Wednesday, February 3, 2016

යෝජිත නව ව්‍යවස්ථාවට බරපතල ප්රශ්නයක්... (2016/02/04)

*******************************************************************************************
යෝජිත නව ව්‍යවස්ථාවට බරපතල ප්රශ්නයක්...
*******************************************************************************************
නිවහල්/නිදහස් යනුවෙන් නාම මාත්රිකව පවතින බොල් වචන යහපාලනයෙන් විචිත්රවත් යථාර්ථයක් කරමු.

රට පුරා බොහෝ පෙදෙස්වල දක්නට අැති සුවිශේෂී වූ අරබුදකාරී කාරනයක් අද ජාතික නිදහස් දිනයේදී ජනගත කිරීමට සත්පුරවැසියා කල්පනා කලේ යහපාලනවාදීන් සියල්ලෝගේම අවධානයට පත්කොට ව්යවස්ථාපිතවම පිලිසරනක් ලබා ගනු අටියෙනි. ඒ උදව්ව සත්පුරවැසි සියල්ලෝම වෙනුවෙන් ඉෂ්ඨ වනු අැතැයි විශ්වාස කරමු.

එම නිසා මෙම පනිවිඩය අහන්න දකින්න ලැබෙනා සියළු ජනතාවද, සියළු දේශපානක්ඥයින්ද, අාගමික උතුමන්ලාද වර්තමාන සමාජයේ මහත් අරබුදයක්ව අැති අප කාටත් පොදු හිරිහැරයක්ව අැති පහත කාරනාව ඉෂ්ඨ සිද්ධ කරගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස අායාචනය කරමු.

විශේෂයෙන් මෙම ගැටළුව නිසි ලෙස අගමැති තුමානන් හට යොමුකර ගතහොත් අනිවාර්යයෙන්ම විසඳුමක් ලැබෙනා බව මා හට විශ්වාස මන්ද යත්...

1980 දශකයේදී පැවති එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ පිහිටුවන්නට යෙදුනු මහකොළඹ අාර්ථික කොමිසම මගින් මෙම ගැටළුව නිසි ලෙස පාලනය වුනු නිසාය. 

නමුත් අද එම නීතිමය තත්ත්වය පවතීන්නේද නැද්ද යන්න පවා ගැටළුකාරී වී අැත්තේ පවතින ව්යාකූල තත්ත්වය නිසාය.

ගැටළුව වන්නේ පලමුවෙන් රටේ මහජනතාවට නිදහසේ ජීවත්වීමට අැවැසි පසුබිමක් නොමැති වී තිබීමය. පෙර කල කර්මාන්තයක් කිරීමට නම් එය කර්මාන්ත පුරවරයකට ගෙන යා යුතුය. නිවසක් සාදන්නේ නම් තාප්පයක් බඳින්නේ නම් හෝ වැසිකිලියක් සාදන්නේ නම් අදාල අනපනත් සම්පූර්න කල යුතුය. 

නමුත් වර්තමානයේ රටේ බොහෝ පෙදෙස්වල මෙම තත්ත්වය ඉතාමත් අවධිමත්ය. රු.ලක්ෂ ගනනක් වැය කොට ඉඩම් කට්ටියක් ගෙන ගෙයක් දොරක් සාදාගෙන නිදහසේ ඉන්නට සිතුවද අද එය පුස්සක් වී අැත. මන්ද යත් හෙට දිනයේ අල්ලපු ඉඩමට ශබ්ද දූෂණය හෝ වායු දූෂනය කරනා හෝ මහා මාර්ගය අවහිර කරනා හෝ අවිධිමත් ව්‍යාපාරයක් ස්ථාන ගත කරයි. මේවා කිසිවකට පරිසර වාර්තා, වීථි රේඛා කිසිවක් නැත. නමුත් ඒ සියල්ල පී.එච්.අයි. මහතාට හෝ ටී.ඕ. මහතාට දෙනු ලබන අල්ලසින් යටපත් වේ.

නමුත් රටේ සියළු නීති රීතීන් වලට ගරු කොට ඒ සියල්ල සපුරා වසන වැදගත් රටවැසියන් හට සැනසිල්ලේ විසුමට ඉඩක් නැත. සිදුව තිබුනේ නම් තමාගේ එකම සන්තකය අල්ලපු ඉඩමේ ඉන්න නීති විරෝධී කටයුතු කරන්නාටම තුට්ටු දෙකට විකුණා දමා රට අත්හැර යාම පමනි. 

ඒ තරමටම රාජපක්ෂ සමය රට අරාජික  කොට තිබුනි. නීතියක් නැත. සම්මතයක් නැත. ඉහල සිට පහලට හැම එකාම අල්ලසට (ජරාව කෑමට) නිවසේ කුණුටික ගෙනියන්න එන අය දක්වාම. (එයාටත් අල්ලස් නොදුන්නොත් අායි කවදාවත් කුණු ටැක්ටරය නවත්වන්නේ නැත)

නීතියානුකූලව කටයුතු කරනා ව්යාපාරිකයාගේ ස්ථානය ඉදිරිපිට මහාමාර්ගයේ (පේමන්ට් එකේ) හෝ රජයට අයත් ඉඩම් සීමාවන්හි නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් සිදු කරන්නා වූ පැරෂූට්කාර වෙළෙන්දන් නිසා රජයට සියළු බදු ගෙවනා ව්යාපාරිකයින් හට තම ව්යාපාර තව දුරටත් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව අැත. 

රාජපක්ෂ යුගයේදී මේවා කථා කිරීමටවත් බැරි ප්රශ්නය. රාජපක්ෂ මැතිතුමා නිරතුරුවම තම දේශපාලනික සගයින් මිතුරන් සේ සැලකූ නිසා ඒ පවර් එක (උණ) අැඟට ගත් ප්රාදේශීය මන්ත්රීවරයා දක්වාම චන්ඩිකම ප්රචලිත විය ඉහවහා යනු ලැබීය. 

මෙම වාතාවරනය යටතේ නීතියට සාමයට වැදගත් කමට සාරධර්ම ගුණදර්ම කිසිවකට ගරු නොකරන, හිස නොනමන, රස්තියාදු කාරයන්ද, සමහර ඩිමෝ බට්ටන්ද, සමහර කාඩ ත්රීවීල් කාරයන්ද, සමහර පේව්මන්ට් කාරයන්ද, නිසා අවිහිංසකවද, නිහඬවද, වැදගත්වද, වෙසෙනා මධ්‍යම පන්තිකයාට අසාධාරනයෙන් තැලී පොඩිවී මිරීකී විසුමට සිදුව තිබේ. 

පී.එච්.අයි. ට හෝ ටී.ඕ. ට නීතිය කියලා දෙන්න ගියොත් ඉන් පසු ඔවුන් අපට කොයි මොහොතේ හෝ වරදක් පටවා දඩයක් හෝ නඩුවක් දෙන්නට මාන බලයි. 

ටිකක් ලොකු ගේමක් නම් හොරායි හොරාගේ අම්මයි දෙන්නම එනම් ප්රාදේශීය සභාවේ සභාපතිද සමග එකතු වී කුට්ටිය ගිලියී.

පී.එච්.අයි. මහතා පැමිනිලි කරුද රැගෙන විත්තිකරුගේ ඉඩමට ගොස් එතැන සිට විත්තිකරුට ජංගම දුරකතනයෙන් අමතා එතැනට ගෙන්වා අපූරු නඩු විභාගයක් කර පැමිනිලි කරුට යන්න කියා විත්තිකරුගේ වාහනය පසුපසින් කොහේදෝ යයි... ඉන්පසු විත්තිකරුගේ කොන්ත්රාත්තුව ගන්නා කුඩ්ඩාගේ දැලිපිහි පාර කනකම් පැමිණිලි කරුට දෙයියන්ගේම පිහිට පමනි.

පොලිසියද යම් යම් අවස්ථාවල පුදුම දේවල් සිදු කරයි. 119 ට පැමිනිල්ලක් කල විට අදාල පොලිසිය පැමිනෙන්නේ විත්තිකරුට අමතා අදාල ක්රියාව සඟවන හෝ නවතන ලෙස ජංගම අැමතුම් දීලාය. (සැ.යු. - බොහෝ විට මේවා සිදුවන්නේ පොලිස් දුරකතන වලට රහසින් කන්දෙන වෙනත් නිලධාරීන්ගෙනි) 

ඉතින් කොහොමද යුක්ති ගරුක මිනිසුන් රටේ වසන්නේ.. වැඩිම අසාධාරයක් සිදුව අැත්තේද යුත්තිගරුක මිනිසුන් හටය. රටකට මෙය ඉතාමත් අයහපත් තත්ත්වයකි. රට හදා ගන්නට බැරිනම් විකල්පයක් නොමැති මෙවැන්නන් හට කිරීමට අැති එකම දෙය සදහටම රටින් සමුගන්නටය.(සමීක්ෂනයක් සිදු කලහොත් හඳුනා ගත හැකි වේවි රට අත්හැර ගොස් අැති බහුතරයක් රටක සිටිය යුතුමයන් නොවේද කියා) නමුත් පසුගිය යමපාලනයට අවශ්යව තිබුනේද එයමය. අසාධාරනයෙන් දුස්සීලයෙන් රට කරන්නට නම් සාධාරනය අගයන්නන් සිල්වතුන් යහපාලනවාදීන් නොසිටිය යුතුය යන්නය. එනිසා ඔවුන් හට රට එපා වන දේම සැමත සිදුවිය.


නමුත් ප්රමාද වී හෝ රටේ වාසනාවට පිනට පහල උණු යහපාලනය සෝභිත මාහිමිපානන් පැතූ සාධාරන සමාජය බිහි කරනා බව අපට විශ්වාසය.

කල්පනා කර බලන්න යහපාලනවාදී ඔයාලට ඕනා කොලනියක රජ කම් කරන්නද..! නොඑසේනම් යුක්තිගරුක මිනිසුන් හා යෙහෙන් වැජඹෙන්නද කියා..! 

කාරුණික මැති අැමති තුමනි/තුමියනි. පාර්ලිමේන්තුවට යන්න කලින් ඉස්සර ඔබලා හෝ ඔබලාගේ අම්මලා/තාත්තලා හෝ සහෝදරියක්/සහෝදරයෙක් හෝ අඩුතරමින් ඥාතියෙක්/මිත්රයෙක් හෝ මෙම පීඩාවන් අත්විඳිනවා දැක අැති ස්ථිරවම. අද ඔබලා තීරක ජනතාවගේ ඡන්දයෙන් දේශපාලනික බලපුළුවන් කාරයින් වෙලා නිසා ඒ ඔබලාගේ අයගේ ගැටළු සමහර විට නිරාකරනය කර දීලා අැති. නමුත් මා ඉහත විස්තර කල රටේ වැදගත් අහිංසක නිහඬ ජනතාවගේ ගැටළු නිරාකරනය වන්නේ කවදාකද...!

යහපාලනය පිලිබඳ මහත් වූ විශ්වාසයක් අැති මුත් ඉහල සිට පහලට ධාරාව ගලාගෙන යන්නට කොපමන කල් ගත වේද...
පොඩි උදාහරනයක් වශයෙන් අපේ ගමේ පන්සලට ටිකක් අෑතින් තිබුනු පුරන් කුඹුරක ඕවිටේ මීට කලකට ඉහත කන්ටේනර ටැංකියක් බහාලූයේය. එය අද වන විට අවට ගොඩ මඩ ඉඩම් අක්කර ගනනක් යටපත් කරගත් මහා මාර්ගයද මායිම් කර ගත් පන්සලින් කෙලවර උනු මහා විශාල කන්ටේනර අංගනයකි. ලෙඩ ගානේ වැඩ වසන නායක හිමිපානෝ මහත්තයෝ මට රෑට දායක මහත්තුරුන්ගේ ගෙවල්වල ගිහිල්ල බණ කියල මහන්සි වෙලා අැවිල්ල සැනසිල්ලේ ඩිංගක් නිදාගන්න නෑ රෑ එලිවෙනකම් ටැංකි බානවා පටවනවා සද්දේ ඉවරයක් නෑ කියල අසරනව කියනකොට අපිත් අසරනයි. මන්ද යත් මේවාට විරුද්ධව ලියන්න ගියොත් දේශපාලනික අදිසි හස්තයන් මගින් අපට කුමක් වේදැයි යන බිය නිසාය. 

ප්රාදේශීය සභාවට ගොස් එහි සිටිනා නෝනා මහත්වරුන් හට කුණු/කුණු ගාල කනට කර කීවාම ඔවුන් පවසන්නේ පැමිනිල්ලක් ලියල එවන්න කියලායි. ලියල යැවූ පසු අපව හතුරන්ගේ ගොදුරු බවට පත්කර සභාපති තුමා පැමිනිල්ල කුණු බක්කියට දමයි. අපිට දැන් අැති වෙලා. රටේ ඉන්නම බැරි තත්ත්වයක් තිබුනේ. දැනට චූටි විරාමයක් වගේ තියනවා. යමපාලනය කම්මුතු නිසා...

නමුත් මේවා මෙහෙම කරන්න බැහැ. ඉස්සර 80 දශකයේ රනිල් අාණ්ඩුව කාලේ වගේ පී.එච්.අයි. හෝ සුදුසුකම් සපුරා අවසන් සීල් එක (මුද්රාව) තබන තුරු හැම තැනම සිද්ධවන මේ අවිධිමත් කටයුතු සියල්ලට ව්‍යවස්ථාපිතවම (කරුණාකර) නීති හදන්න. මිනිසුන්ම පැමිනිලි කර අවධානමට ලක් වන්නට තබන්න අවශ්‍ය නෑ එවිට. 

රටක් තුල වසනා ජනීජනයා හට නිදහසේ ඉන්නට බැරි පරිසරයක් නම් තිබෙන්නේ. අපි නිදහස් නිවහල් යැයි කෙසේ පවසන්නද...

එම නිසා සංහිඳියාව රජයන මේ උතුම් යහපාලන රජය අද දින සමරනු ලබන 68 වැනි නිදහස් උලෙලින් පසු මෑතදීම එලි දකින්නට නියමිත ජනතාවාදී ව්යවස්ථාව මගින් මෙම සුවිශේෂී කාරණය පිලිබඳ අවධානයක් යොමු කරවනු අැතැයි ඉතාමත් කරුණාවෙන් අයැද සිටින්නේ. සුවහසක් වූ  අවිහිංසක නිහඬ ප්රජාව වෙනුවෙනි (සත්පුරවැසි මාද අැතුළුව) ස්තුතියී.

ජනපති/අගමැති අැතුළු ව්යවස්ථාදායක සභාවේ සියළු මැති අැමති සහ සිවිල් ක්රියාදරයින් හට තුණුරුවන් සරණයි. සියළු දෙවි රැකවරනයි.

No comments:

Post a Comment