Sunday, October 6, 2019

අපි ඔය/මේ වැඩේ 2020 මුල් භාගයේදීම අරඹමු. Proprietor / Founder - 2019/10/07 - අළුයම 01.12


*අපි ඔය/මේ වැඩේ 2020 මුල් භාගයේදීම අරඹමු*
*************************************************
මම විශේෂඥතාවය දරනා විසිතුරු මත්ස්‍ය විෂයෙන් ඉදිරි වසර පහ ඇතුලත ශ්‍රී ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ගෙන එනු ලබන ආදායම් මාර්ගය බවට පත් කරනවා.

ශ්‍රී ලංකාව වටේම තියෙන මුහුදු තීරයේ කලපු ආශිතව "ආටීමියා" නිෂ්පාදනය ව්‍යාප්ත කරනවා. මේවා නිෂ්පාදනය සඳහා වැය වන්නේ ඉතාමත් අල්ප වියදමක් පමණයි.

ලවණ සහිත කලපු ප්‍රදේශයන්හි බහුලව ව්‍යාප්ත කළ හැකි "ආටිමියා" "Artemia" කෝෂ සුළං මගින් වෙරළට ගසාගෙන ආ පසු ඒවා ඕන කෙනෙකුට නොමිලේ එකතු කර ගන්න සලස්වනවා. *(ඒ පිළිබඳ මා සිදුකළ පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලබා තිබෙනවා) අවාසනාව වූයේ ඒවා පිළිබඳ පැවති කිසිදු රජයක් අවධානය යොමු නොකිරීමෙයි. ඒවත් පිටරටින් ගෙන්වලා කොමිස් ගත්න නිසා වෙන්න අැති.

ඉන් පසු එසේ නිෂ්පාදනය කරනු ලබන "ආටීමියා කෝෂ" එකතු කිරීමේ සහ තාක්ෂණික මධ්‍යස්ථාන "NAQDA" සහ "NARA" ආයතන මගින් පිහිටුවනවා.

එයින් ස්ත්‍රී පුරුෂ බාල මහලු ජාති ආගම් කුල මල භේදයකින් තොරව විශාල ස්වයං රැකියා උත්පාදන‍යක් බිහි වෙනවා.

ආනයනික මිල අධික "ආටිමියා" / "Artemia" සහ "ටියුබිෆෙක්ස්" "tubifex" අපේ විසිතුරු මසුන්ට ආහාර පිණිස ලබා දීමෙන් විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය සිය දහස් ගුණයකින් වැඩි කරගත හැකි වෙනවා. ඒ වගේම නිෂ්පාදන පිරි වැය සියයට දශම ගනනට පහල බහිනවා. එවිට ලෝකයේ තරගකාරි සියලුම රටවල් අතර අපිට නිතරඟයෙන් ජයගත හැකි වෙනවා.

වර්තමානය වන විට විදේශ රට රටවලින් ආනයනය කරන ආටිමියා g ග්‍රෑම් 400 ක් රුපියල් හත් දහසක් පමණ වෙනවා.

රට අභ්‍යන්තර පහත් බිම් සහිත සුදුසුකම් ලබන වගුරු කලාපයන්හි tubifex නිෂ්පාදනය අරඹනවා. පිට රටින් ගෙන එන ඒවා කිලෝ එකක් රුපියල් හය දහසක් පමණ වෙනවා.

නමුත් අප රටේ ඉවත ලන ටොන් දස දහස් ගණනක දිරා යන අපද්‍රව්‍ය අනුසාරයෙන් ශ්‍රමයට වැටුප් ගෙවීමෙන් පමණක් ඉතා අඩු මිලකට මේවා නිෂ්පාදනය කළ හැකි වෙනවා.

එවිට ලෝක වෙළෙඳ පොළ තුළ ඕනෑම තරඟයකට මුහුණ දිය හැකි වන ලෙස සියලුම විසිතුරු මත්ස්‍ය වර්ග අප රට තුළ දීම නිෂ්පාදනය කළ හැකි වෙනවා.

ඒ වාගේම කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව වල් බිහිව ඇති අක්කර දස ලක්ෂ ගණනක් වන වගුරු කලාප, පහත් බිම් සහ අනිකුත් රට වටකර ඇති සියලු ඉඩම් ඕනෑම කලාපයක මෙම වටිනා සත්ත්ව පාලන කෘෂි ක්ෂේත්‍රය නඟා සිටුවිය හැකි වෙනවා.

එවිට විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම සිය දහස් ගුණයකින් ඉහළට යනවා.

මෙම හේතුව නිසා ස්වයං රැකියා උත්පාදනය සිය දහස් ගුණයකින් වැඩි වෙනවා.

ඒ වගේම මේ ක්ෂේත්‍රයේ නියැලෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට 0% පොලියට ණය ලබා දෙන්න යෝජනා කරනවා.

නිවසේ සිට විශාල ආදායමක් ලබාගත හැකි ඉතා වටිනා සුන්දර ආදායම් මාර්ගයක් නිසා විදෙස් ගතව දුක් විඳින සියලුම අපේ අම්මාවරුන්, නැගණියන්, දූවරුන් යළි මව්බිමට කැඳවිය හැකි වෙනවා.

ජලයෙන් මුතු/මැණික් නිපදවිය හැකි අප රටේ පවතින මහා ධන නිධානයක් වන විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රය ගැන මම පවතින සියළුම රජයන්ට (වත්මන් රජයට හැර) වසර විස්සක් තිහක් පුරා බෑඟිරි ගෑවද එයින් ලබාගෙන අැති ප්‍රයෝජන ඉතාමත් අල්පය.

මේ සරල වැඩ කොටස ඉටු නොකර බලධාරීහු  වටේ යනවා. 

"බීරි අලින්ට වීනා වැයුවට වැඩක් නෑ" කියලා කියන්න ඒක තමයි.

මා මේවා පවසන්නේ මගේ තකතීරු කමටවත් කට කසනවාටවත් නෙවෙයි. ඒ විෂය පිළිබඳ තියෙන වසර 50 ක අත්දැකීම් සමගයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම (විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පිලිබද) ග්‍රන්ථය ලියූ කතුවරයා විදියට ඒවා දන්නෝ දනිති.

නමුත් මෙවර අපගේ විජයග්‍රහණයෙන් අනතුරුව "අපි වෙනුවෙන් අපිම" ඒකරාශිව අපගේ මවුබිම ලෝකයේ පවතින ඉහළම අභිමානනීය රාජ්‍යයක් බවට පත් කරවනවා.

*මෙම දත්ත වාර්තාව අනුව වතුරවත් නැති සිංගප්පූරුව ප්රථම ස්ථානයේ පසු වන්නේ අප රටින් සහ වෙනත් අාසියාතික රට රටවලින් විසිතුරු මසුන් අානයනය කොට ප්රති අපනයනය කරලීමෙනි. (Re/Export)

Proprietor / Founder
2019/10/07- අළුයම 01.12





No comments:

Post a Comment