Saturday, June 4, 2016

චතුර පුතාටයි, රාජිත අප්පාෙච්චිටයි - ජනාධිපති මෛත්රීපාල වෙනුවෙන්... දේදුනු විප්ලවීය සබුද්ධික ජනතාවගෙන් අවවාදයක්...!

--------------------------------------------------------------------------------------------
චතුර පුතාටයි, රාජිත අප්පාෙච්චිටයි - ජනාධිපති මෛත්රීපාල වෙනුවෙන්... දේදුනු විප්ලවීය සබුද්ධික ජනතාවගෙන් අවවාදයක්...!
--------------------------------------------------------------------------------------------
අනේ චතුර පුතේ පින්සිද්‍ධ වෙයි...
මහින්ද මාමාටයි, ගෝඨා අන්කල්ටයි නාමල්ලා සහ පාවාදෙන වංශලා කරපු දේවල් ඔයා ඔයාගේ අප්පච්චිටයි, මෛත්රී මාමාටයි, රනිල් අන්කල්ටයි නම් කරන්න එපා හොඳේ....

යහපාලන ලැදි සත්පුරවැසි ජනතාව ඔයාලට දේදුනු විප්ලවය ජයගෙන දුන්නේ ඔය තරම් පහත් උද්දචිච විදියට හැසිරෙන්න නොවෙයි.

එදා රූපවාහිනියෙන් මුළු රටම බලා සිටියා ඔබේ වක්කඩේ වගේ පලල් කැත කටයි... යොත්ත වගේ දිග කැත අැගිල්ලයි පාවිච්චි කරල යහපාලන අාණ්ඩුවේ ජනාධිපතිගේ සහ අගමැතිගේ විනීත කම සෝදාපාලු කරල දාපු හැටි....

බැනර් කෑල්ලක් එල්ලගෙන වාචාල කටයි අැඟිල්ලයි දික්කරගෙන අප්පොච්චිගේ බලපුලුවන්කාරකම් පාවිච්චි කරල සෝබන මාධ්යය සන්දර්ශන දාල දැන් කාලයේ යහපාලන ලැදි ලාංකික සබුද්ධික ජනතාවගේත්... මේ වන විට අපව තේරුම්ගෙන අප හා පෙල ගැසෙමින් පවතිනා යහපාලනය අගයන ප්රතිවාදී සබුද්ධික ජනතාවගේද, සිත් දිනා ගනු බොරුය. එදා ඔබ සිදුකරගත් ඒ හානිය පියවා ගැනීමට ඔබට අනාගතයේදී සුවිශාල කැපකිරීම් කිරීමට සිදුවනු අැත.

විශේෂයෙන් පියවරුන්ගේ සෙවනැල්ලට මුවාවෙලා දේශපාලනයට පිවිසුනු ඔබලා වගේ ලාබාල අාධුනික නව්යය දේශපාලකයින් ඒ තරම් පහත් බාල විදියට හැසිරෙන්න ගියොත් දේශපාලන අනාගතයක් නම් නැති බව අවධාරනය කරමු.

ඒ වගේම ඔබ ඒ සිදුකල හැසිරීමේ ප්රතිඵලයත් ඔබට මීලඟ මැතිවරනයේදී ලැබෙනු නියතය. මන්ද යත් යහපාලන ලැදි ජනතාව තීන්දු ගන්නේ මෙවන් සියළු කාරනා සැලකිල්ලට ගෙන බව දන්වනු කැමැත්තෙමි. 

මෙහෙම ගියොත් දේදුනු ජනතාවට යන එන මං සහ කට උත්තර නැති වෙනවා. අැත්ත වශයෙන්ම අර තාම සීගිරියවත් දැකල නැති කටු ලෙවකකා නිවට වැඩ කරපු පාවාදුන් වංශ ඔය වගේ බාල විදියට හැසිරුනාට අපරාධෙ කියන්න බැහැ නාමල්ලා වෙන මොන වැරදි සිදුකලත් තම ජනාධිපති පියාගේ හයිය ඔය තරම් අශෝබන විදියට පාවිච්චි කරල නැහැ.
------------------------------------------------------
චතුර පුතාගේ තාත්තේ.. අම්මේ..සෞඛ්‍යය අැමති රාජිත මැතිතුමනි... යහපාලන ලැදි සබුද්ධික ජනතාවගේ මේ අාමන්තරනය 
ඔබලාගේ පවුලේ යහපත පිනිසයි...
------------------------------------------------------
එදා යුගයේ ප්රේමදාස ජනාධිපතිට සිරිසේන කුරේලා කරපුවා, මහින්ද ජනපතිට මර්වින් සිල්වලා, පාවාදෙන වංශලා කරපුවා ඔබ මෛත්රී ජනපතිට සිදුකර එතුමන් සහ දේදුනු ජනතාව දැඩි අසීරු තත්ත්වයන්ට පත් කරනු එපා. 

යහපාලන ලැදි ජනතාව විදියටත් දේදුනු විප්ලවයේ ජයග්රහනයත් එහි පැවැත්මත් වෙනුවෙන් අැප කැපව සිටිනා ප්රජාව විදියටත් මෙම කරුනු හුවා දක්වනුයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙනි.

අපි කවුරුත් හොඳටම දන්නවා ඔබතුමා එතුමන් හට දේදුනු විප්ලවය අාරම්භයේ සිටම ඉදිරි පෙලේ හිදිමින් දුන්නු අපිරිමිත සහයෝගය නිසා ඔබ හෝ ඔබේ පුතනුවන් කුමන වරදක් සිදුකලත් කටක් අැරල එක වචනක්වත් කියන්න එතුමා එන්නේ නැති බව.

මේ තත්ත්වය මහින්ද ජනපතිට මීටත් වඩා බරපතල විදියට බලපෑම් අැති කලා. ඔහුගේ පරාජයට එම හේතු ඉතා තදින් බලපෑ බව ඔබ අපි සහ මුළු රටමත් ඉතා හොඳින් දන්නවා.

ඒ නිසා අදාල මෙවන් කාරනා හමුවේදී එය යුක්ති සහගතද නැද්ද යන්න හෝ අැත්තද බොරුද යන්න හෝ තත්ත්වය කෙතරම් බරපතලද නැද්ද යන්න හෝ උවත් ජනපති අගමැති පරමාදර්ශී කොටගෙන කටයුතු කිරීමට හිතට ගන්න. ඔබ තුමා රැඩිකල් ගති අැති විප්ලවීය දේශපාලණඤ්ඥයකු බව අැත්ත. නමුත් දැන් අපි යන්නේ යම පාලන මාවතේ නොව. යහපාලන මාවතේයී. අනික අාවේග ගැනීම දැන් ඔබ සිටිනා සෞඛ්යය තත්ත්වයටත් එතරම් ගැලපෙන්නේ නැති බව දත් දොස්තර කෙනෙක් උනත් සාමාන්යය දැනුම අනුව නොදන්නවා නොවේනේ නේද.... 

බලන්න අඩි 6 ක් පොලව යටට යවනවා කියපු මෛත්රී ජනාධිපති තුමා කටයුතු කරනා ලීලාව. ඒ අවෛයිරී මෛත්රී සහගත ක්රියා කලාපය නිසාම අද එතුමා බාෙහෝ ප්රතිවාදීන්ගේ සිත්දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා.

ඒ වාතාවරනය පිටුබලයක් කරගෙන අපි සියල්ලෝම එකතු වෙලා මීලඟ ජනාධිපතිවරනයේදී එම මැතිනිය පොදු අපේක්ෂකයා කරලා අද්විතීය ජයග්රහනයක් සිදුකොට සම්මුතිවාදී දේශපාලන යුගය චිරාත් කාලීන යථාර්තයක් බවට පත්කරවනවා...

එම නිසා මෙවැනි බාල ක්රියාවන් මගින් ඒ අති උත්තරීතර වැඩ පිලිවෙලට බාධා අැති කරවන්න එපා කරුණාකරල ටිකක් හිතන්න...

අනික යහපාලනවාදී රජයේ මැතිඅැමති මන්ත්රී තාත්තලා පුතාල වෙච්චි මේ විදියට හැසිරෙනකොට දේදුනු ජනතාවගේ සහ මෛත්රී ජනාධිපතිගේ අාත්ම ගරුත්වයට මොකද වෙන්නේ කියලත් ටිකක් හිතන්න ඕන. ඔබ තුමාට ලොකු බලයක් පාවිච්චි කරන්න පුලුවන් තමයි. නමුත් ඒක සියල්ලෝම අපහසුතාවයට පත්වන අාකාරයේ අත්තනෝමතික ලෙස විය යුතු නෑ..

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති බවට කියමනක් අැත. ඒ නිසා පසුගිය වෙෙද්යය වැඩ වර්ජනයටත් කිසියම් හේතුවක් නැතුවාම නාෙවිය හැක. කුමන දේශපාලන මත දැරුවත් වෛද්යයවරුන් යනු රටේ උගත් වැදගත් වගකීම් හඳුනනා දේශපාලකයින්ට වඩා ඉහලින් ඔසවා තැබිය හැකි පාර්ශවයකි. 

අත්සන් කලාට පසු වර්ජනයේ යෙදෙන්නට තරම් පහත් අඩියකට එවන් පිරිසක් පත්වනු අැතැයි යහපාලන සබුද්ධික ජනතාව විශ්වාස නොකරයි. නමුත් අත්සන් කලාට පසු වෙනත් ලේඛනයක් ඒ අත්සන් භාවිතා කොට කූට ලෙස සැකසීම හෝ අත්සන් කල ඒ ලේඛනය තුලටම වෙනත් නම් අැතුලත් කිරීමට අවශ්යයනම් හැකි බවත් එවැනි දේ නොකිරීමට තරම් තවම අප රටේ දේශපාලන අධිකාරීන් පාරිශුද්ධ නොවනා බවත් සබුද්ධික ජනතාව නොදන්නවා නොවේ.

කෙසේ වෙතත් මේ වන විට වර්ජන තත්ත්වය සමනය වී අැත. සතෙකුට උවත් අාත්ම ගරුත්වයක් අැත. එම නිසා යමක් කරනා විට ඒ අයගේ අාත්ම ගරුත්වය අාරක්ෂාවන ලෙස කටයුතු කිරීමට ඔබ තුමාත් අතිවිශේෂයෙන් ඔබේ බලපුලුවන්කාරකම් වලින් චන්ඩියෙක් වෙන්න හදන ඔබේ චතුර පුතාත් සිත්හි තබා ගතහොත් යහපාලන ජනතාවගේ ශාපයට පාත්ර නොවී චිරාත් කාලයක් දේශපාලන කරලියේ වැජඹිය හැකි වනු අැත.

මගේ පුතෙකු එවන් අශෝබන ලෙස හැසිරුනානම් ගෙදර අාපු ගමන් කම්මුල රත්වෙන්න එකක් දීලයි කියන්නේ (තෝ මාවයි මෛත්රී මාමවයි කන්නද හදන්නේ) කියල....!

ස්තුතියී.
යහපාලන ලැදි දේදුනු විප්ලවීය ජනතාව සහ පක්ෂ විපක්ෂ සියලු සබුද්ධික ජනතාව සෝභිතාවතාර හා ඒකාබද්ධව සැල කර සිටිනා වගයි...

No comments:

Post a Comment