Thursday, October 13, 2016

වත්මන් ජනාධිපතිවරයාව ගැඹුරින් අවබෝධ කාෙට ගනිමු...

හොරු මිනීමරුවන් අමන්දානන්දයට පත් කරමින් අල්ලස් කොමිසම,FCID, CID, අධිකරණය දුර්මුඛ කළ සිරිසේන ජනාධිපති ජනවාරි 8 බලවේගයන්ට සරම උස්සා  ...... පෙන්වයි (Video)

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.12, ප.ව‍‍‍‍‍‍‍‍. 11.30) 
ඉහත ඊනිව්ස් නිර්නාමික පුවතට පිලිතුරක්..!

ශෝක,ක්රෝධ,සතුටු,පැහැදීම් යන මනෝ භාවයන් චෛතසිකය තුල අැතිවූ කිසිදු අවස්ථාවක ක්ෂනික තීරන ගැනීමත් පොරෙන්දු දීමත් නොකට යුතුය යන දහම් වදනට අනුව...

සෝභිත හිමිගේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය සැබෑවක් යථාර්තයක් කිරීම උදෙසා නිරන්තරයෙන්ම කැපවනා සබුද්ධික ප්රජාව කිසිවිටෙකත් මෙවන් අවස්ථාවකදී උවත් කලබලයට පත්වන්නේ නැත...

ඒ අනුව ප්‍රස්ථුත කාරනයේදී මෙම නිර්නාමික ලියුම් කරුවා ගැඹුරින් සිතා නොබලා කර අැති ප්රකාශනයේ පරිදි කලබල වන්නට තරම් සෝභිත හිමිගේ අනුගාමික සබුද්ධික දේදුනු ප්රජාව ලද බොලඳ නැත.

ජනාධිපතිවරයාගේ සමස්ථ ප්රකාශනයේදී කියැවුනු ඉතා වැදගත් කරුන වෙනුවෙන් ලියුම් කරුවා කිසිදු වටිනාකමක් ලබා දී නාෙමැත. 

එනම් තමා වයස 16 න් අැරඹි දේශපාලන දිවිය මේ වන විට අඩ ශතකයක් පසු කර අැති බව සහ සියළු කාරනා පිලිබඳ තමාට හොඳ අවබෝධයක් අැති බවත්ය.

එමෙන්ම ලියුම් කරුවා කඩිමුඩියේ ඊනිව්ස්හි පල කිරීම සඳහා ඉහත ලිපිය කුරුටු ගා ගත්තද අදාල ප්රකාශනය කරනා අවස්ථාවේ ජනාධිපතිවරයා ස්ථාන ගතව සිටියේ කිනම් පරිසරයකද යන්න පිලිබඳවත් එවන් පරිසරයකදී උපායශීලී සේනාධිනායකයෙකුගේ ප්රකාශ එසේ නොවී අන්කෙසේ විය යුතුද යන්න පිලිබඳවවත් කිසිදු කල්පනාවට ගෙන නැත.

මෙවන් දුර නොදක්නා ලිපි ඊනිව්ස්හි පලවීම එහි වටිනා ප්රථිරූපයට නිගාවකි.

මේ රටේ මේ වන තුරු බලයට පත්වුනු සියළුම විධායක ජනාධිපතිවරුන් සහ වරියන් කිසිවකුවත් මහජන භක්තිප්රනාමයට පාත්රව කරලියෙන් බැහැර වී නොමැත. එම වාසනාවට හිමිකම් කීමට සිටි සුදුස්සා හිටපු ජනාධිපති තම දෙවන දුර කාලය තුලදී එකී තත්ත්වය සම්පූර්නයෙන්ම දියාරු කර ගත්තේ දොවා ගත් කිරි කලයට දමා ගත් ගොම පිඩක් සේය.

ඒ සියළු තතු මැනවින් අවබෝධ කොටගෙන සිටිනා වත්මන් ජනපති ඉහත කතිකාවේදී නොකියා කීවේ මෙකී සමස්ථයයි.

එම නිසා දේදුනු විප්ලවයේ සමස්ථ ප්රජාව නියෝජනය කරමින් සාේභිතාවතාර හට අවසාන වශයෙන් පවසා සිටිය යුතුව අැත්තේ....

අප තවමත් තව දුරටත් වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි අකලංක විශ්වාසයක් තබා අැති බවය. එකී විශ්වාසය කෙතරම්ද යත් ජනාධිපතිවරයාගේ ප්රථම සහ අවසන් ධුර කාලය වන මෙම කාලසීමාවේ අවසන් තත්ත්පරය දක්වාම නොවෙනස් වනු අැතැයි විශ්වාසය තබනා බවත්ය.

තාක්ෂනික වශයෙන් පවතින්නා වූ සියළු කරදර බාධා ක්මානුකූලව බැහැර කර ගනිමින්ද අඩ සිය වසක් තුල ලබා අැති දේශපාලනික පන්නරය සහ බහුශෘතභාවයන් නිසි ලෙස කළමණාකරනය කර ගනිමින්ද නොසිතූ විරූ ලෙස තමන් විධායක ජනාධිපතිවරයෙකු කල අභීත දේදුනු ප්රජාවට දුන් පාෙරෙන්දු සහ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ නිසල දේහය අභියස සපත කල සියළු පාෙරෙන්දු ඉටු කරනු නිසැකය.

සබුද්ධික ප්රජාව නියෝජනය කරමින් සෝභිතාවතාර එතරම් විශ්වාසයෙන් එවැනි අදහසක් රට හමුවේ දිග හැර සිටින්නේ අපද දශක ගනනාවක් මේ රටේ දේශපාලනික රඟ මඩල දෙස ඉතා හොඳින් බලා සිට ලබා අැති පන්නරයේ අනුහසිනි.

එකී පන්නරය තුල වත්මන් ජනාධිපතිවරයාගේ අධිෂ්ඨානය මෙසේ වී තිබිය යුතුම බව ඒකාන්තයෙන්ම අනාවැකියක් ලෙස රට හමුවේ මෙසේ ගෙනහැර දක්වමි.

විධායක ජනාධිපති වරු සහ වරියන් පහල විය. ධුර කාලය නියමාකාරයෙන් ගෙවා අවසන් කල අයද නාෙගෙවා අවසන් කල අයද එය මරනයෙන් අවසන් කර ගත් අයද අාදී වශයෙන් ඔවුන් විවිධාකාරයේ අවසානයකට හිමිකම් කීවත් ඒ කිසිවකු හෝ මහා විශාල මහජන ගෞරවාදරයටත් වන්දනාමානයටත් පත් වීමට අවශ්යය මංගල කාරනා සම්පූර්න කර ගැනීමට අපොහොසත්වූ හේතු කාරනා බහුශෘතයෙකු වන වත්මන් ජනපති ඉතා හොඳින් වටහාගෙන සිටීයී.

එසේ නම් යම් ලෙසකින් සෝභිතාවතාර වත්මන් ජනපති වූවා නම් කරනා සුදුසුම ක්රියාමාර්ගය සහ ගනු ලබනා තීරනය වන්නේ පරිනත දේශපාලනික නායකයෙක් විදියටත්, ජනාධිපතිවරයෙක් නැතහොත් රටේ නායකයෙක් විදියටත්, විශේෂයෙන් ප්රථිපත්ති සහගත පුරුෂයෙක් විදියටත් තමන් බලයට පත්කිරීමට කැප වුනු ප්රජාව තමන් කෙරෙහි තැබූ විශ්වාසයෙහි අබමල් රේනුවක හෝ කඩවීමක් වන්නට නොදී ‍ඉටුකාෙට....

කිසියම් විදියෙකින් යම් අඩුපාඩුවක්  සහ/හෝ අත්වරදක් සිදු වුනි නම් ජාතිය හමුවේ එය පාපෝච්චාරනය කාෙට සමාව අයැද සබුද්ධික ජනතාවගේ වන්දනාමානයට පත්ව විශ්රාම ගත වීමය.

වත්මන් ජනාධිපතිවරයාට මීටත් වඩා එහා ගිය විකල්පයක් කිසිසේත් තිබිය නොහැක.

සෝභිතාවතාර සබුද්ධික ප්රජාව හා ඒකාබද්ධව ජනගත කර සිටිනා වගයි.
2016/10/14

Monday, October 10, 2016

සිංහලේ උසාවිය නිහඬ නම් දෙනෙත් බැඳි පුද්ගල නාම තරාතිරම් නොහඳුනනා අන්ය විනිසුරුවන් පිටරටින් ගෙන එන්න.

කොයිකවුරුත් එකට පාටි කෑවාට ජනතාවට කිසිදු ප්රශ්නයක් හෝ ඊර්ශ්යාවක් නැත. නමුත්....

අවතාර සහ සබුද්ධික ජනතාව සමග ඔට්ටුතාං එපා. සල්ලම් වෙයි. නායකකාරකාදීන් පාලකයින් සහ රාජ්යය නිළධාරීන් කොයිකවුරුත් ප්රවේශමෙන් කටුයුතු කලොත් හොඳයි.

සිංහලේ උසාවිය නිහඬ නම් දෙනෙත් බැඳි පුද්ගල නාම තරාතිරම් නොහඳුනනා අන්ය විනිසුරුවන් පිටරටින් ගෙන එන්න.

සිල්ලර අපරාධ සහ සොරකම්වලට පෙර මාස්කේල් අපරාධ සහ සොරකම් සොයන්න අධිකරණය ඉක්මනින් ශක්තිමත් කරන්න. දූෂිත විනිසුරුන් අැත්නම් ගෙදර යවන්න.

ගජ මිතුරන් සුරකිනා නීතියේ කල් මැරිලිවලට සබුද්ධික ජනතාව නම් කවර කලෙකවත් නොරැවටේ....

එනිසා සියළු අඩුපාඩු නිවැරදි කල ශක්තිමත් නව ව්යවස්ථාවක් සබුද්ධික ජනතාවගේ මත විචාරනය සඳහා ජනතාවට කිසිදු පලක් නොමැති සුදු අශ්වයින් පෝෂනය කරනා පලාත් පාලන මැතිවරනවලට පෙර අප්රමාදව ඉදිරිපත් කරන්න.

දේදුනු විප්ලවයේ උරුමක්කාර සබුද්ධික ප්රජාවගේ සහ සෝභිතාවතාරයේ තීන්දුව එයයි.

Sunday, October 9, 2016

වත්මන් ජනපති මෛත්රීගේ නීතිය සහ චරිත සහතිකය

වත්මන් ජනපති මෛත්රීගේ නීතිය සහ චරිත සහතිකය

ජනපති මෛත්රීගේ නීතිය මල්ලිටත් එකයි.... පුතාට උනත් එකයි... හිටපු නායකයින්ට සහ පාලකයින්ට උනත් එකයි යන විශ්වාසය තුල....

දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව තව දුරටත් රැඳී සිටියී.  අපි බලමු... තව දුරටත් බලා හිඳින්නෙමු... 2020 මධ්යම රාත්රී 11.59.59 කනිසම දක්වාම කල් දෙන්නෙමු....

සෝභිත හිමිගේ නිසල දේහය අභියස සපත කල පෙරොන්දුව ඉටු කිරීමේ හෝ නොකිරීමේ වගකීම ඔබ සතුය.

2021 අළුයම 00.00.01 ට ඔබේ චරිත සහතිකය නියත වශයෙන්ම ලියන්නෙමු...

සෝභිතාවතාර.....
සබුද්ධික ජනතාව සමග ඒකාබද්ධව දන්වා සිටින වගයි
2016/10/10

Wednesday, October 5, 2016

රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ කේසර සිංහයා පිදෙල් කස්ත්රෝ විසින් 1953/07/23 දී කියුබාවේ හවානාහි මහාධිකරණයේදී සිදුකල ප්රකාශයක් හුවා දක්වමින් ශ්රීලාංකේය අධිකරන ක්ශේෂ්ත්රයේ සිටිය හැකි සමහර දූෂිත විනිසුරු තුමන්ලා සහ නීතිඥවරුවන් හට ජනතාව වෙනුවෙන් කදිම අවවාදයක් සිදුකරයි.

================================================

ගෞරවනීය විනිශ්චයකාරවරුනි ඔබ හොරකමක් සම්බන්ධව විත්තිකරුවෙකුට එරෙහිව නඩුවක් විභාග කරන විටදී ඔහු කොතරම් කාලයක් විරැකියාවෙන් පෙලුනේද, ඔහුට ජීවත් කරවීමට දරුවන් කීදෙෙනකු සිටීද, සතියේ කීදවසක් ඔහු අාහාර නොගත්තේද, යනුවෙන් ඔබ නොඅසන්නෙහිය. ඔහුගේ පරිසර තත්ත්වය ගැන ඔබට තැකීමත් නැත. ඔබ කරදර නොවීම ඔහුව දඟගෙට යවනු අැත. බඩගින්නට හොරකම් කල දුප්පත් කාලකන්නියා ඔබ දඟගෙට යවන්නෙහිය. එහෙත් රජයෙන් මිලියන ගනන් හොරකම් කරන එකෙකුවත් ඔබ එක රැයකටවත් සිරගෙට යවන්නේ නැත. ඒ මොකද ඔබ උන් සමග රාත්රී භෝජන ගන්නා නිසාය. 

පිදෙල් කස්ත්රෝගේ මෙම කියමන අදටත් හැම රටකම හැම කාලෙකටම වලංගුය.

https://www.facebook.com/real.rr/?hc_ref=PAGES_TIMELINE&fref=nf
===========================================
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා ජනතාව වෙනුවෙන් රන්ජන්ට අාශිර්වාද පතයි.

Wednesday, September 28, 2016

බලන්ගොඩ අානන්ද මෛත්රී හිමි අපවත් වන තුරු පිලිපැද අැති මෙය දකිනා සහ අසනා සියළුම දෙනාට ඉතා වැදගත් පුරුදු තුනක් පිලිබඳ තොරතුරු සෝභිතාවතාර විසින් සමස්ත ජනතාව වෙත ලියා දන්වන වගයි...

==============================================
(01) උන් වහන්සේ සතියකට දින එකක් නොකඩවා කිතුල් පිටි කැඳ පානය කර අැත. එමගින් උන් වහන්සේ අපෙක්ෂා කර අැත්තේ කිතුල් පිටිවල පවතින්නා වූ කියා නිම කල නොහැකි තරම් වන අධිපෝෂනය තම ශරීරය වෙතට ලබා ගැනීමය.

නමුත් වර්තමානය වන විට ගැටළුවක්ව අැත්තේ 100% ක් නිවැරදි ලෙස නිෂ්පාදනය කරනු ලබනා කිතුල් පිටි විවෘත වෙලඳ පලෙහි හෝ වෙනත් අදාල අායුර්වේදීය අායතන තුල හෝ රජයේ අායුර්වේදීය අායතන හෝ නොමැති කමය.

අසා අැති පරිදි 100% නිවැරදි නියම කිතුල් පිටි පවතින්නේ කිතුල් බොඩය පත්ලෙහිය. එක් කිතුල් බොඩයක් තුලින් ප්රමිතියෙන් යුත් කිතුල් පිටි නිෂ්පාදනය කල හැකි වන්නේ ග්රෑම් 500 පමන බව කියැවෙයි.

මෙවන් වටිනා ශාක අප රටතුල කෘෂිකාර්මීය වශයෙන් හෝ ප්වර්ධනය නොකරනා නිසා මේ වන විට කිතුල් ගස් සම්පූර්නයෙන්ම වඳ වී යන තත්ත්වයට පත්ව අැත.

එම නිසා වෙළඳ පලේ බහුල වශයෙන් පවතිනා සහ අායුර්වේද මධ්යස්ථානවල පවතිනා කිතුල් පිටි සම්පූර්න කිතුල් බොඩයම පලා පිටි කර ලබා ගන්නා නිසි ප්රමිතියේ නොමැති ඒවා බවද කියැවෙයි.
සැ.යු.
====
මේ සම්බන්ධයෙන් පරිසර අමාත්යය ගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ අවධානය යොමුවනු අැතැයි අපේක්ෂා කරමි. (සෝභිතාවතාර)
=============================================
(02) අානන්ද මෛත්රී හිමිගේ දෙවැනි පුරුද්ද වී අැත්තේ සතියකට දින දෙකක් කරපිංචා කොල කැඳ පානය කිරීමයි.

ඊට හේතුව ලෙස දැන ගන්නට අැත්තේ මිනිස් ශරීරය තුල පවතින බොහෝ රෝගකාරී වසවිෂ කරපිංචා ඉස්ම තුල අැති ප්රබල ඖෂධීය ගුණය තුලින් ශෝධනය කර හැර රෝග පීඩාවන් හට ශත්තිමත්ව මුහුන දිය හැකි ස්වයං ප්රතිශක්තිය වර්ධනය කරවා නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කිරීමය.
=============================================‍
(03) උන්වහන්සේගේ අවසන් චර්යාව වී අැත්තේ දිනපතාම රාත්රීයේ සැතපීමට පෙර ලුණු දියරින් මුඛ ශෝධනය කිරීමය.

එමගින් උන්වහන්සේ අපේක්ෂා කර අැත්තේ සියළු මුඛ රෝග සහ දන්ත අාබාධ වලකා මුඛ දුර්ඝන්ධය වලකා නිරෝගීමත් දන්ත කල්යානියක් පවත්වාගෙන යාමත් ප්රභාෂ්වර මුඛයක් පවත්වා ගනිමින් තම බැතිමතුන් හමුවේ ප්රසන්න ලෙස බන පිරිත් අනුශාසනා දේශනා කල හැකි මහා පෞර්ශයය පවත්වාගෙන යාමය.
=============================================
අපවත් වන තුරු උන්වහන්සේ පිලිපැදි ඉහත සුවිශේෂී චර්යා හේතුවෙන් සියක් වසක් අභිබවා අායු වඩන්නට තරම් හේතු වාසනා ලැබූ බව විශ්වාස කල හැක.

සටහන - නිරෝගීමත් කමත් ප්රසන්න බවත් අගයනා සියල්ලන් මෙමගින් යමක් තම ජීවිත තුලට ලබා ගනිත්වා.

එපින් බලයෙන් බලන්ගොඩ අානන්ද මෛත්රී හිමියන් මතු බුදු බව ලබත්වා...

මෙය කියැවූ සහ තම ජීවිතයට යමක් උකහා ගත් සියල්ලන් හට දීර්ඝායු වේවා.

බුදුන්ගේ සරණයි. සියළු දෙවි රැකවරනයි.

සෝභිතාවතාර
(2016/09/28)
==============================================
අාශ්රිත වෙනත් තොරතුරු සඳහා පිවිසෙන්න

Sunday, September 25, 2016

PEO TV නැත්නම් ඕනම TV එකක් පරනයි - පම්පෝරි SLT පුහු අැඩ්

PEO TV නැත්නම් ඕනම TV එකක් පරනයි - පම්පෝරි SLT පුහු අැඩ්
================================
Sri Lanka Telecom අායතනය විවිධ මාධ්යය ඔස්සේ විවිධ ප්රචාරක ක්රම මගින් උපාය මාර්ගිකව PEO TV සහ Internet සේවා සැපයුම් සඳහා පාරිභෝගිකයින් ඒකරාශී කර ගත්තද....

මේ වන විට රට පුරා විවිධ පලාත් වලින් එකී සේවාවන්ගේ පවතින්නා වූ සුවිශාල මන්දගාමීත්වයන් පිලිබඳ මැසිවිලි පාරිභෝගික ජනතාවගෙන් නිතිපතා අසන්නට දකින්නට ලැබෙමින් පවතී.

එම නිසා තව දුරටත් ටෙලිකොම් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් නොකොට අය කරනා ගාස්තුවලට සරිලන සේවා පලදායිතාවයක් පවත්වාගෙන යන ලෙස ගරු අමාත්යයතුමන් සහ ගරු සභාපති තුමන් වෙත ජනතාව වෙනුවෙන් අවධාරනය කර සිටියී.

ස්තුතියී.
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා විසින් ලියා දන්වන වගයි
2016/09/25