Tuesday, February 26, 2019

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාධියාමි

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාධියාමි

දිනක් බුදුරජානන් වහන්සේ අානන්ද තෙරුන් සමග කුඹුරක් මැදින් දානයක් සඳහා වැඩම කරමින් සිට අැත.

එහිදී ගොවියන් විසින් ඒ කුඹුර කොටමින් වී අැස්වැද්දීම සඳහා මඩවමින් සිට අැත. මේ දුටු අානන්ද තෙරනුවෝ බුදු පියානන්ගෙන් මෙසේ විමසාලූවාලු. හිමියනි ගොවියන් කුඹුර කොටනවා එහිදී පනුවන් කැපෙනවා "පානාතිපාතා වේරමනී" සික්ෂා පදය බිඳෙනවා නොවේද කියා.

නමුත් එම අවස්ථාවේදී බුදු පියානන් වහන්සේ අානන්ද තෙරුන් හට කිසිදු පිලිතුරක් නොදී නිහඬව වැඩම කර අැත.

ඉනික්බිති තවත් සති ගනනාවකට පසු යලිත් වතාවත් ඉහතකී කුඹුරු යාය මැදින්ම බුදු පියානන් හා අානන්ද තෙරුන් හට කිසියම් කටයුත්තක් සඳහා වැඩම කරවීමට සිදුව අැත.

නමුත් එදා වන විට ඒ කුඹුරු යාය තිබුනේ නම් පෙරදා පැවති සේ මඩ ගොහොරුවක් සේ නොව. ඉතාමත් සස්රීක ලෙස පීදුනු ගොයම කරලින් බරව තමන් වහන්සේලාගේ දෙපාවලද හැපෙමින් ඉතාමත් සරුසාර කෙතක් දැක ගත හැකිව තිබුනි.

පෙරදා මුනිවත රැකි බුදුන් වහන්සේ මෙදා අානන්ද තෙරුන්ට ප්රථම තම මුව විවර කලේ මෙසේය.

 අානන්ද දැන් කොහොමදැයි යනුවෙන් පමනි...! 

=========================================

එනිසා ජනාධිපති තුමනි, ඔබවත් සෝභිතාවතාරයන්වත් ඕනෑම නරකාදියක ගියාවේ. නමුත් අප එකතුව, ස්ත්රී දූෂකයින්, ලමා අපචාර වනචරයින්, ජනතාව විනාශ කරනා සියළු මත් ජාවාරම් කාරයින්, ජනතාවගේ ධනය සහ දේපොල සාෙරා කන පාදඩ දේශපාලකයින් සහ ඊට සම්බන්ධ රාජ්යය නිළධාරීන් වැනි සියල්ලන් හට මරන දණ්ඩනය ක්රියාත්මක කිරීමේ සත් කාර්යය කිසිදු බාධාවකට ඉඩ නොදී බල ගන්වන තුරා නොනවතිමු.

සෝභිතාවතාර - 2019/02/26





















No comments:

Post a Comment