Monday, January 23, 2017

ජනමත විචාරණයකට රාජපක්ෂලා බය ඔවුන් පරදින බව දන්නා නිසයි..! ජනමත විචාරණය ජයගන්නා වැඩ පිළිවෙල වියන්ගොඩ හෙළිකරයි..!!


ජනමත විචාරණයකට රාජපක්ෂලා බය ඔවුන් පරදින බව දන්නා නිසයි..! ජනමත විචාරණය ජයගන්නා වැඩ පිළිවෙල වියන්ගොඩ හෙළිකරයි..!! 
(Audio & Video)

(ලංකා ඊ නිව්ස් -2017.ජන.22, ප.ව.11.30) http://www.lankaenews.com/news/5188/si

නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට ගොස්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, බලය බෙදා හැරීමටත්, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද සම්පූර්ණ එකඟතාවයකින් සිටින මේ අවස්ථාවේදී ජනමත විචාරණය ජය ගත හැකි බව අවධාරණය කළ වියන්ගොඩ මහතා ඒ සඳහා දැනට සැලසුම් කර ඇති වැඩ පිළිවෙලද හෙළි කෙළේ මෙසේය...
==============================================

ජනමත විචාරණයකට රාජපක්ෂලා බය ඔවුන් පරදින බව දන්නා නිසයි..! ජනමත විචාරණය ජයගන්නා වැඩ පිළිවෙල වියන්ගොඩ හෙළිකරයි..!! (Audio & Video)

(ලංකා ඊ නිව්ස් -2017.ජන.22, ප.ව.11.30) නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යෑමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම විරුද්ධ වන්නේ අන් කිසිවකට නොව ජනමත විචාරණයකින් ඔවුන් නියත වශයෙන්ම පරාජය වන බව දන්නා බැවින් බයට පත්වී සිටින නිසා යැයි ප්‍රකට සාහිත්‍යධර ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය. ඔහු මෙසේ කීවේ ජනවාරි 8 බලවේග එක්ව වෝටර්ස් එජ් හෝටලයේදී අද සවස පැවැත්වූ රැස්වීමේ දීය.
ලංකාවේ ජනමත විමසුම් පවත්වා ඇත්තේ එක් වතාවක් පමණක් වන අතර එය පැවැත්වූයේ හොඳ දෙයක් සඳහා නොවූ නමුත් නව ජනතා ව්‍යවස්ථාවක් සඳහා ජනතාවගේ මතය විමසීම ඉතා හොඳ දෙයක් බවත් එය අත්‍යාවශ්‍ය දෙයක් බවත් ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය. 
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත්, බලය බෙදා හැරීමටත්, පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටත් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද සම්පූර්ණ එකඟතාවයකින් සිටින මේ අවස්ථාවේදීජනමත විචාරණයක් ජය ගත හැකි බව අවධාරණය කළ වියන්ගොඩ මහතා ඒ සඳහා දැනට සැලසුම් කර ඇති වැඩ පිළිවෙලද හෙළි කෙළේය. 
විනාඩි 15 ක් පමණ වූ ගාමිණී වියන්ගොඩ මහතාගේ සම්පූර්ණ කතාව මෙහි දැක්වේ.
වීඩියෝව පහත දැක්වේ 
---------------------------
by     (2017-01-22 23:00:59)

No comments:

Post a Comment