Tuesday, January 24, 2017

බැරිනම් දීපන් ඕක සරත් ෆොන්සේකාට මකල හදන්න රට යුද්ධෙ සුද්ද කලා වගේ.

කුඩා දැරියක යටකරගෙන ත්රීරෝද රියක් නිවසකට කඩා වදී cc tv

නැවත නැවතත් මෙම CC Tv දර්ශන බලල ත්රීවීල් කාරයා අාපු වේගය දැක ගන්න. මුන්ගෙන් වැඩි හරියකගේ තත්ත්වය ඕකම තමයි කිසි වෙනසක් නැ‍හැ.

ඉස්කෝලේ ඉවර කරපු ගමන් අම්මට සැල් එක දාල මොකෙක් හරි අල්ලගෙන ෆිනෑන්ස් පාරකින් වීල් එකක් අරන් ඩේලි කෑලිවලට සෙට් එකකුත් හයිකර ගත්තම ඉතින් තව මොනවද අඩු මූන්ට.

වීල් එක අතට ගත්තහම තියෙන්නේ රෝද 3 යි කියල අමතක වෙලා යන්නේ හැටට හැටේ පාගලා. ඒ වෙලාවට උෟට වඩා එකෙක් තවත් නෑ පාරේ. අනිත් සේරම වාහන කරුවනුයි මිනිස්සුයි උෟට ඉර කපල රෝන් සයිඩ් යන්න දීල බකන් නිලන් ඉන්න ඕන. මුන් ගිහිල්ලත් ඉවරයි. නමුත් මාර්ග නීති සියල්ලම පිලි පැදල නීතියට අනුව පාරේ යන එකා අතර මග....

අනේ මුන්ගේ ලයිසන් සීමා කරන්නේ කවදද මන්ද ඡන්ද බලාගෙන තීන්දු ගන්නේ නැතැයි කියනා මේ පණ නැති අාණ්ඩුව...

අාණ්ඩුවත් නිකන් පාණ්ඩුව වගේ තීන්දු තීරන ගන්නේ ජනතාවගේ සහ සමාජ ක්රියාදරයින්ගේ බලපෑම් හමුවේ පමනයි. ස්වයං ක්රියාකාරීත්වය ඉතාමත් දුර්වලයි. මෙහෙමද නායකයින් රටවල් කරවන්න හදන්නේ. 

බැරිනම් දීපන් ඕක සරත් ෆොන්සේකාට මකල හදන්න රට යුද්ධෙ සුද්ද කලා වගේ.

මෙම සිද්ධිය දඩමීමා කැරගෙන අාණ්ඩුවටත් පක්ෂ විපක්ෂ සියළුම දේශපාලකයින්ටත් අවධාරනය කරන්නේ යමපාලන පාදඩ යුගයේ පට්ට හොරුන්ගේ සහ යහපාලන බැඳුම්කර Clean හොරුන්ගේ අසීමාන්තික දූෂිත ධන සම්භාරයෙන් රහසේ අල්ලස් ලැබෙනා තම කොටහ කකා සිද්ධීන් යටපත් කරමින් කල් මරමින් සැමදාම සෑම යුගයකදීම සේ අහිංසක රට වැසියන් මුලා කාෙට තම පැවැත්ම තහවුරු කර ගනිමින් පමනක් නාෙසිට පාරදුෂ්යය භාවයෙන්ද.. සත්යවාදීවද දේශපාලනය කරනා ලෙසයි.

නොඑසේ උවහොත් සෝභිත හිමිපානන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව වෙනත් විදියෙකින් රට කරවන්නට අැති ඉඩකඩ නැතිව නොවේ....

සාේභිතාවතාර

No comments:

Post a Comment