Saturday, June 30, 2018

X0X0X ඉංගිරීසි අකුරකින් අපාය දැකීමේ අන්තර්ජාල (ටැබ්) පුස්තකාලය.

 X0X0X ඉංගිරීසි අකුරකින් අපාය දැකීමේ අන්තර්ජාල
(ටැබ්/Tab)  පුස්තකාලය.

කුහකත්වයෙන් සහ ගෝත්රිකවාදයෙන් තොරව අපක්ෂපාතීවද.... මධ්යස්ත මතධාරීවද මේ පිලිබඳ විග්රහයක යෙදෙන්නේ නම් වැඩිහිටි කවුරු කවුරුත් හිතට එකඟව පිලිගත යුතු සත්යය නොහොත් තිත්ත අැත්ත....
වන්නේ ඉහත විවේචනයේ දක්වා අැති සියල්ල සත්යය නොවනා බවය. එමෙන්ම ඉස්සර පැවති පුස්තකාල තුල දැඩි අධීක්ෂනයක් පැවති අතරම කිසි ලෙසකින්වත් X0X0X ඉංගිරීසි අකුරකින් අපාය දැකිය නොහැකි විය. 
නෙට්වර්ක් කොම්පැනි කාරයන්ගේ අල්ලසට යටවී දූෂනයෙන් පිරී අැති අප රටේ පැවති සහ පවතිනා දේශපාලනාධිකාරිය පාසැල් වයසේ දරු දැරියන් හට අන්තර්ජාල පිවිසුම් පාලනය කර නොතිබීම කිසිදු පක්ෂපාතීත්වයකින් සහ විවාදයෙකින් තොරව දැඩි විවේචනයට ලක්විය යුතු කරුනකි.

එනිසා ලෝකය දියුනුව කරා ගෙන ගිය නොනිමි ගමනේදී වැඩිහිටියන්
සිදුකල සියළු අතපසුවීම් සහ වැරදිවල වන්දිය ඔබේ මගේ සහ සියළු රටවැසි ලෝවැසියන්ගේ දරුදැරියන් හට පූර්න වශයෙන්ම ගෙවීමට සිදුව අැති බවද අවිවාදයෙන් පිලිගත යුත්තේ ඉස්සර ඒ දුප්පත් පුස්තකාලය පැවති සමයට වඩා ඉතාමත් පහත් අඩියෙකට දියුනු යැයි සම්මත වර්තමාන ලෝක සංස්කෘතිය සබ්යත්වය අැද වැටී අැති බව පිලිගත යුතු සත්යයක් නිසාය.

නමුත් මෙම තත්ත්වය කිසියම් අාකාරයකට පාලනය කරමින් අසල්වැසි
ඉන්දියාවේ පාසල් දරුවන් හට අනුමත කර අැත්තේ (BasicPhone) මූලික අංගයෙන් පමනක් සමන්විත ජංගම දුරකතනයක් බව කියැවේ.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට දැඩි කනස්සල්ලෙන්...

 සහෝදරයට පොඩි ටොක්කක්... 
(https://twitter.com/ajithperakum/status/1012564492432105472)



No comments:

Post a Comment