Sunday, October 6, 2019

බයිලා කියන හිටපු සහ පවතින ආර්ථික ඔස්තාර්ලාටයි මේ අභියෝගය..

 බයිලා කියන හිටපු සහ පවතින ආර්ථික ඔස්තාර්ලාටයි මේ අභියෝගය..
 බයිලා කියන හිටපු සහ පවතින ආර්ථික ඔස්තාර්ලාටයි මේ අභියෝගය..

(01) කාටවත් කියන්න පුළුවන්ද රට වටේ තියන මුහුදෙන් සහ කලපු ආශ්‍රිත ප්‍රදේශ වලින්  ගන්න පුලුවන් ප්‍රයෝජන මොනවාද කියලා...
(02) කාටවත් කියන්න පුළුවන්ද රටේ තියෙන කුණු වලට කරන්න පුළුවන් මොනවාද කියලා.. *(කොම්පෝස්ට් පොහොර වලට පරිබාහිර මුදල් මැවිය හැකි ධන ඉල්ලම් ගැන)*
*විශේෂයෙන් දිනපතා ටොන් ගණනින් අපතේ යන එළවළු, පලතුරු, මස් මාළු, ඉඳුල්, මලාපවහන පද්ධති, එවන් අනෙකුත් සියල්ල ආශ්‍රයෙන්...
(03) කාටවත් කියන්න පුළුවන්ද රට පුරා තියෙන ජල සම්පතින්, හිරු එළියෙන්, වාතාශ්‍රයෙන්, විදේශ විනිමය ධන ඉල්ලම් මවන්න පුළුවන් ක්‍රම වේදයක් ගැන... 
(*මොකද ඒ 1998/99 කාලේ හිටපු ධීවර ඇමතිලාට අපි මේවා යෝජනා කලාට ගණන් ගත්තේ වත් නෑනේ)**
***බැරිවුණු තැන තමයි සේරම අල්ලලා දාලා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වෙන්නෙ නැතුව.. තියන දෙයක් කාල වැඩක් බලාගෙන ගෙදරට වෙලා බකන් නිලාගෙන ඉන්න පටන් ගත්තේ..
(04) කාටවත් කියන්න පුළුවන්ද රට පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වල් වැදිලා තියෙන වගුරු බිම් වලින් ගන්න පුලුවන් ප්‍රයෝජන මොනවාද කියලා...
(05) කාටවත් කියන්න පුළුවන්ද රට පුරා තියෙන අක්කර ලක්ෂ ගණනක පහත් බිම් වලින් ගන්න පුලුවන් ප්‍රයෝජන මොනවාද කියල...
"ornamental fish industry in the world" සහ "ornamental fish farming in the sri lanka" කියලා මේ දැන් google search එකක් දැම්මත් ජීවත්වෙලා ඉන්න තාක්කල් කියවලා බැලුවත් අවසානයක් නොවන තරම් pages ලක්ෂ ගනනක් පෙන්නාවි.
(06) කාටවත් කියන්න පුළුවන්ද විදෙස් රටවල අනන්ත දුක් විඳිමින් නානා විධ අපහරණයන්ට අඩත්තේට්ටම් වලට ලක් වෙමින් බැල මෙහෙ කරනා අපේ මව්වරුන්, සහෝදරියන්, දියණිවරුන්, යළි දේශයට කැඳවලා ඒ අයට ගෙදර ඉදන් හොඳ ආදායමක් ලබන්න පුළුවන් ක්‍රමවේදයක්, සාර්ථක වැඩ පිළිවෙලක් ගැන...
(07) කාටවත් කියන්න පුළුවන්ද රටේ පවතින විදේශ ආදායම් පවතින විනිමය ආදායම් අතික්‍රමණය කරමින් ඉහළ තලයකට ගෙන එන්න පුළුවන් වැඩ පිළිවෙලක් ගැන.
(08) කාටද කියන්න පුළුවන් රටේ තියෙන ත්‍රීවීල් ලක්ෂ 15 ලවෙන් ගස් යට හන්දි ගානේ වියැකී යන රටේ තරුණ පිරිමි දරුවන් ගේ ජීවිතවලට දැනට ලබන ආදායම වගේ හතර පස් ගුණයක් හෝ ලක්ෂපතියකු හෝ අපනයන කරුවකු වී කෝටි පතියෙකු වීම දක්වා ළඟාවිය හැකි බලාපොරොත්තුවක් ක්‍රම වේදයක් සහ ඊට අදාළ තාක්ෂණය සහ දැනුම සහ පහසුකම් ලබා දෙන්න පුළුවන් යෝජනාවක් ගැන කියන්න..
*කෙරුවාව කෙසේ වෙතත් අඩු ගානේ කියන්නවත් පුලුවන්ද..??
***අපි කියන්නේ මේ සුරංගනා කතා නොවේ. මේවා කරලා ඔප්පු කරලා තියෙන හින්දයි. ඒවා තව ටික දවසකින් රට පුරා ඉන්න ඉතාම අඩු පහසුකම් යටතේ වුවත් සාර්ථක වුණු දරුවන් කියන්න පටන් ගනීවි.
(09) කාටද කියන්න පුළුවන් බාල, තරුණ, මහලු, ගෑනු, පිරිමි, ජාති, ආගම්, කුල මල භේද වලින් තොරව රටේ ඕනෑම දිහාවක ඉඳන් හොඳ මානසිකත්වයකින් යුතුව (Job satisfaction) පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව හෝ රැකියා කරන අතර වුවත් හොඳ ආදායමක් ලබන්න පුළුවන් ක්‍රම වේදයක් ගැන. රටේ ආර්ථිකයටත් වැදගත් වන..
(10) කාටද කියන්න පුළුවන් සියයට හාරසීයක් (400%) ලාභ සහිත මඩේ, ගොඩේ, කැලේ කොලේ වගා කරන්න පුළුවන් ජලජ පැලෑටි වලින් කෝටි ගණනින් විදේශ විනිමය හොයන්න පුළුවන් බව...
(11) මේ කිව්වේ මට පුද්ගලිකව අදාල මගේ නිපුණත්වය ඇති ක්ෂේත්‍රය ගැන පමණයි. තව මම ළඟ ඉන්නවා මේ වගේ මටත් වඩා තව බොහෝ හැකියාවන් තියෙන ලක්ෂ 159 ක් අතර ඉන්න අති දක්ෂයෝ ලක්ෂ ගණනක්...
* මෙවර ජනාධිපතිවරණයෙන් "අපි වෙනුවෙන් අපිම" කැප වෙලා මෙතුවක් කල් ඔය වගේ සුරංගනා කතා කියලා අපිව රවට්ටපු වංචනිකයන්ගෙන් අපේ විමුක්තිය අපිම උදා කරගෙන අපේ හද ගැස්මට උචිත, රටට ජාතියට පරිසරයට ගැලපෙන ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගෙන පාට පක්ෂ ඔය දෙගොල්ලොම එකතු වෙලා රට විනාශ කරලා, ජාතිය විනාශ කරලා බහිරවයා ගිලපු ට්‍රිලියන 13ක ණය කන්දරාවත් ගෙවල දාලා ගෙදර යනකොට ඕගොල්ලෝ ලියාගෙන ගිය පින් පඩි‍ය මැරෙනකම්ම ගෙවන්නත් සල්ලි හොයාගෙන අපිත් ගොඩ ගිහිල්ලා, ඔයාලවත් ගොඩ දාන්නම්. කරුණාකරලා දැන්වත් පව් නොදී ඕගොල්ලන්ගේ tv චැනල් ටික බලාගෙන ගෙවල් වලට වෙලා වැඩක් බලාගෙන ඉන්න හොඳේ. වැඳලයි කියන්නේ.
ස්තුතියි.
මෙයට විශ්වාසී කියන දේ කරන, කරන දේ කියන...
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආතුරයා.
2019/10/06
පොඩ්ඩක් ඉන්න මේ වීඩියෝ ක්ලිප් එකත් පොඩ්ඩක් බලලම යන්න.
හිතට හරි සුන්දර සනීපයක් දැනෙයි.මේ වාගේ තව දස දහසක් අතරින් මේ එකක් පමනයි හොඳේ..
https://youtu.be/Z7SFOH-YFO0 
Lumbini Aquaria Sri Lanka
1,250,094 views 6.6K Likes
•Jun 17, 2016

https://youtu.be/Z7SFOH-YFO0
 මේ පහල වීඩියෝවත් ටිකක් හරි බලන්න. ටිකක් බැලුවොත් ඉවර වෙනකම්ම බලන්න හිතෙයි. සත්තයි..

PETRA-AQUA tropical fish wholesale - ABOUT US

690,313 views •May 9, 2018
 https://youtu.be/cc2fB0aVEJU


















No comments:

Post a Comment