Thursday, June 2, 2016

ලොව දිනූ ආණ්ඩුවේ ප්රගති වාර්තාව - ගම්මන්පිලගේ වාර්තාවට අභිමානවත් ජනතාවගේ වාර්තාවෙන් පිලිතුරු

---------------------------------------------------------------------------------
ලොව දිනූ ආණ්ඩුවේ ප්රගති වාර්තාව - ගම්මන්පිලගේ වාර්තාවට අභිමානවත් ජනතාවගේ වාර්තාවෙන් පිලිතුරු
---------------------------------------------------------
https://www.facebook.com/UdayaGammanpilaFanPage/photos/a.10151462900709253.1073741825.56427674252/10154194363169253/?type=3
---------------------------------------------------------------------------------



අභිමානවත් සත්පුරවැසියන්ගේ වාර්තාව....

සෑම කල්හිම රටට අාදරේ නැති අප රටේ දේශපාලකයින්, රාජ්යය නිලධාරීන් සහ ඉහල පෙලේ විවිධ ව්යාපාරිකයින් අැතුළු සමහර ධනවත් ප්රජාව සැමටම අයිති රටේ ධනය නොයෙකුත් දූෂිත ක්රම මගින් උපයා හෝ සොරකම් කොට හෝ ඒවා විදෙස් බැංකුවල සඟවා තැබීමත් එම ධනය රට තුල අායෝජනය නොවීමත් මහත් අවාසනාවකි. 

වර්තමානය වන විට මෙම කරුනු බොහෝමයක් පිලිබඳ හෙලිදරව් වී අැත. එම මහා ධනස්කන්ධය යලි මෙරටට ගෙන්වා ගත හැකි නම් අපට ජාතියක් හැටියට අන් රටවල් වෙත හිඟන්නන් සේ කොලපොත අල්ලාගෙන සිටීමට අවශ්යය නොවනු අැත. 

රටේ මහ උන් ජනතාවට අයිති ධනය සොරාකා සූරාගෙන සිටියදී ඒවා පිලිබඳ වචනයක්වත් කථා නොකරන ගම්මන්පිල නව රජයේ පාලකයින් හිඟාකාල කොපමන ධනයක් රටට ගෙනාවද කියල ප්රශ්න කරනව...!

මෙයා හිතන් ඉන්නේ අපට පොඩ්ඩක් බඩ බුරුල් කරල ගියත් ලෝකේ උන් අැවිල්ල හැඹිලිය පුරවන්න ඕන කියලයි.
---------------------------------------------------
ගම්මන්පිල අපේක්ෂා කරනුයේ අල්ලපු ගෙදර මිනිහා ගෙට ගාෙඩ වෙනවානම් කේක් ගෙඩියක් රැගෙන අායුතුය යන බවය. නැතිනම් ඔහුට තේ එකක් දීමට සිදු වීමත් අාශිර්වාදයක් නොව බරකි. නමුත් සංග්රශීලී ජාතියක් ලෙස අප රට ලොව දිනා අැති බව ගම්මන්පිල නොදන්නේ ඔහු තුල එවැනි ගුනවත්කමක් නැති නිසාත් එවැනි අාභාෂයක් වැඩිහිටියන්ගෙන්ද ලබා නැති නිසාත් විය හැක.
---------------------------------------------------
අනේ මන්දන්නෑ සාමාන්යය ජනතාව වශයෙන් වෙලාවකට අපිට හිතෙනවා සුද්ද හිටියනම් හෝ ප්රභාකරන් අාවනම් මේ තරම් වින්නැහියක් අසාධාරනයක් යුක්තිය සාධාරනය අගයන ජනතාවට කවදාවත් සිද්ධ වෙන එකක් නෑ කියල...

ගම්මන්පිලගෙන් මෙහෙම ප්රශ්නයක් අභිමානවත් ජනතාව විදියට අපි අැහුවොත් දෙන උත්තරේ පොඩ්ඩක් කියනවද බලන්න...

අසල් වැසියන් සමග අපි හොඳ මිත්රශීලී කමකින් කටයුතු කරනවානම්... අපට යම් දුකක් කරදරයක් උනාම ඒ සේරෝමල්ල අැවිල්ල එයාලගේ සන්තකය තමන්ට පුදල යන්න ඕන කියන එකද අාකල්පය.

එහෙම නැත්තම් අපි මලත් අපි දිහා නොබලා ගනනකට නොගෙන නොයිඳ අප බැලීමට පැමින අප හා දොඩමලුව අප අසරන වන ලෙස  හුදෙකලා නොකොට ශක්තියක් වී තම ප්රතිචාරය දක්වා යාම වටිනාකමක් නොවේද...

අප ජාතියක් විදියට දුප්පත් වෙලා සිටියේ අන්න ඒ කාරනාවේදීයී ගම්මන්පිල මතක තියා ගන්න. අපිව රටක් ජාතියක් විිදියට ජාත්යන්තරයේ කවුරුවත් පිලිගත්තේ නැහැ. අර බාගෙට නිරුවතින් සිටිනා නොදියුනු ජාතීන් අත් අල්ලන් සිටියට දියුනු ලෝකයා හමුවේ අපි අසරන වෙලා හිටියා. අප සිටියේ ගෝත්රික ලේබලයක් අලවලා ම්ලේච්ච බූතයෙක් විදියට බෝතලයක හිර කරල මූදේ දාලයි. ඔයාගේ මහ ලොකු මිතුරු තොමෝගේ පහත් ක්රියාකලාපය නිසා.

අප හට ජාතියක් විධියට නැගී සිටින්නට කිසිදු රටක හිඟමන් අවශ්යය නැහැ. අප රට තුල ධන ඉල්ලම් තිබෙනවා. නමුත් අපි බෙදිල සිටින නිසාත් ඒ බෙදීම තුල අප සමස්ථ ජාතියක් විධියට සැවොම එකාවන්ව පෙල ගැහිල රට දියුනු කරනවා වෙනුවට යමක් කරන්න හදන වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ යහපාලන වැඩ පිලිවෙලටත් කකුල් මාට්ටු දමමින් විවිධ බාධා සිදුකරමින් සිටිනවා.

ඔබ සොරකම් කලා හෝ නොකලා විය හැකියී. නැතහොත් අඩුවෙන්ම සොරකම් කලා හෝ අල ගෙඩියක් තරම් මොල ගෙඩියෙන් අහුවෙන්න බැරිවෙන්න සොරකම් කලාද විය හැකියී.

කෙසේ වෙතත් ඔබේ ඔය දැනුම සහ අවබෝධය රටකට අවැඩදායක කර්තව්යයන්හි නොයොදවා ජීවත් වීමට අැති මේ පුංචි කාලය තුල රටට අැති ණය ගෙවා දැමීමේ සත් කාර්යයෙහි යොදවන්න. 

සත්පුරවැසියා නොමිලේ අධ්යාපනයයි සෞඛයයි හැරෙන්න ඉස්සර කූපන් එකට දුන්න රෙදි කෑල්ලවත් අරන් රටට ණය වෙලා නෑ. පාරේ කලු ගලක්වත් හොරෙන් අරන් නෑ. නමුත් හෙට කරදරයක් උනොත් ඒ වෙනුවෙන් ගන්න  එක රු. 5000/- අපි ලඟ අැත්තෙත් නැහැ. නමුත් පස්පවින් වැලකිලා ඉන්න මිනිසුන්ව සොභා දහම විසින් විශ්ව ශක්තිය මගින් ස්වයංක්රීයවම සුරැකීම ධර්මතාවයයි. අප ඒ විශ්ව දහම නැතහොත් සාෙබාදහම පිලිබඳ අපිරිමිත විශ්වාසය තබා කටයුතු කරනා නිර්මල ප්රජාවයි.

රටට අැති ණය ගෙවල ඉවර අපි දැන් රටට සිදු කරමින් සිටින්නේ ඒ ගත් ණයෙහි පොලී සහ වැල්පොලී ගෙවීමයි.

පාලකයින්ට අවශ්යය නම් රටේ ඉහලම අපනයන අාධායම් ලබනා කර්මාන්ත අභිබවා යාමේ කර්මාන්ත ජනිත කිරීමේ හැකියාවන් අප සතුයි. මේවා ඔයාගේ මහ ලොකු මිතුරු තොමෝ හට ඒ කාලයේ අප යෝජනා කල විට දුන්නේ කාෙහෙද යන්නේ මල්ලේ පාෙල් වැනි උත්තරයි.

කෙසේ වෙතත් ගම්මන්පිලට අවසන් වශයෙන් පැවසිය යුතු කරුනක් අැත. යහපාලන සංස්කෘතියක් අපේක්ෂා කල යුක්තිගරුක ජනතාව සාපේක්ෂව ගත් කල වත්මන් ජනපති පිලිබඳව සුවිශේෂීවත් දෙවනුව අගමැති පිලිබඳවත් කිසියම් විශ්වාසයක් තබා හමාරය. අත්දැකීම් බහුල බහුශෘත ඔවුන් ජනතාවගේ ඒ අපිරිමිත විශ්වාසය බිඳ නොහෙලන බවටත් තේරුම් ගෙන අැත.

එම නිසා ඔබේ ඔය ලෝක බැංකු වාර්තා හෝ යමපාලන වාර්තා මේ කිසිවක් තුලින් සටකපට රටට ශාපයක්ව අැති තක්කඩි ගොඩ පෙරකදෝරුවන්ගේ ගැට වලට දේදුනු විප්ලවයේ 62 ක්ෂයක් ජනතාව මුලා කරනු විහිළුවකි.

එම නිසා ඔබේ මිතුරු තාෙමෝගේ දස වසරක කෙරුවාවත් වත්මන් ජනපතිගේ පස් වසරේ කෙරුවාවත් පිලිබඳ ප්රගති සමාලෝචනයක් කරන්න පිට රට අාගිය පොත්පත් එහෙමත් අරගෙන එන්න අපිව හම්බවෙන්න 2020 දී. කාටවත් චරිත සහතික ලියන්න තවම කාලය නොවේ. ඔයාගේ මිතුරු තාෙමෝට කල් පිරෙන්න කලින් චරිත සහතික ලියල අපි මට්ටු වෙලා ඉන්නේ දැන්...

ඒ වගේම 2ට/1කේ අනුපාතෙට (වසර 10ය 5ට) කෙරුවාවේ බර කිරන්න තරාදියකුත් අරන් එන්න හොඳේ...

කවදත් තක්කඩිකමට බර හින්ද ඒ තරාදියත් හාෙර එකක් උනත් යහපාලන සහ යමපාලන බර කිරන්න ලොකු ගැටළුවක් නොවන්නේ තව අවුරුදු 5 කින් මේ රට කොහේද තියෙන්නේ කියල දේදුනු ජනතාවට විශ්වාස නිසයි.

ටික දිනක් හෝ සිවුරු දරා සිටි ඔබට මින් බිඳක් හෝ අවබෝධ නැතිව නොවිය හැක. ඒ නිසා උපන් මාතෘ භූමියේ නාමයෙන්ද... රටේ වෙසෙනා සුවහසක් අවිහිංසක ජනී ජනයාගේ නාමයෙන්ද රටට වින නොකොට ඔබේ ඒ විවේචන රජය හා එක්ව සිදු කරමින් රටත් ජාතියත් විදෙස් හිඟමන් බලා සිටිනා අපතයින් බවට පත් කරනා බංකොලොත් අාකල්ප ජනිත නොකර අභිමානවත් රටක් ජාතියක් බිහි කරලීමේ කර්තව්යයට කැප වෙමු.

ස්තුතියී.
සත්පුරවැසියා  සියළුම සත්පුරවැසියන් හා ඒකාබද්ධව
http://www.sobithawathara.blogspot.com/

No comments:

Post a Comment