Sunday, January 31, 2016

හිටපු ජනපතිදුන්ට, සෝභිතාවතාර වෙනුවෙන් සත්පුරවැසියාගෙන් සංවේදී සටහනක්...

පුවතක්..! (2016/01/30)
-----------------------------------------------------------------

fhdaIs; ysf¾ ±uqjdu
uyskaof.a oEig wd l÷¿ ì÷ .ek 
kdu,af.ka igykla

http://www.gossiplankanews.com/2016/01/namals-fb-comment-on-mahindas-tears.html

wo iji lvqfj, wêlrKfha§ fhdaIs; rdcmlaI Èk 14 l ld,hla i|yd isr.; lsÍfï ksfhda.h ,enqK wjia:dfõ uq,ajrg uyskao rdcmlaI ysgmq ckm;sjrhdf.a oEfia l÷¿ ;ud ÿgq nj mjiñka kdu,a ish f*aia nqla msgqfõ igykla ;nd we;'



-----------------------------------------------------------------
හිටපු ජනපතිඳුන්ට, සෝභිතාවතාර වෙනුවෙන් සත්පුරවැසියාගෙන් සංවේදී සටහනක්...

ත්රිවිද හමුදාපතිවරුනුත්, ත්‍රිවිද හමුදාවත් පොලිසියත් සමග සියළු දේශපාලනික පක්ෂවලද, අාගමික නායකකාරකාදීන්ගේද පූර්න අාශිර්වාදයෙන්ද රටේම ජනතාවගේත් නොමද සහායෙන් අති විශිෂ්ඨ වූ දේශපාලනික නායකත්වයක් ලබා දෙමින් යුද්ධය ජය ගත් පියානනි...

ඔබතුමාගේ පමනක් නොව රටේ දරුවන් ම්ලේඡ්ච අාකාරයෙන් කොටින් විසින් මරා දැමූ අවස්ථාවලදීත් ඔය තාත්තගේ අැස්වල කඳුළු අපි දැක නැතුවා නොවේ. ඒ කියන්නේ ඔබට ඔබේ දරුවන් හා සමාන ලෙසින්ම රටේ දරුවන් වෙනුවෙන්ද උණුවන හදවතක් තිබිලා තියෙනවා කියන එක නොවේද..

හිටපු ජනපති තුමනි අපට පහු පහු වන විට අැතිවුනු ප්රශ්නයත් එයම තමයි. ඒ උණුවන හදවත දැන් කෝ යන්නයි..!

අපි ඔබට කොතරම් අාදරය කලාද කියනවානම් යුද්ධය ජයග්රහනය කර ඔබ මිනිසුන් අතරට ගොස් අත් අල්ල අල්ල යුධ උන්මාදයෙන් පසුවූූ වකවානුවේ ඔබ ගැන සත්පුරවැසියාට අැති වුනු බය සුළුපටු උනේ නැහැ. විස කටුවක් හෝ ඒඩ්ස් වෛරසයක් ඔබේ අතේ උලා සැඟව ඉතිරි උනු කොටින් ඔබ විනාස කරාවි යයි තිබුනු බය නිසා සත්පුරවැසියා ඔබට බැනල දොස් කියල අපි වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් ඔබ තව චිරාත් කාලයක් අාරක්ෂිතව ඉන්න ඕන කියල අවවාද කරල සංදේශයක් එවන්නටත් යෙදුන. ඒක එව්වේ නිකම්ම නිකම් නොවේ. රු.2500/- ක් වටිනා සන්නස් කොපුවක බහාලයි. ඒ වගේම ඒක සත්පුරවැසියා අත්සන් තැබුවේ ඔබ වෙනුවෙන් හදතුල කැකැරුනු ලෙයින් අත්සන් කරලයි. පිහියකින් තම අත පලා ගැලූ ඒ ලෙයින් අත්සන් කලත් ඒ මොහොතටත් ලේ කැටිගැසී තිබුනු නිසා පෑන් තුඩින් අත්සන කල නොහැකි උනා. පසුව ලිපිය මත ලේ තවරා ඒ මත පෑන් තුඩින් අත්සන තැබුවෙමි.

නමුත් ඒව ඔබ වටේ හිටපු නූගත් ලේකම්ලා ඔබට බලන්නවත් දුන්නාදැයි අප නොදනී. නමුත් ඔවුන් අපෙන් ඒවා බාර ගන්නේ (අා ජනාධිපතිතුමා ගමේ මිනිහා දැන් හාන්සිපුටුවේ ඉඳන් ඉන්නේ ගෙනිච්ච ගමන්ම බලනවායි කියමිනුයි. (අපොයි මගේ 2500/-...ය)

සුවිශේෂී පාලකයෙකු කිසිවිටකත් ගමේ තිබුනු යාළුමිත්තර කමට පත්වීම් සිදු නොකොට යුතුය. රටක උගතුන් බිහි කරන්නේ ගස්ගෙඩි කඩාපු වඳුරන් හට දැලිපිහි දීලා දුන් එකාත් විනාශයට පත් වන්නට නොවේ රටට වැඩ ගන්නටය.

ඒ වගේ ලේ වලින් අත්සන් කරපු ලිපි, සන්දේශ ඔබට තවත් ලැබිලා තියෙනවද රාජපක්ෂ මැතිතුමනි.. අපි ඔබට බොරුවට නෙමේ අැත්තටම අාදරේ කලා. නමුත් වැරදි භාවිතාවන් නිසාද, පුතුන්ගේ අත්තනෝමතික ක්‍රියා මව සැඟවූ නිසාද, වැරදි උපදේශකයින් නිසාද, අවස්ථාවාදී දේශපාලන මිතුරන් නිසාද, බලයෙන් අන්ධව උමතු වූ නිසාද ඔබ විනාශ විය. නෝබේල් සාම ත්යාගය ලැබීමට වරම් තිබු ඔබ ඒ සියල්ල බල තන්හාව නිසා නැති කර ගත්තේය. 

ඔබේ වැරදි කල්ක්රියාවන් නිසා ඔබේ අඩි 10 දිග බැනරය (අදටත්) ගෙදර බිත්තියේ තිබියදී අපි ගිහින් ඔබට විරුද්ධව අපේ පරමාධිපත්යය බලය පාවිච්චි කලා. ඒවාට කවුද පලි.. අපිද..! නෑ..  තීරන කියන්නේ ඒවාටයි.

දැන් ඔබ අත්හැරීම පිලිබඳ වත්මන් ජනපතිඳුන්ගෙනුත්, රාජ්‍යය පාලකයෙකුගේ හැසිරීම වත්මන් අගමැතිඳුන්ගෙනුත්, භාර්යාවන් කටයුතු කල යුතු අාකාරය වත්මන් ජනපති, අගමැති අාර්යාවන්ගෙනුත් උගතමනා ශිල්පයමයි මතු රැකෙනා...

ඔබගේ පුත්තුන්ට දේශපාලන අනාගතයක් නැති වේවි කියන හුබස් බියටවත් දේශපාලනය කරන්න හිතන්න එපා. ඔයාට වගේම වත්මන් ජනපතිටත් පුත්තු ඉන්නවා. අගමැතිතුමාත් තව ටික කාලෙකින් පුතෙක් ගේනවලු.. එයාල ඔයත් එක්ක හොඳ යාළුකමින් හිටපු හොඳ මිතුරන්, පුතාලට වැරදි හදාගන්න කියන්න. ඔබ අවෛරී වෙන්න. එවිට මෛත්තිරීපාල සිරිසේන මැතිතුමා සියල්ල අමතක කර දමාවි. එතුමා ඔබට වඩා ගොඩාක් චෛතසික වශයෙන් දියුණු බව 2015 ජනවාරි 08 න් පසු සිදු උනු හැම දේකින්ම අපි දැක්ක.

ඒ නිසා ඔබ වෙනුවෙන් එයාල තුලත්, රටවැසියන් තුලත් ඉතිරිවෙලා තියෙන අාදරය අනුකම්පාව නැති කරගන්න එපා ඔය වටේ ඉන්න යන එනමං නැති වෙලා ඉන්න උන්ගේ බහට රැවටිලා. නූගත් මිත්තරයින්ට වඩා උගත් හතුරා සහ ප්රතිවාදියා විශ්වාස කරන්න. ඔබ දඟලන්න දඟලන්න ඔබ තව තවත් හිරවෙනවා, කොටුවෙනවා, විනාශවෙනවා.

රටේ ජනතාව වගේම වත්මන් නායක සුසංයෝගයම ඉතා හොඳින් දන්නවා ඔබ යමක් කල බව. ඒවා ඔබෙන් සිදුවුනු වැරදිවලට වඩා වටින බවත් දන්නවා. නමුත් දැන් ඔබ ඒවාට විසඳුම් සොයනා අාකාරය අනුව ඔබට නෝචාන්ස්..

ඔබ වන්න අශෝක අධිරාජ්‍යයා වාගේ. සිදුවුනු සියල්ල මෙනෙහි කරන්න. සියල්ලෙහි යථාර්ථය අවබෝධ කරගන්න. රට හමුවේ පැහැදිලි පාපෝච්චාරනයක් කරන්න. දේශපාලනයෙන් සමු ගන්න. විශිෂ්ඨ උපදේශකවරයෙකු වන්න.

අපේ දරුවන්ට යුද්ධයට දේශපාලන නායකත්වය දුන් රජිඳුන් නමස්කාර කරන්න එන්නට ඉඩ සලසන්න. අාඩම්බරකාර තාත්තා දැන් ඉතින් අාඩම්බරකාර සීයා වෙන්න. එහි ලස්සනක් මිස අවලස්සනක් නැහැ කිසිම..

නොඑසේව දේශපාලන පොරපිටියේ කුණුවෙන්න එපා තවදුරටත්. දැන් අැති ඕනම දේකට කාලයක් තියෙනවා. මේ ඔබේ කාලය නොවේ. අනිකුත් ප්රවීනයින්ගේ පරිනතභාවයන්ගේ සහ සම්බන්ධතාවයන්ගේ පලය රටට උකහා ගන්නා කාලයයි මේ. රටේ අනාගත පරපුරේ යහපත උදෙසා ඔබද අත්හැරිය යුතු කාලයයි. ඔබේ සියළු වැරදිවලට සමාව දෙන්න මුළු රටමත් විශේෂයෙන් වත්මන් නායක දෙපලත් මුළු හදින් සූදානම් බව විශ්වාසයි.

ඊට අකීකරුව නැවතත් ඔබ බදාගන්නට ගියහොත් නම් සෝභිතාවතාරයේ ශාපයට ලක්වන්නට සිදුවනවා අනිවාර්යයයි.

වැරදි අැතොත් සමා කරන්න. අවධානමක් අරන් උවත් අප මේ කියන්නේ ඔබ වෙනුවෙන් අදටත් අැති අාදරයටයි. වටේ ඉන්න ගොබිලුන් කැහැපොට ගසමින් ඔබට අංතට්ටු පලඳවන්නේ (අන්දවන්නේ) උන්ගේ දූෂන යටපත් කරගෙන උන්ට ගොඩයන්නයි. රැවටෙන්න එපා. අහුවෙන්නම එපා විශේෂයෙන් උපත ලබනට ගැබක් සොයනා අාත්මයක් නැති ගන්දබ්බයා(පිල) ගෙනුයි, පාවාදීමේ ගිනස් වාර්තා හිමි තවමත් සීගිරිය නුදුටු අයගෙනුයි, වයසට යනකොට පොඩි ලමයි කරන වැඩ පෙන්නන සුදු රැවුල්කාර සීයාපප්පා ගෙනුයි.

ඉතාමත්ම ස්තුතියී. 
මම සෝභිතාවතාරයේ හඩ අවධිකරනා සත්පුරවැසියායි.

No comments:

Post a Comment