Tuesday, June 21, 2016

නුදුරු අනාගතයේදීම දේශපාලකයා ජනතාව අතරින් විසිවී හුදෙකලා වනු අැත... සාේභිතාවතාර අනාවැකි පල කරයි.

==================================================================
නුදුරු අනාගතයේදීම දේශපාලකයා ජනතාව අතරින් විසිවී හුදෙකලා වනු අැත...
සාේභිතාවතාර අනාවැකි පල කරයි.
==================================================================
පුවතක්....

ඇමතිවරුන්ට යළි කිසි දිනක අති සුඛෝපභෝගී වාහන එපා, පිලිපීනයේ ජනාධිපතිවරයා ගෙන ඇතී තීරණය ලංකාවේද ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා රන්ජන්ගෙන් ජනපතිට ලියුමක්
මෙම තීරණයට බහුතර දේශපාලකයන් විරුද්ධ වුවත් ජනතාවගේ බලාපොරොත්තුව මෙයයි. 
==================================================================
පුවතට... පුවතක්...
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා සුවහසක් දේදුනු ජනතාව සමග අදාල යෝජනාව ඒකමතිකව සම්මත කරනා අතරම පුවතට වැඩිමනත් වශයෙන් යමක් දේශපාලකයින්ගේ පූර්ව දැන ගැනීම පිනිස එකතු කිරීමට කල්පනා කලෙමි. 

දේශපාලකයාට රාජකාරී සඳහා ඕනෑම තැනකට ඉක්මනින් යාහැකි වාහනයක් තිබිය යුතුය යන මැසිවිල්ලටත් කිසියම් ප්රමානයක අනූකූලතාවයක් දක්වමින් මුත් ජනතාවට සේවය කිරීමේ පරම පවිත්ර චේතනාවෙන් දේශපාලනයට පිවිසුනා නම් තම සහෝදර ජනතාවත් රට දැයත් වෙනුවෙන් යම් යම් කැප කිරීම් කිරීමටද ඒ ජනතා නියෝජිතයාට හැකියාව තිබිය යුතුය. නොඑසේ වන්නන් නියම ජනතා නියෝජිතයින් වන්නේ නැත. 

වර්තමානය වන විට පාට පක්ෂ සහ මමත්වය, අාත්මාර්ථය කරපින්නා ගත් දේශපාලකයා ජනතාවගෙන් අෑතට තල්ලු වී හුදෙකලා වන ස්වරූපයක් අැති වෙමින් පවතින්නේ ඒ හද ගැස්ම අවස්ථාවාදී දේශපාලකයා තුලින් ගිලිහී ගොස් අැති බව වත්මන් තීරක ප්රජාව අවබෝධ කොටගෙන අැති නිසාය.

ඒ නිසා නුදුරු අනාගතයේදීම... දැනටද... ලාංකේය දේශපාලන කරලිය නියෝජිතයා සහ තීරකයා වශයෙන් දෙකඩ වී යනු අැත. දේශපාලකයා යනු සැබවින්ම ජනතාවගේ සේවකයෙකු වනු අැත. ඔහු පසුපස කොලපොත රැගෙන යදිමින් සිඟමනේ පැමිනෙන ගැත්තෝ නාෙමැති වනු අැත. උගත් වැදගත් බුද්ධිමත් අදූෂිත රාජ්යය පාලන කටයුතු සඳහා සුදුසු යැයි සබුද්ධික තීරක ප්රජාව විශ්වාස කරනා මහත්මා ගති අැත්තන් තම පරමාධිපත්යය බලය පාවිච්චි කොට පාර්ලිමේන්තුව නමැති අදට වඩා එදිනට යථාර්තයක් වන නීති සම්පාදන අායතනයට යවනු අැත. 

ඒ වෙනුවෙන් ඒ ජනතාව ඔවුන්ගෙන් මත්පැන්, බත්මුල්, රැකියා අවස්ථා, යනාදී දොල පිදේනි කිසිවක් අපේක්ෂා නොකරයි. අවශ්යය වන්නේ යැවූ කාරනය හැකි උපරිම තත්ත්වයෙන් ඉෂ්ඨ සිද්ධ කිරීම පමනි.

දේශපාලකයින්ගේ කඳවුර සහ ප්රජාවගේ (ජනතාවගේ) කඳවුර වශයෙන් මේ දෙක අතර බැම්මක් අැතිවේ. පාට පක්ෂ දේශපාලන මතවාද පිලිබඳ ජනතාව කුමන අාකල්ප දැරුවද ජනතාවගේ කඳවුරට දේශපාලකයාගේ නෑදෑකමක් අැති නොවනු අැත. 

ජනතාවගේ කඳවුරේ නායකත්වය ගනු ලබන්නේ කිසිදා දේශපාලනයට අවතීර්න වීමේ අදහසක් නැති මුත් රටට ජාතියට සත්යය වශයෙන්ම දේශපාලක සටකපටයාට වඩා අාදරය කරනා (උදාහරන වශයෙන් - අපවත් වී වදාල සෝභිත මාහිපානෝ වැනි සහ මහාචාර්යය සරත් විජේසේකර, වැනි සිවිල් බලවේගයන් හා රැඳී පවතිමින් රජයන් නිසි මග ගෙන යාම සඳහා බලපෑම් කරනා සහ අව්ශ්යය වුනු තීරක අවස්ථාවන්හිදී 2015 දේදුනු විප්ලවය සිදු කලා සේ සුදුසු පොදු අපේක්ෂකයෙකු තෝරා බලයට පත්කොට නිසි මග රට ගෙනයාමේ නොනවතින අරගලයයි.

නමුත් වත්මන් නායක සුසංයෝගය පිලිබඳ දේදුනු ජනතාව තැබූ අකලංක විශ්වාසය මඳක් ප්රමාද වී හෝ නොපිරිහෙලා ඉටුවන බවට පවතින අාත්ම තෘප්තිය දේදුන්නක් බවට පත් නොකරනු අැතැයි තව දුරටත් විශ්වාසය පල කරමු.

සෑම පක්ෂයකින්ම තෝරා යවනා දේශපාලකයින් ඡන්දයෙන් පසු සිදු කල යුතු වන්නේ වත්මන් යහපාලන ජනපති අගමැති දශක ගනනාවක තම දේශපාලන අත්දැකීම් අඹරා කලතා මිරිකා තැනූ චූර්නය නම් බේත අනුපානෙන් බීල රටත් ජනතාවත් සැමදාම බෙදා වෙන්කල කාලකන්නි පාට පක්ෂ දේශපාලන කුණු ගොඩ පැත්තකට විසික්ක කොට සම්මුතිවාදීව රාජ්යය කිරීමේ දේශපාලකයාගේ වගකීම නිසි ලෙස ඉෂ්ඨ සිද්ධ කිරීමට වග බලා ගැනීමයි.

සැමදාම සැමදේටම කකුලෙන් අදිනා රට ඉස්සරහට නොව පසු පසට ගිය බෙදී දේශපාලනය කල පාට පක්ෂ ක්රමය මේ වන විට යල් පැන ගිය නටඹුන් බවට පත්ව අැත. 

ඒවා යල්පැන යාමට හේතුව වූයේ අාත්මාර්ථය, මමත්වය සහ අත්නොහැරීම යන පව් සිතුවිලි ප්රතග්ජනයා තුල වඩ වඩාත් මෝදු වීමය.

එනිසා වර්තමානය වන විට මනුශ්යයින් හට රට කරවීමේදී තාක්ෂනික ක්රමවේද මිස හැඟීම් හෝ පවු පිං (මහින්ද පව්.. ගම්මන්පිල පව්.. බං) වැනි මෙවන් දුර්වල සිතුවිලි තුලින් කිසිදාකත් රටකට ඉදිරියට යාහැකි නොවනු අැත.

වත්මන් සබුද්ධික ප්රජාව දැන් සිටින්නේ ඒ අවබෝධය ලබා ගන්නා සංක්රාන්ති සමය පසුකරමින්ය. 

එනිසා මින් මතු කිසිදු කූට දේශපාලකයෙකු හට ජනතාව රවටා හෝ අඬවා හෝ බලය ලබා ගැනීමේ ලඳ බොලඳ භාවිතාවන් සබුද්ධික ජනතාව සමග සිදු කල නාෙහැකි වනු අැත.

ස්තුතියී.
සෝභිතාවතාර සියක් ලක්ෂයක ජනතාව සමග ඒකාබද්ධව අවධාරනය කර සිටිනා වගයි.
2016/06/21

No comments:

Post a Comment