Wednesday, July 4, 2018

JVP ත්රස්තයින්ට කැප, JR/ප්රේමදාස/මහින්ද යමපාලන රාජ්යය ත්රස්තවාදයට කැප ප්රජාතන්ත්රවාදය LTTE ත්රස්තයින්ට අකැපද...!


 තිත්ත අැත්ත නොහොත්.. තිත්ත කසාය... 
JVP ත්රස්තයින්ට කැප, JR/ප්රේමදාස/මහින්ද යමපාලන රාජ්යය ත්රස්තවාදයට කැප ප්රජාතන්ත්රවාදය LTTE ත්රස්තයින්ට අකැපද...!
==============================================
=================

මෙය සෝභිතාවතාරයේ පෞද්ගලික මතයකි. ඕනෑම ගුණ/නුවන අැති අබුද්ධික නොව... සබුද්ධිකයින්ගේ විවේචන සහ මීට එකඟ වීම හෝ ප්රතික්ෂේප කිරීම ගෞරවයෙන් යුතුව පිලිගනිමි.

එමෙන්ම ගෝත්රිකවාදී වූද... මෙවැන්නක් දුටුවද වල ඉහ ගැනීමට මාන බලා සිටිනා අධාර්මික, අශ්ලීල, අවස්ථාවාදීන්ගේ විවේචන නොසලකන මා 2015 ජනවාරි 08 දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අභීතත්වයත්.. මානව හිතවාදීත්වයත්.. නිර්පාක්ෂීකත්වයත්... දිවි හිමියෙන් අාරක්ෂා කරනා අදෘශ්යයමාන අවතාරය සෝභිතාවතාරයයි.

ගතවූ දශක ගනනාවක් තුල මෙම රට පාලනය කල මහාකලු සිංහල පාලකයින්ගෙන් යම් යම් පාලකයින් ඒ එකිනෙකාගේ බුද්ධි/මනෝ භාවයන් සහ ගෝත්රිකවාදී ම්ලේඡ්ච ගති පැවතුම් අඩුවැඩි වශයෙන් අවභාවිතාවේ යොදවමින් රටේ ජනතාවටත් අනාගත පරපුරටත් ප්රභාකරන්ටත් වඩා දැඩි (හිට්ලර්/ගොට්ලර්වාදී) වද හිංසා සහ අපහසුතා සිදු කර අැති බව කොයි කවුරුත් නිහඬව සිටියද මනා ලෙස දන්නා සත්යයකි. නමුත් මෙම තත්ත්වය වෙනස් කර නොගෙන දිගින් දිගටම පැවතීමට තුඩුදුන් සුපැහැදිලි කාරනය වූයේ මේ රටේ සබුද්ධිකයින්ගේ උදාසීන භාවයත් අකර්මන්යය භාවයත් සහ සුවිශේෂයෙන් බහුතරයක් වන වහල් මානසිකත්වයක් අැති අබුද්ධිකයින්ගේ බෙලහීනත්වයි. තවත් සීමිත පිරිසකගේ අමනෝක්ඥ හැඟීම්බර වැරදි තීරන සහ අන්ධ භක්තියයි.

රටක් තුල අභ්යන්තර යුධමය වාතාවරනයක් අැති වන තත්ත්වයකට පත් වූ කල සහ යමෙකු හෝ යම් කණ්ඩායමක් අවි අායුධ අතට ගන්නා තරමට රටක පාලනය දුර්ධාන්ත වූ පසු පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් අවි ගත් කණ්ඩායම් කිසිවෙක් තුලින් සෑම අවස්ථාවකදීම සෑම දේම නිවැරදිව සිදුවේයැයි අපේක්ෂා කිරීම දුෂ්කර මුත් ඉතිහාසය තුල ඒ ඒ වාතාවරයන් හමුවේ ත්රස්තවාදියාගේ අරමුන වෙනුවෙන් ඔවුන් සාධාරන වන්නා සේම හරි හෝ වැරදි ලෙස රට පාලනය කල පාලකයින්ගේ පැත්තෙන් බැලූකල එවකට ගෙන අැති ත්රස්තවාදය මර්ධනය කිරීමේ තීන්දු නිවැරදි වුවත් සමස්ත ඉතිහාසය විශ්ලේෂනයට බඳුන් කල කල්හි පාලකයින් ත්රස්තවාදියාට වඩා බිහිසුනු ලෙසද... අවස්ථාවාදී ලෙසද... බඩගෝස්තරවාදී ලෙසද ක්රියාකොට අැති බව සර්ව සාධාරන මධ්යස්ත මතධාරියෙක් හට කාෙතරම් විවේචන එල්ල වුවත් ප්රකාශ කර නොසිටිය නොහැකි කරුනකි.

නමුත් මේවා සෝභිතාවතාර අවතාරයක් නිසා පැවසුවද ජීවතුන් අතර සිටියානම් ප්රකාශ කිරීම පහසු නැති බව සෝභිත හිමියන් ස්වප්නයේදී අාතූරයාට වදාරන ලදී.

ඒ කුමක් කෙසේ වෙතත්...

JVP ත්රස්තයින්ට කැප, JR/ප්රේමදාස/මහින්ද යමපාලන රාජ්යය ත්රස්තවාදයට කැප ප්රජාතන්ත්රවාදය LTTE ත්රස්තයින්ට තවමත් අකැපද...! යන්න සලකා බැලීම වර්තමානයේ පවතින්නා වූ සාධනීය අත්යාවශ්යතාවයකි.

ජේ.අාර්. ප්රේමදාස සහ ඔවුන්ගේ අළුගෝසුවා (රන්ජන් විජේරත්න) ලා සහ යම/රාජපක්ෂ සහ ඔහුගේ අළුගෝසුවන් වන ගොට්ලර්/මදාවි-මර්වියා-වන(අා)චාරියා සහ පනික්කියන් වන සීගිරියවත් නොදුටු පාදඩපාවාදෙනවංශයාද/තම විෂය පතය කුමක්ද කියාවත් නොදැන සිටි සොරදෙටුවා ගොබ්බන්පිලයා අැතුළු ඒ අලිබබාගේ සොර නඩයට කැප ප්රභාකරන් කිසිදා සිදුකර නොමැති තරම් පාදඩ කම් සිදුකල මුන්ට කැප දේශපාලනය සහ පාලක පන්තිය සිදුකල සමාජ අසාධාරනට එරෙහිව ත්රස්තවාදය දක්වා පිවිසෙන්නට සිදු උනු මුත් මේ වන විට ඒ සියළු වැරදි නිවැරදි කරගෙන වචනයේ පරිසමාප්තියෙන්ම පරමාදර්ශී වූ ප්රජාතන්ත්රවාදයේ නියැලෙමින් අල්පේච්චිත වූ දිවිපෙවතක් පවත්වාගෙන යමින් දැඩි අපහසුතා මධ්යයේ උවත් අද්විතීය දේශපාලනික මෙහෙවරක් ඉටු කරමින් වර්තමානය වන විට සමස්ත පාර්ලිමේන්තු ඝර්හයම විනය සහ හැදිච්ච කම වඩනා තක්සලාව බවට පත් කල මහඖෂධ පඬිවරයන් තත්ත්වයට පත් උදාරතර JVP යට සේ ඒ අමිහිරි ත්රස්තවාදය සහ යුධමය වාතාවරනය යටතේ ඒ අවිහිංසක ද්රවිඩ ජාතියට තම තමන්ගේ මාපිය,දූදරු,නෑහිතමිත්රාදී පරම්පරා ගනනාවක් සහ උන්හිටි තැන් අැතුළු සියළු දේපොල අහිමිව සිටිනා සෝචනීය පසුබිමක් තුල බෙදා හෝ නොබෙදා හෝ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ඒකරාශී කොටගෙන 70 දශකයට පෙර පැවති ඒ සුන්දර ලූණු/මිරිස් - ශ්රම/බුද්ධි දායක සංස්කෘතිය යලි බිහි උනාෙත් රටේ සංවර්ධනයට මොනතරම් නම් ශක්තියක්ද...

ගොවිතැනටද... ශ්රම සහ බුද්ධිමය දායකත්වයටද උපන් හපන් ඒ අහිංසක ද්රවිඩ ජාතිය තුල සිංහල ජාතිකයා සිංහලයාට පානා උඬගු කම් වංසෙ කබල් ගෑම් බොරු සිංහ සේයා කිසිවක් නොමැත.

ඉතින් ත්රස්තවාදීන්ව සිටියදී පවා භාෂනය වූ JVP යන නාමය ප්රජාතන්ත්රවාදී ප්රවාහයට පිවිස පාර්ලිමේන්තුව තුල නියෝජනය වීමේදීත් භාවිතයට ඉඩ ලැබුනානම් සහ ඉඩ දුන්නානම් LTTE යටත් ඒ හැන්දෙන් බෙදන්නට අකමැති කුහකත්වය කවරේදැයි විමසා බැලිය යුතු කාරනයකි.
උතුරුකරයේ සිටි සෑම එකෙක්ම සහ එකියක්ම LTTE ත්රස්තවාදියෙක් යැයි හංවඩු ගැසූ දකුණේ සිංහලයින් බොහෝමයක් මේ වන විට ඒ සියල්ල නොතකා තම ජාතියට දුන්නාට වඩා බෙහෙවින් අඩු වැටුප් ගෙවා තම නිවෙස්වල, ව්යාපාරික ස්ථාවල, ප්රවාහන සේවා තුල ගෘහ සේවක/සේවිකාවන් ලෙසද... වෙළඳ සේවක/සේවිකාවන් ලෙසද.. රියැදුරන් ලෙසද... පෙදරේරු සහායකයින් ලෙසද, බේකරි කම්කරුවන් ලෙසද, එකී නොකී නොයෙකුත් අාකාරයන්ගෙන් මහ කලු සිංගලයාගේ ශ්රම දායකත්වයට පාදක කැරගෙන රටේ සංවර්ධන ඉලක්ක සපුරාලීමට වක්රාකාරයෙන් ශක්තිමත් දායකත්වයක් ලබා ගනිමින් පැවතීම සැඟව අැති සත්යය යථාර්තය මෙන්ම සංහිඳියාවේ යහපත් ලක්ෂනයක්ද වෙයි.

කවුරුන් කෙසේ කුමක් කීවද... මෙම වාතාවරනය රට තුල නිර්මානය වීමට සැලකිය යුතු කාර්යය භාරයක් (තනිවම නොව පොදුවේ) ඉටු කල මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හට පමනක් ඔහුගෙන් රටට සිදුව අැති යම් යම් දූෂන අපරාධ සහ අවැඩ වෙනුවෙන් JVP යට හා LTTE යට දුන්නා හා සමාන පොදු සමාවක් දීම සබුද්ධික ජනයා ඉවසයි.

නමුත් ඒ ඔහු තමන් ඉසිලූ ධුරයේ අත්දැකීම් සහ උපදෙස් රටට අනුශාසකත්වයකින් පමනක් ලබා දෙමින් ඒ ගෞරවය මරන මංචකය දක්වා පවත්වා ගනිමින් විශ්රාමික වන්නේ නම් පමනි. නොඑසේ උවහොත් ඔහුගේ අභාවය වෙනුවෙන්ද රට්ටුන් හට දිනෙක රතිඤ්ඥා පත්තු කිරීමට සිදුවීමද වැලැක්විය නොහැකි වනු සෝභිතාවතාර නියත අනාවැකියකි.
ලොවින් එකෙක් යම් යම් දේට වෙයි සමත උවත් මහින්ද යනු රටක් සුරක්ෂිත සංවර්ධනයක් කරා ගෙන යාමට හපනෙක් නොවූ බව මේ වන විට අසන්නට දකින්නට අැති පැහැදිලි දර්ශකවලින් ඔප්පු වෙමින් පවතී.

ඒ නිසා රටක් තුල සිටිනා රාජපක්ෂලා පමනක් නොව වෙන අන් අය තුලද විවිධාකාරයේ හැකියාවන් සහ දක්ෂතා උගත්කම් පවතී. ඒවා උරගා බැලීමට ජනතාව තීන්දු ගත්තා සේම ඒ සඳහා සාපේක්ෂිතව සාධාරන කාල පරාසයක් ලබා දීමටද ඒ ජනතාවත් හිටපු පාලකයිනුත් සංවේදී විය යුතුය.

රනිල්ට ලමයි නෑ.. ඒ නිසා එයාට මුකුත් බෑ.. ගමරාල පිං ජනාධිපති ඒ නිසා එයාට රට කරන්න දන්නෑ... මෙවැනි කඩප්පුලි කථාවලින් රටේ සංවර්ධනයත් ජනතාවගේ අායුෂත් කාලයා තුල ගිලිහී යනවා මිස වෙන අන් කිසිවක් සිදු නොවේ.


ඒ නිසා කොයි කවුරුත් සියළු වාද භේද දුරලා අඩු තරමින් තම තමන්ගේ දූදරු මතු පරපුරේ යහපත් අනාගතය වෙනුවෙන් හෝ කුහකත්වයෙන් තොරව සහ නිවහල් මානසිකත්වයෙන් තොරව සිතන්නටත් තීන්දු තීරන ගන්නටත් අදිටන් කර ගත්තොත් තම දරුවන් හට තම මව් රට තුල දැහැමින් සෙමෙන් සැපෙන් සතුටින් විසීමට හැකි පසුබිමක් නුදුරු අනාගතයේදීම බිහි කර ගත හැකි වනු අැත. 
නොඑසේ උවහොත් විශේෂයෙන් යහපත් මිනිසුන් සහ ඒ දුවා දරුවන් බහුතරයකට අනිවාර්යයෙන්ම තම මව් රට අතහැර විදේශ ගත වන්නට සිදුවීම වැලැක්විය නොහැකි වනු නියතය.

රටට දැයට ජනතාවට තුණුරුවන් සරනයි
සෝභිතාවතාර විශ්වයේ සිට තම අරමුන ඉටු කරනා තුරා නිවනටවත් නොපිවිසෙන සේක...
2018/07/04









විජයකලාගේ කතාව යළි කියවමු..! දිය බොර කර මාළු බෑම අත්හරිමු..!!
-කීර්ති රත්නායක ලියයි-
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1937914636273692/?type=3

(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.04, ප.ව‍.12.30)
====================================================================

‘විජයකලාගේ කොටි කතාව ජාතිවාදීන්ට දර දිය සැපයීමක්; දෙමළ ජනයාට කරන ද්‍රෝහි කමක්..!’ - මුජිබර් රහුමාන්
(ලංකා ඊ නිව්ස් - 2018.ජූලි.04, ප.ව‍.10.30) 













=================================================================================

මහින්ද මට කෝටි සීයක් දෙන්න කතා කලා..- විජයකලා..

http://lankacnews.com/21578-2/?utm_source=dlvr.it&utm_medium=twitter
July 5, 2018 at 12:02 am | lanka C news
මහින්ද මට කෝටි සීයක් දෙන්න කතා කලා..- විජයකලා..
පසුගිය මැතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි 100ක් හා කැබිනට් අමාත්‍යධුරයක් තමන්ට ලබාදීමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරුන් මහත්මිය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලබාගත් දුරකතන ඇමතුමක ඇතිවූ සංවාදයකදි මේ බව හෙළිවිය.
එසේම තමා එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ඒමට ප්‍රකාශ නොකළ බවත් ආවේගයෙන් කතා කරන විට වැරදි සිදුවන බවත් ඇය පැවැසුවාය.
*** එහිදී ඇතිවූ දුරකතන සංවාදය ***
ඔයා මේ මොකක්ද කියලා තියෙන්නේ එල්.ටී.ටී.ඊ. ඕන කියලා?
කවුද කිව්වේ
ඇයි ඔයා කියලා තියෙන්නේ මේ හැම පත්තරේකම ගිහින් තියෙන්නේ?
අයියෝ කවුද ඔය ඒක බොරු අප්පා. මම කිව්වේ ඒ කාලේ මේ වගේ ප්‍රශ්ණ මොකුත් ආවේ නෑ (කියලා)
පාසල් දැරිය දූෂණය කළේ නෑදෑයින් නේද?
නෑ මාමා අයියා සම්බන්ධ නෑ. ඔක්කොම මත්ද්‍රව්‍ය භාවිත කරපු කට්ටිය (කළේ). දකුණේ නෑදෑ ප්‍රශ්ණ ආවට උතුරේ එහෙම ප්‍රශ්න එන්නේ නෑ.
ඉඩම් ටික දුන්නට ස්තූති කළාට ජනපති වැඩියෙන්ම ඇවිදින් තියෙන්නේ යාපනයට?
එයා ආවේ පක්ෂය හදන්නනේ. ඔලුව උඩ තියාගෙන අපි එයාව දිනෙව්වා. මහින්ද රාජපක්ෂ කිව්වා මිලියනයක ඡන්දයකින් දිනනවා කියලා. කෝටි 100ක් දෙන්නම් කිව්වා. කැබිනට් ඇමතිකමක් දෙන්නම් කිව්වා. ඒ කිව්වට අපි උදව් කළේ නෑ.
ඔබේ සැමියා ඝාතනය කළෙත් එල්.ටී.ටී.ඊ. ය නේද?
නෑ, පිස්සුද? චන්ද්‍රිකා මහින්ද කරපු දේවල් නිසා අද අපිටයි ප්‍රශ්ණ.
ඔයාගේ විසඳුම වැරදියි?
ආයේ එල්.ටී.ටී.ඊ. ගේන්න කිව්වේ නෑ. ඒ කාලයේ සාමයෙන් හිටියා. කතාකරන කොට ටෙන්ෂන්නේ කතාකරන කොට වැරදි වෙනවා. කවුරුත් එන්නේ නෑ.
ආයේ එල්.ටී.ටී.ඊ. එනවා කියන්න එපා හොඳ නෑ?
නෑ නෑ රන්ජන් ඔයා ගණන් ගන්න එපා දකුණේ රනිල්ව පරාජය කරන්න මීඩියා මේක කරන්නේ. පාරේ ඉන්න මාධ්‍යයට අපි කියන්න යන්න ඕන නෑනේ.
ඔයා ඉඩම් ටික දුන්නා කියලා තියෙනවා?
වෙන මොනවද කළේ. ඔයාගේ අය මෙහෙ ඇවිත් වැඩ කරනවද කියලා හොයලා බලනවා. ඔයාගේ නම තියෙයිද කියලා හොයනවා. අපේ අය උපාධි ඉවරකරලා පාරේ වැඩ කරනවා.
ඩ්‍රග්ස් අරන් තමයි රේප් කරන්නේ?
වෙන ප්‍රශ්ණ නෑ.
ඔයා පොලිස්පතිට කතා කළේ නැත්ද?
විද්‍යාගේ කේස් එකට කතා කළා මොනවද කළේ?
මේ වගේ ප්‍රකාශ කරන්න එපා ඒක රජයට හොඳ නෑනේ
නෑ රන්ජන් මම ගේන්න ඕන කිව්වේ නෑ.
=================================================================================================================================

No comments:

Post a Comment