Saturday, June 11, 2016

විකසිත විය යුත්තේ යම පාලකයින්ගේ මල්කැකුළු පමනද...!

විකසිත විය යුත්තේ යම පාලකයින්ගේ මල්කැකුළු පමනද...!

ඒකාබද්ධ යමපාලන විපක්ෂයේ ඔබලාද... ලැබූ ඒ අයිතිය මතම ඉපිද... ඒ අයිතිය තුලම ජීවත් වී.... ඒ අයිතිය තුලින්ම තනතුරු තාණාන්තර වරප්රසාද (පිං බත්, පිං බේත්, පිං පඩි, පිං වාහන, පිං සවාරි, පිං නිවාස, විදේශීය හොර පිං ගිණුම්) ලබා ගන්නා ඔබ නොවේ අප රටේ සමහර කාලකන්නි හාල් පාරු දේශපාලකයින් අැයි මොහොතකට ඔබ කියනා මේ දේ තේරුම් නොගන්නේ...!

ඒ සුපිපි කුසුමන් අයාලේ පරවී යානොදී රැක ගැනුමට අැයි මේ තමන්ලාද තම නිවසට උතුම් පියවරුන් වන සමහර දේශපාලකයින් නාෙසිතන්නේ.

ඒ දරුවන්ගේ දැවෙන ප්රශ්න විසඳා දීමට සම්මුතිවාදීව සිදු කල හැකි දායකත්වය නොදී ඒ දරුවන්ගේ ජීවිතවල වටිනාම යුගය නිස්කාරනයේ වයසට යවා ජීවිත වනසන්නේ අැයි. පැහැදිලිවම මමත්වය සහ අාත්මාර්ථය නිසා නොවේද....

සත්පුරවැසියාගේ ජීවිතයද මෙවන් සැඩසුලං කුණාටුවලට ලක්ව මේ වන විට වයස දශක 6 ට අාසන්න කාලයක් නාස්ති වී අැත. දැන් ඉතිරිව අැත්තේ මරුවා පැමිනෙන තුරු බලා සිටීමේ සංක්රාන්ති සමය පමනි.

ඒ නිසා ඒ මරුවා නිකම්ම නිකන් අැවිත් නිකම්ම නිකන් මා රැගෙන යනවාට වඩා රටට විනයක්ව අැති ඒකාබද්ධ විපක්ෂයේ සිටිනා සමහර ජාතිද්රෝහීන් පිරිස පැමින සුදු වෑන් එකකින්   ගිරිතලේ දිසාවට ගෙන ගියක් කමක් නැතැයි සිතා යන ඒ ලොවකින් හෝ සුගතියක් අත් කර ගනු අටියෙන් මතු පරපුරේ මල් විකසිත කිරීම උදෙසා අපවත් වී වදාල සෝභිත හිමිපානන් මා හට පැවරූ වගකීම ඒ අාකාරයෙන්ම ඉටු කරමින් දිවි හිමියෙන් කැප වෙමි.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසි (තාත්තා) අනිකුත් සියළු තාත්තලාට අායාචනය කර සිටින්නේ....

ඒකාබද්ධ යමපාලක පීතෘවරයන්ගේ මනස් විකසිත වේවා. දෙනෙත් විකසිත වේවා. ඒ බලයෙන් මතු පරපුර වන රටේ සියළු දරුවන්ගේ ජීවිත විකසිත වේවා.

No comments:

Post a Comment