Thursday, June 9, 2016

කෝටි ගණන්වල සැප වාහන ඇමතිලට අවශ්‍ය නෑ – රාජිත කියයි


කෝටි  ගණන්වල සැප වාහන ඇමතිලට අවශ්‍ය නෑ – රාජිත කියයි  

Wednesday, June 8, 2016

සැවොම අපේ සහෝදර ශ්රීලාංකික ජනතාවයි./ මහ ජාතිය යැයි කියනා අප සංහිඳියාව යන වචනය පරිසමාප්තියෙන්ම අගයනවාදැයි පරීක්ෂාවට කදිම යෝජනාවක්...

===============================
සැවොම අපේ සහෝදර ශ්රීලාංකික ජනතාවයි.
===============================
සාමාන්‍ය වැසියන් ඉන්න ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කරන්න ඕන කියන එකට සිංහල , දෙමළ හා මුස්ලිම් කියල භේදයක් නැහැ.
==============================================
මහ ජාතිය යැයි කියනා අප සංහිඳියාව යන වචනය පරිසමාප්තියෙන්ම අගයනවාදැයි පරීක්ෂාවට කදිම යෝජනාවක්...
==========================
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා
මානව දයාව හඳුනන, යුක්ති සහගත සමස්ථ ශ්රීලාංකික ජනතාව සමග ඒකාබද්ධව ජනාධිපතිගේ අවධානයට යොමු කරවනා වගයි...

=================================================================

කොස්ගම පිපිරීම උදාහරණයක් සේ ගෙන උතුරේ යුද හමුදා කඳවුරුත් වෙනත් ස්ථාන වලට ගෙනියන්න - සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඉල්ලයි


(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.08, ප.ව‍‍.7.20) කොස්ගම සිදු වූ  පිපිරීම උදාහරණයක් සේ සලකා උතුරේ පිහිටි යුද හමුදා කඳවුරු දැන් හෝ වෙනත් සුදුසු ස්ථාන වලට ගෙන යෑමට ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් පියවර ගනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ 07 දා යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා,
‘‘ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල හමුදා කඳවුරු කිහිපයක්ම තියනවා එම හමුදා කඳවුරු තියෙන්නේ ජන ශූන්‍ය ප්‍රදේශ වල නෙමෙයි හැම හමුදා කඳවුරක්ම තියෙන්නේ සිවිල් ජනතාව වාසය කරන ප්‍රදේශවල. යාපනය , වව්නියාව , මුලතිව් , කිලිනොච්චි හා මන්නාරම් දිස්ත්‍රික්කවල කිසියම් දෙයක් හෝ පිපිරීමක් වුවහොත් ප්‍රශ්ණ ගණනාවක් නිර්මාණය වනවා. රජය දැන්වත් මම හිතනවා මේ හමුදා කඳවුරු සුදුසු වෙනත් ස්ථාන වලට මාරු කරයි කියලා.
අපි ඉල්ලීමක් කරනව ශ්‍රී ලංකා රජයේ ජනාධිපති තුමාගෙන් සහ අගමැති තුමාගෙන් මෙම හමුදා කඳවුරු ඉවත් කරන්නැයි කියලා. කොස්ගම පිපිරීම ඒකට හොඳම උදාහරණයයි. සාමාන්‍ය වැසියන් ඉන්න ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කරන්න ඕන කියන එකට සිංහල , දෙමළ හා මුස්ලිම් කියල භේදයක් නැහැ ” යි ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පැවසීය.
(දිනසේන රතුගමගේ වවුනියාව)

---------------------------
by     (2016-06-08 16:25:08)
===========================================================================

Tuesday, June 7, 2016

රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)

===========================
රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)
=================================
2016.06.06 දින පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහසට - 

------------------------------------------
https://www.facebook.com/UdayaGammanpilaFanPage/videos/10154204350789253/
------------------------------------------
========================================
දේදුනු විප්ලවීය සබුද්ධික ජනතාවගෙන් යම් එකඟතාවයක්.....
========================================
ගම්මන්පිල මහතා කියනා සේම - (රාජා භවතු ධම්මිකෝ) රටේ හිටපු පාලකයන් දැහැමි වනවා වෙනුවට අධාර්මිකව රාජ්යය පාලනය කල නිසා එම යමපාලන සංස්කෘතිය අවසන් කල දේදුනු විප්ලවීය (6200000) හැටදෙලක්ෂයක් ජනතාව සහ මේ වන විට වත්මන් ජනපති තුමාගේ යහපාලන වැඩ පිලිවෙල හමුවේ එතුමන් හා එක්ව සිටිනා එදා පැවති මාධ්යය මර්ධනය නිසා රට තුල පැවති අධාර්මික තත්ත්වය නිසිලෙස අවබෝධ කාෙටගෙන නොසිටි තවත් ලක්ෂ සංඛ්යාත ජනතාවක්.....

.....වර්තමානය වන විට දැඩි අාතතියකින් පසුවේ. එම අාතතියේ බරපතල කම කොතෙක්ද යත් යමපාලන යුගයේ සිටි මැතිවරන කාෙමසාරිස් දයානන්ද මහතා 2010 ජනාධිපතිවරන ප්රථිපල නිකුතුවේදී පෙලුනු අාතතියද අභිබවා ගිය එකකි.

අාතතියට පදනම්ව අැත්තේ දූෂිතයින් පලවා හැරීමටත් හොරු අැල්ලීමටත් යැයි පවසා බලය ලබා ගත් වත්මන් ජනිධිපති තුමාගේ ප්රමානය ඉක්මවා ගොස් අැති මෛයිත්රී සහගත භාවය පිලිබඳවය...!

නමුත් දැඩි මර්ධනකාරී වටපිටාවක් තුල ඉතාමත් භීතියෙන් යුතුව තම පරමාධිපත්යය බලය පාවිච්චි කොට රටේ අාණ්ඩු පෙරලියක් සිදුකල දේදුනු විප්ලවීය ජනතාව පවසන්නේ ජනාධිපති සිරිසේන මැතිතුමාගේ යාළු මිත්රකම් සහ/හෝ මෘදු කම් ජනතාවගේ අපේක්ෂාවන් හට අදාල නොවනා බවයි. 

මන්ද යත් පවතින්නා වූ ඕනාම පාලන යුගයක් තුල නිරන්තරවම පීඩාවන් හට ගොදුරු වන්නේ ජනතාවම නිසා.... ඉතා අසීරුවෙන් අත්පත් කර දුන් දේදුනු විප්ලවයේ ප්රභාවය වත්මන් ජනාධිපති තුමා දියාරු කරමින් සිටිනා බැවිනි...

නීතිය සැමට පොදු යැයි පැවසුවාට දැනටමත් එය එසේ වන්නේ නැත.... අලි සොරකම් කල නඩුකාරයන් සති ගනන් සැඟවී සිට පැමින අැප ලබාගෙන යයි. රජයේ දේපල සහ ජනතා ධනය අයථා ලෙස ලබාගෙන අැති හිටපු ජනාධිපති සොයුරන් අත් අඩංගුවට ගන්නටත් පෙර අැප සූදානම්ය...
0000000000000000000000000000000000000000000000000000000000000000000
නමුත් දරුවාට කිරි පැකට්ටුවක් ගන්නට, පාසල් ගාස්තුවක් ගෙවන්නට, කෙසෙල් කැනක් හොරෙන් කැපූ අහිංසයා සොයා රට පීරයි... 
===================================================
පොඩි එකාට පමනයි නීතිය.. ලොකු හාෙරාට නැති අධාර්මික. 
===================================================
මෙවන් වටපිටාවක් තුල රටේ ජනතාව දැඩි අාතතියකින් පසුවේ. හමුදා සෙබලුන් සහ ඒ අයගේ පවුල්වල සාමාජිකයෝද රටේ ජනතාව නිසා ගම්මන්පිල පවසනා ඔවුන්ගේ අාතතියද අනිකුත් සියලු ජනතාවගේ අාතතිය හා සියයට සීයක් සැසඳේ...

පාරිශුද්ධ වූ මෙතරම් ජන බලයක් අැති වත්මන් ජනපති ඒ විප්ලවීය ජනතාව පිලිබඳ හෙට දවසේදීත් විශ්වාසය නොතබා සිදු කරගෙන යනු ලබන මෙම අක්ඥාණවන්තකම් පිලිබඳ අාපසු හැරී බැලීමක් සිදුකොට ජනතාවගේ අභිලාෂයන් මුදුන් පත්කිරීමට කටයුතු කල යුතුය.

රාජා භවතු ධම්මිකෝ (පාලකයන් දැහැමි වේවා)

පෞරුෂ ගති ප්රභල වේවා... ගම්මන්පිලලා වැනි දේශද්රෝහී දෙපිටකාට්ටුවන් පිලිබඳ පියවර ගනිත්වා... පෙර සිටි නායකයින් සිදුකල පොරොන්දු කඩ කිරීම් නොකරත්වා.... 

සෝභිතාවතාර
දේදුනු විල්ලවීය ජනතාව සමග ඒකාබද්ධව කරනා ප්රකාශයයි.

Saturday, June 4, 2016

චතුර පුතාටයි, රාජිත අප්පාෙච්චිටයි - ජනාධිපති මෛත්රීපාල වෙනුවෙන්... දේදුනු විප්ලවීය සබුද්ධික ජනතාවගෙන් අවවාදයක්...!

--------------------------------------------------------------------------------------------
චතුර පුතාටයි, රාජිත අප්පාෙච්චිටයි - ජනාධිපති මෛත්රීපාල වෙනුවෙන්... දේදුනු විප්ලවීය සබුද්ධික ජනතාවගෙන් අවවාදයක්...!
--------------------------------------------------------------------------------------------
අනේ චතුර පුතේ පින්සිද්‍ධ වෙයි...
මහින්ද මාමාටයි, ගෝඨා අන්කල්ටයි නාමල්ලා සහ පාවාදෙන වංශලා කරපු දේවල් ඔයා ඔයාගේ අප්පච්චිටයි, මෛත්රී මාමාටයි, රනිල් අන්කල්ටයි නම් කරන්න එපා හොඳේ....

යහපාලන ලැදි සත්පුරවැසි ජනතාව ඔයාලට දේදුනු විප්ලවය ජයගෙන දුන්නේ ඔය තරම් පහත් උද්දචිච විදියට හැසිරෙන්න නොවෙයි.

එදා රූපවාහිනියෙන් මුළු රටම බලා සිටියා ඔබේ වක්කඩේ වගේ පලල් කැත කටයි... යොත්ත වගේ දිග කැත අැගිල්ලයි පාවිච්චි කරල යහපාලන අාණ්ඩුවේ ජනාධිපතිගේ සහ අගමැතිගේ විනීත කම සෝදාපාලු කරල දාපු හැටි....

බැනර් කෑල්ලක් එල්ලගෙන වාචාල කටයි අැඟිල්ලයි දික්කරගෙන අප්පොච්චිගේ බලපුලුවන්කාරකම් පාවිච්චි කරල සෝබන මාධ්යය සන්දර්ශන දාල දැන් කාලයේ යහපාලන ලැදි ලාංකික සබුද්ධික ජනතාවගේත්... මේ වන විට අපව තේරුම්ගෙන අප හා පෙල ගැසෙමින් පවතිනා යහපාලනය අගයන ප්රතිවාදී සබුද්ධික ජනතාවගේද, සිත් දිනා ගනු බොරුය. එදා ඔබ සිදුකරගත් ඒ හානිය පියවා ගැනීමට ඔබට අනාගතයේදී සුවිශාල කැපකිරීම් කිරීමට සිදුවනු අැත.

විශේෂයෙන් පියවරුන්ගේ සෙවනැල්ලට මුවාවෙලා දේශපාලනයට පිවිසුනු ඔබලා වගේ ලාබාල අාධුනික නව්යය දේශපාලකයින් ඒ තරම් පහත් බාල විදියට හැසිරෙන්න ගියොත් දේශපාලන අනාගතයක් නම් නැති බව අවධාරනය කරමු.

ඒ වගේම ඔබ ඒ සිදුකල හැසිරීමේ ප්රතිඵලයත් ඔබට මීලඟ මැතිවරනයේදී ලැබෙනු නියතය. මන්ද යත් යහපාලන ලැදි ජනතාව තීන්දු ගන්නේ මෙවන් සියළු කාරනා සැලකිල්ලට ගෙන බව දන්වනු කැමැත්තෙමි. 

මෙහෙම ගියොත් දේදුනු ජනතාවට යන එන මං සහ කට උත්තර නැති වෙනවා. අැත්ත වශයෙන්ම අර තාම සීගිරියවත් දැකල නැති කටු ලෙවකකා නිවට වැඩ කරපු පාවාදුන් වංශ ඔය වගේ බාල විදියට හැසිරුනාට අපරාධෙ කියන්න බැහැ නාමල්ලා වෙන මොන වැරදි සිදුකලත් තම ජනාධිපති පියාගේ හයිය ඔය තරම් අශෝබන විදියට පාවිච්චි කරල නැහැ.
------------------------------------------------------
චතුර පුතාගේ තාත්තේ.. අම්මේ..සෞඛ්‍යය අැමති රාජිත මැතිතුමනි... යහපාලන ලැදි සබුද්ධික ජනතාවගේ මේ අාමන්තරනය 
ඔබලාගේ පවුලේ යහපත පිනිසයි...
------------------------------------------------------
එදා යුගයේ ප්රේමදාස ජනාධිපතිට සිරිසේන කුරේලා කරපුවා, මහින්ද ජනපතිට මර්වින් සිල්වලා, පාවාදෙන වංශලා කරපුවා ඔබ මෛත්රී ජනපතිට සිදුකර එතුමන් සහ දේදුනු ජනතාව දැඩි අසීරු තත්ත්වයන්ට පත් කරනු එපා. 

යහපාලන ලැදි ජනතාව විදියටත් දේදුනු විප්ලවයේ ජයග්රහනයත් එහි පැවැත්මත් වෙනුවෙන් අැප කැපව සිටිනා ප්රජාව විදියටත් මෙම කරුනු හුවා දක්වනුයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙනි.

අපි කවුරුත් හොඳටම දන්නවා ඔබතුමා එතුමන් හට දේදුනු විප්ලවය අාරම්භයේ සිටම ඉදිරි පෙලේ හිදිමින් දුන්නු අපිරිමිත සහයෝගය නිසා ඔබ හෝ ඔබේ පුතනුවන් කුමන වරදක් සිදුකලත් කටක් අැරල එක වචනක්වත් කියන්න එතුමා එන්නේ නැති බව.

මේ තත්ත්වය මහින්ද ජනපතිට මීටත් වඩා බරපතල විදියට බලපෑම් අැති කලා. ඔහුගේ පරාජයට එම හේතු ඉතා තදින් බලපෑ බව ඔබ අපි සහ මුළු රටමත් ඉතා හොඳින් දන්නවා.

ඒ නිසා අදාල මෙවන් කාරනා හමුවේදී එය යුක්ති සහගතද නැද්ද යන්න හෝ අැත්තද බොරුද යන්න හෝ තත්ත්වය කෙතරම් බරපතලද නැද්ද යන්න හෝ උවත් ජනපති අගමැති පරමාදර්ශී කොටගෙන කටයුතු කිරීමට හිතට ගන්න. ඔබ තුමා රැඩිකල් ගති අැති විප්ලවීය දේශපාලණඤ්ඥයකු බව අැත්ත. නමුත් දැන් අපි යන්නේ යම පාලන මාවතේ නොව. යහපාලන මාවතේයී. අනික අාවේග ගැනීම දැන් ඔබ සිටිනා සෞඛ්යය තත්ත්වයටත් එතරම් ගැලපෙන්නේ නැති බව දත් දොස්තර කෙනෙක් උනත් සාමාන්යය දැනුම අනුව නොදන්නවා නොවේනේ නේද.... 

බලන්න අඩි 6 ක් පොලව යටට යවනවා කියපු මෛත්රී ජනාධිපති තුමා කටයුතු කරනා ලීලාව. ඒ අවෛයිරී මෛත්රී සහගත ක්රියා කලාපය නිසාම අද එතුමා බාෙහෝ ප්රතිවාදීන්ගේ සිත්දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා.

ඒ වාතාවරනය පිටුබලයක් කරගෙන අපි සියල්ලෝම එකතු වෙලා මීලඟ ජනාධිපතිවරනයේදී එම මැතිනිය පොදු අපේක්ෂකයා කරලා අද්විතීය ජයග්රහනයක් සිදුකොට සම්මුතිවාදී දේශපාලන යුගය චිරාත් කාලීන යථාර්තයක් බවට පත්කරවනවා...

එම නිසා මෙවැනි බාල ක්රියාවන් මගින් ඒ අති උත්තරීතර වැඩ පිලිවෙලට බාධා අැති කරවන්න එපා කරුණාකරල ටිකක් හිතන්න...

අනික යහපාලනවාදී රජයේ මැතිඅැමති මන්ත්රී තාත්තලා පුතාල වෙච්චි මේ විදියට හැසිරෙනකොට දේදුනු ජනතාවගේ සහ මෛත්රී ජනාධිපතිගේ අාත්ම ගරුත්වයට මොකද වෙන්නේ කියලත් ටිකක් හිතන්න ඕන. ඔබ තුමාට ලොකු බලයක් පාවිච්චි කරන්න පුලුවන් තමයි. නමුත් ඒක සියල්ලෝම අපහසුතාවයට පත්වන අාකාරයේ අත්තනෝමතික ලෙස විය යුතු නෑ..

ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති බවට කියමනක් අැත. ඒ නිසා පසුගිය වෙෙද්යය වැඩ වර්ජනයටත් කිසියම් හේතුවක් නැතුවාම නාෙවිය හැක. කුමන දේශපාලන මත දැරුවත් වෛද්යයවරුන් යනු රටේ උගත් වැදගත් වගකීම් හඳුනනා දේශපාලකයින්ට වඩා ඉහලින් ඔසවා තැබිය හැකි පාර්ශවයකි. 

අත්සන් කලාට පසු වර්ජනයේ යෙදෙන්නට තරම් පහත් අඩියකට එවන් පිරිසක් පත්වනු අැතැයි යහපාලන සබුද්ධික ජනතාව විශ්වාස නොකරයි. නමුත් අත්සන් කලාට පසු වෙනත් ලේඛනයක් ඒ අත්සන් භාවිතා කොට කූට ලෙස සැකසීම හෝ අත්සන් කල ඒ ලේඛනය තුලටම වෙනත් නම් අැතුලත් කිරීමට අවශ්යයනම් හැකි බවත් එවැනි දේ නොකිරීමට තරම් තවම අප රටේ දේශපාලන අධිකාරීන් පාරිශුද්ධ නොවනා බවත් සබුද්ධික ජනතාව නොදන්නවා නොවේ.

කෙසේ වෙතත් මේ වන විට වර්ජන තත්ත්වය සමනය වී අැත. සතෙකුට උවත් අාත්ම ගරුත්වයක් අැත. එම නිසා යමක් කරනා විට ඒ අයගේ අාත්ම ගරුත්වය අාරක්ෂාවන ලෙස කටයුතු කිරීමට ඔබ තුමාත් අතිවිශේෂයෙන් ඔබේ බලපුලුවන්කාරකම් වලින් චන්ඩියෙක් වෙන්න හදන ඔබේ චතුර පුතාත් සිත්හි තබා ගතහොත් යහපාලන ජනතාවගේ ශාපයට පාත්ර නොවී චිරාත් කාලයක් දේශපාලන කරලියේ වැජඹිය හැකි වනු අැත.

මගේ පුතෙකු එවන් අශෝබන ලෙස හැසිරුනානම් ගෙදර අාපු ගමන් කම්මුල රත්වෙන්න එකක් දීලයි කියන්නේ (තෝ මාවයි මෛත්රී මාමවයි කන්නද හදන්නේ) කියල....!

ස්තුතියී.
යහපාලන ලැදි දේදුනු විප්ලවීය ජනතාව සහ පක්ෂ විපක්ෂ සියලු සබුද්ධික ජනතාව සෝභිතාවතාර හා ඒකාබද්ධව සැල කර සිටිනා වගයි...

Thursday, June 2, 2016

ලොව දිනූ ආණ්ඩුවේ ප්රගති වාර්තාව - ගම්මන්පිලගේ වාර්තාවට අභිමානවත් ජනතාවගේ වාර්තාවෙන් පිලිතුරු

---------------------------------------------------------------------------------
ලොව දිනූ ආණ්ඩුවේ ප්රගති වාර්තාව - ගම්මන්පිලගේ වාර්තාවට අභිමානවත් ජනතාවගේ වාර්තාවෙන් පිලිතුරු
---------------------------------------------------------
https://www.facebook.com/UdayaGammanpilaFanPage/photos/a.10151462900709253.1073741825.56427674252/10154194363169253/?type=3
---------------------------------------------------------------------------------



අභිමානවත් සත්පුරවැසියන්ගේ වාර්තාව....

සෑම කල්හිම රටට අාදරේ නැති අප රටේ දේශපාලකයින්, රාජ්යය නිලධාරීන් සහ ඉහල පෙලේ විවිධ ව්යාපාරිකයින් අැතුළු සමහර ධනවත් ප්රජාව සැමටම අයිති රටේ ධනය නොයෙකුත් දූෂිත ක්රම මගින් උපයා හෝ සොරකම් කොට හෝ ඒවා විදෙස් බැංකුවල සඟවා තැබීමත් එම ධනය රට තුල අායෝජනය නොවීමත් මහත් අවාසනාවකි. 

වර්තමානය වන විට මෙම කරුනු බොහෝමයක් පිලිබඳ හෙලිදරව් වී අැත. එම මහා ධනස්කන්ධය යලි මෙරටට ගෙන්වා ගත හැකි නම් අපට ජාතියක් හැටියට අන් රටවල් වෙත හිඟන්නන් සේ කොලපොත අල්ලාගෙන සිටීමට අවශ්යය නොවනු අැත. 

රටේ මහ උන් ජනතාවට අයිති ධනය සොරාකා සූරාගෙන සිටියදී ඒවා පිලිබඳ වචනයක්වත් කථා නොකරන ගම්මන්පිල නව රජයේ පාලකයින් හිඟාකාල කොපමන ධනයක් රටට ගෙනාවද කියල ප්රශ්න කරනව...!

මෙයා හිතන් ඉන්නේ අපට පොඩ්ඩක් බඩ බුරුල් කරල ගියත් ලෝකේ උන් අැවිල්ල හැඹිලිය පුරවන්න ඕන කියලයි.
---------------------------------------------------
ගම්මන්පිල අපේක්ෂා කරනුයේ අල්ලපු ගෙදර මිනිහා ගෙට ගාෙඩ වෙනවානම් කේක් ගෙඩියක් රැගෙන අායුතුය යන බවය. නැතිනම් ඔහුට තේ එකක් දීමට සිදු වීමත් අාශිර්වාදයක් නොව බරකි. නමුත් සංග්රශීලී ජාතියක් ලෙස අප රට ලොව දිනා අැති බව ගම්මන්පිල නොදන්නේ ඔහු තුල එවැනි ගුනවත්කමක් නැති නිසාත් එවැනි අාභාෂයක් වැඩිහිටියන්ගෙන්ද ලබා නැති නිසාත් විය හැක.
---------------------------------------------------
අනේ මන්දන්නෑ සාමාන්යය ජනතාව වශයෙන් වෙලාවකට අපිට හිතෙනවා සුද්ද හිටියනම් හෝ ප්රභාකරන් අාවනම් මේ තරම් වින්නැහියක් අසාධාරනයක් යුක්තිය සාධාරනය අගයන ජනතාවට කවදාවත් සිද්ධ වෙන එකක් නෑ කියල...

ගම්මන්පිලගෙන් මෙහෙම ප්රශ්නයක් අභිමානවත් ජනතාව විදියට අපි අැහුවොත් දෙන උත්තරේ පොඩ්ඩක් කියනවද බලන්න...

අසල් වැසියන් සමග අපි හොඳ මිත්රශීලී කමකින් කටයුතු කරනවානම්... අපට යම් දුකක් කරදරයක් උනාම ඒ සේරෝමල්ල අැවිල්ල එයාලගේ සන්තකය තමන්ට පුදල යන්න ඕන කියන එකද අාකල්පය.

එහෙම නැත්තම් අපි මලත් අපි දිහා නොබලා ගනනකට නොගෙන නොයිඳ අප බැලීමට පැමින අප හා දොඩමලුව අප අසරන වන ලෙස  හුදෙකලා නොකොට ශක්තියක් වී තම ප්රතිචාරය දක්වා යාම වටිනාකමක් නොවේද...

අප ජාතියක් විදියට දුප්පත් වෙලා සිටියේ අන්න ඒ කාරනාවේදීයී ගම්මන්පිල මතක තියා ගන්න. අපිව රටක් ජාතියක් විිදියට ජාත්යන්තරයේ කවුරුවත් පිලිගත්තේ නැහැ. අර බාගෙට නිරුවතින් සිටිනා නොදියුනු ජාතීන් අත් අල්ලන් සිටියට දියුනු ලෝකයා හමුවේ අපි අසරන වෙලා හිටියා. අප සිටියේ ගෝත්රික ලේබලයක් අලවලා ම්ලේච්ච බූතයෙක් විදියට බෝතලයක හිර කරල මූදේ දාලයි. ඔයාගේ මහ ලොකු මිතුරු තොමෝගේ පහත් ක්රියාකලාපය නිසා.

අප හට ජාතියක් විධියට නැගී සිටින්නට කිසිදු රටක හිඟමන් අවශ්යය නැහැ. අප රට තුල ධන ඉල්ලම් තිබෙනවා. නමුත් අපි බෙදිල සිටින නිසාත් ඒ බෙදීම තුල අප සමස්ථ ජාතියක් විධියට සැවොම එකාවන්ව පෙල ගැහිල රට දියුනු කරනවා වෙනුවට යමක් කරන්න හදන වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ යහපාලන වැඩ පිලිවෙලටත් කකුල් මාට්ටු දමමින් විවිධ බාධා සිදුකරමින් සිටිනවා.

ඔබ සොරකම් කලා හෝ නොකලා විය හැකියී. නැතහොත් අඩුවෙන්ම සොරකම් කලා හෝ අල ගෙඩියක් තරම් මොල ගෙඩියෙන් අහුවෙන්න බැරිවෙන්න සොරකම් කලාද විය හැකියී.

කෙසේ වෙතත් ඔබේ ඔය දැනුම සහ අවබෝධය රටකට අවැඩදායක කර්තව්යයන්හි නොයොදවා ජීවත් වීමට අැති මේ පුංචි කාලය තුල රටට අැති ණය ගෙවා දැමීමේ සත් කාර්යයෙහි යොදවන්න. 

සත්පුරවැසියා නොමිලේ අධ්යාපනයයි සෞඛයයි හැරෙන්න ඉස්සර කූපන් එකට දුන්න රෙදි කෑල්ලවත් අරන් රටට ණය වෙලා නෑ. පාරේ කලු ගලක්වත් හොරෙන් අරන් නෑ. නමුත් හෙට කරදරයක් උනොත් ඒ වෙනුවෙන් ගන්න  එක රු. 5000/- අපි ලඟ අැත්තෙත් නැහැ. නමුත් පස්පවින් වැලකිලා ඉන්න මිනිසුන්ව සොභා දහම විසින් විශ්ව ශක්තිය මගින් ස්වයංක්රීයවම සුරැකීම ධර්මතාවයයි. අප ඒ විශ්ව දහම නැතහොත් සාෙබාදහම පිලිබඳ අපිරිමිත විශ්වාසය තබා කටයුතු කරනා නිර්මල ප්රජාවයි.

රටට අැති ණය ගෙවල ඉවර අපි දැන් රටට සිදු කරමින් සිටින්නේ ඒ ගත් ණයෙහි පොලී සහ වැල්පොලී ගෙවීමයි.

පාලකයින්ට අවශ්යය නම් රටේ ඉහලම අපනයන අාධායම් ලබනා කර්මාන්ත අභිබවා යාමේ කර්මාන්ත ජනිත කිරීමේ හැකියාවන් අප සතුයි. මේවා ඔයාගේ මහ ලොකු මිතුරු තොමෝ හට ඒ කාලයේ අප යෝජනා කල විට දුන්නේ කාෙහෙද යන්නේ මල්ලේ පාෙල් වැනි උත්තරයි.

කෙසේ වෙතත් ගම්මන්පිලට අවසන් වශයෙන් පැවසිය යුතු කරුනක් අැත. යහපාලන සංස්කෘතියක් අපේක්ෂා කල යුක්තිගරුක ජනතාව සාපේක්ෂව ගත් කල වත්මන් ජනපති පිලිබඳව සුවිශේෂීවත් දෙවනුව අගමැති පිලිබඳවත් කිසියම් විශ්වාසයක් තබා හමාරය. අත්දැකීම් බහුල බහුශෘත ඔවුන් ජනතාවගේ ඒ අපිරිමිත විශ්වාසය බිඳ නොහෙලන බවටත් තේරුම් ගෙන අැත.

එම නිසා ඔබේ ඔය ලෝක බැංකු වාර්තා හෝ යමපාලන වාර්තා මේ කිසිවක් තුලින් සටකපට රටට ශාපයක්ව අැති තක්කඩි ගොඩ පෙරකදෝරුවන්ගේ ගැට වලට දේදුනු විප්ලවයේ 62 ක්ෂයක් ජනතාව මුලා කරනු විහිළුවකි.

එම නිසා ඔබේ මිතුරු තාෙමෝගේ දස වසරක කෙරුවාවත් වත්මන් ජනපතිගේ පස් වසරේ කෙරුවාවත් පිලිබඳ ප්රගති සමාලෝචනයක් කරන්න පිට රට අාගිය පොත්පත් එහෙමත් අරගෙන එන්න අපිව හම්බවෙන්න 2020 දී. කාටවත් චරිත සහතික ලියන්න තවම කාලය නොවේ. ඔයාගේ මිතුරු තාෙමෝට කල් පිරෙන්න කලින් චරිත සහතික ලියල අපි මට්ටු වෙලා ඉන්නේ දැන්...

ඒ වගේම 2ට/1කේ අනුපාතෙට (වසර 10ය 5ට) කෙරුවාවේ බර කිරන්න තරාදියකුත් අරන් එන්න හොඳේ...

කවදත් තක්කඩිකමට බර හින්ද ඒ තරාදියත් හාෙර එකක් උනත් යහපාලන සහ යමපාලන බර කිරන්න ලොකු ගැටළුවක් නොවන්නේ තව අවුරුදු 5 කින් මේ රට කොහේද තියෙන්නේ කියල දේදුනු ජනතාවට විශ්වාස නිසයි.

ටික දිනක් හෝ සිවුරු දරා සිටි ඔබට මින් බිඳක් හෝ අවබෝධ නැතිව නොවිය හැක. ඒ නිසා උපන් මාතෘ භූමියේ නාමයෙන්ද... රටේ වෙසෙනා සුවහසක් අවිහිංසක ජනී ජනයාගේ නාමයෙන්ද රටට වින නොකොට ඔබේ ඒ විවේචන රජය හා එක්ව සිදු කරමින් රටත් ජාතියත් විදෙස් හිඟමන් බලා සිටිනා අපතයින් බවට පත් කරනා බංකොලොත් අාකල්ප ජනිත නොකර අභිමානවත් රටක් ජාතියක් බිහි කරලීමේ කර්තව්යයට කැප වෙමු.

ස්තුතියී.
සත්පුරවැසියා  සියළුම සත්පුරවැසියන් හා ඒකාබද්ධව
http://www.sobithawathara.blogspot.com/

Wednesday, June 1, 2016

ජනපති පියානන් හට වැටහුනු සෙනෙහස... තලතට නොවැටහුනු මව්කම කුමටද...!

--------------------------------------------------------------------------------------------
ගැහුණු දරුවන් හට ශාපයක් වූ මව්කම නොහඳුනන පාලක ගැහැණුන් රටකට මොකටද...!
------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
ජනපති පියානන් හට වැටහුනු සෙනෙහස...
තලතට නොවැටහුනු මව්කම කුමටද...!
--------------------------------------------------------------------------------
උත්තරීතර මව් පදවිය යනු තමන්ගේ පමනක් නොව සියළුම දරුවන් දෙස මාතෘ සෙනෙහසින් දැකිය හැකි වීමය.

රටේ සියළුම කාන්තාවන් විදෙස් ගෘහ සේවයේ නොයෙදවිය හැකි උපාය මාර්ග රටේ පීතෘවරයා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සොයනා කලෙක...

තම වර්ගයාට නිගාදෙන මෙවැනි පහත් යෝජනාවක් ගැහැණියකගෙන් ඉදිරිපත් වීම ඉතිහාස ගත වනු අැත.

සෝභිතාවතාර

Sunday, May 29, 2016

මීලඟ පොදු අපේක්ෂකයා කවුද..! සෝභිතාවතාර අද 74 වැනි ජන්ම දිනයේදී යහපාලන ලැදි ඔබ සැමට යෝජනා ඉදිරිපත් කරයි.

--------------------------------------------------------------------------------------------
මීලඟ පොදු අපේක්ෂකයා කවුද..! සෝභිතාවතාර අද 74 වැනි ජන්ම දිනයේදී යහපාලන ලැදි ඔබ සැමට යෝජනා ඉදිරිපත් කරයි.
--------------------------------------------------------------------------------------------

පසුගිය දශක 3න4ක කාලය පුරා අප රට සංස්කෘතිකමය වශයෙන්ද, සමාජීය වශයෙන්ද, සංහිඳියාව තුලින්ද, දේශපාලනික වශයෙන්ද ඉතා පහත් පරිහානියකට පත්ව තිබිනි.

මේ සියල්ලටම ප්රමුඛව දේශපාලකයාත් ඒ හා සමානවම අවස්ථාවාදය තකා නොසොයා නොබලා තක්කඩියන් පාර්ලිමෙන්තුව නමැති උත්තරීතර යැයි පවසනා (ක්රියාවෙන් හැසිරීමෙන් උත්තරීතර බව අහලකවත් නැති බම්බුමේ පාර්ලිමේන්තුව) අායතනය වෙත යැවූ ඡන්ද දායකයාත් වගකිව යුතුය.

නමුත් බහුතරයක් වන මෙම අවස්ථාවාදී දේශපාලක තක්කඩින් නිරන්තරයෙන්ම කැප උනේ ජනසෙත සැලසීම සඳහා නොව තමන්ගේ සහ තම පරපුරේ මනදොල සපුරා මතු අාත්ම දක්වාත් ධනය එක්රැස් කොට විදෙස් බැංකුවල සඟවා තැබීම වෙනුවෙනි.

මොවුන් අාත්මාර්ථය වෙනුවෙන් කෙතරමි ම්ලේඡ්ච ගති අැත්දැයි යන්න සලකා බැලුවහොත්...
මොවුන් උතුරේ යුද්ධයේදීත් දකුණේ යුද්ධයේදීත් දූෂණයෙහි යෙදුනේය. සුනාමි ව්යසනයේදීත්, සංවර්ධන කටයුත්තේදීත්, දූෂණයෙහි යෙදුනේය.

ඒවා සියල්ල කථා කිරීම නිෂ්පල මෙන්ම අවැඩදායකය. ඒ සියල්ල ජනතාව දැන් ඉතා හොඳින් දනී. ඉස්සර සිදුකල අනුවන කම් නොකරයි. හැඟීම් බරව කපටි දේශපාලකයාගේ කිඹුල් කඳුළුවලට නොරැවටෙයි. පැරනි වැඩිහිටියන් නව පරපුරේ බුද්ධිමත් දරුවන්ගෙන් කරුණු නිසි ලෙස අවබෝධ කොටගෙන සිටීයී.

ඒ අානුභාවය හේතුවෙන් 2015 ජනවාරි 08 දේදුනු විප්ලවය ජය ගැනුමටත් සදාකල් බලයේ විසුමට සිහින දුටු දූෂිත ඒකාධිපතියන් පන්නා දැමුමටත් හැකිවිනි.

නොසිතූ නොවිරූ බොක්සින් සූරයෙකු තම ජීවිතයත් තම පවුලේ සැමගේ ජීවිතත් මරුවාට උගස් තබා නිහඬව පැමින කිසිවෙකුටවත් පැරදවිය නොහැකියැයි පුරසාරම් දෙඩූ පුහු වීරයෙකු හට මරන මංචකය දක්වා හූල්ල හූල්ලා සිටීමට කදිම පාඩමක් උගන්වා බලයට කෑදර අන් සැමටමත් ඉගෙන ගන්න සලස්වා වර්තමානය වන විට අප රට අාපසු ධාර්මික යුගයක් කරා හැරවුම් ලක්ෂයකට යොමු කොට යුක්තිය, සාධාරනය, සංහිඳියාව රජයන යහපාලන පරිසරයක් නිර්මානය කරමින් ඉතා දුෂ්කර කටයුත්තක නියැලී සිටීයී.

ඒ අන් කිසිවෙකු නොව අද දින 74 වන ජන්ම දිනය සමරන අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ අනුදැනුම මාර්ගෝපදේශනය මූලිකත්වය මත පැවති ඒකාධිපති වියරුව අපේක්ෂා කරනා පරිදිම පලවා හැරුමට හැකි 21 වන සියවසේ මෙරට පහලව සිටි සුදුසුම පොදු අපේක්ෂකයා වූ දේදුනු විප්ලවයේ අද්විතීය ජයග්රාහකයා වත්මන් ජනපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාය.

මේ වන විට එතුමා බලයට පත්ව වසර එකහමාරක් ගතව අැත. පැරදුනු ප්රතිවාදීයා හිටපු ජනපති ලෝකයේ කිසිදු ජනාධිපතිවරයෙක් නොපත්වනා තරම් පහත් අඩියෙකට වැටෙමින් පැරදුනු ලේකම්ගේ අතයට මන්ත්රීදුරයක් දරමින් තම තක්කඩි ගෝලබාල රැල හා එකතුව එතුමන් හට අාණ්ඩු කිරීමට නොදී දස වද දෙන කරුමක්කාරයෙක් බවට පත්ව සිටීයී.

දිනෙක රටේම ජනතාවගේ නමස්කාරය ලැබුමට කටයුතු කරගත හැකිව පැවති ඔහු මේ වන විට එම තත්ත්වය ඉතා සීග්රයෙන් දියාරු කර ගනිමින් පවතින බව කිරුලපන මැයි රැලියේදී පවා දැක දැක නුදුරු අනාගතයේදීම ජනතාව තම මතකයෙන් කටුගා දමනා තරමේ අඳබාල මානසිකත්වයකට පත්වෙමින් සිටියී.

ඒවා එසේ සිදුවෙත්දී  අද දින 74 වැනි ජන්ම දින පණිවිඩය ලෙස සෝභිත හිමිපානෝ අාතූරයා වෙත සමාජ ගත කරනා ලෙස දැනුම් දුන් කාරනය වෙත පිවිසිය යුතුව අැත.

උන්වහන්සේගේ සිහිනය යථාර්තයක් වන තුරු විශ්වයේ සැරිසරනා සෝභිතාවතාර අද දින සිදුකරනා මෙම යෝජනාව අාතූරයා වන සත්පුරවැසියාට සිහිනෙන් පැමින පැවසූ වදනකි.

උන්වහන්සේ ප්රතමයෙන් පවසා සිටියේ අද දින හෙලි කරනා මෙම යෝජනාව උන් වහන්සේගේ ලබන 2017 වසරට නියමිත 75 වන  ජන්ම දිනයේදී ජයන්තියක් ලෙස ඉදිරිපත් කිරීමට සිතා සිටි බවයි.

යහපාලන රජයේ ක්රියාකලාපය තව දුරටත් අධ්යයනය කිරීමෙන් අනතුරුව ඉහත ප්රකාශය කිරීමට සිතා සිටියත් පවතින සියළු  තත්ත්වයන් සැලකිල්ලට භාජනය කිරීමේදී ප්රමාද මාෙහොතකවත් පසුතැවිල්ලකට හේතුවක් නොකර ගත යුතු බව උන්වහන්සේගේ මතය විනි.

නොසිතූ අාකාරයෙන් ජනාධිපති මෛත්රීපාල මැතිතුමාටත් සම්මුතිවාදී යහපාලන රජයටත් හිටපු ජනාධිපතිගේ සහ අනිකුත් සියළු දූෂිතයින් (ඒකාබද්ධ විපක්ෂය නමැති දුර්භික්ෂය) මගින් අැතිකරන්නා වූ මෙම අහිතකර බලපෑම හේතුවෙන් මේ අවස්ථාවේදී යහපාලන ලැදි සබුද්ධික ජනතාව අපේක්ෂා කල අරමුන කරා රට ගෙන යාමට මහත් බාධකයක්ව අැත.

ජනතාවගේ මුදලින් අධ්යාපනය හදාරා, නාෙමිලේ සෞඛ්යය පහසුකම් ලබා අවසානයේ අහිංසක ජනතාව රවටා ඒ අයගේ කරමතින් පාර්ලිමේන්තුවට ගොස් අනිකුත් සියළු සුරසැප සහ ඉසුරු විඳ පිං පඩියකුත් හදාගෙන පසුව ජනතාව පීඩාවට පත්කරනා මෙවන් දේශපාලකයින් සත්යය වශයෙන්ම ජනතාවට ශාපයකි. නමුත් හූල්ලන ජනතාවගේ ශාපයට මොවුන් ලක්වන දවස වැඩි අෑත නොවන බව අද දින සෝභිතාවතාර අනාවැකි යෝජනාවෙන් පැහැදිලි වනු අැත....

සම්මුතිවාදී යැයිද... යහපාලනවාදී යැයිද... මුවින් පැවසුවද රජය තුලත් සමස්ත රාජ්යය තාන්ත්රනය පුරාත් හදවතින්ම මෙම අරමුන කරා රට ගෙන යාමේ සැබෑ උවමනාව ප්රදර්ශනය කර අැත්තේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ තවත් අතලොස්සක් පමනි.

මියගිය මලනුවන් සිදුකල ක්රියාදාමයන්ද ජීවත්වන මල්ලිලා සිදු කරනා ක්රියාදාමයන් හමුවේද තම ප්රතිපත්ති කෙසේ වන්නේදැයි යන්න යම්කිසි අාකාරයෙකින් ප්දර්ශනය කිරීමට මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමත්ව අැත.

එසේ බලනා කල හිටපු ජනපතිගේ පිරිස් මිනීමැරුම්, ස්ත්රී දූෂන, මත්කුඩු/මත්පැන්, බලහත්කාරකම්, මැරකම් අාදී සියළු සමාජ විරෝධී වූද.. නීති විරෝධී වූද ක්රියාකාරකම් හමුවේ මාධ්යය ඔස්සේ එකදු වචනයක් කථා නොකල එකම රාජ්යය නායකයා වන ගිනස් වාර්තාවද පිහිටැවූ අයෙකි මහින්ද රාජපක්ෂ.

එම නිසා යුක්තිය සහ සාධාරනය අගයන සිහි බුද්ධියක් අැති කිසිදු ලාංකිකයෙකු යලිත් වතාවක් වැරදිලාවත් රාජපක්ෂ යුගයක්වත් එහි සෙවනැලි වැටුනු ඩමියකටවත් බලයට පත් නොකිරීම ඒකාන්තය.

නමුත් යුගයේ අවශ්යයතාවය මත අසීරුවෙන් බිහිකර ගත් මෙම යහපාලනවාදී රජය තුල සැඟව සිටිනා සමහර දූෂිත දේශපාලකයින්ද, දූෂිත රාජ්යය නිළධාරීන්ද මතු පිටින් ජනපතිඳුන් හා එකඟ බවක් මවා පෙන්වූවද ඔවුන්ගේ යටි සිත ප්රාර්ථනා කරනුයේ රාජපක්ෂවාදී දූෂණයට භීෂණයට කැමතිනම් ඉදිරිපෙල අසුන් හිමිවන යමපාලන යුගයයි.

එම හේතුව නිසා විධායක බලය දැනටමත් අතහැර දමා අැති මෛත්රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ හදවතේ කැකෑරෙන තරම් ඉලක්කයක් කරා රට ගෙන යාමේ අසීරුතාවයකට පත්ව සිටිනා බව දේදුනු විප්ලවය ජයගෙන දුන් යහපාලන ලැදි 62 ක්ෂයක් ජනතාවගෙන් බහුතරයක් අවබෝධ කොට නොගෙන තිබීම ජනාධිපති තුමාගේ අවාසනාවකි. 

ඒ හේතුව නිසා ජනාධිපති මෛත්රීපාල සිරිසේන බොහෝ විවේචනයන්ට ලක්ව සිටීයී. මෙම තත්ත්වය වහ වහා ජනතාව තේරුම් ගැනීම අත්යාවශ්යය කාරණයක්ව අැත. අලුයට අැති ගිනි පුපුරු සේ දූෂිත පරාජිතයින් මාන බලමින් සිටින්නේ යහපාලන රජයේ කුමක් හෝ අඩුපාඩුවක් අැති වුනු වහා රජය පෙරලා දමා නැවතත් යමපාලන යුගයක් කරා රට අැදගෙන යාමටය. 

ලත් එක් අැසිල්ලකදී ඊට සහාය වී උඩගෙඩි දීමට අවශ්යය දූෂිතයින් සමහරක් රජය තුල සැඟවී හිඳිමින් ජනාධිපති තුමා රවටමින් (ඒවානම් සිරිසේන සමග ලේසි නැත) කල්මරමින් සිටිනු ලබයි.

එක්සත් ජාතික පක්ෂයෙන් යහපාලන රජයට තේරීපත්ව අැති දූෂනයට කැමති සහ දූෂිත සමහර මැති අැමතිවරුන්ද නැත්තේ නොවේ. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් මැති අැමති මන්ත්රීවරුන් විශිෂ්ඨ ඝනයේ ගති ලක්ෂන පෙන්නුම් කරයි. එය අප භේදයකින් තොරව අගයමු.

යහපාලන රජය නමැති වැල්ලේ හිස සඟවාගෙන සිටිනා එවන් දූෂිත සමහර කූට කැස්බෑවන්ගේ පස්සා පැත්ත එලියට පෙනෙනු පහුගිය දිනවල සිදුවුනු සමහර සිද්ධීන්වලින්ද ඔප්පු විනි.

ජනාධිපති තුමාට පවතින්නා වූ මීලඟ ප්රබලම ගැටළුව බව පෙනෙන්නේ අගමැති හා රාජපක්ෂලා අතර පවතිනා මිත්රශීලී ගනු දෙනුවයි. අගමැති තුමා දූෂණය නොහඳුනනා ඉතා විශිෂ්ඨ ඝනයේ දේශපාලකයෙක් වුවත්.. මිත්රශීලීත්වය හමුවේත් කෘතගුණ ශීලීත්වය හමුවේත්. ණය ගැති කාරණා හේතුවෙනුත් මහත් අසරන භාවයකට පත්ව සිටීයී.

පසුගිය රාජපක්ෂ යුගය පුරා එජාප මන්ත්රීන්ලා බිලිබාමින් තම බලය කෙතරම් තහවුරු කර ගත්තද... ඒ කිසිදු අවස්ථාවක රනිල් වික්රමසිංහ මැතිතුමාගේ විරුද්ධ පක්ෂ නායකත්ව නිලය/ධුරය අවධානමට ලක්වුනු සෑම මොහොතකම රාජපක්ෂගේ මිත්රශීලී හස්තය ඔහුවෙත දිග හැරිනි. මහින්ද රාජපක්ෂ යනු හොඳ මිත්රයෙක් උවත් ඔහු ඉතා හොඳ දේශපාලන කපටියෙක් බව රනිල් වික්රමසිංහ දැන නොසිටියානම් ඒ ඔහු එවන් කපටියෙකු නාෙවනා නිසා විය හැක.

කෙසේ වෙතත් මහත්මා ගති අැති අගමැති තුමා වර්තමානයේ පත්ව සිටින්නේ ඒ අසරන භාවයේ දංගෙඩිය මත මිස දූෂිත රාජපක්ෂලා හා ඩීල් දැමීමක් නොවන බවද ජනාධිපති තුමා අසරනව අැති හේතු සේම අවබෝධ කොට ගත යුතුය.

සෝභිත හිමිගේ නාමයෙන් සෝභිතාවතාර විශේෂයෙන් මේවා අවධාරනය කරනුයේ දේදුනු විප්ලවයේ උරුමක්කාර ප්රජාවටත් සියළු සිවිල් බලවේගයන් සහ ඒ නියමුවරුන් වෙතය.

මන්ද යත් මෙම සියළු කරුනු ගැඹුරින් සැලකිල්ලට ගෙන යහපාලන ලැදි අප සියල්ලෝ මෙම කාලය තුල ජනපති අගමැති අසරන වෙන්නට නාෙදී ඒ සෑම අවස්ථාවකදීම (පසුගිය දිනවල නැගී සිටියා සේ) ඔවුන් හා හිඳිමින් මහින්ද රාජපක්ෂ රනිල් වික්රමසිංහවද රකිමින් යමපාලනය ගෙන ගියා සේ අප එකතු වී ඒ නියායම භාවිතා කරමින් ජනපති අගමැති අවධානමට පාත්ර වන්නා වූ සෑම අවස්ථාවකම (මරා/නියාය) භාවිතා කාෙට (ඌරගේ මාළු ඌරගේ පිටේම තබා කපමින්) ඔවුන් ගලවා ගනිමින් පැරදවූ යමපාලනයට යලි කිසිදා හිස එසවීමට කිසිදු ඉඩක් නොතබා මතු පරපුරේ නාමයෙන් යහපාලනය ජයටැඹ කරා රැගෙන යමු.

ඒ සඳහා වන දේදුනු විප්ලවයේ මීලඟ දෙවනි අදියර සඳහා යුක්තියේ,සාධාරනයේ,සංහිඳියාවේ නාමයෙන් ඔබ සැම පෙල ගස්වාලීම සඳහා අද අති උතුම් සෝභිත ජන්ම දින පණිවිඩය ඔබ සැම වෙත ගෙනහැර දැක්වීමටයි මේ අවසන් කිරීමේ සැරසුම...

පහුගිය 2015 දේදුනු විප්ලවය ජය ගැනීම සඳහා කෙලින්ම දායක වූ සැමත් සියළු සිවිල් බලවේගත් සාධාරන සමාජයක් සඳහා වන සෝභිත හිමිගේ ව්යාපාරයේ පුරවැසි බලයේ නායකකාරකාදීන් සහ අනිකුත් සැමත්, වෘත්තීය සමිති එකමුතුවේ නායකකාරකාදීන් සහ අනිකුත් සැමත්, කියු නොකියූ යහපාලන ලැදි අන් සැමත්, යහපාලන ලැදි සියළු ජනතාවත් මේ වන විට 62ක්ෂයද ඉක්මවා කාරනා තේරුම් ගැනීම නිසා සියක් ලක්ෂයකට අාසන්නව අති විශාල බලයක්ව අැති ජන බලයද පහත දක්වනා මීලඟ සංග්රාමය හා එක්රොක් වී දේදුනු විප්ලවය යලි කිසිදා වෙනස් නොකල හැකි පාරිශුද්ධ වූ බලයක් කරා ඔසවා තැබීමේ අනාගත කාර්යය සහ සියල්ලන්ගේම මතු පරපුරේ අභිවෘද්ධිය තකා සෝභිත හිමිගේ ජන්ම දින අධිෂ්ඨානය කර ගනිමින් සපත කර සිටිමු.

නමස්කාර වේවා...නමස්කාර වේවා...නමස්කාර වේවා...

මීලඟ ජනාධිපතිවරනය 2020 දී පැවැත්වේ. නමුත් වත්මන් ජනපති යලි හිටපු ජනපති සේ බලය රැක ගැනුම නාෙව බලය අත්හැරි අයෙකි. එම නිසා මීලඟ ජනාධිපතිවරනය සඳහාද ප්රබල පොදු අපේක්ෂකයෙකුගේ අවශ්යයතාවය පවතී. ඒ වෙනුවෙන් යලිත් වතාවක් මෛත්රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා දේදුනු විප්ලවීය ජනතාවගේ හදවත් තුල සුදුසුකම් ලැබුවත් දැනටමත් ඔහු එම සංකල්පනාව අත්හැර අවසන්ය. එම නිසා එතුමන්ගේ උතුම් ප්රතිපත්ති බිඳීම උචිත නොවේ.

නමුත් අප කෙසේ හෝ යහපාලනවාදී එතුමානන්ගේ දර්ශනය සහ සෝභිත හිමිගේ සිහිනය ඉදිරියට ගෙනයායුතු වන්නේ රටේත් අප සැමගේ මතු පරපුරේත් නාමයෙනි.

ඒ වෙනුවෙන් අප යලිත් වරක් සිරිමා/ඩීඑස් යුගය මෛත්රී යුගයෙන් තව තවත් ඔප් නංවා දේදුනු විප්ලවය තව තවත් විචිත්රවත් කාෙට යහපාලනයෙන්ද, සස්රීරිකත්වයෙන්ද, නිවහල් බවින්ද පිරිපුන් සැමතින්ම ස්වයංපෝෂිත සුන්දර අනාගතයක් කරා රටත් ජනතාවත් ගෙන යා යුතුය.

එවන් බාරදූර වගකිවයුතු කටයුත්තක් වෙනුවෙන් රටකට වටින්නේ මාතාවකි. නිවසේ පියා කුමන අාකාරයේ වගකීම් දැරුවත් ඒ ගෙදර නිසි මාතාවක් නොසිටියහොත් ඒ පියානන්ටත් දරුවන්ටත් දෙවියන්ගේම පිහිටය.

නමුත් පියා නැති සියයට 99ක් නිවෙස් මව නිසා වැනසී නැත. නමුත් මව නැති නිවස පියා නිසා අසීරු අඩියකට පත්වීම වැලකුම ඉතා දුෂ්කරය. මා මෙම කරුන ඉස්මතු කරන ලද්දේ නිවසක මවකගේ උත්තරීතර කාර්යය භාරය සහ රැකවරනයේ අැති වැදගත්කම හුවාදක්වනු අටියෙනි.

විශ්ව මාතාව විශ්වය අාරක්ෂා කරන්නා සේ රටක් භාර ගත් මාතාවක් ඒ රට විනාශ මුඛය කරා ගෙන ගිය බවට සාධකයක් නොමැත.

එම නිසා මාතාවකගේ උත්තරීතර භාවයත් හද ගැස්මත් මැනවින් හඳුනනා තම මෑණියන් හට මහත් අාදරයක් දැක්වූ අපවත් වී වදාල සෝභිත හිමිපානන් අද උන්වහන්සේගේ 74වැනි ජන්ම දිනයේදී සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා හට මීලඟට රට භාර කල යුත්තේ මාතාවකට බව ඔබ සැමට දන්වා සිටිනා ලෙස වදාරා සිටියී.

අැය සත්යය වශයෙන්ම අප සියල්ලන්ගේම මෑණියන් සේ දෙවරක් නොසිතා පිලිගත හැකි උත්තමාවියකි. අැය නම ප්රකාශ කල පමනින් සමස්ත ජනතාවගේම අාදරයට ගෞරවයට පාත්රවන මෑණීයන් කෙනෙකි. 

රාජපක්ෂ භීෂණය රටින් අතුගා දැමීමටත් දූෂිත දේශපාලනයත් දූෂිත නිළධාරීවාදයත් සමහර දූෂිත ජනතාවත් නිසා අරාජිකව අැති අප සිරිලක සැමතින්ම පාරිශුද්ධ වූ දේශයක් බවටත් ස්වයංපෝෂිත රටක් බවටත් පත්කිරීමටත් වත්මන් ජනපති අගමැති ශක්තිමත් කරමින් ඔවුන් හා රැඳෙමින් සහායව මීලඟ ජනාධිපතිවරනය දක්වා රට අැදගෙන යායුතුය... දූෂිතයින්ගේ අවස්ථාවාදී අරමුණුවලට හිස ඔසවීමට කිසිදු ඉඩක්  නාෙතැබිය යුතුය.

එම නිසා මීලඟ ජනාධිපතිවරනයේදී රටේ පවතින සියළු බලවේගයන්ගේත් විශේෂයෙන් JVP පුතනුවන්ලාගෙනුත්, යහපාලන ලැදි සියළු ශ්රීලාංකික ජාතීන්ගෙනුත් සෝභිත හිමියන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනුයේ යම පාලනයට සදාතිත තැබීම උදෙසාත් යහපාලනය ඒකායනයෙන්ම ස්ථිරසාර සාධකයක් කිරීම උදෙසාත් මීලඟ පොදු අපේක්ෂකයා රටේ ප්රධාන කාන්තාව වන ජනාධිපති අාර්යා මෛත්රීපාල සිරිසේන මැතිණිය ඒකමතිකව යෝජනා කොට ස්ථිර කර අතිමහත් බලයකින් ජයග්රහනය කරවා පාට පක්ෂ බෙදී ජනතාව භේදබින්න කරනා ශාපලත්  දේශපාලන ක්රමයට තිත තබා සම්මුතිවාදී යහපාලන අනාගතයක් කරා ලොව හමුවේ අප රට ඉහලින් ඔසවා තබා සමස්ථ ලෝකයාටම අති උත්තරීතර පරමාදර්ශයක් ලබා දී මේ ලෝක තලයේ පහල උනු දේශපාලන සංහිඳියාවෙන් යුත් අති උත්තරීතරම සබුද්ධික ජනතාවක් වෙසෙනා රට මෙසිරිලක බවට පත්කරමුයි වදාරා සිටියී.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
පාට පක්ෂ පැත්තකට විසික් කර කාටත් පෙනෙන්නට පසුගිය දිනවල එකට බදාගෙන අවුරුදු සමරපු අපේ දේශපාලකයින්ගෙන්ම පාඩම් උගෙන පූර්වාදර්ශ ලබා අප අතර සිටිනා සමහර අඤ්ඥාණවන්ත ජනයාත් මොලේ පාදාගත්තොත් ඉතා අගෙයි...
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

2016/05/29 - සෝභිත හිමි 74වැනි ජන්ම දින ප්රාර්ථනය සහ අණාවැකි යෝජනාව අණපරිදි ජනගත කල වගයි.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා