Wednesday, October 9, 2019

"සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක්" සියලු ජාතික සහ විකල්ප ජනාධිපති අපේක්ෂකයින් හට කොන්දේසි සහ යෝජනා මාලාව...චන්ද (වරම) හිමි සමස්ථ අයිතිකාරයින්ගෙන්...

  "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක්"
 
සියලු ජාතික සහ විකල්ප ජනාධිපති අපේක්ෂකයින් හට කොන්දේසි සහ යෝජනා මාලාව...චන්ද (වරම) හිමි සමස්ථ අයිතිකාරයින්ගෙන්...
===================================
පවතින සියලු විකල්ප ධාරාවන්ගේ සමස්ත ක්රියා කාරකම් සහ විග්රහයන් දෙස නෙත් යොමා බලනා කල සාපේක්ෂව සාධනීය වූ තත්ත්වයක් සෝභිත හිමියන්ගේ පැතුම පිලිබඳව කිසියම් හඬක් නගනා අභිමන් ලංකා සාමාජික (ජා.ස.පෙ.) කියනා නම්යශීලී වූත්, මහත්මා ගති ලක්ෂන විදහා පාන්නා වූත්, මෙම විකල්ප ධාරාව තුළ පවතිනා බව පෙනී යයි.

නමුත්, සියල්ල එතෙකින් හමාර වන්නේ නැත... පිලිතුරු ලැබිය යුතු තව ප්රශ්න ගැටළු රාශියක් පවතී. අපේ ජීවිතය පුරාවටම අැති මෙම අවසන් අවස්ථාව වරද්දා ගන්නට සමස්ථ ඡන්ද දායක ජනතාව යලිත් වතාවක් කිසිදු අවධානමක් ගන්නට කිසිම සූදානමක් නැති බව කාරුණිකව අවධාරනය කරමු.

මෙම ලිපිය සහ සමස්ථ මහජන යෝජනා සහ අදහස් විමසා බලා දන්වා අැති අාකාරයට අපේ පරමාධිකාරී බලය නොහොත් අපගේ "වරම" ඉල්ලා සිටින්න...
 
(මෙය ජාතික සහ සියළුම විකල්ප ධාරාවන් සඳහා වලංගු ලියවිල්ලකි. කොන්දේසි මාලාවකි) - ලක්වැසි සමස්ථ ජනතාව - 2019/10/09
*****************************************************

ඔබලාගේ සමස්ථ විග්රහය තුළ සෝභිත හිමියන්ගේ හඬ කොතෙක් දෝංකාර දුන්නද උන් වහන්සේගේ ආත්මය විශ්වය තුල සැරි සරමින් සැමට එකසේ සාධාරණ සමාජයක් බිහි කරලීමේ නොනිමි සිහිනය වෙනුවෙන් අවතාරයක්ව වැරදුණු තැන සිට...
 
සාර්ථකම විසඳුම ඇති නිවැරදිම වූ දිශානතිය කරා යොමු වෙමින් සාමාන්ය ජනතාව අතරට පිවිස ඒ අතරින් පූර්ණ වූ ආධ්යාත්මික විමර්ශනයක් සිදු කොට ආර්ය අෂ්ඨාංගික මාර්ග ඵල අවබෝධ කොටගත් සුපිරිසිදු පුරවැසියකු තම ආතුරයා බවට පත් කොට ගෙන 2015 ඒ දේදුනු විප්ලවයේ වැරදුනු තැන සිට නොවරදින ඉලක්කය කරා අවසන් අදියර තීරණාත්මක කඩ ඉම 2019/20 මෙවර ජනාධිපතිවරණයේදී සපුරා ලනු වස් ආතුරයා මගින් තමන් වහන්සේ විසින් පවත්වා ගෙන යනු ලබන "බ්ලොග් අඩවිය" blog (sobithawathara) (සෝභිතාවතාර) සහ "ෆේස්බුක්" (facebook) මුහුනු පාෙත (සෝභිතාවතාර) සහ (sathpurawasiya) පිටු මගින් පවත්වාගෙන යනු ලබන විප්ලවීය සටන් පාඨ අතුරෙන් ප්රධාන වූ....

දශක හතක් පුරා රටේ සුවහසක් ජනතාව තම තමන් ගේ පැවැත්ම උදෙසා බෙදා වෙන් කොට විරසක කර ඇති පාට පක්ෂ කල්ලිවාදී අවැඩදායක හරසුන් යල් පැන ගිය මජර දේශපාලන ක්රමය අහෝසි කරනා බවට සහ/හෝ ජනතාව බෙදා වෙන් කරනා වසර පහෙන් පහට මැතිවරණ පවත්වන පවතින ජරාජීර්ණ ක්රම වේදය අහෝසි කොට ඉදිරිපත් කරනා ජනතාව නොබෙදෙනා ක්රමවේදය කවරේද...???

ඉතාමත් සුපැහැදිලිව ඒවා දක්වන්න. සැමට එක සේ සාධාරණ සමාජයක් බිහි කරනවා යැයි පොරොන්දු දෙමින් උන්වහන්සේගේ කර පිටින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව වැඩි කල් ගත වන්නටත් පෙර අපිට කරපු විනාශයේ ප්රතිඵල අපි තාමත් භුක්ති විඳිමින් සිටිමු.

*(නමුත් හිමි කර ගත් ප්රජාතාන්ත්රික නිදහස ඉතාමත් ඉහල අගයක පවතිනා බව කුහකත්වයෙන් යුතුවද, ගෞරව බහුමානයෙන් යුතුවද දන්වා නෙසිටියහොත් එය මහත් අකෘතථඤ කමකි උතුම් වූ මනුශ්යත්වයට නොගැලපෙන..)

කෙසේ වෙතත් කිසිවෙකුටවත් කිසිවක් කල නොහැකි යල් පැන ගිය දශක 7 ක් ඉපැරනි පවතිනා වැරදි ක්රමවේදය නිසා උන්වහන්සේගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ ජයග්රහණය වෙනුවෙන් තර්ජන, ගර්ජන මධ්යයේ උර දුන් හැට දෙලක්ෂයක් (62,00000) ජනතාවට අවසානයේ යන එන මං නැති වී අසරන විනි.

එම නිසා මේ වන විට පවතින සියලු දේශපාලන ධාරාවන් තුළින් අසාධාරණයටත්.. අනාරක්ෂාවටත්.. පත්ව සිටිනා කෝටි දෙකක් වන රටේ සමස්ථ ජනතාව අතර සිටින 159,99500 ක් වන චන්ද හිමි ජනතාවගේ සැබෑ විමුක්තිය වෙනුවෙන් උන්වහන්සේගේ අඩවියෙහි කියැවෙනා මහජන අභිලාෂයන් වෙනුවෙන් වන ඔබලාගේ විකල්ප කණ්ඩායමේ මතු වෙනස් නොකරනා සැලසුම් සහ වැඩ පිළිවෙල හා ප්රතිපත්ති ජනතා අධිකරණය හමුවට පහත පරිදි විශ්වසනීය අාකාරයට විනිවිද භාවයෙන් යුතුව පමුනුවන්න...

ත්රෛනිකායික මහා සංඝ රත්නය, සෝභිත හිමියන්ගේ මෙම 2020 දෙවැනි අවසන් විප්ලවයේ ප්රධානතම පෙර ගමන් කරුවා වන පවතිනා වාතාවරණය කරා රට ආපසු හරවා සමස්ත ජනතාවට දෙවරක් සිතන්නට සිදුවුනු පාස්කු ප්රහාරයෙන් දිවි පිදූවන්ගේ සොහොන් කොත් මතින් තවත් ලේ විලක් කරා අපගේ මවුබිම ගමන් කරවීමට තිබුණු ඒ අති භයානක අවස්ථාව වලකා ලූ මේ වන තුරුත් අහිමි වුණු තම බැතිමතුන් සහ මෙරට සහ පිටරට ජනී ජනයාගේ වියෝව නිසා දුකින්, කඳුලින් වේදනාවෙන් පසුවන අගරදගුරු අති උතුම් ගරු මැල්කම් රංජිත් කාදිනල් උතුමාණන් පෙරටු කොටගත් සර්ව ආගමික නායකයින් එකම වේදිකාවක් මතට කැඳවා ඉදිරිපත් කරනා ලෙස විශ්වයේ සැරි සරනා සෝභිත හිමියන්ගේ ආත්මය තම ආතුරයා සත් පුරවැසියා නොහොත් "සෝභිතාවතාර" "sobithawathara" මගින් මෙසේ ජනගත කළ වගයි.
 
එම නිසා ඔබ තුමන්ලාගේ විකල්ප කඳවුර සත්යයවාදී ලෙසමද.. හදවතින්මද... අවංකවමද.. විනිවිද භාවයෙන් යුතුවද, සමස්ත ජනතාවගේ සැබෑ විමුක්තිය වෙනුවෙන් සුපැහැදිලි වූ සක්රීය දායකත්වයක් දරනා බව මෙකියනා ජනතා අධිකරණය හමුවේ ඔප්පු කර පෙන්වා දශක හතක් පුරා අනේක විධ දුක් විඳිනා සමස්ත ජනතාව දිනවීම උදෙසා සුදුස්සාට සුදුසු තැන හිමි වන ජනතාව නොබෙදන ආණ්ඩුකරණයක් සෑදීමට පොරොන්දු වී....
 
"නෝටා" (Nota) කොටුව හෝ "කුරුටු" (Kurutu) කොටුව සලකුණු කිරීමට සූදානමින් පවතින 159,99500 වන "අපි වෙනුවෙන් වන අපේ" "චන්දය" කැමැත්ත අති මහත් පරමාධිකාරී බලය නොහොත් ඒ අපේ "වරම" සත්භාවයෙන් යුතුව ඉල්ලා සිටින්නට පෙර ඕනෑම ජගතෙකු මෙම සියළු පොරොන්දු විවෘත ජනතා අධිකරණයක් හමුවේ ලබා දෙන බවට පැහැදිලි ප්රකාශයක් සිදු කරන්න.

ස්තුතියි.

සෝභිත හිමියන්ගේ ආත්මය අරක් ගත් ආතුරයා සත්පුරවැසියා ඉතාමත් ගෞරවයෙන් සහ සත් භාවයෙන් යුතුව සියළු ධාරාවන්හි සැමට ආමන්ත්රණය කළ වගයි.

ඒ වාගේම ජනතාවගේ මුදලින් ජීවත් වන ශ්රව්ය, දෘශ්ය, මුද්රිත, රටේ පවතින සියලු මාධ්ය තමන්ගේ ඒ ජනතාව අමතක කොට ඇති මෙවන් වූ තීරණාත්මක මොහොතක දුප්පත් අපිට ඉෂ්ඨ දේවතාවකු උනු මුහුණ පොත (facebook) මාධ්ය ජාලයේ නිර්මාතෘ (මාර්ක් සකර්බර්ග්) (mark zuckerberg) මැතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට පින් සහ සෙත් පතනා අතරම අපේ හඬ පාගා දැමූ අපි නිසා ජීවත්වන ඒ සියලු මාධ්ය පිළිබඳ සමස්ත ජනතාව නැවත වරක් සිතා බලත්වා...!

*මේ ලිපිය දකිනා සියලු ජනතාවට ඉතා වැදගත් පණිවිඩයක්...
*********************************************************
මෙම ලිපිය දකිනා සියලුම ජාතීන්ට අයත් සමස්ත ජනතාව (විශේෂයෙන් මුහුණ පොත මාධ්ය පරිහරණ කරනා ලක්ෂ හැටක් පමන වන තරුණ/තරුණියන්) අැතුළු උගත් වැඩිහිටි සැවොම මෙම පණිවිඩය රට පුරාම සිටිනා තම තමන්ගේ විශ්වාසයන් මේ වන තුරු කඩ කොට නොමැති අපේ සියඵ ආගමික නායකයින් වෙත යොමු කරන්න. හෝ ගෙනගොස් පෙන්වන්න. තම තමන්ගේ සියළුම වැඩිහිටියන් සහ දෙමාපියන් දැනුවත් කරන්න..

71 වසරකට පසු පාස්කු ප්රහාරයේ මළවුන්ගේ සොහොන් කොත් මතින් ජීවත් වන්නවුන්ගේ සදාතනික විමුක්තිය උදෙසා සමස්ථ ජනතාවට ලද මේ මහා භාග්යවත් අවස්ථාව ගිලිහෙන්නට කිසිසේත් ඉඩ නොදෙත්වා.

සෝභිතාවතාර/sobithawathara 2019/10/09 දින පෙ.ව. 08.44 ට ජන ගත කළ වගයි.
---------------------------------------------------------------------------

සෝභිත හිමියන්ගේ පරම, පවිත්ර වූ අභිලාෂයන් දැනගැනීම සඳහා පහත ඇති අඩවියට සහ මුහුණු පොත පිටු වලට පිවිසෙන්න...



සමස්ත ජනතාව අපේක්ෂා කරනා විමුක්තියේ යෝජනා සහ උගතුන්, විද්වතුන් රැස්කොට විදිමත්ව සංස්කරනය කොට සකස් කර ජනමත චිචාරනයෙකින් සම්මත කල යුතු වන...
 
අපිට රටට මතු අනාගත පරපුරට ගැලපෙන නවීන ලෝකයට උචිත ව්යවස්ථා කෙටුම්පත් යෝජනා වලියේ දල සැකැස්ම නැතහොත් අාකෘතිය. පහත අැති වර්න (Post) පෝස්ටු වලින් දැක්වේ.

සවිස්තර සදහා ඉහත (බ්ලොග්/blog) අඩවියට සහ මුහුනු පොත (facebook) පිටු අතරට පිවිස බලන්න.
සෝභිතාවතාර / Sobithawathara
2019/10/09



















 ==================================================================

සවිස්තර සදහා ඉහත (බ්ලොග්/blog) අඩවියට සහ මුහුනු පොත (facebook) පිටු අතරට පිවිස බලන්න.

සෝභිතාවතාර / Sobithawathara

No comments:

Post a Comment