Saturday, January 28, 2017

අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ අාතතිය සනීපයි. ඔබට සතුටුයිද දැංංංංංං නමුත්... ප්රශ්නය තාම වැට උඩ...යහපාලනයේ තරම මැන ගන්නට පරීක්ෂනයක්...!

=========================================================================================================ආණ්ඩුව කොස් කොළ කයි …. ඇවන්ට්ගාඩ් ගොවිතැනට බහී...

මුල.. 

නියං සායට උත්තර ලෙස ආණ්ඩුවේ යෝජනාව වූයේ කොස් කොළ, කෝප්ප කොළ, ක්‍රෝටන් කොළ ආදිය කෑමට සූදානම් වන ලෙසය. කොස් කොළ, ක්‍රෝටන් කොළ ආදිය කෑම මේ රටේ පුරවැසියන්ට අමුතු දෙයක් නොවේ. පැරැන්නො ඒවා තමන්ගේ ආහාර වේලට විවිධාකාරයෙන් පිස එක්කර ගත්හ. ඖෂධීය ගුණාධික ආහාර කාණ්ඩයට මේවා වැටෙයි. නමුත් ගැටලුව එය නොවේ.
අග..
ශ්‍රී ලංකාව වැනි රටවල් දියුණුව වෙනුවට සංවර්ධනයේ නාමයෙන් ඊට සමගාමීව දූෂ්‍ය වූයේ දේශපාලකයාගේ වුවමනා එපාකම් මත රටේ ප්‍රතිපත්ති නීති රීති ආදිය ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයඅන් සියල්ලටම වඩා ඉහළින් තිබීමය. පසුගිය කාලයේ ආයෝජනයට කැමැති වූවත් මෙරටේ කිසිදු නිෂ්පාදන කටයුත්තක් ආරම්භ කිරීමට ව්‍යවසායකයන් කැමැති නොවුණේ දේශපාලකයාගේ මනදොල සැපිරීම මූලිකම කටයුත්තව පැවැතීමය. ඇවන්ට්ගාඩ් වැනි ව්‍යාපාරවලට සිදු වූයේ ද මෙලෙස දේශපාලකයන්ගේ මනදොල සැපිරීමටය. ඒ අත්හිටුවන විට ව්‍යාපාරය නැති භංගස්ථාන කිරීම සිදු කරනු ලැබීය. ඒ අනුව බොහෝ විටම නුදුරේ දී දේශපාලන තක්කඩියන් ඉල්ලන කප්පම් ගෙවීමට අපොහොසත් වුවහොත් මේ ඇවන්ට්ගාඩ් ගොවිබිම් ද නීති විරෝධී විය හැකිය. ඒ පුදුම විය යුතු කරුණක් නොවේ.
– සුභාෂ් ජයවර්ධන http://colombojournal.com/2017/01/21
– සුභාෂ් ජයවර්ධන  ගේ ඉහත ලිපියට අටුවාටිකාවක්
සෝභිතාවතාරයෙන්......
3.4k
Shares
=======================================================================
ඉහත ලියුම් කරුගේ ලිපිය සත්යය නම් දක්ෂ ව්යවසායකයෙකු බව පෙනෙනා අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා රටේ ජනතාවගේ අැගයීමට පාත්ර විය යුතු මුත් ඉතිහාසය පුරාම එතුමා විසින් සිදු කර අැති වරදේ ස්වභාවයද පෙන්වා දිය යුතුය.

ඉතාමත් විරල ව්යාපාරික හිඩැසක් සොයාගෙන ඒ තුලින් තම අනන්යතාවයත් ඒකාධිකාරයත් සුරක්ෂිත කර ගනිමින් ව්යාපාරික ක්ෂේත්රයේ ඉහලින්ම වැජඹීමට සමත් වුවත් මතු පිටින් බලනා ඕනෑම රට වැසියෙකු හට අැවන්ගාඩ් එදත් අදත් එකසේ දෘශ්යමාන වනුයේ අැල්මැරුනු බංකොලොත් ව්යාපාරයක් ලෙසය.

වාදයකින් හෝ සැකයකින් තොරවම එය පිලිගත යුතුව අැත්තේද එදත් අදත් එකසේ අැවන්ගාඩ් අධිපතිවරයාට පවතින්නට අැති මානසික පීඩනය නොහොත් අාතතියේ තරම කෙතරමි වී අැතිදැයි කල්පනා කරනා විටය.

මන්ද යත් පැහැදිලිවම ඔහු විසින් සිදු කල විදෙස් නැව්වලට අාරක්ෂාව සැපයීමේ ව්යාපාරයට මෙරටේ පවතින සහ පැවති රාජ්යන් හට සුවිශාල බලපෑම් අැති කල හැකි වටපිටාවක් පවතිනා නිසා එකී ව්යාපාරය අවිධිමත් බාධාවලින් තාෙරව පවත්වාගෙන යාමට නම් දේශපාලනික වශයෙන් කිසියම් අධිකාරී හෝ එවන් වූ අනිසි බලයක් අැති සෑම එකෙකුම විවිධ අවශ්යතා ඉස්මතු කරමින් ඉල්ලන ඉල්ලන වාරයක් ගානේ අල්ලස් ගෙවමින් පූරුවේ පව් හෝ ණය නොව මෙවන් වූ පාදඩ තුච්ච දේශපාලන සංස්කෘතියක් උරුම කොටගත් පව්කාර දේශයක උපත ලැබූ කරුමය පල දීමක් අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට අත්විඳින්නට සිදුව තිබුනු නිසා විය හැක.

ඒ කෙසේ වුවත් අැවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා සිදු කල වරද වන්නේද ඉල්ලන ඉල්ලන එකාට අල්ලස් හෝ සන්තෝෂම් ලබා දෙමින් එකී ව්යාපාරය දිගින් දිගට පවත්වාගෙන යමින් කාලකන්නි දේශපාලණක්ඥයින්ගේ මන දොල පුරවමින් කටයුතු සිදු කිරීමය.

ඒ හේතුව නිසාම ඔහුට තම ව්යාපාරයේ වට පිටාව අබල දුබල ලෙස පවත්වාගෙන යාමට සිදුව තිබූ සෙසක් පෙනී යන්නේ අසීමාන්තික ලෙස මුදල් ගලනා ව්යාපාරයක් සිදු කලත් අැත්තටම ඔහු බංකොලොත් නිසාද නැතහොත් අාතතිය වැඩිව පැවති නිසා ඒ සියල්ල නොපෙනී ගාෙස් තිබුනු නිසාද නොඑසේනම් දක්ෂ ව්යවසායකයෙකු උවත් කිසි පිලිවෙලක් නැති මනුස්යෙකු නිසාදැයි රට වැස්සෝ නොදන්නවාට අැවන් ගාඩ් සේවක සමස්තය සහ තමාම නම් යස අගේට දන්නවා විය හැක.

ඒ සියල්ල කෙසේ වතුදු මෙම ලිපිය මගින් අැගයීමට ලක් කරනට උත්සාහ කලේ අන් කිසිවක් නොව ඔහුගේ මෙම රටට පලදායක මෙන්ම හිතැති නව කෘෂිකාර්මික ව්යාපාරයයි.

ස්තුතියී.
සෝභිතාවතාර
2017/01/30
http://sobithawathara.blogspot.com/

https://t.co/emvWJYyFo2


No comments:

Post a Comment