Tuesday, June 7, 2016

රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)

===========================
රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)
=================================
2016.06.06 දින පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහසට - 

------------------------------------------
https://www.facebook.com/UdayaGammanpilaFanPage/videos/10154204350789253/
------------------------------------------
========================================
දේදුනු විප්ලවීය සබුද්ධික ජනතාවගෙන් යම් එකඟතාවයක්.....
========================================
ගම්මන්පිල මහතා කියනා සේම - (රාජා භවතු ධම්මිකෝ) රටේ හිටපු පාලකයන් දැහැමි වනවා වෙනුවට අධාර්මිකව රාජ්යය පාලනය කල නිසා එම යමපාලන සංස්කෘතිය අවසන් කල දේදුනු විප්ලවීය (6200000) හැටදෙලක්ෂයක් ජනතාව සහ මේ වන විට වත්මන් ජනපති තුමාගේ යහපාලන වැඩ පිලිවෙල හමුවේ එතුමන් හා එක්ව සිටිනා එදා පැවති මාධ්යය මර්ධනය නිසා රට තුල පැවති අධාර්මික තත්ත්වය නිසිලෙස අවබෝධ කාෙටගෙන නොසිටි තවත් ලක්ෂ සංඛ්යාත ජනතාවක්.....

.....වර්තමානය වන විට දැඩි අාතතියකින් පසුවේ. එම අාතතියේ බරපතල කම කොතෙක්ද යත් යමපාලන යුගයේ සිටි මැතිවරන කාෙමසාරිස් දයානන්ද මහතා 2010 ජනාධිපතිවරන ප්රථිපල නිකුතුවේදී පෙලුනු අාතතියද අභිබවා ගිය එකකි.

අාතතියට පදනම්ව අැත්තේ දූෂිතයින් පලවා හැරීමටත් හොරු අැල්ලීමටත් යැයි පවසා බලය ලබා ගත් වත්මන් ජනිධිපති තුමාගේ ප්රමානය ඉක්මවා ගොස් අැති මෛයිත්රී සහගත භාවය පිලිබඳවය...!

නමුත් දැඩි මර්ධනකාරී වටපිටාවක් තුල ඉතාමත් භීතියෙන් යුතුව තම පරමාධිපත්යය බලය පාවිච්චි කොට රටේ අාණ්ඩු පෙරලියක් සිදුකල දේදුනු විප්ලවීය ජනතාව පවසන්නේ ජනාධිපති සිරිසේන මැතිතුමාගේ යාළු මිත්රකම් සහ/හෝ මෘදු කම් ජනතාවගේ අපේක්ෂාවන් හට අදාල නොවනා බවයි. 

මන්ද යත් පවතින්නා වූ ඕනාම පාලන යුගයක් තුල නිරන්තරවම පීඩාවන් හට ගොදුරු වන්නේ ජනතාවම නිසා.... ඉතා අසීරුවෙන් අත්පත් කර දුන් දේදුනු විප්ලවයේ ප්රභාවය වත්මන් ජනාධිපති තුමා දියාරු කරමින් සිටිනා බැවිනි...

නීතිය සැමට පොදු යැයි පැවසුවාට දැනටමත් එය එසේ වන්නේ නැත.... අලි සොරකම් කල නඩුකාරයන් සති ගනන් සැඟවී සිට පැමින අැප ලබාගෙන යයි. රජයේ දේපල සහ ජනතා ධනය අයථා ලෙස ලබාගෙන අැති හිටපු ජනාධිපති සොයුරන් අත් අඩංගුවට ගන්නටත් පෙර අැප සූදානම්ය...
0000000000000000000000000000000000000000000000000000000000000000000
නමුත් දරුවාට කිරි පැකට්ටුවක් ගන්නට, පාසල් ගාස්තුවක් ගෙවන්නට, කෙසෙල් කැනක් හොරෙන් කැපූ අහිංසයා සොයා රට පීරයි... 
===================================================
පොඩි එකාට පමනයි නීතිය.. ලොකු හාෙරාට නැති අධාර්මික. 
===================================================
මෙවන් වටපිටාවක් තුල රටේ ජනතාව දැඩි අාතතියකින් පසුවේ. හමුදා සෙබලුන් සහ ඒ අයගේ පවුල්වල සාමාජිකයෝද රටේ ජනතාව නිසා ගම්මන්පිල පවසනා ඔවුන්ගේ අාතතියද අනිකුත් සියලු ජනතාවගේ අාතතිය හා සියයට සීයක් සැසඳේ...

පාරිශුද්ධ වූ මෙතරම් ජන බලයක් අැති වත්මන් ජනපති ඒ විප්ලවීය ජනතාව පිලිබඳ හෙට දවසේදීත් විශ්වාසය නොතබා සිදු කරගෙන යනු ලබන මෙම අක්ඥාණවන්තකම් පිලිබඳ අාපසු හැරී බැලීමක් සිදුකොට ජනතාවගේ අභිලාෂයන් මුදුන් පත්කිරීමට කටයුතු කල යුතුය.

රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)

පෞරුෂ ගති ප්රභල වේවා... ගම්මන්පිලලා වැනි දේශද්රෝහී දෙපිටකාට්ටුවන් පිලිබඳ පියවර ගනිත්වා... පෙර සිටි නායකයින් සිදුකල පොරොන්දු කඩ කිරීම් නොකරත්වා.... 

සෝභිතාවතාර
දේදුනු විල්ලවීය ජනතාව සමග ඒකාබද්ධව කරනා ප්රකාශයයි.

No comments:

Post a Comment