Wednesday, June 8, 2016

සැවොම අපේ සහෝදර ශ්රීලාංකික ජනතාවයි./ මහ ජාතිය යැයි කියනා අප සංහිඳියාව යන වචනය පරිසමාප්තියෙන්ම අගයනවාදැයි පරීක්ෂාවට කදිම යෝජනාවක්...

===============================
සැවොම අපේ සහෝදර ශ්රීලාංකික ජනතාවයි.
===============================
සාමාන්‍ය වැසියන් ඉන්න ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කරන්න ඕන කියන එකට සිංහල , දෙමළ හා මුස්ලිම් කියල භේදයක් නැහැ.
==============================================
මහ ජාතිය යැයි කියනා අප සංහිඳියාව යන වචනය පරිසමාප්තියෙන්ම අගයනවාදැයි පරීක්ෂාවට කදිම යෝජනාවක්...
==========================
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
මානව දයාව හඳුනන, යුක්ති සහගත සමස්ථ ශ්රීලාංකික ජනතාව සමග ඒකාබද්ධව ජනාධිපතිගේ අවධානයට යොමු කරවනා වගයි...

=================================================================

කොස්ගම පිපිරීම උදාහරණයක් සේ ගෙන උතුරේ යුද හමුදා කඳවුරුත් වෙනත් ස්ථාන වලට ගෙනියන්න - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඉල්ලයි


(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.08, ප.ව‍‍.7.20) කොස්ගම සිදු වූ  පිපිරීම උදාහරණයක් සේ සලකා උතුරේ පිහිටි යුද හමුදා කඳවුරු දැන් හෝ වෙනත් සුදුසු ස්ථාන වලට ගෙන යෑමට ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් පියවර ගනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ 07 දා යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා,
‘‘ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල හමුදා කඳවුරු කිහිපයක්ම තියනවා එම හමුදා කඳවුරු තියෙන්නේ ජන ශූන්‍ය ප්‍රදේශ වල නෙමෙයි හැම හමුදා කඳවුරක්ම තියෙන්නේ සිවිල් ජනතාව වාසය කරන ප්‍රදේශවල. යාපනය , වව්නියාව , මුලතිව් , කිලිනොච්චි හා මන්නාරම් දිස්ත්‍රික්කවල කිසියම් දෙයක් හෝ පිපිරීමක් වුවහොත් ප්‍රශ්ණ ගණනාවක් නිර්මාණය වනවා. රජය දැන්වත් මම හිතනවා මේ හමුදා කඳවුරු සුදුසු වෙනත් ස්ථාන වලට මාරු කරයි කියලා.
අපි ඉල්ලීමක් කරනව ශ්‍රී ලංකා රජයේ ජනාධිපති තුමාගෙන් සහ අගමැති තුමාගෙන් මෙම හමුදා කඳවුරු ඉවත් කරන්නැයි කියලා. කොස්ගම පිපිරීම ඒකට හොඳම උදාහරණයයි. සාමාන්‍ය වැසියන් ඉන්න ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කරන්න ඕන කියන එකට සිංහල , දෙමළ හා මුස්ලිම් කියල භේදයක් නැහැ ” යි ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පැවසීය.
(දිනසේන රතුගමගේ වවුනියාව)

---------------------------
by     (2016-06-08 16:25:08)
===========================================================================

No comments:

Post a Comment