Monday, October 7, 2019

සෝභිතාවතාරයේ හඬ වසර පහක් පුරා අඛණ්ඩව නොකා නොබී නිදි වරා ලෙඩ දුක් කිසිවක් නොතකා විශ්වය පුරා ගිගුම් දුන්නා. මගේ යුතුකම සහ වගකීම, වගවීම අද දින 2019/10/07 පෙ.ව. 11.59 න් සාර්ථකව සමාප්ත කරන්න හැකි වුණා.

සෝභිතාවතාරයේ හඬ වසර පහක් පුරා අඛණ්ඩව නොකා නොබී නිදි වරා ලෙඩ දුක් කිසිවක් නොතකා විශ්වය පුරා ගිගුම් දුන්නා. මගේ යුතුකම සහ වගකීම, වගවීම අද දින 2019/10/07 පෙ.ව. 11.59 න් සාර්ථකව සමාප්ත කරන්න හැකි වුණා.
============================================
සෝභිතාවතාරයේ හඬ වසර පහක් පුරා අඛණ්ඩව නොකා නොබී නිදි වරා ලෙඩ දුක් කිසිවක් නොතකා විශ්වය පුරා ගිගුම් දුන්නා.
ලක්ෂ ගණනක් ජනතාවගේ මනස පිළි සෝදනයට ලක් කරන්නට හැකි වුණා.
අපවත් වී වදාළ සෝභිත හිමියන් තම ආතුරයා ගෙන් අපේක්ෂා කළ "සැමට එකසේ සාධාරණ සමාජයක්" බිහි කරලීම උදෙසා වන "දේදුනු විප්ලවය" අවසන් කඩ ඉම කරා අනාරක්ෂිතවද, දිවි දෙවැනි කොටද, වෘත්තීයමය කටයුතු පසෙකලා සත් පුරවැසියකු ලෙස මව්බිම වෙනුවෙන් සහ මතු පරපුර වෙනුවෙන් වන මගේ යුතුකම සහ වගවීම අද දින 2019/10/07 පෙ.ව. 11.59 න් සාර්ථකව සමාප්ත කරන්න හැකි වුණා.

මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගොස් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අයදුම් කිරීම සම්බන්ධයෙන් වන සියලු විස්තර ලබාගෙන පැමිණියද සියලු විකල්ප ධාරාවන් සීසී කඩ ගොස් පවතින ඡන්ද පදනම සුනු විසුණු කරන දමා කල්ලිවාදී ලෙස රජ වන්නට ගන්නා උත්සාහය හා අනුගත වෙමින් මා හටද රජ සිහින දැකීමේ කිසිදු අාශාවක් උවමනාවක් කිසිසේත් පැවතියේ නොමැත.


තිබුනානම් යම් දෙයක් සිත තුල ඒ අන් කිසිවක් නොව මා පතනා දැක්ම, සිහිනය ඉදිරියට රැගෙන යනුයේ කවර කණ්ඩායමද යන්න පිලිබඳ විමසිලිමත් වීම පමනි. මා හට ඒ පිලිබඳ මේ වන විට කිසියම් විශ්වාසයක් යම් ප්රමානයකින් ගොඩ නැගී අැත. ඒ නිසා මා දැන් අන් අයට ජය පතා රට දැය වෙනුවෙන් තරඟ බිමෙන් සමු ගනිමි. මාගේ ක්රියාකාරකම් හේතුවෙන් කිසිවෙකුගේ හෝ ක්රියාකාරකම් වෙනුවෙන් වටහා ගත නොහැකි අත් වැරදීම් සහ නොදැනුවත් කම් හේතුවෙන් යම් යම් අපහසුතා අැති උනි නම් ඒ සම්බන්ධයෙන් අතිශය කණගාටුවට පත් වෙමි. සමාව බජනය කරත්වා...

අැත්තටම සුදුස්සෝ ඔබ සැම වෙත්. නමුත් මා සිදු කලේ සැකය දුරු වන තෙක් පවතින යුග අවශ්‍යතාවය වෙනුවෙන් වෙස් ගැනීම පමණි. දැන් මාගේ සිත සම්පූර්නයි. සෝභිත හිමියන් මා කෙරෙහි තැබූ විශ්වාසය අල්ප මාත්රයකින්වත් කඩ කර නොමැත.

මගේ සරල දිවිය මට රත්තරං. අවශ්‍ය කළේ එකම දෙයයි. සෝභිත හිමියන් මා හට පවරා තිබූ පරිදි පසු ගිය වතාවේ මෙන් තැටිය බාගෙට රත් කොට රොටිය හරි හැටි නොපිළිස්සී වෙච්ච අත් වරද යළි නොවන්නට පදමට තැටිය රත් කරවීම පමණි.

කොතෙකුත් මා ගැන සැක කළ NPM හි, යම් යම් අය සිදු කළ සිත් රිදවීම් සහ බලපෑම් කිසිවක් නොතකා මව්බිමේ විමුක්තියේ නියත ජයග්‍රහී මාවත මා විසින් ස්වේච්ඡාවෙන්ද... දිවි දෙවැනි කොටද.. කිසිදු ලාභාපේක්ෂාවකින් තොරවද... වසර පහක් පුරා කැප වී හෙළි පෙහෙළි කර දී ඇත.


එය අන් කිසිවකුත් වෙනුවෙන් නොව.. රට ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් පමණි.
********************************************************************************************

*අවසන් අවවාදය..! 
මින් මතු මේ රටේ කිසි ලෙසකින්වත්.. කිසි කලෙකවත්.. කිසිවෙකුටවත්.. තනිවම රජ විය හැකි නොවනු ඇත. එය නියතය. මගේ මතවාදය විසින් එය දැන් ගල් කර අවසන්ව ඇත.

සත්භාවයෙන් යුතුවද... පරහිතකාමීවද... රට සහ ජාතිය වෙනුවෙන් හද තුළ සැඟවී ඇති කල දුටු කළ වල ඉහ ගැනීමේ ආත්මාර්ථකාමී යක්ෂයන් පලවා හැර සියලු විකල්ප ධාරාවන් එකම කඳවුරකට ගාල් වුවහොත් පමණක් ඒ සියල්ලන්ටම 2019/11/17 වැනි දින විජයග්‍රහණය සැමරිය හැකි වනු ඇත.

තව දුරටත් හොඳින් සිතා බලා ලැබී ඇති අවසන් අවස්ථාව ගිලිහී යන්නට ඉඩ නොදෙත්වා. සියලු විකල්ප සමග සාමූහික එකඟතාවයන්ට පිය මනිත්වා.

බෙදී ගියොත් රට යයි සුන් වී. සමු ගැනීමට කාලය එළැඹ ඇත.

රට දැය වෙනුවෙන් හදවතින්ම සැමටම ජය..// ජය..// ජය..// වේවා.
චිරං ජයතු...
සෝභිත ආතුරයා සත් පුරවැසියා.

සෝභිතාවතාර.
2019/10/07 පෙ.ව. 11.59.99 ට ජන ගත කළ වගයි.

No comments:

Post a Comment