල්ලීමටත් යැයි පවසා බලය ලබා ගත් වත්මන් ජනිධිපති තුමාගේ ප්රමානය ඉක්මවා ගොස් අැති මෛයිත්රී සහගත භාවය පිලිබඳවය...!

නමුත් දැඩි මර්ධනකාරී වටපිටාවක් තුල ඉතාමත් භීතියෙන් යුතුව තම පරමාධිපත්යය බලය පාවිච්චි කොට රටේ අාණ්ඩු පෙරලියක් සිදුකල දේදුනු විප්ලවීය ජනතාව පවසන්නේ ජනාධිපති සිරිසේන මැතිතුමාගේ යාළු මිත්රකම් සහ/හෝ මෘදු කම් ජනතාවගේ අපේක්ෂාවන් හට අදාල නොවනා බවයි. 

මන්ද යත් පවතින්නා වූ ඕනාම පාලන යුගයක් තුල නිරන්තරවම පීඩාවන් හට ගොදුරු වන්නේ ජනතාවම නිසා.... ඉතා අසීරුවෙන් අත්පත් කර දුන් දේදුනු විප්ලවයේ ප්රභාවය වත්මන් ජනාධිපති තුමා දියාරු කරමින් සිටිනා බැවිනි...

නීතිය සැමට පොදු යැයි පැවසුවාට දැනටමත් එය එසේ වන්නේ නැත.... අලි සොරකම් කල නඩුකාරයන් සති ගනන් සැඟවී සිට පැමින අැප ලබාගෙන යයි. රජයේ දේපල සහ ජනතා ධනය අයථා ලෙස ලබාගෙන අැති හිටපු ජනාධිපති සොයුරන් අත් අඩංගුවට ගන්නටත් පෙර අැප සූදානම්ය...
0000000000000000000000000000000000000000000000000000000000000000000
නමුත් දරුවාට කිරි පැකට්ටුවක් ගන්නට, පාසල් ගාස්තුවක් ගෙවන්නට, කෙසෙල් කැනක් හොරෙන් කැපූ අහිංසයා සොයා රට පීරයි... 
===================================================
පොඩි එකාට පමනයි නීතිය.. ලොකු හාෙරාට නැති අධාර්මික. 
===================================================
මෙවන් වටපිටාවක් තුල රටේ ජනතාව දැඩි අාතතියකින් පසුවේ. හමුදා සෙබලුන් සහ ඒ අයගේ පවුල්වල සාමාජිකයෝද රටේ ජනතාව නිසා ගම්මන්පිල පවසනා ඔවුන්ගේ අාතතියද අනිකුත් සියලු ජනතාවගේ අාතතිය හා සියයට සීයක් සැසඳේ...

පාරිශුද්ධ වූ මෙතරම් ජන බලයක් අැති වත්මන් ජනපති ඒ විප්ලවීය ජනතාව පිලිබඳ හෙට දවසේදීත් විශ්වාසය නොතබා සිදු කරගෙන යනු ලබන මෙම අක්ඥාණවන්තකම් පිලිබඳ අාපසු හැරී බැලීමක් සිදුකොට ජනතාවගේ අභිලාෂයන් මුදුන් පත්කිරීමට කටයුතු කල යුතුය.

රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)

පෞරුෂ ගති ප්රභල වේවා... ගම්මන්පිලලා වැනි දේශද්රෝහී දෙපිටකාට්ටුවන් පිලිබඳ පියවර ගනිත්වා... පෙර සිටි නායකයින් සිදුකල පොරොන්දු කඩ කිරීම් නොකරත්වා.... 

සෝභිතාවතාර
දේදුනු විල්ලවීය ජනතාව සමග ඒකාබද්ධව කරනා ප්රකාශයයි.

Saturday, June 4, 2016

චතුර පුතාටයි, රාජිත අප්පාෙච්චිටයි - ජනාධිපති මෛත්රීපාල වෙනුවෙන්... දේදුනු විප්ලවීය සබුද්ධික ජනතාවගෙන් අවවාදයක්...!

--------------------------------------------------------------------------------------------
චතුර පුතාටයි, රාජිත අප්පාෙච්චිටයි - ජනාධිපති මෛත්රීපාල වෙනුවෙන්... දේදුනු විප්ලවීය සබුද්ධික ජනතාවගෙන් අවවාදයක්...!
--------------------------------------------------------------------------------------------
අනේ චතුර පුතේ පින්සිද්‍ධ වෙයි...
මහින්ද මාමාටයි, ගෝඨා අන්කල්ටයි නාමල්ලා සහ පාවාදෙන වංශලා කරපු දේවල් ඔයා ඔයාගේ අප්පච්චිටයි, මෛත්රී මාමාටයි, රනිල් අන්කල්ටයි නම් කරන්න එපා හොඳේ....

යහපාලන ලැදි සත්පුරවැසි ජනතාව ඔයාලට දේදුනු විප්ලවය ජයගෙන දුන්නේ ඔය තරම් පහත් උද්දචිච විදියට හැසිරෙන්න නොවෙයි.

එදා රූපවාහිනියෙන් මුළු රටම බලා සිටියා ඔබේ වක්කඩේ වගේ පලල් කැත කටයි... යොත්ත වගේ දිග කැත අැගිල්ලයි පාවිච්චි කරල යහපාලන අාණ්ඩුවේ ජනාධිපතිගේ සහ අගමැතිගේ විනීත කම සෝදාපාලු කරල දාපු හැටි....

බැනර් කෑල්ලක් එල්ලගෙන වාචාල කටයි අැඟිල්ලයි දික්කරගෙන අප්පොච්චිගේ බලපුලුවන්කාරකම් පාවිච්චි කරල සෝබන මාධ්යය සන්දර්ශන දාල දැන් කාලයේ යහපාලන ලැදි ලාංකික සබුද්ධික ජනතාවගේත්... මේ වන විට අපව තේරුම්ගෙන අප හා පෙල ගැසෙමින් පවතිනා යහපාලනය අගයන ප්රතිවාදී සබුද්ධික ජනතාවගේද, සිත් දිනා ගනු බොරුය. එදා ඔබ සිදුකරගත් ඒ හානිය පියවා ගැනීමට ඔබට අනාගතයේදී සුවිශාල කැපකිරීම් කිරීමට සිදුවනු අැත.

විශේෂයෙන් පියවරුන්ගේ සෙවනැල්ලට මුවාවෙලා දේශපාලනයට පිවිසුනු ඔබලා වගේ ලාබාල අාධුනික නව්යය දේශපාලකයින් ඒ තරම් පහත් බාල විදියට හැසිරෙන්න ගියොත් දේශපාලන අනාගතයක් නම් නැති බව අවධාරනය කරමු.

ඒ වගේම ඔබ ඒ සිදුකල හැසිරීමේ ප්රතිඵලයත් ඔබට මීලඟ මැතිවරනයේදී ලැබෙනු නියතය. මන්ද යත් යහපාලන ලැදි ජනතාව තීන්දු ගන්නේ මෙවන් සියළු කාරනා සැලකිල්ලට ගෙන බව දන්වනු කැමැත්තෙමි. 

මෙහෙම ගියොත් දේදුනු ජනතාවට යන එන මං සහ කට උත්තර නැති වෙනවා. අැත්ත වශයෙන්ම අර තාම සීගිරියවත් දැකල නැති කටු ලෙවකකා නිවට වැඩ කරපු පාවාදුන් වංශ ඔය වගේ බාල විදියට හැසිරුනාට අපරාධෙ කියන්න බැහැ නාමල්ලා වෙන මොන වැරදි සිදුකලත් තම ජනාධිපති පියාගේ හයිය ඔය තරම් අශෝබන විදියට පාවිච්චි කරල නැහැ.
------------------------------------------------------
චතුර පුතාගේ තාත්තේ.. අම්මේ..සෞඛ්‍යය අැමති රාජිත මැතිතුමනි... යහපාලන ලැදි සබුද්ධික ජනතාවගේ මේ අාමන්තරනය 
ඔබලාගේ පවුලේ යහපත පිනිසයි...
------------------------------------------------------
එදා යුගයේ ප්රේමදාස ජනාධිපතිට සිරිසේන කුරේලා කරපුවා, මහින්ද ජනපතිට මර්වින් සිල්වලා, පාවාදෙන වංශලා කරපුවා ඔබ මෛත්රී ජනපතිට සිදුකර එතුමන් සහ දේදුනු ජනතාව දැඩි අසීරු තත්ත්වයන්ට පත් කරනු එපා. 

යහපාලන ලැදි ජනතාව විදියටත් දේදුනු විප්ලවයේ ජයග්රහනයත් එහි පැවැත්මත් වෙනුවෙන් අැප කැපව සිටිනා ප්රජාව විදියටත් මෙම කරුනු හුවා දක්වනුයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙනි.

අපි කවුරුත් හොඳටම දන්නවා ඔබතුමා එතුමන් හට දේදුනු විප්ලවය අාරම්භයේ සිටම ඉදිරි පෙලේ හිදිමින් දුන්නු අපිරිමිත සහයෝගය නිසා ඔබ හෝ ඔබේ පුතනුවන් කුමන වරදක් සිදුකලත් කටක් අැරල එක වචනක්වත් කියන්න එතුමා එන්නේ නැති බව.

මේ තත්ත්වය මහින්ද ජනපතිට මීටත් වඩා බරපතල විදියට බලපෑම් අැති කලා. ඔහුගේ පරාජයට එම හේතු ඉතා තදින් බලපෑ බව ඔබ අපි සහ මුළු රටමත් ඉතා හොඳින් දන්නවා.

ඒ නිසා අදාල මෙවන් කාරනා හමුවේදී එය යුක්ති සහගතද නැද්ද යන්න හෝ අැත්තද බොරුද යන්න හෝ තත්ත්වය කෙතරම් බරපතලද නැද්ද යන්න හෝ උවත් ජනපති අගමැති පරමාදර්ශී කොටගෙන කටයුතු කිරීමට හිතට ගන්න. ඔබ තුමා රැඩිකල් ගති අැති විප්ලවීය දේශපාලණඤ්ඥයකු බව අැත්ත. නමුත් දැන් අපි යන්නේ යම පාලන මාවතේ නොව. යහපාලන මාවතේයී. අනික අාවේග ගැනීම දැන් ඔබ සිටිනා සෞඛ්යය තත්ත්වයටත් එතරම් ගැලපෙන්නේ නැති බව දත් දොස්තර කෙනෙක් උනත් සාමාන්යය දැනුම අනුව නොදන්නවා නොවේනේ නේද.... 

බලන්න අඩි 6 ක් පොලව යටට යවනවා කියපු මෛත්රී ජනාධිපති තුමා කටයුතු කරනා ලීලාව. ඒ අවෛයිරී මෛත්රී සහගත ක්රියා කලාපය නිසාම අද එතුමා බාෙහෝ ප්රතිවාදීන්ගේ සිත්දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා.

ඒ වාතාවරනය පිටුබලයක් කරගෙන අපි සියල්ලෝම එකතු වෙලා මීලඟ ජනාධිපතිවරනයේදී එම මැතිනිය පොදු අපේක්ෂකයා කරලා අද්විතීය ජයග්රහනයක් සිදුකොට සම්මුතිවාදී දේශපාලන යුගය චිරාත් කාලීන යථාර්තයක් බවට පත්කරවනවා...

එම නිසා මෙවැනි බාල ක්රියාවන් මගින් ඒ අති උත්තරීතර වැඩ පිලිවෙලට බාධා අැති කරවන්න එපා කරුණාකරල ටිකක් හිතන්න...

අනික යහපාලනවාදී රජයේ මැතිඅැමති මන්ත්රී තාත්තලා පුතාල වෙච්චි මේ විදියට හැසිරෙනකොට දේදුනු ජනතාවගේ සහ මෛත්රී ජනාධිපතිගේ අාත්ම ගරුත්වයට මොකද වෙන්නේ කියලත් ටිකක් හිතන්න ඕන. ඔබ තුමාට ලොකු බලයක් පාවිච්චි කරන්න පුලුවන් තමයි. නමුත් ඒක සියල්ලෝම අපහසුතාවයට පත්වන අාකාරයේ අත්තනෝමතික ලෙස විය යුතු නෑ..

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති බවට කියමනක් අැත. ඒ නිසා පසුගිය වෙෙද්යය වැඩ වර්ජනයටත් කිසියම් හේතුවක් නැතුවාම නාෙවිය හැක. කුමන දේශපාලන මත දැරුවත් වෛද්යයවරුන් යනු රටේ උගත් වැදගත් වගකීම් හඳුනනා දේශපාලකයින්ට වඩා ඉහලින් ඔසවා තැබිය හැකි පාර්ශවයකි. 

අත්සන් කලාට පසු වර්ජනයේ යෙදෙන්නට තරම් පහත් අඩියකට එවන් පිරිසක් පත්වනු අැතැයි යහපාලන සබුද්ධික ජනතාව විශ්වාස නොකරයි. නමුත් අත්සන් කලාට පසු වෙනත් ලේඛනයක් ඒ අත්සන් භාවිතා කොට කූට ලෙස සැකසීම හෝ අත්සන් කල ඒ ලේඛනය තුලටම වෙනත් නම් අැතුලත් කිරීමට අවශ්යයනම් හැකි බවත් එවැනි දේ නොකිරීමට තරම් තවම අප රටේ දේශපාලන අධිකාරීන් පාරිශුද්ධ නොවනා බවත් සබුද්ධික ජනතාව නොදන්නවා නොවේ.

කෙසේ වෙතත් මේ වන විට වර්ජන තත්ත්වය සමනය වී අැත. සතෙකුට උවත් අාත්ම ගරුත්වයක් අැත. එම නිසා යමක් කරනා විට ඒ අයගේ අාත්ම ගරුත්වය අාරක්ෂාවන ලෙස කටයුතු කිරීමට ඔබ තුමාත් අතිවිශේෂයෙන් ඔබේ බලපුලුවන්කාරකම් වලින් චන්ඩියෙක් වෙන්න හදන ඔබේ චතුර පුතාත් සිත්හි තබා ගතහොත් යහපාලන ජනතාවගේ ශාපයට පාත්ර නොවී චිරාත් කාලයක් දේශපාලන කරලියේ වැජඹිය හැකි වනු අැත.

මගේ පුතෙකු එවන් අශෝබන ලෙස හැසිරුනානම් ගෙදර අාපු ගමන් කම්මුල රත්වෙන්න එකක් දීලයි කියන්නේ (තෝ මාවයි මෛත්රී මාමවයි කන්නද හදන්නේ) කියල....!

ස්තුතියී.
යහපාලන ලැදි දේදුනු විප්ලවීය ජනතාව සහ පක්ෂ විපක්ෂ සියලු සබුද්ධික ජනතාව සෝභිතාවතාර හා ඒකාබද්ධව සැල කර සිටිනා වගයි...