Thursday, July 5, 2018

තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කඳවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී..

තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කඳවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී.. 

=================================================================
විජයකලා කොටි නැගිටුවීමට අපූරු හේතුවක් සංඝනායක මුංහේනේ මෙත්තාරාම හිමි සොයාගනී..!
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.05, පෙ.ව‍.8.30) ජුලි මස 31 වනදා වන විට උතුරු නැගෙනහිර පළාත්වලින් වැඩකට නැති හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් බෞද්ධ පන්සල් තිහකට අධික සංඛ්‍යාවක් වැසීයාමේ අවදානමක් ඇතයි නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල මංගල මහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ ලංකා ඊ නිව්ස් වෙත පැවසූහ.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන මෙත්තාරාම හිමියෝ
-------------------------------------------------------------------
“ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් බෞද්ධ පන්සල් 130 ක් පමණ තියෙනවා .මෙයින් පන්සල් 30 කට වැඩි ප්‍රමාණයක වාසය කරන භික්ෂූන් වහන්සේලාට දානය සපයන්නේ සහ එම ස්ථානවල අනෙකුත් නඩත්තු කටයුතු කරන්නේ ඒ ඒ ප්‍රදේශවල ඇති හමුදා කඳවුරු වලින්. මේ මස තිස් එක්වැනිදා වනවිට උතුරු නැගෙනහිර පළාත්වලින් හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. දැන් එය ක්‍රියාත්මක වෙමින් පවතින බව මම පැහැදිලිවම දන්නවා. ඒක ඇත්තක්. මේ තත්වය යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රීක්කයේ ඇති හමුදාවෙන් යැපෙන පන්සල් තිහකට වඩා වැසී යනවා. ළමා හා කාන්තා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරිය නැවත කොටි නැඟිටිය යුතු බවට ප්‍රකාශ කළේ මේ පසුබිම යටතේ වෙන්න පුළුවන් . පෙරහැරට කලින් කස කාරයෝ එන බවක් තමයි පෙනෙන්නේ “
========================================================ඉහත ඊනිව්ස් ලිපියට පෙරවදනක්====
තම යුතුකම් සහ වගකීම් ඉටුකොට නොමැතිව හමුදා කවුරුවලට බරක් උනු උතුරු/නැගෙනහිර පන්සල් 33 ක් විජයකලා සොයා ගනී.. 

සේරුවිල මංගල මහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියෝ ලංකා ඊ නිව්ස් වෙත පුදුම කථාවක් කියා අැති අතර මේ මෝඩ ඊනිව්ස් නිසි අධ්යයනයක් නැතිව ඔහේ පලකරන්නන් වාලේ එය පලකර අැත.

නමුත් හාමුදුරුවන්ගේ ප්රකාශයේදීම පවසා අැත්තේ රජය වැඩකට නැති හමුදා කඳවුරු 33 ක් ඉවත් කිරීමට තීරනයක් ගෙන අැති බවය.

සේනාධිනායක ජනාධිපති සමග ඊනිව්ස් තුල සිටිනා සම/හරකුන් ගේ සිත්තුල පවතිනා ද්වේශය සහ වෛරය නිසා ගල උඩ පහරනා බලලකු සේ දැන් ඉතින් Enews උන්නැහේට පැහැරෑ --ට වසා ගත නාෙහැකි වනු අැත. (නොසේනම් ඊනිව්ස් මෙවන් කාරණාවන් පලකරනු ලබන්නේ මීට වඩා බොහෝ ගවේශනාත්මකව සහ හරවත් අාකාරයටය)

දැන් ඉතින් අාණ්ඩුවට ඊනිව්ස් කුහකයෝ සෙට් එකයි අපේ හාමුදුරුවොයි කියා සිටින්නේ මේ පන්සල් ටික වැසී යන එක නවත්වන්නට නම් අාණ්ඩුව විශාල පිරිවැයක් දරාගෙන (යුද්ධයක් නැති පසුබිමක් තුල) මෙම හමුදා කඳවුරු 33 මෙම පන්සල්වල අාවතේව වැඩ සහ දානය සැපයීම පිනිස තව දුරටත් පවත්වාගෙන යන ලෙස නොවේද..!

අඩු තරමින් හාමුදුරුවෝ ප්රකාශ කරල නැහැ පන්සල් අානාරක්ෂිත වන වගක් හෝ නමුත් විජයකලාගේ කස කථාවත් දඩමීමා කරගෙන අැති බවක් නම් පෙනේ.

අනේ හාන්දුරුවනේ ඔබ වහන්සේලාට දානය සපයන්නටයි... පන්සල් අාවතේව වැඩ කරන්නටයි හමුදා කඳවුරු 33 ක් නඩත්තු  කරන්න අාණ්ඩුවට ඉඩ දෙන්න රටේ ජනතාවවත් කැමති නොවනා බව දැන ගන්න.

ඔබ වහන්සේලා විජයකලාගේ කස කථා අවුළුවා ද්රවිඩ ජයයා අමනාප කර ගන්න එපා. මෙතුවක් කල් ඔබලාට ඒ ජනතාවගෙන් හින්සා පීඩා සිදු උනේ නැහැ නොවැ. 

ඒ නිසා ඔබ වහන්සේලා දැන් ඉස්සරටත් වඩා ඒ ජනතාවට කිට්ටු වෙන්න. සංහිඳියාව වෙනදාටත් වඩා ප්රචලිත කරන්න. 

මේ වන විට රජය උතුරු කරය තුල ඉතා යහපත් ලෙස නීතිය හා අාරක්ෂාව ස්ථාපිත කරලා තියෙනවා. ඔබ වහන්සේලාට බිය වන්නට දෙයක් නැහැ. අනෙක් ප්රධාන කරුන වන්නේ ඔබ වහන්සේලා බුද්ධ පුත්රයින් නිසා ධර්මය ගැන විශ්වාසය තියන්න. ධර්මයෙන් ජීවත් වන්නා ධර්මය විසින් අාරක්ෂා කරනු ලබයි යන ලෝක සත්යය තුල පිහිටා සිටින්න. කස කථා පතුරවා අධාර්මික නොවන්න. තමන් සිදු කරනා යහපත හෝ අයහපත තමා පසු පස එන සෙවනැල්ල සේ තමන් අත් නොහරින බව අමතක නොකරන්න.

සම්බුදු පියානන්ගේ ඒ උතුම් දහමට අනුව යමින් ජාති/අාගම්/කුල/මල නොතකා යුද්ධයෙන් අනාථ වී මාපියන්, දූවාදරුවන්, අඹුසැමියන් අහිමිව අසරනව දුකින් සිටිනා ඒ අවිහිංසක මිනිසුන් හැකි අයුරින් ධර්මය දේශනා කාෙට සනසාලන්න.

එවිට ඔබ වහන්සේලාගේ දානමය කටයුතුත් ඉබේම ඒ මිනිසුන් තුලින් සිද්ධ වෙන්නට පටන් ගනීවි. 

ශාන්ත බවත් සංහිඳියාවත් උදෙසා පින්ඩපාතය වඩින්න හුරු වන්න. දානයත් ගිලන් පසත් හමුදා කඳවුරුවලින්ම ලබමින් පලාතේ ජනතාවගෙන් දුරස් වෙලා සිට අැති නිසයි දැන් ඔබ වහන්සේලාට ප්රශ්නයක් වෙලා අැති බව පෙනෙන්නේ.

දකුනේ ජනතාවට දැන් ප්රශ්නයක්ව අැත්තේ ඔබ වහන්සේලා උතුරු/නැගෙනහිර පලාත් වලට වී මෙතුවක් කල් සිදුකර අැත්තේ කුමක්ද යන්නය. 

හමුදා කඳවුරුවලින් යැපෙමින් ඒවාට පමනක් අනුශාසනාවන් සිදු කරමින් සිටියානම් දැන් ඔබ වහන්සේලා ගත යුතු පියවර වන්නේද ඒ හමුදා කඳවුරු රැගෙන යන ලෝකයකට ඔබ වහන්සේලාද වඩිනු මැනවි.

මේ සියල්ලෙන් ඉතා පැහැදිලි වන්නේ ධර්ම ධරයානන් වරුන් ලෙස ඔබ වහන්සේලාගෙන් සිදුවිය යුතු කිසිදු යුතුකමක් ඒ පලාත්වලට සිදුව නැති බවය. තමන් වහන්සේලාට පන්සල් වසා දමන්නට සිදුව අැත්තේ ජනතාවගේ හදවත් තුලට පිවිසෙන්නට අසමත්ව අැති බැවිනි.

ඒ නිසා ඔබ වහන්සේලාට දැන් විසඳුමක් නැතැයි සිතේනම් සිදු කිරීමට අැති නුවනක්කාර ක්රියාව වන්නේ මෙතුවක් කල් ගත දරා සිටි ඔය බොරු කහකඩ පසෙකලා ඉවත් කරන්නට යෙදී අැති මෙතුවක් කල් පිංබත් ගිල්ල හමුදා කඳවුරු 33 ට බැඳී හමුදා සේවයකින් හෝ බුදිනා බතට සරිලන සේවයක් රට වෙනුවෙන් සිදු කිරීමය.

නොඑසේනම් දැන්වත් තම වගකීම් සිතට ගෙන ධෛර්යය වඩා පිඩුසිඟා වඩිමින් ධර්මයද සංහිඳියාවද පතුරවමින් දානය නොලැබේනම් (වෙනත් කැලෑබද පෙදෙස්වල වෙසෙනා සංඝයාවහන්සේලා අාදර්ශයට ගෙන) පන්සල තුලදීම දානය සකස් කර ගනිමින්ද, බවබෝග පන්සල් භූමිය තුලම අැබිත්තයින් ලවා වගා කරගනිමින්ද සෙත් පිරිත් සජ්ජායනා කරමින්ද අාදර්ශමත් පන්සලක් පවත්වාගෙන යන විට ක්රමානුකූලව ජනතාව අාසන්න වේවි. මෙතෙක් කල් සිදුකර අැත්තේ පන්සල විසින්ම පන්සල තුලට හමුදා සෙබලුන් දමාගෙන පන්සල තුලින් ජනතාව පලවා හැරීමය. පන්සලකින් පන්සල් ස්වරූපයක් මිස වෙන අන් ස්වරූපයක් විද්යාමාන වුවහොත් ඊට කිසිදාකත් බැතිමතුන් පය නොතබති.

2015 ජනවාරි 8 දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ කොළඹ දිස්ත්රික්කයේ කෝට්ටේ ඉතාමත් සැප පහසුදායක පරිසරයක හිදිමින් උවත් තම විහාරස්ථානය තුලදී පවා ගතකල අල්පේච්ච දිවි පෙවත නිසා තමන් වහන්සේට තම දායකයින් සහ බැතිමතුන් පූජා කරනා ලද බොහෝ පිරිකර තමන් වහන්සේට වැඩි යැයි හැඟුනු හෙයින් උන් වහන්සේ ඒවායින් බොහෝමයක් දේ රැගෙන අෑත දුර ගම්දනව් වල කැලෑබද පෙදෙස්වල ඉතා දුෂ්කරව ධර්මය ප්රචලිත කරමින් කුඩා පන්සල්වල සිටිනා සංඝයා වහන්සේලා සොයා ගොස් ඒවා උන්වහන්සේලාට බෙදා දී බොහෝ අත්දැකීම් අැති නිසා සංඝයා වහන්සේලා නැතහොත් නියම බුද්ධ පුත්රයින් ක්රියා කර අැත්තේ කොයි අාකාරයෙන්දැයි ඉතා හොඳින් දැන සිටි උත්තමයෙකි. නමුත් හමුදා කඳවුරු වලින් පමනක් දිවි පෙවත ගෙන ගිය පන්සල් ගැන උන්වහන්සේ ජීවතුන් අතර සිටි කාලයේදී අසා තිබුනාදැයි සැක සහිතය. එසේ නොවුනානම් අද මෙම පන්සල් වසා දමන්නට කිසිසේත් සිදු වන්නේද නැත.

සෝභිතාවතාර විශ්වයේ සිට.
2018/07/05

විජයකලා කොටි නැගිටුවීමට අපූරු හේතුවක් සංඝනායක මුංහේනේ මෙත්තාරාම හිමි සොයාගනී..!

No comments:

Post a Comment