Thursday, July 5, 2018

තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කඳවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී..

තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කඳවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී.. 

=================================================================
විජයකලා කොටි නැගිටුවීමට අපූරු හේතුවක් සංඝනායක මුංහේනේ මෙත්තාරාම හිමි සොයාගනී..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.05, පෙ.ව‍.8.30) ජුලි මස 31 වනදා වන විට උතුරු නැගෙනහිර පළාත්වලින් වැඩකට නැති හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් බෞද්ධ පන්සල් තිහකට අධික සංඛ්‍යාවක් වැසීයාමේ අවදානමක් ඇතයි නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල මංගල මහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ ලංකා ඊ නිව්ස් වෙත පැවසූහ.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන මෙත්තාරාම හිමියෝ
-------------------------------------------------------------------
“ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් බෞද්ධ පන්සල් 130 ක් පමණ තියෙනවා .මෙයින් පන්සල් 30 කට වැඩි ප්‍රමාණයක වාසය කරන භික්ෂූන් වහන්සේලාට දානය සපයන්නේ සහ එම ස්ථානවල අනෙකුත් නඩත්තු කටයුතු කරන්නේ ඒ ඒ ප්‍රදේශවල ඇති හමුදා කඳවුරු වලින්. මේ මස තිස් එක්වැනිදා වනවිට උතුරු නැගෙනහිර පළාත්වලින් හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. දැන් එය ක්‍රියාත්මක වෙමින් පවතින බව මම පැහැදිලිවම දන්නවා. ඒක ඇත්තක්. මේ තත්වය යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රීක්කයේ ඇති හමුදාවෙන් යැපෙන පන්සල් තිහකට වඩා වැසී යනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරිය නැවත කොටි නැඟිටිය යුතු බවට ප්‍රකාශ කළේ මේ පසුබිම යටතේ වෙන්න පුළුවන් . පෙරහැරට කලින් කස කාරයෝ එන බවක් තමයි පෙනෙන්නේ “
========================================================ඉහත ඊනිව්ස් ලිපියට පෙරවදනක්====
තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී.. 

සේරුවිල මංගල මහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ ලංකා ඊ නිව්ස් වෙත පුදුම කථාවක් කියා අැති අතර මේ මෝඩ ඊනිව්ස් නිසි අධ්යයනයක් නැතිව ඔහේ පලකරන්නන් වාලේ එය පලකර අැත.

නමුත් හාමුදුරුවන්ගේ ප්රකාශයේදීම පවසා අැත්තේ රජය වැඩකට නැති හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට තීරනයක් ගෙන අැති බවය.

සේනාධිනායක ජනාධිපති සමග ඊනිව්ස් තුල සිටිනා සම/හරකුන් ගේ සිත්තුල පවතිනා ද්වේශය සහ වෛරය නිසා ගල උඩ පහරනා බලලකු සේ දැන් ඉතින් Enews උන්නැහේට පැහැරෑ --ට වසා ගත නාෙහැකි වනු අැත. (නොසේනම් ඊනිව්ස් මෙවන් කාරණාවන් පලකරනු ලබන්නේ මීට වඩා බොහෝ ගවේශනාත්මකව සහ හරවත් අාකාරයටය)

දැන් ඉතින් අාණ්ඩුවට ඊනිව්ස් කුහකයෝ සෙට් එකයි අපේ හාමුදුරුවොයි කියා සිටින්නේ මේ පන්සල් ටික වැසී යන එක නවත්වන්නට නම් අාණ්ඩුව විශාල පිරිවැයක් දරාගෙන (යුද්ධයක් නැති පසුබිමක් තුල) මෙම හමුදා කඳවුරු 33 මෙම පන්සල්වල අාවතේව වැඩ සහ දානය සැපයීම පිනිස තව දුරටත් පවත්වාගෙන යන ලෙස නොවේද..!

අඩු තරමින් හාමුදුරුවෝ ප්රකාශ කරල නැහැ පන්සල් අානාරක්ෂිත වන වගක් හෝ නමුත් විජයකලාගේ කස කථාවත් දඩමීමා කරගෙන අැති බවක් නම් පෙනේ.

අනේ හාන්දුරුවනේ ඔබ වහන්සේලාට දානය සපයන්නටයි... පන්සල් අාවතේව වැඩ කරන්නටයි හමුදා කඳවුරු 33 ක් නඩත්තු  කරන්න අාණ්ඩුවට ඉඩ දෙන්න රටේ ජනතාවවත් කැමති නොවනා බව දැන ගන්න.

ඔබ වහන්සේලා විජයකලාගේ කස කථා අවුළුවා ද්රවිඩ ජයයා අමනාප කර ගන්න එපා. මෙතුවක් කල් ඔබලාට ඒ ජනතාවගෙන් හින්සා පීඩා සිදු උනේ නැහැ නොවැ. 

ඒ නිසා ඔබ වහන්සේලා දැන් ඉස්සරටත් වඩා ඒ ජනතාවට කිට්ටු වෙන්න. සංහිඳියාව වෙනදාටත් වඩා ප්රචලිත කරන්න. 

මේ වන විට රජය උතුරු කරය තුල ඉතා යහපත් ලෙස නීතිය හා අාරක්ෂාව ස්ථාපිත කරලා තියෙනවා. ඔබ වහන්සේලාට බිය වන්නට දෙයක් නැහැ. අනෙක් ප්රධාන කරුන වන්නේ ඔබ වහන්සේලා බුද්ධ පුත්රයින් නිසා ධර්මය ගැන විශ්වාසය තියන්න. ධර්මයෙන් ජීවත් වන්නා ධර්මය විසින් අාරක්ෂා කරනු ලබයි යන ලෝක සත්යය තුල පිහිටා සිටින්න. කස කථා පතුරවා අධාර්මික නොවන්න. තමන් සිදු කරනා යහපත හෝ අයහපත තමා පසු පස එන සෙවනැල්ල සේ තමන් අත් නොහරින බව අමතක නොකරන්න.

සම්බුදු පියානන්ගේ ඒ උතුම් දහමට අනුව යමින් ජාති/අාගම්/කුල/මල නොතකා යුද්ධයෙන් අනාථ වී මාපියන්, දූවාදරුවන්, අඹුසැමියන් අහිමිව අසරනව දුකින් සිටිනා ඒ අවිහිංසක මිනිසුන් හැකි අයුරින් ධර්මය දේශනා කාෙට සනසාලන්න.

එවිට ඔබ වහන්සේලාගේ දානමය කටයුතුත් ඉබේම ඒ මිනිසුන් තුලින් සිද්ධ වෙන්නට පටන් ගනීවි. 

ශාන්ත බවත් සංහිඳියාවත් උදෙසා පින්ඩපාතය වඩින්න හුරු වන්න. දානයත් ගිලන් පසත් හමුදා කඳවුරුවලින්ම ලබමින් පලාතේ ජනතාවගෙන් දුරස් වෙලා සිට අැති නිසයි දැන් ඔබ වහන්සේලාට ප්රශ්නයක් වෙලා අැති බව පෙනෙන්නේ.

දකුනේ ජනතාවට දැන් ප්රශ්නයක්ව අැත්තේ ඔබ වහන්සේලා උතුරු/නැගෙනහිර පලාත් වලට වී මෙතුවක් කල් සිදුකර අැත්තේ කුමක්ද යන්නය. 

හමුදා කඳවුරුවලින් යැපෙමින් ඒවාට පමනක් අනුශාසනාවන් සිදු කරමින් සිටියානම් දැන් ඔබ වහන්සේලා ගත යුතු පියවර වන්නේද ඒ හමුදා කඳවුරු රැගෙන යන ලෝකයකට ඔබ වහන්සේලාද වඩිනු මැනවි.

මේ සියල්ලෙන් ඉතා පැහැදිලි වන්නේ ධර්ම ධරයානන් වරුන් ලෙස ඔබ වහන්සේලාගෙන් සිදුවිය යුතු කිසිදු යුතුකමක් ඒ පලාත්වලට සිදුව නැති බවය. තමන් වහන්සේලාට පන්සල් වසා දමන්නට සිදුව අැත්තේ ජනතාවගේ හදවත් තුලට පිවිසෙන්නට අසමත්ව අැති බැවිනි.

ඒ නිසා ඔබ වහන්සේලාට දැන් විසඳුමක් නැතැයි සිතේනම් සිදු කිරීමට අැති නුවනක්කාර ක්රියාව වන්නේ මෙතුවක් කල් ගත දරා සිටි ඔය බොරු කහකඩ පසෙකලා ඉවත් කරන්නට යෙදී අැති මෙතුවක් කල් පිංබත් ගිල්ල හමුදා කඳවුරු 33 ට බැඳී හමුදා සේවයකින් හෝ බුදිනා බතට සරිලන සේවයක් රට වෙනුවෙන් සිදු කිරීමය.

නොඑසේනම් දැන්වත් තම වගකීම් සිතට ගෙන ධෛර්යය වඩා පිඩුසිඟා වඩිමින් ධර්මයද සංහිඳියාවද පතුරවමින් දානය නොලැබේනම් (වෙනත් කැලෑබද පෙදෙස්වල වෙසෙනා සංඝයාවහන්සේලා අාදර්ශයට ගෙන) පන්සල තුලදීම දානය සකස් කර ගනිමින්ද, බවබෝග පන්සල් භූමිය තුලම අැබිත්තයින් ලවා වගා කරගනිමින්ද සෙත් පිරිත් සජ්ජායනා කරමින්ද අාදර්ශමත් පන්සලක් පවත්වාගෙන යන විට ක්රමානුකූලව ජනතාව අාසන්න වේවි. මෙතෙක් කල් සිදුකර අැත්තේ පන්සල විසින්ම පන්සල තුලට හමුදා සෙබලුන් දමාගෙන පන්සල තුලින් ජනතාව පලවා හැරීමය. පන්සලකින් පන්සල් ස්වරූපයක් මිස වෙන අන් ස්වරූපයක් විද්යාමාන වුවහොත් ඊට කිසිදාකත් බැතිමතුන් පය නොතබති.

2015 ජනවාරි 8 දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ කොළඹ දිස්ත්රික්කයේ කෝට්ටේ ඉතාමත් සැප පහසුදායක පරිසරයක හිදිමින් උවත් තම විහාරස්ථානය තුලදී පවා ගතකල අල්පේච්ච දිවි පෙවත නිසා තමන් වහන්සේට තම දායකයින් සහ බැතිමතුන් පූජා කරනා ලද බොහෝ පිරිකර තමන් වහන්සේට වැඩි යැයි හැඟුනු හෙයින් උන් වහන්සේ ඒවායින් බොහෝමයක් දේ රැගෙන අෑත දුර ගම්දනව් වල කැලෑබද පෙදෙස්වල ඉතා දුෂ්කරව ධර්මය ප්රචලිත කරමින් කුඩා පන්සල්වල සිටිනා සංඝයා වහන්සේලා සොයා ගොස් ඒවා උන්වහන්සේලාට බෙදා දී බොහෝ අත්දැකීම් අැති නිසා සංඝයා වහන්සේලා නැතහොත් නියම බුද්ධ පුත්රයින් ක්රියා කර අැත්තේ කොයි අාකාරයෙන්දැයි ඉතා හොඳින් දැන සිටි උත්තමයෙකි. නමුත් හමුදා කඳවුරු වලින් පමනක් දිවි පෙවත ගෙන ගිය පන්සල් ගැන උන්වහන්සේ ජීවතුන් අතර සිටි කාලයේදී අසා තිබුනාදැයි සැක සහිතය. එසේ නොවුනානම් අද මෙම පන්සල් වසා දමන්නට කිසිසේත් සිදු වන්නේද නැත.

සෝභිතාවතාර විශ්වයේ සිට.
2018/07/05

විජයකලා කොටි නැගිටුවීමට අපූරු හේතුවක් සංඝනායක මුංහේනේ මෙත්තාරාම හිමි සොයාගනී..!

Wednesday, July 4, 2018

JVP ත්රස්තයින්ට කැප, JR/ප්රේමදාස/මහින්ද යමපාලන රාජ්යය ත්රස්තවාදයට කැප ප්රජාතන්ත්රවාදය LTTE ත්රස්තයින්ට අකැපද...!


 තිත්ත අැත්ත නොහොත්.. තිත්ත කසාය... 
JVP ත්රස්තයින්ට කැප, JR/ප්රේමදාස/මහින්ද යමපාලන රාජ්යය ත්රස්තවාදයට කැප ප්රජාතන්ත්රවාදය LTTE ත්රස්තයින්ට අකැපද...!
==============================================
=================

මෙය සෝභිතාවතාරයේ පෞද්ගලික මතයකි. ඕනෑම ගුණ/නුවන අැති අබුද්ධික නොව... සබුද්ධිකයින්ගේ විවේචන සහ මීට එකඟ වීම හෝ ප්රතික්ෂේප කිරීම ගෞරවයෙන් යුතුව පිලිගනිමි.

එමෙන්ම ගෝත්රිකවාදී වූද... මෙවැන්නක් දුටුවද වල ඉහ ගැනීමට මාන බලා සිටිනා අධාර්මික, අශ්ලීල, අවස්ථාවාදීන්ගේ විවේචන නොසලකන මා 2015 ජනවාරි 08 දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අභීතත්වයත්.. මානව හිතවාදීත්වයත්.. නිර්පාක්ෂීකත්වයත්... දිවි හිමියෙන් අාරක්ෂා කරනා අදෘශ්යයමාන අවතාරය සෝභිතාවතාරයයි.

ගතවූ දශක ගනනාවක් තුල මෙම රට පාලනය කල මහාකලු සිංහල පාලකයින්ගෙන් යම් යම් පාලකයින් ඒ එකිනෙකාගේ බුද්ධි/මනෝ භාවයන් සහ ගෝත්රිකවාදී ම්ලේඡ්ච ගති පැවතුම් අඩුවැඩි වශයෙන් අවභාවිතාවේ යොදවමින් රටේ ජනතාවටත් අනාගත පරපුරටත් ප්රභාකරන්ටත් වඩා දැඩි (හිට්ලර්/ගොට්ලර්වාදී) වද හිංසා සහ අපහසුතා සිදු කර අැති බව කොයි කවුරුත් නිහඬව සිටියද මනා ලෙස දන්නා සත්යයකි. නමුත් මෙම තත්ත්වය වෙනස් කර නොගෙන දිගින් දිගටම පැවතීමට තුඩුදුන් සුපැහැදිලි කාරනය වූයේ මේ රටේ සබුද්ධිකයින්ගේ උදාසීන භාවයත් අකර්මන්යය භාවයත් සහ සුවිශේෂයෙන් බහුතරයක් වන වහල් මානසිකත්වයක් අැති අබුද්ධිකයින්ගේ බෙලහීනත්වයි. තවත් සීමිත පිරිසකගේ අමනෝක්ඥ හැඟීම්බර වැරදි තීරන සහ අන්ධ භක්තියයි.

රටක් තුල අභ්යන්තර යුධමය වාතාවරනයක් අැති වන තත්ත්වයකට පත් වූ කල සහ යමෙකු හෝ යම් කණ්ඩායමක් අවි අායුධ අතට ගන්නා තරමට රටක පාලනය දුර්ධාන්ත වූ පසු පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් අවි ගත් කණ්ඩායම් කිසිවෙක් තුලින් සෑම අවස්ථාවකදීම සෑම දේම නිවැරදිව සිදුවේයැයි අපේක්ෂා කිරීම දුෂ්කර මුත් ඉතිහාසය තුල ඒ ඒ වාතාවරයන් හමුවේ ත්රස්තවාදියාගේ අරමුන වෙනුවෙන් ඔවුන් සාධාරන වන්නා සේම හරි හෝ වැරදි ලෙස රට පාලනය කල පාලකයින්ගේ පැත්තෙන් බැලූකල එවකට ගෙන අැති ත්රස්තවාදය මර්ධනය කිරීමේ තීන්දු නිවැරදි වුවත් සමස්ත ඉතිහාසය විශ්ලේෂනයට බඳුන් කල කල්හි පාලකයින් ත්රස්තවාදියාට වඩා බිහිසුනු ලෙසද... අවස්ථාවාදී ලෙසද... බඩගෝස්තරවාදී ලෙසද ක්රියාකොට අැති බව සර්ව සාධාරන මධ්යස්ත මතධාරියෙක් හට කාෙතරම් විවේචන එල්ල වුවත් ප්රකාශ කර නොසිටිය නොහැකි කරුනකි.

නමුත් මේවා සෝභිතාවතාර අවතාරයක් නිසා පැවසුවද ජීවතුන් අතර සිටියානම් ප්රකාශ කිරීම පහසු නැති බව සෝභිත හිමියන් ස්වප්නයේදී අාතූරයාට වදාරන ලදී.

ඒ කුමක් කෙසේ වෙතත්...

JVP ත්රස්තයින්ට කැප, JR/ප්රේමදාස/මහින්ද යමපාලන රාජ්යය ත්රස්තවාදයට කැප ප්රජාතන්ත්රවාදය LTTE ත්රස්තයින්ට තවමත් අකැපද...! යන්න සලකා බැලීම වර්තමානයේ පවතින්නා වූ සාධනීය අත්යාවශ්යතාවයකි.

ජේ.අාර්. ප්රේමදාස සහ ඔවුන්ගේ අළුගෝසුවා (රන්ජන් විජේරත්න) ලා සහ යම/රාජපක්ෂ සහ ඔහුගේ අළුගෝසුවන් වන ගොට්ලර්/මදාවි-මර්වියා-වන(අා)චාරියා සහ පනික්කියන් වන සීගිරියවත් නොදුටු පාදඩපාවාදෙනවංශයාද/තම විෂය පතය කුමක්ද කියාවත් නොදැන සිටි සොරදෙටුවා ගොබ්බන්පිලයා අැතුළු ඒ අලිබබාගේ සොර නඩයට කැප ප්රභාකරන් කිසිදා සිදුකර නොමැති තරම් පාදඩ කම් සිදුකල මුන්ට කැප දේශපාලනය සහ පාලක පන්තිය සිදුකල සමාජ අසාධාරනට එරෙහිව ත්රස්තවාදය දක්වා පිවිසෙන්නට සිදු උනු මුත් මේ වන විට ඒ සියළු වැරදි නිවැරදි කරගෙන වචනයේ පරිසමාප්තියෙන්ම පරමාදර්ශී වූ ප්රජාතන්ත්රවාදයේ නියැලෙමින් අල්පේච්චිත වූ දිවිපෙවතක් පවත්වාගෙන යමින් දැඩි අපහසුතා මධ්යයේ උවත් අද්විතීය දේශපාලනික මෙහෙවරක් ඉටු කරමින් වර්තමානය වන විට සමස්ත පාර්ලිමේන්තු ඝර්හයම විනය සහ හැදිච්ච කම වඩනා තක්සලාව බවට පත් කල මහඖෂධ පඬිවරයන් තත්ත්වයට පත් උදාරතර JVP යට සේ ඒ අමිහිරි ත්රස්තවාදය සහ යුධමය වාතාවරනය යටතේ ඒ අවිහිංසක ද්රවිඩ ජාතියට තම තමන්ගේ මාපිය,දූදරු,නෑහිතමිත්රාදී පරම්පරා ගනනාවක් සහ උන්හිටි තැන් අැතුළු සියළු දේපොල අහිමිව සිටිනා සෝචනීය පසුබිමක් තුල බෙදා හෝ නොබෙදා හෝ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඒකරාශී කොටගෙන 70 දශකයට පෙර පැවති ඒ සුන්දර ලූණු/මිරිස් - ශ්රම/බුද්ධි දායක සංස්කෘතිය යලි බිහි උනාෙත් රටේ සංවර්ධනයට මොනතරම් නම් ශක්තියක්ද...

ගොවිතැනටද... ශ්රම සහ බුද්ධිමය දායකත්වයටද උපන් හපන් ඒ අහිංසක ද්රවිඩ ජාතිය තුල සිංහල ජාතිකයා සිංහලයාට පානා උඬගු කම් වංසෙ කබල් ගෑම් බොරු සිංහ සේයා කිසිවක් නොමැත.

ඉතින් ත්රස්තවාදීන්ව සිටියදී පවා භාෂනය වූ JVP යන නාමය ප්රජාතන්ත්රවාදී ප්රවාහයට පිවිස පාර්ලිමේන්තුව තුල නියෝජනය වීමේදීත් භාවිතයට ඉඩ ලැබුනානම් සහ ඉඩ දුන්නානම් LTTE යටත් ඒ හැන්දෙන් බෙදන්නට අකමැති කුහකත්වය කවරේදැයි විමසා බැලිය යුතු කාරනයකි.
උතුරුකරයේ සිටි සෑම එකෙක්ම සහ එකියක්ම LTTE ත්රස්තවාදියෙක් යැයි හංවඩු ගැසූ දකුණේ සිංහලයින් බොහෝමයක් මේ වන විට ඒ සියල්ල නොතකා තම ජාතියට දුන්නාට වඩා බෙහෙවින් අඩු වැටුප් ගෙවා තම නිවෙස්වල, ව්යාපාරික ස්ථාවල, ප්රවාහන සේවා තුල ගෘහ සේවක/සේවිකාවන් ලෙසද... වෙළඳ සේවක/සේවිකාවන් ලෙසද.. රියැදුරන් ලෙසද... පෙදරේරු සහායකයින් ලෙසද, බේකරි කම්කරුවන් ලෙසද, එකී නොකී නොයෙකුත් අාකාරයන්ගෙන් මහ කලු සිංගලයාගේ ශ්රම දායකත්වයට පාදක කැරගෙන රටේ සංවර්ධන ඉලක්ක සපුරාලීමට වක්රාකාරයෙන් ශක්තිමත් දායකත්වයක් ලබා ගනිමින් පැවතීම සැඟව අැති සත්යය යථාර්තය මෙන්ම සංහිඳියාවේ යහපත් ලක්ෂනයක්ද වෙයි.

කවුරුන් කෙසේ කුමක් කීවද... මෙම වාතාවරනය රට තුල නිර්මානය වීමට සැලකිය යුතු කාර්යය භාරයක් (තනිවම නොව පොදුවේ) ඉටු කල මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හට පමනක් ඔහුගෙන් රටට සිදුව අැති යම් යම් දූෂන අපරාධ සහ අවැඩ වෙනුවෙන් JVP යට හා LTTE යට දුන්නා හා සමාන පොදු සමාවක් දීම සබුද්ධික ජනයා ඉවසයි.

නමුත් ඒ ඔහු තමන් ඉසිලූ ධුරයේ අත්දැකීම් සහ උපදෙස් රටට අනුශාසකත්වයකින් පමනක් ලබා දෙමින් ඒ ගෞරවය මරන මංචකය දක්වා පවත්වා ගනිමින් විශ්රාමික වන්නේ නම් පමනි. නොඑසේ උවහොත් ඔහුගේ අභාවය වෙනුවෙන්ද රට්ටුන් හට දිනෙක රතිඤ්ඥා පත්තු කිරීමට සිදුවීමද වැලැක්විය නොහැකි වනු සෝභිතාවතාර නියත අනාවැකියකි.
ලොවින් එකෙක් යම් යම් දේට වෙයි සමත උවත් මහින්ද යනු රටක් සුරක්ෂිත සංවර්ධනයක් කරා ගෙන යාමට හපනෙක් නොවූ බව මේ වන විට අසන්නට දකින්නට අැති පැහැදිලි දර්ශකවලින් ඔප්පු වෙමින් පවතී.

ඒ නිසා රටක් තුල සිටිනා රාජපක්ෂලා පමනක් නොව වෙන අන් අය තුලද විවිධාකාරයේ හැකියාවන් සහ දක්ෂතා උගත්කම් පවතී. ඒවා උරගා බැලීමට ජනතාව තීන්දු ගත්තා සේම ඒ සඳහා සාපේක්ෂිතව සාධාරන කාල පරාසයක් ලබා දීමටද ඒ ජනතාවත් හිටපු පාලකයිනුත් සංවේදී විය යුතුය.

රනිල්ට ලමයි නෑ.. ඒ නිසා එයාට මුකුත් බෑ.. ගමරාල පිං ජනාධිපති ඒ නිසා එයාට රට කරන්න දන්නෑ... මෙවැනි කඩප්පුලි කථාවලින් රටේ සංවර්ධනයත් ජනතාවගේ අායුෂත් කාලයා තුල ගිලිහී යනවා මිස වෙන අන් කිසිවක් සිදු නොවේ.


ඒ නිසා කොයි කවුරුත් සියළු වාද භේද දුරලා අඩු තරමින් තම තමන්ගේ දූදරු මතු පරපුරේ යහපත් අනාගතය වෙනුවෙන් හෝ කුහකත්වයෙන් තොරව සහ නිවහල් මානසිකත්වයෙන් තොරව සිතන්නටත් තීන්දු තීරන ගන්නටත් අදිටන් කර ගත්තොත් තම දරුවන් හට තම මව් රට තුල දැහැමින් සෙමෙන් සැපෙන් සතුටින් විසීමට හැකි පසුබිමක් නුදුරු අනාගතයේදීම බිහි කර ගත හැකි වනු අැත. 
නොඑසේ උවහොත් විශේෂයෙන් යහපත් මිනිසුන් සහ ඒ දුවා දරුවන් බහුතරයකට අනිවාර්යයෙන්ම තම මව් රට අතහැර විදේශ ගත වන්නට සිදුවීම වැලැක්විය නොහැකි වනු නියතය.

රටට දැයට ජනතාවට තුණුරුවන් සරනයි
සෝභිතාවතාර විශ්වයේ සිට තම අරමුන ඉටු කරනා තුරා නිවනටවත් නොපිවිසෙන සේක...
2018/07/04









විජයකලාගේ කතාව යළි කියවමු..! දිය බොර කර මාළු බෑම අත්හරිමු..!!
-කීර්ති රත්නායක ලියයි-
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1937914636273692/?type=3

(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.04, ප.ව‍.12.30)
====================================================================

‘විජයකලාගේ කොටි කතාව ජාතිවාදීන්ට දර දිය සැපයීමක්; දෙමළ ජනයාට කරන ද්‍රෝහි කමක්..!’ - මුජිබර් රහුමාන්
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.04, ප.ව‍.10.30) 













=================================================================================

මහින්ද මට කෝටි සීයක් දෙන්න කතා කලා..- විජයකලා..

http://lankacnews.com/21578-2/?utm_source=dlvr.it&utm_medium=twitter
July 5, 2018 at 12:02 am | lanka C news
මහින්ද මට කෝටි සීයක් දෙන්න කතා කලා..- විජයකලා..
පසුගිය මැතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 100ක් හා කැබිනට් අමාත්‍යධුරයක් තමන්ට ලබාදීමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරුන් මහත්මිය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබාගත් දුරකතන ඇමතුමක ඇතිවූ සංවාදයකදි මේ බව හෙළිවිය.
එසේම තමා එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ඒමට ප්‍රකාශ නොකළ බවත් ආවේගයෙන් කතා කරන විට වැරදි සිදුවන බවත් ඇය පැවැසුවාය.
*** එහිදී ඇතිවූ දුරකතන සංවාදය ***
ඔයා මේ මොකක්ද කියලා තියෙන්නේ එල්.ටී.ටී.ඊ. ඕන කියලා?
කවුද කිව්වේ
ඇයි ඔයා කියලා තියෙන්නේ මේ හැම පත්තරේකම ගිහින් තියෙන්නේ?
අයියෝ කවුද ඔය ඒක බොරු අප්පා. මම කිව්වේ ඒ කාලේ මේ වගේ ප්‍රශ්ණ මොකුත් ආවේ නෑ (කියලා)
පාසල් දැරිය දූෂණය කළේ නෑදෑයින් නේද?
නෑ මාමා අයියා සම්බන්ධ නෑ. ඔක්කොම මත්ද්‍රව්‍ය භාවිත කරපු කට්ටිය (කළේ). දකුණේ නෑදෑ ප්‍රශ්ණ ආවට උතුරේ එහෙම ප්‍රශ්න එන්නේ නෑ.
ඉඩම් ටික දුන්නට ස්තූති කළාට ජනපති වැඩියෙන්ම ඇවිදින් තියෙන්නේ යාපනයට?
එයා ආවේ පක්ෂය හදන්නනේ. ඔලුව උඩ තියාගෙන අපි එයාව දිනෙව්වා. මහින්ද රාජපක්ෂ කිව්වා මිලියනයක ඡන්දයකින් දිනනවා කියලා. කෝටි 100ක් දෙන්නම් කිව්වා. කැබිනට් ඇමතිකමක් දෙන්නම් කිව්වා. ඒ කිව්වට අපි උදව් කළේ නෑ.
ඔබේ සැමියා ඝාතනය කළෙත් එල්.ටී.ටී.ඊ. ය නේද?
නෑ, පිස්සුද? චන්ද්‍රිකා මහින්ද කරපු දේවල් නිසා අද අපිටයි ප්‍රශ්ණ.
ඔයාගේ විසඳුම වැරදියි?
ආයේ එල්.ටී.ටී.ඊ. ගේන්න කිව්වේ නෑ. ඒ කාලයේ සාමයෙන් හිටියා. කතාකරන කොට ටෙන්ෂන්නේ කතාකරන කොට වැරදි වෙනවා. කවුරුත් එන්නේ නෑ.
ආයේ එල්.ටී.ටී.ඊ. එනවා කියන්න එපා හොඳ නෑ?
නෑ නෑ රන්ජන් ඔයා ගණන් ගන්න එපා දකුණේ රනිල්ව පරාජය කරන්න මීඩියා මේක කරන්නේ. පාරේ ඉන්න මාධ්‍යයට අපි කියන්න යන්න ඕන නෑනේ.
ඔයා ඉඩම් ටික දුන්නා කියලා තියෙනවා?
වෙන මොනවද කළේ. ඔයාගේ අය මෙහෙ ඇවිත් වැඩ කරනවද කියලා හොයලා බලනවා. ඔයාගේ නම තියෙයිද කියලා හොයනවා. අපේ අය උපාධි ඉවරකරලා පාරේ වැඩ කරනවා.
ඩ්‍රග්ස් අරන් තමයි රේප් කරන්නේ?
වෙන ප්‍රශ්ණ නෑ.
ඔයා පොලිස්පතිට කතා කළේ නැත්ද?
විද්‍යාගේ කේස් එකට කතා කළා මොනවද කළේ?
මේ වගේ ප්‍රකාශ කරන්න එපා ඒක රජයට හොඳ නෑනේ
නෑ රන්ජන් මම ගේන්න ඕන කිව්වේ නෑ.
=================================================================================================================================

Tuesday, July 3, 2018

විජයකලාට වලංගු Mr.Dirty/Clean අගමැතිට අවලංගු ජනතාවට නොවැටහෙන ලංකාවේ නීතිය සබුද්ධික ජනයාගේ විමසිල්ලට.../නිර්පාක්ෂික සෝභිතාවතාර

පරීක්ෂන අවසන් වන තුරු විජයකලා මහේෂ්වරන් රාජ්යය අැමති ධුරයෙන් ඉවත් කරන ලෙස අග්රාමාත්යය වරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි. /  පුවතට ප්රති පුවතක්... නිර්පාක්ෂික සෝභිතාවතාරයෙන් - https://twitter.com/arunalubopage
============================
විජයකලාට වලංගු   Mr.Dirty/Clean  අගමැතිට අවලංගු ජනතාවට නොවැටහෙන ලංකාවේ නීතිය 
සබුද්ධික ජනයාගේ විමසිල්ලට...

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දේදුනු විප්ලවය ජයගෙන රාජපක්ෂවාදී යමපාලනය සුන්නත්දූලි කර යහපාලන රජය බලගන්වා පොරොන්දු පරිදි තමන් අගමැති ධුරයෙන් පිදුම් ලැබ දින/සති කීපයක් අැතුලත තම පුද්ගලික අභිමතය පරිදි ජනපතිගේ පවා
අදහස් නොතකා හිතුවක්කාර තීරනය මත අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපති කාෙට මෙරටට (Import/කර) ගෙන්වා තවත් මාස කීපයක් අැතුලත ලංකාවේ සිදුවුනු ඉතිහාස ගතව ගිනස් පොතට අැතුළුවන මහ බැංකු බැදුම්කර මගඩියට ප්රබල වගකිවයුත්තෙක් වන Mr.Dirty/Clean අගමැති පරීක්ෂණ අවසන් වන තුරු ධුරයෙන් ඉවත් නොවී කිසිදු විලි ලැජ්ජාවක් නොමැතිව තව දුරටත් බලයේ සිටින්නේ විජයකලාට වලංගු කිරීමට සැරසෙන ඔබගේ පක්ෂග්රාහී නීතිය ඔබට වලංගු නැති සදාචාරය තුලදැයි දේදුනු විප්ලවයේ සබුද්ධික ජනයා දැඩි විමසිල්ලෙනි.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...

දූෂිත දේශපාලකයින්ගේ අායුධ බලන්නට යන්නට අැත්නම් යැයි... ගොට්ලර් හටද... විජයකලා හටද... සිතෙන සිතුවිලි ලාංකීය දේශපාලනයෙන් හෙම්බත් ජනතාවට සිතෙන දිනය වැඩි අෑතක නොවිය හැක.../ සෝභිතාවතාර අංජනම විශ්වයේ සිට...!

Saturday, June 30, 2018

චීනය ලංකාව වරාය ණය උගුලට හසු කළ හැටි - නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව. මේ දිනවල ආන්දෝලනයක් ඇතිකර තිබෙන How China Got Sri Lanka to Cough Up a Port නමැති නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වට අදාළ ලිපියේ සිංහල පරිවර්තනයක් පහතින්.....



By Maria Abi-Habib 
June 25, 2018
Original Article Link
https://www.nytimes.com/2018/06/25/world/asia/china-sri-lanka-port.html 
=====================================================================
2018/June 30
30
මේ දිනවල ආන්දෝලනයක් ඇතිකර තිබෙන How China Got Sri Lanka to Cough Up a Port නමැති නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්වට අදාළ ලිපියේ සිංහල පරිවර්තනයක් පහතින්
--------------
ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සංවර්ධනය පිණිස වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන
මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් සපුරා දුන්නේය. චීන මිතුරන් එම ඉල්ලීම්වලට එකඟ වූයේ එම වරාය සාර්ථක නොවන බව ශක්‍යතා අධ්‍යයනවලින් පෙන්වා දී තිබිය දීය. ඔවුන් එකඟ වූයේ
නිතර ණය දෙන ඉන්දියාව වැනි රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිදීය. ඔවුන් එකඟ වූයේ රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය වේගයෙන් වැඩි වනතත්වයක් ද යටතේය.
බෙයිජිං රජයට අයත් විශාලම ව්‍යාවසායක් වන චියිනා හාබර් ඉන්ජිනියරින් සමාගම කළ ඉදිකිරීම් හා නැවත නැවතත් සිදුකළ සාකච්ඡා මැද, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය, පුරෝකථනය කර තිබූ
ආකාරයටම අසාර්ථක විය. ලෝකයේ ඉතාම කාර්ය බහුල මුහුදු මාර්ගයක් අසල පිහිටා තිබුණත් 2012 වර්ෂයේ මෙම වරායට පැමිණියේ නැව් 34 ක් පමණි.ඉන් පසු එය චීන වරායක් විය.

බලය පැතිර වීම සඳහා චීනය ණය හා ආධාර යොදා ගන්නා ආකාරය:



රාජපක්ෂ මහතා 2015 දී ඡන්දයෙන් පරාජය වූ නමුත් ගෙන තිබූ ණය ගෙවා දැමීම නව රජයට විශාල
අභියෝගයක් විය. දැඩි පීඩනයක් යටතේ හා මාස ගණනාවක් තිස්සේ චීනය සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව රජය දෙසැම්බර් මාසයේ වරාය හා ඒ අවට අක්කර 15,000 චීන සමාගමට 99 අවුරුද්දට භාර දුන්නේය.

මෙම පැවරීම නිසා චීනයට තම විරුද්ධවාදීයා වන ඉන්දියාවේ වෙරළේ සිට සැතපුම් සිය ගණනකට ඈතින් භූමියක පාලනය ලැබුණු අතර තීරණාත්මක වාණිජ හා හුදු ජල මාර්ගයක උපායමාර්ගික පා ඉඩක්ද ලැබුණේය.

ලොව පුරා තම බලය පැතිර වීම සඳහා චීනය ණය හා ආධාර යොදා ගන්නා ආකාරය පිළිබඳ මෙය එක් ප්‍රබල උදාහරණයක් වන අතර ණය ආපසු ලබා ගැනීමට නිර්දය ක්‍රම යොදා ගන්නා ආකාරය ද එය පෙන්වා දෙයි.

මෙම ණය ගනුදෙනුව, ජනාධිපති සී ජින්පින්ගේ තේමාත්මක කලාප හා මාර්ග ව්‍යාපෘතිය (Belt and Road Initiative) කෙරෙහි දැඩි දෝෂාරෝපණය වැඩි කිරීමට ද හේතු විය. එනම් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ආයෝජනය හා ණය දීමේ චීන වැඩසටහන ලොව පුරා අනාරක්ෂිත රටවලට ණය උගුලක් වී ඇති බවත් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීමට උත්සාහයක් ගන්නා මෙම රටවල දූෂණය හා ඒකාධිපති ප්‍රවණතා වැඩි වී ඇති බවත්ය.

ශ්‍රී ලාංකික, ඉන්දීය, චීන හා බටහිර රටවල නිලධාරීන් සමග මාස ගණනක් තිස්සේ පැවැත්වූ සාකච්ඡාවලින් හා වරාය ව්‍යාපෘතියේ ගිවිසුම් හා නිල ලේඛන විශ්ලේෂණය කිරීමෙන් පැහැදිළිව පෙනී ගියේ චීනය හා එහි පාලනය යටතේ ඇති සමාගම්, අරමුදල් හිඟයෙන් පෙළෙන කුඩා රටක ඔවුන්ගේ අයිතීන් තහවුරු කර ගත් ආකාරයයි.

 රාජපක්ෂ සෑම අවස්ථාවක ම චීන කොන්දේසිවලට එකඟවිය :

ශ්‍රී ලංකාවේ 2015 මැතිවරණ සමයේ දී චීන වරාය ඉදි කිරීමේ අරමුදල්වලින් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ සහකරුවන්ට හා කටයුතුවලට විශාල ගෙවීම් කර තිබේ.

රාජපක්ෂ මහතා සෑම අවස්ථාවක ම චීන කොන්දේසිවලට එකඟ වූ අතර ඔහු දකුණු ආසියාවේ ඉන්දියානු බලපෑම අඩු කිරීමේ චීන උත්සාහයේ වැදගත් හවුල්කරුවෙක් ද විය. රජයේ විමර්ෂණයක විස්තරාත්මක ව සඳහන් වන මෙම ගෙවීම් හා මුදල් චෙක්පත් පිළිබඳ විස්තර, ලේඛනවලින් තහවුරු වන අතර එය මෙම පුවත්පතේ කාර්ය මණ්ඩලය දැක තිබේ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනයට ඇත්තේ වාණිජමය උනන්දුවක් පමණක් යයි චීන නිලධාරීන් හා විශ්ලේෂකයන් අවධාරණය කළත්, ශ්‍රී ලාංකික නිලධාරීන් කියා සිටියේ ආරම්භයේ සිටම සාකච්ඡාවල කොටසක් වූයේ වරාය පිහිටි ස්ථානයේ ඇති යුදධමය හා උපායමාර්ගික වැදගත්කම බවයි. කාල වකවානු වෙනස් කිරීමටත්, වැඩිපුර අරමුදල් ලබා ගැනීමට නැවත සාකච්ඡා කරන ලෙස ශ්‍රී
ලාංකික නිලධාරීන්ට දැනුම් දීමත් සමග වරාය ව්‍යාපෘතියට ණය දීම සඳහා මුලදී තිබූ කොන්දේසි වඩාත්
බරපතල ස්වරූපයක් ගත්තේය. මෑත අවුරුදුවල මෙම ණයෙන් ගැලවීමට ශ්‍රී ලාංකික නිලධාරීන් දුෂ්කර ප්‍රයත්නයක් දරද්දී චීනය තැත්
කළේ කොන්දේසි ලිහිල් කිරීමට නොව වරායේ කොටසක් ඉල්ලා සිටීමටයි.

 ශ්‍රී ලංකාව දැන් කවර දිනකටත් වඩා චීනයට ණය ගැතිවී තිබේ:


 මේ නිසා වරාය ව්‍යාපෘතිය සඳහා ගත් ඩොලර් බිලියනයක පමණ ණය අඩු කර ගැනීමට හැකි වුවත් ශ්‍රී ලංකාව දැන් කවර දිනකටත් වඩා චීනයට ණය ගැතිවී තිබේ. මෙයට හේතුව ගෙවීමට වෙනත් ණය තිබීම පමණක් නොව ඒවායේ පොළී අනුපාත අනිකුත් ජාත්‍යන්තර අරමුදල් සපයන ආයතනවලට වඩා බොහෝ වැඩි වීමයි. මෙම ලිපිය සඳහා අදහස් දැක්වන ලෙස මාස ගණනාවක් තිස්සේ කරන ලද බහුවිධ ඉල්ලීම්වලට රාජපක්ෂ
මහතා හෝ ඔහුගේ සහායකයින් ප්‍රතිචාර දැක්වූයේ නැත. චීන හාබර් සමාගමේ නිලධාරීන් ද අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශයේ ඇස්තමේන්තුවලින් දැක්වෙන්නේ ඉතා අසතුටුදායක තත්වයකි. මේ වර්ෂයේ රජය ඩොලර් බිලියන 14.8 ක ආදායමක් අපේක්ෂා කරයි. නමුත් ලොව පුරා ණය ලබා දී ඇති ආයතනවලට ගෙවීමට නියමිත ණය වාරික එකතුව ඩොලර් මිලියන 12.3 ක් වේ.

රටක් යටත් කරගැනීමේ මග ?

නව දිල්ලියේ විද්වත් මණ්ඩලයක් වන ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා වූ මධ්‍යස්ථානයට (Center for Policy Research) සම්බන්ධ හා ඉන්දියානු රජයට උපදෙස් දෙන විෂ්ලේෂකයෙක් වන බ්‍රහ්මා චෙලනි කියා සිටියේ ‍ “රටක් යටත් කරගැනීමේ මග වන්නේ කඩුව හෝ ණය යයි ජෝන් ඇඩම්ස් කියා ඇති අතර චීනය දෙවැන්න තෝරා ගෙන ඇති” බවයි.

ශ්‍රී ලංකාවේ ආරාධනාවකින් තොරව එය යුද කටයුතු සඳහා යොදා ගැනීම තහනම් බව අවසාන බදු ගිවිසුමේ සඳහන් වෙන නමුත් ශ්‍රී ලංකාව ඉතා දුෂ්කර තත්වයකට වැටී ඇති බැවින් ණය සහන සැලසීමට හම්බන්තොට වරාය යුදමය කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ දෙන ලෙස චීන රජය ඉල්ලා සිටීමට ඉඩ ඇතැයි ඉන්දියානු නිලධාරීන්ගේ බියක් පවතී.
හම්බන්තොට වරාය ඉදි වන කාලයේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ හා හිටපු
විදේශ ලේකම්වරයෙක් වන ෂිවශන්කර් මෙනන් කියා සිටියේ “හම්බන්තොට කර ඇති ආයෝජනය සාධාරණීකරණය කළ හැකි එකම ක්‍රමය වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආස්ථානයකින් පමණක් වන නිසා ඔවුන් මහජන විමුක්ති හමුදාව එහි ගෙන එන” බවයි.

 අනුබද්ධ මිතුරා

 චීන විප්ලවයෙන් පසුව මාවෝ ගේ කොමියුනිස්ට් රජය පිළිගත් මුල් රටක් ලෙස ශ්‍රී ලංකාව හා චීනය අතර දීර්ඝ නම්‍ය සබඳතාවක් තිබුණි. නමුත් චීනය අත් හළ නොහැකි තත්වයට පත්වූයේ මෑත කාලයේ දක්නට තිබූ ගැටුමේදීය. එනම් දෙමළ බෙදුම්වාදීන් සමග පැවති 26 අවුරුදු බිහිසුණු යුද්ධයේදීය.
මානව හිමිකම් කඩ කිරීම නිසා ශ්‍රී ලංකාව හුදකලාවූ යුද්ධයේ අවසාන අවුරුදුවල රට පාලනය කළේ 2005 බලයට පත්වූ රාජපක්ෂ මහතායි. ඔහු යටතේ ශ්‍රී ලංකාව ආර්ථික සහාය, හමුදා උපකරණ හා එක්සත් ජාතීන් විසින් සම්බාධක පැනවීම වැළැක්වීම ආදී කරුණු සම්බන්ධයෙන් චීනයේ පිහිට ලබා ගත්තේය.

 'රාජපක්ෂ සහෝදරයින් රජයේ වියදම්වලින් සියයට 80 ක් පාලනය කළා '

 2009 දී යුද්ධය අවසන් වී රට සාමාන්‍ය තත්වයට පත් වෙද්දී රාජපක්ෂ හා ඔහුගේ පවුල ඔවුන්ගේ ග්‍රහණය දැඩි කළේය. රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ දී ජනාධිපති හා ඔහුගේ සහෝදරයන් තිදෙනා බොහෝ අමාත්‍යංශ හා රජයේ වියදම්වලින් සියයට 80 ක් පමණ පාලනය කළෝය. චීනය වැනි ආණ්ඩු ඔවුන් සමග කෙළින්ම ගනුදෙනු ගැන සාකච්ඡා කළෝය.

ඒ අනුව ජනාධිපති ඔහු උපන් දිස්ත්‍රික්කය වන හම්බන්තොට යෝධ වරාය සංවර්ධන ව්‍යාපෘතියක් යෝජනා කළ විට එයට විරුද්ධව ගෙනා මත සාර්ථක වූයේ නැත.

මිලියන 22 ක ජනගහණයක් සහිත බ්‍රිතාන්‍යයෙන් හතරෙන් පංගුවක් තරම් භූමි ප්‍රමාණයක් ඇති රටක දෙවැනි ප්‍රධාන වරායක් තැනීම ඥානවන්ත ක්‍රියාවක් ද යන්න මුල සිට ම නිලධාරීන් ප්‍රශ්න කළෝය. අගනුවර ඇති ප්‍රධාන වරාය හොඳින් ක්‍රියාත්මක වන අතර පුළුල් කිරීම සඳහා ඉඩකඩ ද එහි තිබේ.
රජයේ ඉල්ලීම් මත කරන ලද ශක්‍යතා අධ්‍යයනවල නිගමනය වූයේ හම්බන්තොට වරාය ආර්ථික වශයෙන් සාර්ථකව පවත්වා ගැනීමේ හැකියාවක් නැති බවයි.
“මේ වරාය ඉදි කිරීම සම්බන්ධයෙන් ඔවුන් මුලදී අපට ආරාධනය කළත් ඉන්දියානු සමාගම් කැමති වූයේ නැත” යි හිටපු ඉන්දීය විදේශ ලේකම් මෙනන් මහතා ප්‍රකාශ කළේය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ “එදා මෙන් ම අදත් එය ආර්ථික වශයෙන් නිෂ්ඵල ව්‍යාපෘතියක්” බවයි. නමුත් රාජපක්ෂ මහතා ව්‍යාපෘතිය ආරම්භ කරමින් ප්‍රවෘත්ති නිවේදනයක් මගින් ආඩම්බරයෙන් කියා සිටියේ සියලු අනතුරු ඇඟවීම් ඉවත දමමින් තමා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එයට චීනයේ සහයෝගය ලැබෙන බවත්ය.

 ණය ලබා ගැනීම සඳහා වරාය ඉදිකිරීමේ කටයුතු චයිනා හාබර් සමාගමට:


මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූ නිලධාරියෙකුට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආර්ථික වශයෙන් ස්ථාවර පරීක්ෂාකාරී සැලැස්මක් 2007 දී සකස් කළේය. එහි පදනම වූයේ සීමිත ව්‍යාපාරික කටයුතු සඳහා එය විවෘත කිරීමත්, ප්‍රධාන පුළුල් කිරීමට පෙර ආදායම් ඉපදවීමත්ය.

මේ සඳහා ලබාගත් පළමුවැනි ණය මුදල වූ ඩොලර් මිලියන 307 ලබා ගත්තේ චීන රජයේ අපනයන ආනයන (Exim) බැංකුවෙනි. විකිලීක්ස්වලට ලැබුණු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කේබල් පණිවුඩයකට අනුව ණය ලබා ගැනීම සඳහා වරාය ඉදිකිරීමේ කටයුතු චයිනා හාබර් සමාගමට ලබාදීමට ශ්‍රී ලංකාවට
එකඟවීමට සිදුවිය.
මෙය ලොව පුරා ඔවුන්ගේ ව්‍යාපෘතිවල දී චීනය නිතරම ඉදිරිපත් කරන ඉල්ලීමකි. එනම් විවෘත ලංසු තැබීමේ ක්‍රියාමාර්ගයෙන් පරිබාහිර ව කටයුතු කිරීමයි. මෙම කලාපයේ නිලධාරීන්ට අනුව දහස් ගණනක චීන කම්කරුවන් හා චීන සමාගම් ලවා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බෙයිජිං ආණ්ඩුව මෙම කලාපය පුරා අධික පොළී යටතේ ඩොලර් බිලියන ගණනින් ණය ලබා දෙයි.
ණයවලට ඈඳුණු තවත් කොන්දේසි තිබේ. උදාහරණයක් වශයෙන් ආරම්භයේ සිටම චීනය දුටු හම්බන්තොට වරායේ උපායමාර්ගික අගය දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම්වරයෙක් හා චීනයේ තානාපති ලෙස කටයුතු කළ නිහාල් රොඩ්‍රිගෝ ප්‍රකාශ කළේ බුද්ධි තොරතුරු හවුලේ බෙදා ගැනීම මෙම ගනුදෙනුවේ අවශ්‍යම කොටසක් බව චීන නිලධාරීන් පැහැදිළිවම කියා සිටි බවයි “ද ටයිම්ස්” පුවත්පත සමඟ රොඩ්‍රිගෝ මහතා පැවැත්වුව සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ චීන මතය වූයේ “මෙහි එන්නේ යන්නේ කවුරුන්ද යන්න ඔවුන්ට දැන්වීම අපේක්ෂා කළ” බවයි.

අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන්ගේ සියලුම කොන්දේසිවලට එකඟ වූ රාජපක්ෂ මහතා සමග ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමට චීන නිලධාරීන් හා චයිනා හාබර් සමාගම දැඩි උත්සාහයක් ගත්තේය.

 චීන නිලධාරීන් රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ:


 ශ්‍රී ලංකාවේ 2015 මැතිවරණයේ අවසාන මාස කීපයේ දී චීන තානාපති රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර බිඳ දමමින් කොළඹ ප්‍රධාන ගෝල්ෆ් පිටියේ සේවකයන් සමග පවා රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ යෙදුණේය. චීන රජය සමග ඇති ආර්ථික ගිවිසුම් ඉරා දමන බවට ඔහුගේ විරුද්ධවාදීන් තර්ජනය කළහ.


ජනවාරි මාසයේ මැතිවරණය ලංවෙද්දී ජනාධිපතිගේ කවයට විශාල ගෙවීම් ගලා එන්නට විය.

“ද ටයිම්ස්” පුවත්පත දැක ඇති, රජයේ අභ්‍යන්තර විමර්ශනයක ලේඛනවලට අනුව රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ අයට ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ඇති චයිනා හාබර් ගිණුමෙන් අඩු වශයෙන්
ඩොලර් මිලියන 7.6 ක් ලබා දී ඇත. මෙම ලේඛනයේ චයිනා හාබර් බැංකු ගිණුමේ අංකය, (එහි අයිතිය නිවැරදි බව සොයාගෙන තිබේ) චෙක් පත් ලබාගත් පුද්ගලයන් ප්‍රශ්න කිරීමෙන් ලැබුණු බුද්ධි තොරතුරු ආදිය එහි අඩංගුවේ.

මැතිවරණයට දින 10 ක් තිබියදී චෙක්පත්වලින් තවත් ඩොලර් මිලියන 3.7 ක් ලබා දී තිබේ. ඡන්ද ව්‍යාපාරයේ ටී-ෂර්ට් මුද්‍රණය කිරීම හා අනිකුත් ප්‍රවර්ධනාත්මක ද්‍රව්‍ය සඳහා ඩොලර් 678,000 ක් ද කාන්තා සාරි ඇතුළු ආධාරකරුවන්ට ලබා දුන් තෑගි ආදිය සඳහා තවත් ඩොලර් 279,000 ක් ද ගෙවා තිබේ.

 බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක්:

 රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට ආධාර කල බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක් ගෙවා තිබේ.
මේ අතර ඔහුගේ නිල නිවාසය වූ අරලියගහ මන්දිරයට ඩොලර් මිලියන 1.7 ක් වූ චෙක්පත් දෙකක් භාර දී ඇත.
බොහෝ ගෙවීම් කර ඇත්තේ චයිනා හාබර් සමාගම පාලනය යටතේ තිබූ ‘HPDP Phase 2’ යනුවෙන් නම් කර තිබූ උප ගිණුමකිනි. HPDP යනු හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියේ කෙටි නමයි.
චීනයේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය අවුරුදු පහක් පමණ කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීමෙන් පසුව කොපමණ ගනුදෙනු සිදු වී තිබේද යන්න හා රටේ මූල්‍ය තත්වයට එහි බලපෑම පිළිබඳ ව දැන් චීන නිලධාරීන් ගණන් බැලීමක් කරමින් සිටී.
නම හෙළි නොකිරීමේ කොන්දේසිය යටතේ පමණක් චීන ප්‍රතිපත්ති ගැන අදහස් පළකරන අනිකුත් බොහෝ නිලධාරීන් මෙන් මේ ගැන අදහස් දැක්වූ එක් චීන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයෙක් කියා සිටියේ මේ පිළිබඳ තවමත් පරිපූර්ණ විස්තරයක් ලබා ගත නොහැකි බවයි.
මෙවැනි ව්‍යාපෘති සඳහා දී ඇති ආයතනික අල්ලස් චීනයට දැරිය නොහැකි බරක් විය හැකි මෙන් ම ඒවායේ ලාභදායී බව අඩුවීමට හේතුවක් විය හැකි නිසා මෙම කටයුතු සමහර චීන නිලධාරීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.
පසුගිය වර්ෂයේ පැවැත්වූ කථාවක දී ජනාධිපති සී ද මෙවැනි ප්‍රශ්නයක් ඇති බව පිළිගෙන ඇත. ඔහු කියා ඇත්තේ ‘අවංක ලෙස කලාප හා මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දූෂණයට එරෙහි ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීමට අපි කටයුතු කරන බවයි.

උදාහරණයක් වශයෙන් ජනවාරි මාසයේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවල දී බංග්ලාදේශයේ නිලධාරීන් කියා සිටියේ තේ පෙට්ටියක් ඇතුලේ දමා ඩොලර් 100,000 ක අල්ලසක් මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරියෙකුට දීමට තැත් කිරීමේ චෝදනාව මත චයිනා හාබර් සමාගමට අනාගතයේ කොන්ත්‍රාත්තු ලබා දීම තහනම් කර ඇති බවයි.

තවද පිලිපීනයේ සිදු කළ දූෂිත කටයුතු නිසා චයිනා හාබර් සමාගමේ මව් සමාගම වූ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට ලෝක බැංකු ව්‍යාපෘතිවල ලංසු ඉදිරිපත් කිරීම 2009 දී අවුරුදු 8 කට තහනම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ වරාය අල්ලා ගැනීමෙන් පසු චීන නිලධාරීන් ඉඟි කර ඇත්තේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය යනු මහාද්වීප තුනක් හරහා සංවර්ධනයට අරමුදල් සපයන සීමා මායිම් නැති රජයේ කැපවීමක් නොවන බවයි.

පසුගිය මාර්තු මාසයේ පැවති චීන සංවර්ධන සංසදයේ රැස්වීමක දි යෝධ රාජ්‍ය ආයෝජන අරමුදලක් වන සේද මාර්ග අරමුදලේ ( Silk Road Fund ) සභාපතිනිය වන ජින් කුයි ප්‍රකාශ කළේ ‘අපට අවධානම හොඳින් කළමනාකරණය කර ගත නොහැකි නම් කලාප හා මාර්ග ව්‍යාපෘතිවලට වැඩි දුර යානොහැකි ’ බවයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය ලාභදායී බවට පත් කිරීමට හෝ අඩු වශයෙන් කලාපය තුළ චීනයේ වෙළඳ කටයුතු ශක්තිමත් කිරීමට හෝ යොදාගත හැකිය යන අදහස වරාය නිලධාරීන් හා චීන විශ්ලේෂකයන් අත්හැර දමා ඇත.

හම්බන්තොට වරායේ උපාය මාර්ගික වැදගත්කම:


චයිනා මර්චන්ට් පෝට් සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා හා හම්බන්තොට වරාය මෙහෙයුම්වල ප්‍රධානියා වන රේ රෙන් අවධාරණය කළේ ‘ ශ්‍රී ලංකාවේ පිහිටීම ජාත්‍යන්තර වෙළඳාම සඳහා ඉතා උචිත’ බවයි. ඝෘණාත්මක ශක්‍යතා අධ්‍යයන වාර්තා නිෂ්ප්‍රභ කළ ඔහු කියා සිටියේ ඒවා හම්බන්තොට ‘කුඩා ධීවර ගමක්’ වූ අවුරුදු ගණනාවකට පෙර කළ අධ්‍යයන බවයි.

නූතන ජාත්‍යන්තර සබඳතා පිළිබඳ චීන ආයතනයේ දකුණු ආසියානු අධ්‍යයන අධ්‍යක්ෂ වන හියු ෂිෂ්හෙන් ප්‍රකාශ කළේ හම්බන්තොට වරායේ උපාය මාර්ගික වැදගත්කම චීනය පැහැදිළිව පිළිගන්නා බවයි. නමුත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේ ය. ‘චීනයට එහි භූ උපායමාර්ගික අගය යොදා ගැනීමට අවශ්‍ය වන විට වරායේ උපාය මාර්ගික අගයක් නො තිබෙනු ඇත. විශාල රටවලට ශ්‍රී ලංකාවේ සටන් කළ නොහැක එය සම්පූර්ණයෙන් විනාශ වී යනු ඇත’.

2010 වර්ෂයේ දී සීමිත ලෙස හම්බන්තොට වරාය මුලින් විවෘත කළේ කලාප හා මාර්ග ව්‍යාපෘතිය එළි දැක්වීමට පෙර නමුත් චීන රජය ඉක්මනින් ම එය ගෝලීය වැඩසටහන යටතට පත් කළේය.
හම්බන්තොට වරාය භාර දීමේ උත්සවයෙන් පසු ටුවිටර් මාධ්‍ය ජාලයට පුරාජේරුකාර වීඩියෝවක් නිකුත් කළ චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළේ ‘මෙම ගනුදෙනුව කලාප හා මාර්ග ව්‍යාපෘතියේ තවත් එක් වැදගත් අදියරක් ’ බවයි.

අසාර්ථක වරායක්:

තවමත් වැඩි වශයෙන් කැලෑවෙන් වැසුණු ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළේ අඩු ජනගහණයක් සහිත ප්‍රදේශයක් වන හම්බන්තොට, චීන ණයවලින් ඉදි කළ එකම යෝධ ව්‍යාපෘතිය මෙම වරාය පමණක් නොවේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගනුවර ජනගහනයට වඩා ආසන ඇති ක්‍රිකට් ක්‍රීඩාංගනයක් මෙන්ම එහි දිනපතා පැමිණි එකම වාණිජ ගුවන් ගමන වූ ෆල්යි ඩුබායි ගුවන් සමාගම ජූනි මාසයේ තම මෙහෙයුම් නතර කළ විශාල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ද එහි තිබේ. දිස්ත්‍රික්කය හරහා යන මාර්ගයේ අලි ගමන් කරන අතර ගොවියෝ තමන්ගේ වී වේලා ගැනීමට එය භාවිතා කරති.
විවෘත කිරීමෙන් පසුව වරාය දියුණු කළ යුතු ආකාරය ගැන ක්‍රමවේදීය ප්‍රවේශයක් රාජපක්ෂ මහතාගේ උපදේශකයන් විසින් සකස් කර තිබුණි. එහි අරමුණ වූයේ තව ණය ගැනීමට පෙර යම් ආදායම් උපදවා ගැනීම සහතික කිරීමයි.

නමුත් 2009 වන විට ජනාධිපති නො ඉවසිලිමත් වූයේය. ඊළඟ අවුරුද්දේ එළඹෙන ඔහුගේ 65 වන උපන්දිනය සැමරීම සඳහා ඔහුට හම්බන්තොට වරායේ දැවැන්ත විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වීම අවශ්‍ය විය. වරාය අධිකාරියේ මුල් සැලැස්මට අනුව අවුරුදු 10 කට පමණ පසුව ක්‍රියාත්මක කළ යුතු ව තිබූ වරාය පුළුල් කිරීමේ කටයුතු වහාම ආරම්භ කිරීම ද මෙයට ඇතුළත් විය.
මේ නිසා නියමිත දිනට වරායේ කටයුතු අවසන් කිරීමට චීන කම්කරුවෝ දිවා රෑ නොතකා වැඩ කළෝය. නමුත් ගොඩබිම හාරා වතුර පිරවූ කොටසේ තිබූ විශාල ගල ගැන ඔවුන් අවධානය යොමු කළේ නැත. මෙම ගල නිසා පිවිසුමේ කොටසක් අවහිර වීමෙන් වරායේ ව්‍යාපාරික මොඩලයේ පදනම වූ තෙල් නැව් වැනි විශාල නැව්වලට වරායට ඇතුල් විය නොහැකි විය.

ජනාධිපතිවරයාගේ අදහසට විරුද්ධව වීමට අකමැති වූ වරාය අධිකාරියේ නිලධාරීන් ඉක්මනින් වැඩ කටයුතු නිමා කර රාජපක්ෂ මහතාගේ උපන්දිනය වූ 2010 නොවැම්බර් 18 දින විචිත්‍ර උත්සවයක් පවත්වා හම්බන්තොට වරාය විවෘත කළෝය. යෝධ ගලකින් අවහිර වූ පිවිසුමක් සහිත වරාය නැව් පැමිණෙන තුරු බලා සිටියේය.

අවුරුද්දකට පමණ පසුව චයිනා හාබර් සමාගම මෙම යෝධ ගල පුපුරවා දැම්මේය. එහි වියදම ඩොලර් මිලියන 40 ක් වූ අතර මෙම අසාධාරණ මිල පිළිබඳ ව රජ්‍ය තාන්ත්‍රිකයන් හා රජයේ නිලධාරීන් කනස්සල්ල පළ කළහ. සමහරු විවෘතව ඇසූ ප්‍රශ්නය වූයේ සමාගම වැඩියෙන් අය කළේද එසේ නැත්නම් මෙයට රාජපක්ෂ මහතාට ගෙවූ අල්ලසක් ඇතුළත් වූයේද යන්නයි.
2012 වන විට නැව් ආකර්ශනය කර ගැනීමට හම්බන්තොට වරාය දැඩ් උත්සාහයක් ගත් නමුත් ඒවා වඩා කැමති වූයේ කොළඹ වරායේ නැංගුරම් ලෑමටයි. නියමිත කාලසීමාවට කලින් පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීම නිසා ඉදිකිරීම් පිරිවැය ඉහළ යන්නට විය.
හම්බන්තොට වරායේ ව්‍යාපාරික කටයුතු පණ ගැන්වීම සඳහා රජය කොළඹ වරායෙන් ගොඩ බෑමට නියමිත මෝටර් රථ හම්බන්තොට වරායට යෝමු කළේය. රජයේ එම නියෝගය යටතේ වුවත් 2012 වර්ෂයේ හම්බන්තොට වරායට පැමිණියේ නැව් 34 ක් පමණි. මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට අනුව එම වර්ෂයේ කොළඹ වරායට නැව් 3,667 ක් පැමිණ තිබේ.

ජාතික ප්‍රත්පත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කළේ “නව රජය යටතේ එම තනතුරට පත්විමෙන් පසු හම්බන්තොට වරාය ඉදිකිරීමේ සාධාරණත්වය ගැන ජාතික සැලසුම් අමාත්‍යංශයෙන් විමසූ ” බවයි. ඔවුන්ගේ පිළිතුරු වී ඇත්තේ “අපට එය කරන්නට කීවා. ඒ නිසා අපි කළා ” යන්න යි.

වඩාත් අසාධාරණ වූ කොන්දේසි !


වරාය පුළුල් කිරීමේ කටයුතු දිගටම කර ගෙන යෑමට අධිෂ්ඨාන කර ගත් රාජපක්ෂ මහතා 2012 නැවතත් චීනයෙන් ඩොලර් මිලියන 757 ක ණයක් ඉල්ලා සිටියේය. චීනය නැවතත් එයට එකඟ විය. නමුත් කොන්දේසි වඩාත් අසාධාරණ වූයේය. ඩොලර් මිලියන 307 ක් වූ පළමු ණය ලැබුණේ සියයට 1 හෝ 2 වූ විචල්‍ය අනුපාතිකයක් යටතේයි. ඒ 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුවයි. ( සංසන්දනය සඳහා මෙයට සමාන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ජපන් ණය, සියයට 0.5 කට අඩුවෙන් ලබා ගත හැකි වේ.)
නමුත් තවත් අරමුදල් ලබාදීමට මුල් ණය, සියයට 6.3 ඉතා ඉහළ පොලී අනුපාතිකයට හරවන ලදී. රාජපක්ෂ මහතා එයටද එකඟ විය.
නැව් නැති වරායක ව්‍යාපෘති පිරිවැය හා ණය වැඩි වීම, දේශපාලන විරුද්ධවාදීන්ට ප්‍රබල විවාදාත්මක ආයුධයක් විය. චීනය පිළිබඳ සැකය ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රබල අංගයක් වූයේය. රාජපක්ෂ මහතා එම ඡන්දයෙන් පරාජයට පත් වූයේය.

රටේ ණය ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වීම :

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ නව රජය බලයට පත් වූයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ගනුදෙනු විමර්ශනයට භාජනය කරන බවට පොරොන්දුවක් දෙමිනි. බිය ගන්වන තරමේ විශාල ණය ප්‍රමාණයකට මුහුණ දීමට නව රජයට සිදුවිය.
රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් වන විට රටේ ණය ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වී ඩොලර් බිලියන 44.8 වී තිබුණි. 2015 වර්ෂය අවසානයේ ඩොලර් බිලියන 4.68 ක් ගෙවිය යුතු විය. නව රජයට අවශ්‍ය වූයේ ඉන්දියාව, ජපානය හා බටහිරට ශ්‍රී ලංකාව යොමු කිරීමටයි. නමුත් ශ්‍රී ලංකාවේ චීනයට තිබූ මූල්‍ය හා ආර්ථික ඉඩ ප්‍රස්ථා කිසිම රටකට පිරවිය නොහැකි බව බලධාරීන්ට ඉක්මනින්ම අවබෝධ විය.

නව රජයේ පළමු අවුරුද්දේ මුදල් ඇමති ලෙස කටයුතු කළ රවී කරුණානායක කියා සිටියේ “ අපට උරුම වූයේ අරමුණු සහිතව දුර්වල කළ ආර්ථිකයක් මෙන්ම ණය මුදල් ආපසු ගෙවීමට තබා පොළිය ගෙවීමට වත් ආදායම ප්‍රමාණවත් වූයේ නැති තත්වයක් ” බවයි. “ අපිත් ණය ගත්තා. අලුත් ආණ්ඩුවකට එක පාරටම ණය ගැනීම නවත්තන්න බැහැ. ආර්ථික විනයක් ඇති කරන තුරු ණය ගන්න සිද්ධ වෙනවා” යි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය වර්ෂයේ මහ බැංකුවේ ඇස්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවට චීනයට ඩොලර් බිලියන 3 ක් ගෙවීමට තිබේ. නමුත් වෙරිටි රිසර්ච් (Verit Research) ආයතනයේ ආර්ථික විද්‍යාඥයෙක් වන නිෂාන් ද මෙල් ප්‍රකාශ කළේ සමහර ණය රජයේ පොත් පත්වල නොව ඒ ඒ ව්‍යාපෘති යටතේ දක්වා ඇති බවයි. ඔහුගේ ඇස්තමේන්තුව වූයේ චීනයට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5 ක් පමණ වන අතර වර්ෂයක් පාසා එය වැඩි වෙමින් පවතින බවයි. ඉදිරි කාලයේ ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව මැයි මාසයේ දී චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1 ක ණයක් ලබා ගත්තේය.
ණය ගෙවීම පැහැර හැරීම වැළැක්වීම හා ශ්‍රී ලංකාවේ ශේෂ පත්‍රයෙන් වරාය ඉවත් කිරීමේ අපේක්ෂාවෙන් චීන බලධාරීන් සමග ශ්‍රී ලාංකික නිලධාරීන් කියා සිටියේ ණය කපා හැරීම චීනය පිළිගන්නා විකල්පයක් නොවූ බවත් ඔවුන්ගේ ඉල්ලීම වූයේ චීන සමාගමකට වරායේ කොටස්වලින් වැඩි ප්‍රමාණයක් පැවරීම බවත්ය.

ශ්‍රී ලංකාවට ඉඩ ලැබුණේ වරායේ පාලනයට කුමන රාජ්‍ය සමාගමක් තොරාගන්නේ ද යන්න ගැන තීරණය කිරීම පමණි. එනම් චයිනා හාබර් හෝ චයිනා මර්චන්ට්ස් යන සමාගම් දෙකෙන් එකක් තෝරා ගැනීමයි. අවසාන ගිවිසුමේ පිටපත් ද ටයිම්ස් පුවත් පත ලබා ගෙන ඇතත් කිසි දිනක ඒවා සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කර නැත.

 තවත් අක්කර 15,000 ක් :

 කොන්ත්‍රාත්තුව ලැබුණු චයිනා මර්චන්ට්ස් සමාගම වහාම තවත් දේ ඉල්ලා සිටියේය. පැවැත්වූ සාකච්ඡා පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන් දෙදෙනෙකුට අනුව වරාය අසල කර්මාන්ත කලාපයක් ඉදිකිරීමට චයිනා මර්චන්ට්ස් සමාගමේ නිලධාරීන් තවත් අක්කර 15,000 ක් ඉල්ලා සිටියේය.
වරායේ කොටස් හිමි කර ගැනීමට ඔවුන් ගෙවන ඩොලර් බිලියන 1.1 ට සරිලන වටිනාකමක් වරායේ නැතැයි යන්න චීන සමාගමේ තර්කය විය. ශ්‍රී ලංකාව මේ මුදල් යොදා ගනු ඇත්තේ වරාය සෑදීමට ගත් ණය ගෙවා දැමීමටයි.
සමහර රජයේ නිලධාරීන් මෙම කොන්දේසිවලට තදින්ම විරුද්ධ වූ නමුත් කිසිම සහනයක් දීමට චීන බලධාරීන් කැමති නොවූ බව සාකච්ඡාවලට සම්බන්ධ වූ නිලධාරීහු කියා සිටියහ. නව ගිවිසුම 2017 ජූලි මාසයේ අත්සන් කරන ලද අතර එය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක විය.
මෙම ගනුදෙනුවට අනුව ශ්‍රී ලංකාවට අයිතියක් ඇති බව පෙනෙන්නට තිබුණි. ගිවිසුමට අනුව වරායේ මෙහෙයුම් කටයුතු හා ආදායම් එකතු කිරීම සඳහා ඒකාබද්ධ සමාගමක් පිහිටුවන ලදී. මෙම සමාගමේ කොටස්වලින් සියයට 85 චයිනා මර්චන්ට්ස් පෝට් සමාගමට අයත් වූ අතර ශ්‍රී ලංකා රජයේ පාලනය යටතේ තිබුණේ ඉතිරි සියයට 15 පමණි.
නමුත් වරාය පවරා ගැනීම් පිළිබඳ විශේෂයෙන් කටයුතු කරන නීතිඥයින්ගේ මතය වන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පුද්ගලයන් හා මෙහෙයුම් තීරණ සම්බන්ධයෙන් චයිනා මර්චන්ට්ස් පෝට් සමාගම තබාගෙන ඇති ආධිපත්‍යය ගැන සලකන විට ශ්‍රී ලංකාවේ සුළු අයිතියේ එතරම් වැදගත් කමක් නැති බවයි. තවද වරායේ ඉඩම් සම්බන්ධයෙන් රජයට කිසිම පරමාධිපත්‍යයක් නැත. මේ ගිවිසුම ගැන මුලින් සාකච්ඡා කරද්දී වරාය සහ අවට ඉඩම් චීන හමුදාවට භාවිතා කළ හැකිද යන්න විවෘතව තිබූ නමුත් එය පැහැදිළිව තහනම් කරන ලෙස ඉන්දීය නිලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. කොළඹ රජයේ අවසරයකින් තොරව හමුදාමය කටයුතු සඳහා වරාය යොදා ගැනීම අවසාන ගිවිසුමෙන් වළක්වා තිබේ.
මෙම වගන්තිය ඇතුලත් කිරීමට සිදුවූයේ ඒ වන විටත් චීන නාවික සබ්මැරීන ලංකාවට පැමිණ තිබූ බැවිණි.

 උපායමාර්ගික ගැටළු !

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායේද චීනයට හිමිකමක් තිබේ. එවකට කොළඹ වරාය නගරය ලෙස හැඳින්වූ කොටසේ චයිනා හාබර් සමාගම නව පර්යන්තයක් ඉදිකරමින් තිබුණි. මෙම ගනුදෙනුවට අනුව ශ්‍රී ලංකාවට කිසිම ආධිපත්‍යයක් නැති හා සම්පූර්ණයෙන්ම චීන සමාගමට අයත් වන අක්කර 50 ක පමණ ඉඩම් ප්‍රමාණයක් ද ඔවුන්ට ලැබුණි.
2014 රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අවසානයේ මෙය නාටකීය ලෙස පෙන්වා දෙන ලදී. ජපන් අගමැති ෂින්ෂො අබේ සංචාරයක් සඳහා කොළඹට පැමිණි දිනයේ ම චීන සබ්මැරීන යාත්‍රා කොළඹ වරායට ඇතුල් විය. කලාපය පුරා මෙය සලකන ලද්දේ භයානක සංඥාවක් ලෙසයි.
අලුත් රජය බලයට පත්වීමෙන් පසු නැවතත් චීන සබ්මැරීන කොළඹ වරායට නොගෙනෙන බවට සහතිකයක් ඉල්ලා සිටියේය. මෙයට විශේෂයෙන්ම හේතු වූයේ ඒවා අනාවරණය කර ගැනීම දුෂ්කර නිසාත් බොහෝ විට බුද්ධිමය තොරතුරු ලබා ගැනීමට ඒවා යොදාගත හැකි නිසාත්ය. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිලධාරීන්ට තිබුණේ සුළු පාලනයකි. දැන් හම්බන්තොට වරාය චීනයට ලබාදීම නිසා එය හමුදාමය කටයුතු සඳහා යොදා ගැනීමේ ගැටලුව මතු
වී තිබේ. විශේෂයෙන් මෙයට හේතුව එසේ නොකරන බවට පොරොන්දු දී තිබියදීත් දකුණු චීන මුහුදේ දිවයින් හමුදා කටයුතුවලට යොදා ගැනීමයි.

මෙම වැඩබිම චීනයේ හමුදා කටයුතුවලට යොදා ගැනීම ගිවිසුමට අනුව සපුරා තහනම් බව ශ්‍රී ලංකා නිලධාරීන් විසින් පෙන්වා දී තිබේ. නමුත් සමහරුන්ගේ අදහස වන්නේ චීනයට දැඩි ලෙස ණය වී ඇති ශ්‍රී ලංකා රජය පීඩනයට ලක් කිරීමෙන් මෙම අවසරය ලබාගත හැකි බවයි. තවද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළ ආකාරයට “ ආණ්ඩුව වෙනස් විය හැකියි ” .

 චීනය, රාජපක්ෂවරු නැවත බලයට ගෙන් ඒමේ උත්සාහයක :

ශ්‍රී ලංකාව තුළ චීනය කැමති හවුල්කරු වන රාජපක්ෂ මහතා නැවත බලය ලබාගැනීමේ උත්සාහයක යෙදී සිටින අතර හර්ෂ ද සිල්වා හා අනිත් අය ඒ දෙස පරික්ෂාකාරීව බලා සිටී. පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපතිගේ අලුත් පක්ෂය ජයග්‍රහණය කළේය. ඊලඟ වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර 2020 දී මහමැතිවරණය පැවැත්විය යුතුය.
ධූර කාලසීමා නිසා රාජපක්ෂ මහතාට නැවතත් තරඟ කළ නොහැකි නමුත් ඔහුගේ සහෝදරයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකීම භාරගැනීමට සූදානම් වන බව පෙනේ.
රාජපක්ෂ යටතේ මහ බැංකුවේ අධිපති ධූරය දැරූ තවමත් රාජපක්ෂ පවුලට උපදෙස් දෙන අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ “ එය මහින්ද රාජපක්ෂගේ තීරණයයි. ඔහු නම් කරන සහෝදරයාට ඉතා ප්‍රබල හිමිකමක් ලැබෙනු ඇත” යනුවෙනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ ව්‍යාවස්ථාවේ සඳහන් වන ආකාරයට ඔහුට තව දුරටත් ජනාධිපති වීමට නොහැකි වූවත් ප්‍රධාන බල කේන්ද්‍රය වන්නේ මහින්ද ” බවයි.

X0X0X ඉංගිරීසි අකුරකින් අපාය දැකීමේ අන්තර්ජාල (ටැබ්) පුස්තකාලය.

 X0X0X ඉංගිරීසි අකුරකින් අපාය දැකීමේ අන්තර්ජාල
(ටැබ්/Tab)  පුස්තකාලය.

කුහකත්වයෙන් සහ ගෝත්රිකවාදයෙන් තොරව අපක්ෂපාතීවද.... මධ්යස්ත මතධාරීවද මේ පිලිබඳ විග්රහයක යෙදෙන්නේ නම් වැඩිහිටි කවුරු කවුරුත් හිතට එකඟව පිලිගත යුතු සත්යය නොහොත් තිත්ත අැත්ත....
වන්නේ ඉහත විවේචනයේ දක්වා අැති සියල්ල සත්යය නොවනා බවය. එමෙන්ම ඉස්සර පැවති පුස්තකාල තුල දැඩි අධීක්ෂනයක් පැවති අතරම කිසි ලෙසකින්වත් X0X0X ඉංගිරීසි අකුරකින් අපාය දැකිය නොහැකි විය. 
නෙට්වර්ක් කොම්පැනි කාරයන්ගේ අල්ලසට යටවී දූෂනයෙන් පිරී අැති අප රටේ පැවති සහ පවතිනා දේශපාලනාධිකාරිය පාසැල් වයසේ දරු දැරියන් හට අන්තර්ජාල පිවිසුම් පාලනය කර නොතිබීම කිසිදු පක්ෂපාතීත්වයකින් සහ විවාදයෙකින් තොරව දැඩි විවේචනයට ලක්විය යුතු කරුනකි.

එනිසා ලෝකය දියුනුව කරා ගෙන ගිය නොනිමි ගමනේදී වැඩිහිටියන්
සිදුකල සියළු අතපසුවීම් සහ වැරදිවල වන්දිය ඔබේ මගේ සහ සියළු රටවැසි ලෝවැසියන්ගේ දරුදැරියන් හට පූර්න වශයෙන්ම ගෙවීමට සිදුව අැති බවද අවිවාදයෙන් පිලිගත යුත්තේ ඉස්සර ඒ දුප්පත් පුස්තකාලය පැවති සමයට වඩා ඉතාමත් පහත් අඩියෙකට දියුනු යැයි සම්මත වර්තමාන ලෝක සංස්කෘතිය සබ්යත්වය අැද වැටී අැති බව පිලිගත යුතු සත්යයක් නිසාය.

නමුත් මෙම තත්ත්වය කිසියම් අාකාරයකට පාලනය කරමින් අසල්වැසි
ඉන්දියාවේ පාසල් දරුවන් හට අනුමත කර අැත්තේ (BasicPhone) මූලික අංගයෙන් පමනක් සමන්විත ජංගම දුරකතනයක් බව කියැවේ.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට දැඩි කනස්සල්ලෙන්...

 සහෝදරයට පොඩි ටොක්කක්... 
(https://twitter.com/ajithperakum/status/1012564492432105472)