Saturday, June 2, 2018

සුපිරි සාප්පුවල සිදුවන සූක්ෂ්ම සොරකම් නොහොත් ජංගි/බොඩි ගේම්


 සුපිරි සාප්පුවල සිදුවන සූක්ෂ්ම සොරකම් නොහොත් ජංගි/බොඩි ගේම් 

වර්තමාන වෙළඳ රටාව අනුව පවතිනා සුපිරි සාප්පුවකට ගොඩ වැදුනු පසු ලාබාලයාගේ සිට වැඩිමහළු අය දක්වාද විශේෂයෙන් තරුණ තරුණියන් හට තමන්ට අවශ්යය කරනා හිසේ සිට පාදාන්තය දක්වා වූ සියළුම අැඳුම් අායිත්තම් වායුසමනය කල සැප පහසු පරිසරයක් තුල රිසිසේ තෝරා/බේරාගෙන හිතේ හැටියට අැඳ/පැලඳ බලා අතේ අැති මුදලට සරිලන ලෙස මිලට ගෙන කුසගින්නක් එහෙමත් අැත්නම් මොනවා හෝ කාබී ජොලියේ ගෙදර අාහැක.

නමුත් සෝභිතාවතාර මාධ්යය ඒකකය වෙත වාර්තා වන මේ සෑම සමාජ තලයක් තුලදීම සිදුවනා දූෂන ක්රියා ජනතාවගේ දැන ගැනීම සහ ඒවායින් ප්රවේසම් වීම සඳහා එවැනි වූ තවත් පැති කඩක් පිලිබඳ කිසියම් නිරාවරනයක් සිදු කිරීමටයි මේ සූදානම.

පසුගිය මැයි මාසයේ අග බාගයේ දිනක නුවර නාමයක් පටබැඳි කිරිබත්ගොඩ අගනගරයේ කිසියම් සුපිරි සාප්පුවකදී ගැහැනු දරුවකු මිලට ගත් අැඳුම් තොගයෙන් එක් යට අැඳුමක් (පෑන්ටියක්) මුදල් ගෙවනා කවුන්ටරයේදී සොරකමකට ලක්ව අැත.

මෙම කාරනය සෝභිතාවතාර විසින් ජනගත කරන්නට කල්පනා කලේ සියළුම ජනතාවට එහි පවතිනා වැදගත්කම අවබෝධ කරදීමේ අටියෙනි.

මෙවැනි සිදුවීම් රට පුරාම අැති බොහෝ සුපිරි සාප්පුවල සහ සුපිරි වෙළ සල්වලද සිදුවීමට ඉඩ අැති ඉතා සූක්ෂ්ම දියුනු සාෙරකමක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සියළුම පාරිභෝගික ජනතාව සහ විශේෂයෙන් සුපිරි සාප්පුවල ඉහල කළමණාකරනය දැනුවත් කර තැබීමෙන් සියල්ලන් හටම සිදුවිය හැකි පාඩු සහ අපහසුතා මගහැර ගත හැකි වනු අැත.

ඒ අනුව මින් මනත පාරිභෝගික ජනතාව අවධානයෙන් කටයුතු කරනු අැති අතරම සුපිරි සල් කළමණාකරනය තම (CCTV) කැමරා පද්ධති මතු කියවෙනා ස්ථානවලටද රහසේ හෝ සවිකල යුතු වනුු අැත. එමගින් තම කාර්යය මණ්ඩල අතින් තම වටිනාම සම්පත වන පාරිභෝගික ප්රජාව තම අායතන සම්බන්ධයෙන් පවතිනා දිගු කාලීන විශ්වාසය පලුදු වීමද වලකිනු අැත.

ජාවාරම සිදු වන්නේ මෙසේ විය හැක. සිද්ධිය සැකෙවින් මෙසේය. සාමාන්යයෙන් මෙවන් සාප්පු සංකීර්නයකට ගොඩවී එහි අැති මල්ලක්ද අතට ගෙන ඉහත පැවසූ අාකාරයට තම සියළු අවශ්ය‍තාවන්ට සරිලන අැඳුම් අායිත්තම් තෝරා ගත් පසු ඒ මල්ල මුදල් කවුන්ටරය වෙත ගෙනගොස් මුදල් ගෙවූ පසු තමන්ට ඉතිරිව අැත්තේ අයකැමි හෝ එතැන සිටිනා වෙනත් සහායකයෙකු විසින් අතට දෙනු ලබන මල්ල රැගෙන ගෙදර යාම පමනි.

නමුත් බොහෝ විට කිසිවෙකුත් තමන් මිලට ගත් සුවිශේෂී දේවල් පිලිබඳව හැර අනිකුත් සුළු සුළු අායිත්තම් සම්බන්ධයෙන් එතරම් සුපරික්ෂාවක් සිදු කරනු නොලබයි.

සොරාගේ ගොදුර පාරිභෝගිකයාගේ මෙම දුර්වල කමය. විශේෂයෙන් ගත් කල කාන්තා පාර්ශවය තම යට අැඳුම් සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වනා නිසාත් එක් උඩු අැඳුමක මිලට යට අැඳුම් ගනනාවක් මිලට ගත හැකි නිසාත් නිරතුවම යට අැඳුම් වැඩි ප්රමානයක් තම මල්ලට හලා ගැනීම සාමාන්යය තත්ත්වයකි.

නමුත් අාපසු නිවසට පැමිනි පසු අැඳුම් මල්ල අැඳ උඩ හලා තමන් වැඩි කැමැත්තක් සහ තෝරාගැනීමක් මත රැගෙන අා විශේෂ අැඳුම් සහ අායිත්තම් පිලිබඳ සැලකිලිමත් වනවා මිස බිලට අදාල සියළුම (Items) කෑලි ගනන නිවැරදිව ලැබී අැත්දැයි යන්න පරීක්ෂා නොකරයි.

මෙම දුර්වල කම හඳුනාගෙන සිටිනා මෙවන් සාප්පුවල සේවය කරනා සමහර දූෂිත සොරසිත් අැති කැෂියර් වරුන් සහ ඒ හා සබැඳි සහායක හෝ සහායිකාවන් ඒකාබද්ධව දිගු කාලීන ජාවාරමක් කරගෙන යනු අැති බව පෙනේ.

සිද්ධිය සැකෙවින් මෙසේය. තමන් තෝරාගෙන මුදල් අයකැමි සහ භාණ්ඩ නිකුත් කිරීමේ අවසන් කවුන්ටරය වෙත පැමිනි පසු කැෂියර් විසින් සෑම භාණ්ඩයකම සහ අැඟළුමකම අැති (BarCode) බාකෝඩ් කොටස ස්කෑනරයට යොමු කොට එහි මිල බිල් පතටද සිස්ටම් (ඉන්වෙන්ටරියට) එකටද යොමු කරවනු ලබයි. එහිදී අදාල බිල් පතට මිල යොමු වන අතර මුල් තොගයෙන් අදාල භාණ්ඩය බැහැර වීම සහ පද්ධතියට දී අැත්ත දත්තයන් අනුව අභ්යන්තර ක්යාවලිය සිදුවේ. 

මීලඟට සිදුවන්නේ අයකැමි හෝ සහායක/සහායිකා විසින් චුම්බක පරිපථයකට යොමු කොට භාණ්ඩයේ හෝ අැඟළුමේ අැති අාරක්ෂන මුද්රාව ඉවත් කිරීමයි. මෙම අධියරයෙන් පසු භාණ්ඩයේ සියළු සුරක්ෂිතතා සාප්පුව පැත්තෙන් නිදහස්ය. එනම් භාණ්ඩය නිකුත් වී අදාල වටිනාකම ලැබී අවසන්ය.

සොරාගේ හස්තය ක්රියාත්මක වන්නේ මෙන්න මේ අවස්ථාවේදීය. ඉහත දැක්වූ අාරක්ෂන මුද්රාව බැහැර කර ෂොපින් උරයට විස්තර කල අැඳුම් දමන ගමන් අයිතිකරුගේ අවධානයට හසු නොවනා එක් වර්ගයකින් වැඩිපුර ගෙන අැති විශේෂිත නොවන සාක්කුවක හෝ සඟවාගෙන එලියට රැගෙන යාහැකි කිසියම් දෙයක් හෙමිහිට බිමට වැටෙන්නට සලස්වයි. තමන් හට සිදුවූ අකටයුත්ත ගැන අබමල් රේනුවක හෝ වැටහීමක් නොමැති පාරිභෝගිකයා අැඳුම් මල්ල ගෙදර ගෙන ගොස් නොසොයා නොබලා අත හරීයී.

නමුත් මෙවන් අාකාරයෙන් දිනකට සිය දහස් ගනනක් පාරිභෝගික ජනීජනයා පැමිනෙනා සාප්පුවල සිටිනා මෙවන් සොර දෙටුවන් කල්ලියක් ලෙස ඒකරාශීව ක්රමානුකූල ජාවාරමක් පවත්වාගෙන යාමේ හැකියාව ඕනෑවටත් වඩා පැවතීමට අැති ප්රධානතම හැකියාව වන්නේ මෙම සොරකමින් අායතනයට කිසිදු මූල්යය අලාභයක් සිදු නොවන නිසාය.

ඒ නිසා පාලනාධිකාරීන්ටද මෙවන් පැතිකඩක් සම්බන්ධයෙන් අවධානයක් මෙම සිදුවීම නිරාවරනය වන තාක් පවතින්නට හේතුවක් මතුවී තිබෙන්නටද හේතුවක් නැත.
සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්..
2018/06/02

No comments:

Post a Comment