Friday, June 24, 2016

2016/06/24 දින ඔස්ලෝවට පසු දෙවන යාවත්කාලීන කිරීමයි... මරණීය දන්ඩනයට එරෙහි ඔස්ලෝහි ලෝක සමුළුවට එරෙහිව හඬගා කියන වගයි.

2016/06/24 දින ඔස්ලෝවට පසු දෙවන යාවත්කාලීන කිරීමයි...
මරණීය දන්ඩනයට එරෙහි ඔස්ලෝහි ලෝක සමුළුවට එරෙහිව හඬගා කියන වගයි.
දේශපාලනික සහ රාජ්යය පාලන යුග පුරුෂයන් වීමේ පරම අභිලාෂයෙන් සියළුම ලෝක දේශපාලකයින් මරන දණ්ඩනය අහෝසි කිරීම වෙනුවෙන් වැඩ පෙන්නුම් කලද ඉතිහාසය පුරාම අැතිවුනු දහස් සංඛ්යාත දූෂණ අපරාධ අතරින් මෙහි දැක්වෙන වීඩියෝවේ සඳහන් බාල අපරාධය වෙනුවෙන් අගතියට පත් පාර්ශවයන් හට සාධාරනය ඉටු කිරීම සම්බන්ධයෙන් නැගී සිටියෝ කවරහුද.... තමන්ගේ හෝ තම පරපුරේ කිසිවෙකුත් මෙවන් අපරාධ වලට ලක්වීමේ අවධානමක් අාසන්නයකවත් නැති නිසාද ඒ අසරනයින්ගේ දුක වේදනාව ඔය කෙරුමන්ලා හට නොවැටහෙන්නේ...! නැතහොත් ඒ අසරනයින්ගේ දුක් කඳුළු වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා ලෝක තලයේ ගොස් ලොකු සමුළුවල පවත්වන සමාරම්භක දේශනවලින් ලැබෙනා කීර්තිය ඊට වඩා වටිනා නිසාද...!
මහත්වරුනේ බුදු සමය පිලිබඳව හෝ අෑත ඉතිහාසයේ රජකම් කල සැබෑ රජවරුන්ගේ රාජ්යය පාලනයන් පිලිබඳව හෝ... අටුවාටිකා කථා කර පලක් නැත. සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා නොර්වේහි ඔස්ලෝ නගරයේ ප්‍රසිද්ධ ඔපෙරා ශාලාවේ 2016 ජූනි මස 21 සිට 23 දක්වා පැවැත්වූ, මරණීය දණ්ඩනයට එරෙහි 6 වැනි ලෝක සමුළුවෙහි නියෝජනය වුනු සියළුම රටවල් වලට අභියාේගයක් කර විමසා සිටිනවා... ඔබලාගේ මහා ලොකු මරණීය දණ්ඩනයට එරෙහි 6 වැනි ලෝක සමුළුව පැවැත්වුනු මොහොතේ ISIS ත්රස්තවාදීන් කඩා පැන ඔබ සැම මරනයට පත්කිරීම සඳහා සූදානම් වූවානම් ඒ ත්රස්තයින්ටත් ‍කතිකාවට ගත් ඔය නියමය ඒ අාකාරයෙන්ම පිලි පදිනවාද..... නැතහොත් කොමාන්ඩෝ භටයින් පැමින ඔවුන් වටලා මරා දමා හෝ ඔබලාගේ ජීවිත බේරා ගැනීම අපේක්ෂා කරනවාද... නැද්ද..... හෘද සාක්ෂියට එකඟව පිලිතුර දෙන්න... දීල ඒ නියායම දුකට පත් මෙවන් අසරයින්ටත් ලබා දෙන්න. වටින්නේ ජනතාවගේ කරමතින් උසස් තලවලට පිවිසි ඔබලාගේ හෝ ඔබලාගේ අාදර වන්තයින්ගේ ජීවිත පමනක් නොවේ. මෙවන් සුවහසක් වූ කාගේවත් පිලිසරනක් නාෙමැති අන්ත අසරන ජනතාවගේ පිහිටට ලෝක නායකයින්වත්... ලාේක නීතියවත්... නොමැති යැයි තහවුරු උනු දිනක ඒ ජනතාව නීතිය අතට ගතහොත් ඒ අය වෙනුවෙන් ඔබලාගේ ඔස්ලෝ සමුළුව කතිකාවට ගනු ලබන්නේ කිනම් එරෙහි වීමක් සම්බන්ධයෙන්ද...? ස්ත්රී සහ ලමා දූෂකයින් කෑලි කපා මරා දමනා නීතිය අතට ගත් ජනතාව මරණ දණ්ඩනයෙන් ගලවා ගැනීම වෙනුවෙන්ද...? ඉඩක් ලදහොත් තිරිසනුන් පවා අභිබවා යන තරම් පව් සිතුවිලිවලින් පොහොසත් මිනිසුන් වෙසෙනා සමාජයකට වරදේ ප්රමානයට අනුව නීති සහ දඬුවම් පනවා තිබීම අත්යාවශ්යය. එකී ප්රකාශය යමෙකු අභියෝගයට පත්කරන්නේ නම් ඕනෑම රටක නීති සහ දඬුවම් එක් පැය 24 ක් ඉවත් කර බලනා ලෙස ඉල්ලා සිටිනවා උසස් මනසක් අැතැයි පවසනා මිනිසතාගේ තරම කෙතරම්ද කියා දැන ගැනීම සඳහා ඔස්ලෝ කයිවාරු කාරයින් හට.... නීතියේ සිදුවන කිසියම් බැරිවීමක් නිසා නිවැරදි කරුවකු මරනීය දණ්ඩනයට පත්වුවහොත් වශයෙන් පවතින්නා වූ සුවිශේෂී කාරනය හමුවේ සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා පමනක් නොව සිත මනස අැති ඕනෑම මිනිසකු විවාදයකින් තොරව එය දහස් වරක් පිලි ගනී... නමුත් ලෝක තලයේ පවතින්නා වූ මිනිස් නොමිනිස් ක්රියාකාරීකම් අනුව නීති සහ දඬුවම් ඒ ඒ යුගයන්ට සාපේක්ෂව තුලනය විය යුතුය. ශ්රීලංකාවේ අභ්යන්තරිකව පැවති යුධ සමයේදී සිදුවුනු අපරාධ හමුවේ කොටි ත්රස්තවාදීන් සහ හමුදා භට පිරිස් දහස් ගනනින් එකිනෙකා මරා ගන්නට සලස්වා ත්රතවාදය අවසන් විය යුතුය යන මතයේ ශ්රීලංකාව සහ ඔස්ලෝ කාරයින් අැතුළු මුලු ලොවම එකසේ සිටි බව තිත්ත අැත්තය. ඒ තුලද අනියම් අාකාරයෙන් සිදුවූයේ මරන දණ්ඩනය ක්රියාත්මක වීමමය.. ඒ තුල දහස් ගනනින් නිවැරදි කරුවෝද මිය ගිය බව යථාර්තයකි. නමුත් කවුරුවත් ඒ පිලිබඳ ඒ තරම් උනන්දුවක් නොදැක්වූයේ මමත්වය නිසාය. ත්රස්තවාදියා මර්ධනය නාෙකලහොත් ඒ තර්ජනය හෙට මට විය හැකිය යන යටි අදහස ඔස්ලෝ කාරයින්ගේ සිත තුල හොල්මන් කල නිසාය. නමුත් ඔස්ලෝ සමුළුවල මරන දණ්ඩනය ක්රියාත්මක වීමට එරෙහි වීම මාර නම්බුවකි. අසරනයාගේ දුකට පිහිටක් නැති බම්මුවෙ නම්බුව. අසරනයාගේ දුකට පිහිට යනු චුදිතයා එල්ලා මැරීමම නොවිය හැක. නමුත් අගතියට පත්වන්නන් හට සාධාරනය ඉෂ්ඨ වීමට වඩා චුදිතයින්ගේ සහ වැරදි කරුවන්ගේ සාධාරනය පිලිබඳ කථා කරන්නෝ සුලභය.... කුමක්ද මේ වෙනස..! කුමක්ද මේ අසාධාරනය...! ================================== බුදු සමය තුල එක් දිනක් අානන්ද හාමුදුරුවන්ද සමග කුඹුරක් මැදින් දානයක් සඳහා වඩිමින් සිටි අවස්ථාවකදී ගොවියන් කුඹුර කොටද්දී උදැල්ලට කැපී වෙන්වෙනා පනුවන් දැක අානන්ද හාමුදුරුවෝ බුදු සමිඳුන්ගෙන් මෙවන් ප්රශ්නයක් අසන්නට යෙදී අැත. ස්වාමීනී මෙසේ පනුවන් කැපීයාම පවක් නාෙවේද.? සත්පුරවැසියා අසා අැති මෙම ඉතිහාස කථාවට අනුව බුදුන් වහන්සේ ඊට කිසිදු පිලිතුරක් දී නාෙමැත. ඉනික්බිති තවත් සති ගනනාවකින් පසු ඒ අාකාරයටම ඒ කුඹුරු යාය මැදින්ම තවත් දානයක් සඳහා නැවතත් එසේ අානන්ද හාමුදුරුවන් සමගම වැඩ සිටීමට සිදුව අැත. නමුුත් එහි ගමන් කරද්දී පෙර අවස්ථාවේ මෙන් නොව කුඹුරු යාය ගොයමින් බරවී කරල් පැසී බිමට බරව පාදවලද දැවටෙමින් සරුවට වැඩී තිබෙනු දක්නට ලැබී අැත. එහිදී බුදුන් වහන්සේට පෙර අවස්ථාවේදී අානන්ද හිමි විමසූ පැනය සිහියට නැගී අැත. මෙම අවස්ථාව පෙර පැනයට පිලිතුරු සැපයීමට අවස්ථාවක් කර ගත් බුදු හිමියන්... අානන්ද දැන් කාෙහොමදැයි බලන්න යයි පවසා අැත. මා අසා අැති පමනින් නම් පිලිතුර එපමනකි. නමුත් සිතා ගත යුතු දේ බොහෝය.. ============================================== විඥා්ණයක් නොමැති පනුවාට මිනිසත් භවයක් ලැබීම බොහෝ දුර බව මා අසා අැත. එසේනම් විඥා්ණයක් නොමැතිව මනුලොව ඉපිද මෙවන් ලමා දූෂන අපරාධ සිදු කරනා උන් පැහැදිලි ලෙස ඔප්පු වන්නා වූ ලක්ෂයකින් එක් නරපනුවකු බැගින් හෝ මරන දණ්ඩනයට ලක්කොට වර්තමාන මිනිස් සමාජය වෙලා ගනිමින් පවතින දුෂ්ඨ ම්ලේච්ච ස්ත්රී සහ ලමා දූෂණ අපරාධ මර්ධනය සඳහා කිසියම් ප්රායෝගික කථිකාවතක් අැති විය යුතුමය. නොඑසේ වන ලෝක තලයේ කිසිදු මිනිස් සමාජයක් කිසිදාකත් සාධාරන සමාජයක් වන්නේ නැත. මෙවන් දඬුවමක් ක්රියාත්මක වීම හමුවේ අපරාධ කරුවාගේ පාර්ශවයේ අාදරවන්තයින්ද දුකට පත්විය හැකි බවට සාධාරන මතවාදයක් පැවතිය හැකි උවත්.... ...අගතියට පත් පාර්ශවකරුවන්ගේ වේදනාවත්... මතුවට මෙවන් වූ තවත් අපරාධ ඒ අපරාධ කරුවන් විසින්ම සිදු නොකරාවී... යන්නත්... සමාජය තුල පසක් වී තිබේද සහ හෙට දවසේ එවැන්නක් සිදු නොවේවි යැයි ඔස්ලෝ කාරයින් හට සපත කල හැකි පිලිගත හැකි සාධකය කවරේද...යන්නත් සැලකිල්ලට බඳුන් කල යුතුය. එසේනම් සත්පුරවැසියා දන්නා ප්රායෝගික දහමේ මූලධර්ම වලට අනුව පනුවා කැපී යනු දැක මුනිවත රැක්කද... කෙත සීසාන මීහරකාට කිසිවකු දැඩිව තැලුවා නම් හෝ පනුවන් කෑමට පැමිනි කොකුන් මරා මසට ගැනුමට සූදානම් වන අයෙකු දුටුවානම් බුදුරජු වුවද එසේ මුනිවත නොරකිනු නියතය... එනිසා ඒ අනුව හෝ මිනිසත් භවයක් ලැබුම පිංවත් කමක් යැයි බුදු බණේ දේශනා වුවද... ශත වර්ෂ ගනනාවක් පුරා පරිනාමය ලබා අැති මෙවන් අපරාධ වෙනුවෙන් වසර දහස් ගනනක් ඉපැරනි සංස්කෘතීන්වල පැවති අනපනත් ගෙන හැර අද යුගයට අාදේශ කර යුග පුරුෂ චින්තකයින් වීමට උත්සාහ කිරීමම පයට පැගෙන දුහුවිලි අංශු තුලත් දැත් දෙපා විසිකරනා විටත් හිංසාවට පත්වන්නා වූ පෙරේතයින් පුංභාණ්ඩයින් පිලිබඳ වූ ගැඹුරින් දහම අවබෝධ කොටගත් බුදු පියානන් පවා යම් යම් ප්රායෝගික සන්සිද්ධීන් හමුවේ තම මතය ප්රකාශයට පත් නාෙකර යථාර්තයට ඉඩ සලසා දීම බම්බුවේ ඔස්ලෝ කරුවන් සහ සමස්ථ ලෝක සෝබන කාර නායකකාරකාදීන් පූර්වාදර්ශයක් කාෙටගෙන සියලු තත්ත්වයන් නැවත පසුවිපරමකට බඳුන් කොට සියළුම අගතියට පත්වන්නන් හට නිසි සාධාරනයක් ඉටුවන ලෙස අනපනත් නීති රීති පුර්න ප්රතිව්යුහගත කිරීමකට ලක්කල යුතුමය. නොඑසේ උවහොත් බුදුන් පැවසූ ඒ උසස් මනස අැති මනුසතා අසාධාරනය ඉහවහා ගිය උච්ඡතම යම් අවස්ථාවකදී සිට නීතිය සහ දඬුවම තම අතට ගන්නා දිනය ඉතාමත් අාසන්න බව අනාවැකියක් ලෙස අවධාරනය කොට සමාප්තිය තබමි. ඔස්ලෝ කාරයින් හා කිසියම් සිත් තැවුලකින් පසුවන... සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා අගතියට පත් අහිංසකයින් සමග ඒකාබද්ධව අවධාරනය කර සිටිනා වගයි. මේ 2016/06/24 ඔස්ලෝවට පසු සංක්ෂිප්තයයි.

==============================================
 
පුවත් -


මැදමුලන ‘වෙන්ඩ රජා‘ මහ පාරේ රගර් ක්‍රීඩකයන් පවා මැරුවද පළමු සියවස් වලදී ලංකාවේ සැබෑ රජවරුන් මරණීය දණ්ඩනය දී නැතැයි මංගල යුරෝපයට කියා දෙයි


(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.23, ප.ව‍‍‍‍‍‍.11.30) ශ්‍රී ලංකාව වනචර දශකයක් පුරා යටත් කර ගෙන සිටි ‘මැදමුලන වෙන්ඩ රජා‘ තම පුතුන් සමග අමනාප වූ රගර් ක්‍රීඩකයන් පවා මහ මග මරා දැමුවද, පළමුවැනි තෙවැනි සහ සිව්වැනි සියවස් වල රජකම් කළ සැබෑ සිංහල රජවරුන් ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර නැතැයි අප දැනගත්තේ පසුගියදා ඔස්ලෝ නගරයේදී පැවැති කතාවකදී ය.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා නොර්වේහි ඔස්ලෝ නගරය බලා ගියේ එහි ප්‍රසිද්ධ ඔපෙරා ශාලාවේ පැවැත්වූ, මරණීය දණ්ඩනයට එරෙහි 6 වැනි ලෝක සමුළුවෙහි ආරම්භක දේශනය පැවැත්වීමට ය. නොර්වේ අග්‍රාමාත්‍ය ඒර්නා සෝල්බර්ග් මැතිණිය හමුවූ ඇමැති මංගල මානව හිමිකම් පිලිබඳ මහා කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු සහ නොර්වේ විදේශ කටයුතු අමාත්‍ය බෝර්හේ බ්‍රෙන්ඩේ මහතා ද සමග මරණීය දණ්ඩනයට එරෙහි සමුළුව ඇමැතූ මංගල සමරවීර මහතා ජාත්‍යන්තරය ඉදිරියේ කියා සිටියේ අතීත ශ්‍රී ලාංකික රජවරුන් බෞද්ධ ඉගැන්වීම අනුව යමින් මරණ දඬුවම අහෝසි කිරීමට පියවර ගෙන ඇති බවත් පළමු, තෙවැනි, සිව්වැනි මෙන්ම දහතුන් වැනි සියවස් හි දී පවා ශ්‍රී ලංකාව තුළ මරණීය දඬුවම ක්‍රියාත්මක කොට නොමැති බවයි...
සමරවීර මහතාගේ සම්පූර්ණ දේශනය පහතින් දැක්වේ.
http://www.lankaenews.com/news/4184/si


No comments:

Post a Comment