Sunday, June 10, 2018

සුදුස්සාට සුදුසු තැන නොලැබෙනා.... පවුකාර රටක ඉපදීමේ විපාකය...

සුදුස්සාට සුදුසු තැන නොලැබෙනා.... පවුකාර රටක ඉපදීමේ විපාකය...
විදෙස් රටක නම් සුදුස්සාට රැකියාව ලැබෙන්නේ
දුරකතන පනිවිඩයෙකිනි
නමුත් මේ රටේ තරම දැනගන්න ඉහත වීඩියෝව බලන්න...
 අහෝ...
නිදහසේ ඛේදවාචකය...
නිර්පාක්ෂික සෝභිතාවතාර

නිදහසින් පසු ගතවූ දශක 07 ක් නැතහොත් වසර 70 ක් තුල මේ රට කොයිබටද...!

නිදහසින් පසු ගතවූ දශක 07 ක් නැතහොත් වසර 70 ක් තුල මේ රට කොයිබටද...!

මෙකියනා.. නිදහසින් පසු ගතවූ දශක 07 ක් නැතහොත් වසර 70 ක් තුල රටේ පාලනය භාර ගත් සිංහල නායක නායිකාවන්ගෙන් ගෙන්   සම/හරක් පාලකයින්    නිසා මේ වන විට යලිත් මේ රට විදේශිකයිනට සින්නක්කරවම හිමිවනා තරම් වූ ණය උගුලකට හසුවී අැත.

රටේ සමස්ත අනාගත පරපුරේත් වර්තමාන ප්රජාවගේ ජීවිතයනුත් සාේදාපාළු කර දැමූ මෙම ණය කන්දරාවෙන් වැඩි ප්රතිශතයක් ලගු වන්නේ සිදුකර අැති නාස්ති,සොරකම් සහ දූෂන අක්රමිකතා  වෙනුවෙන් බව මේ වන විට පසක් වෙමින් පවතී.

තත්ත්වය එසේනම් ලත් නිදහස වෙනුවෙන් රටේ අවිහිංසක, අදූෂිත, සබුද්ධික ජනයාට ඉන් සතුටු විය හැකිද...

සුද්දා පාලනය කලා නම් අඩු තරමින් සුදුස්සාට සුදුසු තැනවත් හිමි වන්නට තිබුනි.

නමුත් නිදහසින් පසු මේ රට පාලනය කරන්නන්ගෙන් බහුතරයක් නිසි අධ්යාපන සුදුසු කමක්වත් සපුරා නොමැති රස්තියාදුකාර වනචරයින් හට දොරටු විවර වනා පරිසරයක් නිර්මානය කල  නායකයින් හට නම් ශාප විය යුතුමය.
https://www.facebook.com/sunimal.return/videos/768202880049208/
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධික ජනතාව සමගින්...
2018/06/10
==============================================
උපුටා ගැනීම....
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 69ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.
https://t.co/kvXFxr1QSp

ජාතික නිදහසේ ඉතිහාසය 1948

        අසංක බණ්ඩාර
දිනමින පුවත්

“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන් හමුවේ ඇමති චම්පික පැවැත්වූ විද්‍යාත්මක දේශනය / ට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්....

“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන් හමුවේ ඇමති චම්පික පැවැත්වූ විද්‍යාත්මක දේශනය / ට අටුවාටිකාවක්... සෝභිතාවතාරයෙන්....

==========================================================
“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන්ට චම්පික කියයි
Lankaenews
last Sunday
“රටේ සාපේක්‍ෂ වාසිය හඳුනාගත යුතුමයි” -‘මෙගා මයින්ඩ්’ විද්වතුන් හමුවේ ඇමති චම්පික පැවැත්වූ විද්‍යාත්මක දේශනය

(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.03, ප.ව.11.45) හතරවන කාර්මීකරණය සමග නවෝත්පාදන තරඟ පිටිය ජයගත යුතුම බවත් පැරණි චින්තනයෙන් තොර කුසලතා පූර්ණ නව පරපුරක් අනිවාර්යයෙන්ම බිහි කළ යුතු බවත් ඒ සමගම රටක් ආර්ථික වශයෙන් දියුණු කළ යුතු නම් ඒ රටේ සාපේක්ෂ වාසිය කුමක්දැයි හඳුනාගත යුතුම බවත් ඇමැති චම්පික රණවක පැවසීය. මහනුවර නගරයේ සංවර්ධන සැලැස්ම මූලික කර ගත් සමස්ථ ශ‍්‍රී ලංකාවේ ස්ථාවර සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන විද්වත් කතිකාව ‘මෙගා මයින්ඩ්’ පසුගිය දා මහනුවර ග‍්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ පැවැත්වූ අතර මේ සඳහා මහනුවර දිස්ත‍්‍රික්කය ආවරණය කර ගනිමින් සහභාගීව සිටි විද්වතුන් 1,100 ක් හමුවේ ඇමැතිවරයා මේ බව අවධාරණය කෙළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
See Less
https://www.facebook.com/lankaenews/videos/1894042680660888/============================================================
ඉතිහාසය පුරාම සහ පවතිනා දේශපාලනික අධිකාරීන්ගේ බල අරගලය හමුවේ හරි හෝ වැරදි තීරන නිසා මේ වන විට රටතුල පවතිනා ගැලපෙනා කෙසේ වෙතත් නොගැලපෙනා අාර්ථිකයේ සාපේක්ෂ වාසිය මගින් පවතිනා අාර්ථික වටපිටාව කල යුතු වෙන අන් මගක් දැනට නොමැති නිසා සුරක්ෂිතව පවත්වාගෙන යන අතරතුරදීම... කොයි මෙහොතකදී හෝ අභියෝගයට ලක්විය හැකි මෙම අැඟළුම් කර්මාන්තය වෙනුවට හෝ ඊට සමගාමීව සමාන්තරව පවත්වාගෙන යාහැකි අපට සහ රටට අනන්යය වූ අපට අාවේනික ස්වභාවික සම්පත් උපයෝගීත්වයෙන් ගොඩ නගා ගැනීමට උත්සුක විය යුතුමය.


ඒ සඳහා අවශ්යය කරනා මිනිස් ශ්රමයට සරිලන අාර්ථික වටිනාකම ගෙවූවද... ස්වාභාවික සම්පත් සහ බාෙහෝ අපද්ව්යද භාවිතයෙන් ඉතා ඉහල මට්ටමින් රටේ අාර්ථිකයට දායක කරගත හැකි කර්මාන්ත බොහෝ සේ පැවතියත් ඒවා පසෙකලා ඒවා පිලිබඳ තුට්ටුවකට හෝ මායිම් නොකාෙට ජාත්යන්තරය හා සබැඳි කොමිස් ගනුදෙනු සහිත විදික්රම පිටුපස පමනක් අප රටේ දේශපාලකයා හඹා ගියා මිස රට නගා සිටුවීමේ කිසිදු උත්සාහයක නොයෙදීම රටේ ජනතාවගේ අභාග්යයයි.



මෙවන් වූ යෝජනා සිදු කල අවස්ථාවන්හිදී හිටපු ජනපති වූද.. වත්මන් කුරුණෑගල මන්ත්රී වූද... මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් පිලිතුර වී අැත්තේ මුන්ට හරියට ලුනු ටිකවත් හදා ගන්න බැරිකොට ඕවා කොහේ කරන්නද යන්නයි.


ඉතින් තවත් මොනවද රටේ අනාගතය ගැන මෙයාල සමග කථා....!


නමුත් දේදුනු විප්ලවයේ සෝභිත මාහිමිපානන්ගේ සබුද්ධික දේදුනු ප්රජාව චම්පික රනවකගේ කියුම් කෙරුම් ගැනත් අවධානයෙනි...

https://www.facebook.com/lankaenews/videos/1894042680660888/
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට 

2018/06/10

Wednesday, June 6, 2018

නීතිය සාධාරනවද... විධිමත්වද, කාටත් එකසේ පොදුවේද සිදු නොවනා වර්තමාන ශ්රීලංකාවේ ඉපදීමත්... ජීවත්වීමත්... කරුමයක් පලදීමක් යැයි සිතීමට කාලය යමපාලුවන් සේම යහපාලුවන්ද උදාකරමින් පවතී. නිර්පාක්ෂික සෝභිතාවතාර මෙම ක්රමය වෙනස් කිරීමට ජනතාවට අාරාධනය කර සිටීයී. www.sobithawathara.blogspot.com පිවිසෙන්න අඩවියට... වෙනසකට මුල පුරන්න.

නීතිය සාධාරනවද... විධිමත්වද, කාටත් එකසේ පොදුවේද සිදු නොවනා වර්තමාන ශ්රීලංකාවේ ඉපදීමත්... ජීවත්වීමත්... කරුමයක් පලදීමක් යැයි සිතීමට කාලය යමපාලුවන් සේම යහපාලුවන්ද උදාකරමින් පවතී.

නිර්පාක්ෂික සෝභිතාවතාර මෙම ක්රමය වෙනස් කිරීමට ජනතාවට අාරාධනය කර සිටීයී.
www.sobithawathara.blogspot.com
පිවිසෙන්න අඩවියට... වෙනසකට මුල පුරන්න.
========================================================================

100% සත්‍ය සිදුවීමකි
👌      සිතා බලන්න
එක්තරා බාලවයස්කාර ගෑණූ දරැවෙක් තමන්ගේ නිවසේදීම දුෂණයට ලක්වෙනවා..... ඒ දරැවා එනවා පොලීසියට..... දරැවගේ කකුල් දෙකෙන් ලේ ගලනවා... ඒ පිටින්ම ඒ දරැවා පොලීසියට එනවා....


මුලින්ම ඒ දරැවට හමුවෙන්නේ ගේට්ටුවේ ඉන්න අයි ජී පී මහත්තයා.....(ඔව් අර දුඹුරු පාටට හුරු පාටක් ඇඳගෙන ඉන්න එක්කෙනා)
එයා අහනවා “මොකද මේ...?“

සර් මාව අපේ බාප්පා දුෂණය කලා....
ආ... ඇත්තද...?
කොහොම උනේ......
සර් මම තනියම කාමරේ ඉන්නකොට ඇවිත් මාව දුෂණය කලා...
ආ... ඇත්තද.... කෝ ඇඳුම් ඉරිලා නැහැ නේ...
කොහොමස දූෂණය කලේ...? ගවුම පිටින්මද....?
නැහැ සර්..... (ගෑණු ළමයා අඹරෙමින්)
එහෙනම්... ගවුම උස්සලාද.....?
ඔව් සර්.....
ආ... ඒ කොහොමද....?
මම නිදියගෙන ඉන්නකොට ඇවිත් මගේ කට වහලා..... මාව තද කරගෙන දුෂණය කලා සර්.....
ආ.... වෙන මොනවද කලේ......
(ගෑණු ළමයා අඹරෙමින්... සිද්ධිය විස්තර කරයි...)
හ්ම්... එහෙනම් යනවා ඇතුලට.....
(ගේට්ටුව විවර වේ.... ළමයා ඇතුලට යයි....)

පොලිසියේ පිළිගැනීමේ නිළධාරී...
මොකද මේ....
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම් බංකුවෙන් වාඩි වෙලා ඉන්න... ඕ.අයි.සී. මහත්තා කථාකරනකම්....

ඕ.අයි.සී මහතා......
මොකද මේ....?
සර් බාප්පා මාව දුෂණය කලා....
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදියයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්.... මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.... ක්‍රයිම් කේස් එකක්.....
ටිං...ටිං... (ඔ අයි සී මහතා සීනුව නාද කරයි)
සර්.....
මෙයාව ක්‍රයිම් එකට දානවා.....

ක්‍රයිම් ඕ අයි සී (අපරාධ අංශය)
මොකද උනේ.....?
සර් බාප්පා මාව දුෂණය කලා..
මොකද උනේ....?
සර්... මම ඇඳේ නිදිහයෙන් ඉන්නකොට බාප්පා බීලා ඇවිත් මාව දූෂණය කලා සර්...
තමුන් තනියමද ගෙදර හිටියේ......
ඇයි දමව්පියෝ හිටියේ නැද්ද...?
එයාලා කුඹුරට ගිහින් සර්....
ඔච්චචර දෙයක් කරනකම් තමුන්ට දැනුනේ නැද්ද...?
දැනුනා සර්....
මම කෑගහන්න හදනකොට බාප්පා මගේ කට වැහැව්වා....
වෙන මොනවද උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
වයස කීයද...?
16 සර්....
හ්ම්....
මේක සී ඇන්ඩ් ඩබ්ලියු එකක්...(ළමා සහ කාන්තා අංශය)
මෙයාව සි ඇන්ඩ් ඩබ්ලියු එකට ගෙනියන්න....

ළමා සහ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය....
මොකද උනේ.....ෙ
බාප්පා මාද දුෂණය කලා....මැඩම්....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ මැඩම් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
ඩබ්ලියු පී සී ....
මෙයාව අරගෙන යනවා ජේ ඇම් ඕ ගාවට (අධිකරන වෛද්‍ය නිළධාරී)
(දරැවාව රෝහලට රැගෙන යයි)

එහිදී..... අධිකරණ වෛද්‍ය නිළධාරී.....
මොකද උනේ...?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්...
බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
(සාක්ෂි ලබාගනියි..... දරුවා සම්පුර්ණ පරික්ෂාවකට ලක්වේ.....)
(භෞතික සාක්ෂි ලබාගනියි)
හ්ම්..... මේ ගැන ළමා රක්ෂක අධිකාරිය දැනුම් දේ....

ළමා රක්ෂක නිළධාරී....
මොකද උනේ....?

සර් බාප්පා මාද දුෂණය කලා...
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
දරුවාට නිතිඥ සහාය ලැබේ....

නිතිඥ මහතා....
මොකද උනේ..
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
හ්ම්.....

අධිකරණයේ දී.....ගරැ මහේස්ත්‍රාත්වරයා...
මොකද උනේ.....
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)
විත්තියේ නිතිඥයා හරස් ප්‍රශ්ණ අසයි....
ඇයි දුෂණය කරනකම් බලාගෙන හිටියේ....
තමුන් සනීපෙට හිටියා නේද....?
නැහැ... එහෙම නම් ඇයි විරුද්ධ නොවුනේ....
(තව තවත් හරස් ප්‍රශ්ණ)
සිද්ධිය මහාධිකරණයට යොමු වේ....

ගරු මහාධිකරණ විනිසුරැ.....
මොකද උනේ....?
සර් බාප්පා මාද දුෂණය කලා....
ආ...ඇත්තද....
දුෂණය කරනකම් බලාගෙන හිටියද...?
ඇයි දෙමව්පියෝ හිටියේ නැද්ද....?
නැහැ සර් අම්මයි තාත්තයි කුඹුරට ගිහින්... බාප්පා හොඳටම බීලා ඇවිත් මාව දුෂණය කලා සර්......
හ්ම් මොකද් උනේ...?
(ගෑණු දරුවා සිද්ධිය විස්තර කරයි...)

සිද්ධිය මහාධිකරණයේ දි මාස ගනනක් විභාග වේ.....

මේ අවසන් නඩු වාරයයි... තීන්දුව ප්‍රකාශ වීමට නියමිතයි....
නැවතත් රජයේ නිතිඥ...
මොකද උනේ....?
(දැරිය නිහඬය...)
නැවතත්....
මොකද උනේ.....
මුකුත් නැහැ....
රජයේ නිතීඥ...... මුකුත් නැහැ..
විනිසුරුගෙන් විනාඩි 30 ක් කාලයක් ඉල්ලයි....
අවසර ලැබේ.....
රජයේ නිතීඥ...
මොකද ළමයා වෙලා තියෙන්නේ...
ඇයි සිද්ධිය විස්තර කරන්නේ නැත්තේ....
සර්.... මම මේ වෙනකොට මේ සිද්ධිය 54 වතාවක් කියලා තියනවා...
සර්ට ඕනේ මේක 55 වෙනි වතාවටත් මගේ කටින් අහගන්නද...?

රජයේ නිතිඥ නිහඬයි......

https://www.facebook.com/175219469283492/photos/a.718739958264771.1073741828.175219469283492/1083275755144521/?type=3
👌 සිතීමට යමක් තිබුනාද...👧

උපුටාගැනීම - ඉසුරු ගයාන්ගේ බිත්තියෙන්!
========================================================================

තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි...???? කතාව.. (පුස්සක්ද..... යන්න තීරනය වනුයේ අනාගතයෙනි.... / හැකිනම් නිර්පාක්ෂික සෝභිතාවතාරයේ අභියෝගය භාර ගන්න.)

තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි...???? කතාව.. 
(පුස්සක්ද..... යන්න තීරනය වනුයේ අනාගතයෙනි.... / හැකිනම් නිර්පාක්ෂික සෝභිතාවතාරයේ අභියෝගය භාර ගන්න.)
============================================
තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි කතාවට..
අභියෝගයක් නිර්පාක්ෂික සෝභිතාවතාරයෙන්....
 ==============================================
යම් ලෙසකින් මේරටෙහි යලි ජනාධිපතිවරනයක් පැවැත්වී ඔබද එහි ජනපති අපේක්ෂකයෙකු උවහොත් ඔබට අැති දූෂන චෝදනා කෙසේ වෙතත් හිටපු ජනපති තම අයියාගේ ධුර කාලයේදී සිදුඋනු ඔවුන්ගේ සහ ඔහුගේ ගජ මිතුරන්ගේ දූෂන, අක්රමිකතා, අපරාධ සහ වත්මන් අාණ්ඩුවේ මහබැංකු බැඳුම්කර වංචාව අැතුළු සියලු අාකාරයේ අක්රමිකතා වෙනුවෙන් ඔබගේ ප්රථිපත්තිය කවරේදැයි රටට හෙලි කරන්න...
(මෙම ඡායාරූපය (edit) සකස් කරන ලද එකක් බව දන්නා මුත් මෙම අභියෝගය හමුවේ ඊට ගෞරව පිනිස පල කරන ලදී)

එමෙන්ම එය වාචිකව නොව ලිඛිත නීතිමය වශයෙන් වලංගු භාවයක් අැති ලියවිල්ලක් ලෙස ජනතාව හමුවේ නිරාවරනය කරන්න.

මෙම අභියෝගය සෝභිතාවතාරයේ අාතූරයා සත්පුරවැසියා හැර වෙන අන් කිසිදු අපේක්ෂකයෙකු භාර නොගන්නා බවට මෙන්න කැට....

නිර්පාක්ෂික සෝභිතාවතාර තම අරමුන ජයග්රහනය කරවන තුරා...

=============================================

තමන් රට හදන්නේ මෙහෙමයි.. ගෝඨාභය රාජපක්ෂ කල සුපිරි...???? කතාව.. 
https://www.facebook.com/permalink.php?story_fbid=1963733060607977&id=100009139059449
(පුස්සක්ද..... යන්න තීරනය වනුයේ අනාගතයෙනි.... / හැකිනම් නිර්පාක්ෂික සෝභිතාවතාරයේ අභියෝගය භාර ගන්න.)



Saturday, June 2, 2018

සුපිරි සාප්පුවල සිදුවන සූක්ෂ්ම සොරකම් නොහොත් ජංගි/බොඩි ගේම්


 සුපිරි සාප්පුවල සිදුවන සූක්ෂ්ම සොරකම් නොහොත් ජංගි/බොඩි ගේම් 

වර්තමාන වෙළඳ රටාව අනුව පවතිනා සුපිරි සාප්පුවකට ගොඩ වැදුනු පසු ලාබාලයාගේ සිට වැඩිමහළු අය දක්වාද විශේෂයෙන් තරුණ තරුණියන් හට තමන්ට අවශ්යය කරනා හිසේ සිට පාදාන්තය දක්වා වූ සියළුම අැඳුම් අායිත්තම් වායුසමනය කල සැප පහසු පරිසරයක් තුල රිසිසේ තෝරා/බේරාගෙන හිතේ හැටියට අැඳ/පැලඳ බලා අතේ අැති මුදලට සරිලන ලෙස මිලට ගෙන කුසගින්නක් එහෙමත් අැත්නම් මොනවා හෝ කාබී ජොලියේ ගෙදර අාහැක.

නමුත් සෝභිතාවතාර මාධ්යය ඒකකය වෙත වාර්තා වන මේ සෑම සමාජ තලයක් තුලදීම සිදුවනා දූෂන ක්රියා ජනතාවගේ දැන ගැනීම සහ ඒවායින් ප්රවේසම් වීම සඳහා එවැනි වූ තවත් පැති කඩක් පිලිබඳ කිසියම් නිරාවරනයක් සිදු කිරීමටයි මේ සූදානම.

පසුගිය මැයි මාසයේ අග බාගයේ දිනක නුවර නාමයක් පටබැඳි කිරිබත්ගොඩ අගනගරයේ කිසියම් සුපිරි සාප්පුවකදී ගැහැනු දරුවකු මිලට ගත් අැඳුම් තොගයෙන් එක් යට අැඳුමක් (පෑන්ටියක්) මුදල් ගෙවනා කවුන්ටරයේදී සොරකමකට ලක්ව අැත.

මෙම කාරනය සෝභිතාවතාර විසින් ජනගත කරන්නට කල්පනා කලේ සියළුම ජනතාවට එහි පවතිනා වැදගත්කම අවබෝධ කරදීමේ අටියෙනි.

මෙවැනි සිදුවීම් රට පුරාම අැති බොහෝ සුපිරි සාප්පුවල සහ සුපිරි වෙළ සල්වලද සිදුවීමට ඉඩ අැති ඉතා සූක්ෂ්ම දියුනු සාෙරකමක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සියළුම පාරිභෝගික ජනතාව සහ විශේෂයෙන් සුපිරි සාප්පුවල ඉහල කළමණාකරනය දැනුවත් කර තැබීමෙන් සියල්ලන් හටම සිදුවිය හැකි පාඩු සහ අපහසුතා මගහැර ගත හැකි වනු අැත.

ඒ අනුව මින් මනත පාරිභෝගික ජනතාව අවධානයෙන් කටයුතු කරනු අැති අතරම සුපිරි සල් කළමණාකරනය තම (CCTV) කැමරා පද්ධති මතු කියවෙනා ස්ථානවලටද රහසේ හෝ සවිකල යුතු වනුු අැත. එමගින් තම කාර්යය මණ්ඩල අතින් තම වටිනාම සම්පත වන පාරිභෝගික ප්රජාව තම අායතන සම්බන්ධයෙන් පවතිනා දිගු කාලීන විශ්වාසය පලුදු වීමද වලකිනු අැත.

ජාවාරම සිදු වන්නේ මෙසේ විය හැක. සිද්ධිය සැකෙවින් මෙසේය. සාමාන්යයෙන් මෙවන් සාප්පු සංකීර්නයකට ගොඩවී එහි අැති මල්ලක්ද අතට ගෙන ඉහත පැවසූ අාකාරයට තම සියළු අවශ්ය‍තාවන්ට සරිලන අැඳුම් අායිත්තම් තෝරා ගත් පසු ඒ මල්ල මුදල් කවුන්ටරය වෙත ගෙනගොස් මුදල් ගෙවූ පසු තමන්ට ඉතිරිව අැත්තේ අයකැමි හෝ එතැන සිටිනා වෙනත් සහායකයෙකු විසින් අතට දෙනු ලබන මල්ල රැගෙන ගෙදර යාම පමනි.

නමුත් බොහෝ විට කිසිවෙකුත් තමන් මිලට ගත් සුවිශේෂී දේවල් පිලිබඳව හැර අනිකුත් සුළු සුළු අායිත්තම් සම්බන්ධයෙන් එතරම් සුපරික්ෂාවක් සිදු කරනු නොලබයි.

සොරාගේ ගොදුර පාරිභෝගිකයාගේ මෙම දුර්වල කමය. විශේෂයෙන් ගත් කල කාන්තා පාර්ශවය තම යට අැඳුම් සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වනා නිසාත් එක් උඩු අැඳුමක මිලට යට අැඳුම් ගනනාවක් මිලට ගත හැකි නිසාත් නිරතුවම යට අැඳුම් වැඩි ප්රමානයක් තම මල්ලට හලා ගැනීම සාමාන්යය තත්ත්වයකි.

නමුත් අාපසු නිවසට පැමිනි පසු අැඳුම් මල්ල අැඳ උඩ හලා තමන් වැඩි කැමැත්තක් සහ තෝරාගැනීමක් මත රැගෙන අා විශේෂ අැඳුම් සහ අායිත්තම් පිලිබඳ සැලකිලිමත් වනවා මිස බිලට අදාල සියළුම (Items) කෑලි ගනන නිවැරදිව ලැබී අැත්දැයි යන්න පරීක්ෂා නොකරයි.

මෙම දුර්වල කම හඳුනාගෙන සිටිනා මෙවන් සාප්පුවල සේවය කරනා සමහර දූෂිත සොරසිත් අැති කැෂියර් වරුන් සහ ඒ හා සබැඳි සහායක හෝ සහායිකාවන් ඒකාබද්ධව දිගු කාලීන ජාවාරමක් කරගෙන යනු අැති බව පෙනේ.

සිද්ධිය සැකෙවින් මෙසේය. තමන් තෝරාගෙන මුදල් අයකැමි සහ භාණ්ඩ නිකුත් කිරීමේ අවසන් කවුන්ටරය වෙත පැමිනි පසු කැෂියර් විසින් සෑම භාණ්ඩයකම සහ අැඟළුමකම අැති (BarCode) බාකෝඩ් කොටස ස්කෑනරයට යොමු කොට එහි මිල බිල් පතටද සිස්ටම් (ඉන්වෙන්ටරියට) එකටද යොමු කරවනු ලබයි. එහිදී අදාල බිල් පතට මිල යොමු වන අතර මුල් තොගයෙන් අදාල භාණ්ඩය බැහැර වීම සහ පද්ධතියට දී අැත්ත දත්තයන් අනුව අභ්යන්තර ක්යාවලිය සිදුවේ. 

මීලඟට සිදුවන්නේ අයකැමි හෝ සහායක/සහායිකා විසින් චුම්බක පරිපථයකට යොමු කොට භාණ්ඩයේ හෝ අැඟළුමේ අැති අාරක්ෂන මුද්රාව ඉවත් කිරීමයි. මෙම අධියරයෙන් පසු භාණ්ඩයේ සියළු සුරක්ෂිතතා සාප්පුව පැත්තෙන් නිදහස්ය. එනම් භාණ්ඩය නිකුත් වී අදාල වටිනාකම ලැබී අවසන්ය.

සොරාගේ හස්තය ක්රියාත්මක වන්නේ මෙන්න මේ අවස්ථාවේදීය. ඉහත දැක්වූ අාරක්ෂන මුද්රාව බැහැර කර ෂොපින් උරයට විස්තර කල අැඳුම් දමන ගමන් අයිතිකරුගේ අවධානයට හසු නොවනා එක් වර්ගයකින් වැඩිපුර ගෙන අැති විශේෂිත නොවන සාක්කුවක හෝ සඟවාගෙන එලියට රැගෙන යාහැකි කිසියම් දෙයක් හෙමිහිට බිමට වැටෙන්නට සලස්වයි. තමන් හට සිදුවූ අකටයුත්ත ගැන අබමල් රේනුවක හෝ වැටහීමක් නොමැති පාරිභෝගිකයා අැඳුම් මල්ල ගෙදර ගෙන ගොස් නොසොයා නොබලා අත හරීයී.

නමුත් මෙවන් අාකාරයෙන් දිනකට සිය දහස් ගනනක් පාරිභෝගික ජනීජනයා පැමිනෙනා සාප්පුවල සිටිනා මෙවන් සොර දෙටුවන් කල්ලියක් ලෙස ඒකරාශීව ක්රමානුකූල ජාවාරමක් පවත්වාගෙන යාමේ හැකියාව ඕනෑවටත් වඩා පැවතීමට අැති ප්රධානතම හැකියාව වන්නේ මෙම සොරකමින් අායතනයට කිසිදු මූල්යය අලාභයක් සිදු නොවන නිසාය.

ඒ නිසා පාලනාධිකාරීන්ටද මෙවන් පැතිකඩක් සම්බන්ධයෙන් අවධානයක් මෙම සිදුවීම නිරාවරනය වන තාක් පවතින්නට හේතුවක් මතුවී තිබෙන්නටද හේතුවක් නැත.
සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්..
2018/06/02

Friday, June 1, 2018

සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කර ගැනීම උදෙසා ජාත්යන්තරයේ අවධානය පිනිසයි. පීඩිත ජනතාව වෙනුවෙන් නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...

සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කර ගැනීම උදෙසා ජාත්යන්තරයේ අවධානය පිනිසයි.
පීඩිත ජනතාව වෙනුවෙන් නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...
================================================

ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති


ගෝඨාභය රාජපක්ෂ
Image captionගෝඨාභය රාජපක්ෂ

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශන කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් පනවා තිබෙන නඩුවෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත් ව තිබේ.
2015 වසරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකළ අතර විනිසුරුවරුන් නඩුවෙන් ඉවත්වීම නිසා එය මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරී නැත.
කෙසේ නමුත් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊවා වනසුන්දර සහ සරත් ද ආබෘ යන විනිසුරුවරුන් විසින් චෝදනා කිහිපයකට අදාළව හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නිකුත් කර තිබු තහනම් නියෝගය තවමත් ක්‍රියාත්මකය.
මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණ වලට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ. 2015 වසරේ මැයි මස අදාළ පෙත්සම විභාග කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් හිටපු ආරක්ෂක ලේකම් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ද නිකුත් කළේය.
මෙම නඩුව විභාග කිරීමේ කටයුතු වලින් ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන සහ බුවනෙක අළුවිහාරේ යන විනිසුරුවරුන් දැනටමත් ඉවත්ව සිටින්නේ පෞද්ගලික හේතු දක්වමිනි. මේ අතර අද දින (ජුනි 01) මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය ද නඩුවෙන් ඉවත් වෙන බව දැනුම් දුන්නාය.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය අද නොවැම්බර් මස 27 වැනිදා දක්වා කල් තැබුණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් සඳහන් කරන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපනය කර ඇති දූෂණ විරෝධී ලේකම් කාර්යාලයෙන් පාලනය වන ආයතනයක් බවය.
ඉකුත් රජයේ ප්‍රබල ක්‍රියාකාරිකයින්ගෙන් පලිගැනීමේ චේතනාවෙන් මෙම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපනය කර තිබෙන බව සඳහන් කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා එහි ස්වාධීනත්වය පිළිබඳ බරපතළ සැක මතුවී තිබෙන බව කියා සිටී.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වන ආකාරය ද ඉතා පක්ෂග්‍රාහී බවත් එම නිසා එම ආයතනය මඟින් සිදුකරන පරීක්ෂණවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමින් ඉල්ලා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අගමැති රනිල් වික්‍රමසිංහ එම නියෝගය දුන් අවස්ථාවේදී කියා සිටියේය.
මේ අතර ඉකුත් රජය සමයේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට ගොනු කරනු ලැබ ඇති නඩුවෙන් තමා ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර ඇති පෙත්සම සලකා බලන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු ද අද (ජුනි 01) ඉවත් විය.
අදාළ පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබු අතර එහිදී විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ තමා පුද්ගලික හේතූන් මත මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවය. ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම ද කල් දැමීමට සිදුවිය.
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවත්වන පරීක්ෂණයෙන් ද ගෝඨාභය රාජපක්ෂ
අවසන් වරට පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඔහු පැවසුවේ ''ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්න බැහැ ලංකාවේදී'' යනුවෙනි.
"ඒක තමයි නීතිය, මමත් දන්නේ නැහැ එහෙම වෙන්නේ ඇයි කියලා" අධිකරණ නියෝග ගැන අදහස් දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.
============================================

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්