Wednesday, September 28, 2016

බලන්ගොඩ අානන්ද මෛත්රී හිමි අපවත් වන තුරු පිලිපැද අැති මෙය දකිනා සහ අසනා සියළුම දෙනාට ඉතා වැදගත් පුරුදු තුනක් පිලිබඳ තොරතුරු සෝභිතාවතාර විසින් සමස්ත ජනතාව වෙත ලියා දන්වන වගයි...

==============================================
(01) උන් වහන්සේ සතියකට දින එකක් නොකඩවා කිතුල් පිටි කැඳ පානය කර අැත. එමගින් උන් වහන්සේ අපෙක්ෂා කර අැත්තේ කිතුල් පිටිවල පවතින්නා වූ කියා නිම කල නොහැකි තරම් වන අධිපෝෂනය තම ශරීරය වෙතට ලබා ගැනීමය.

නමුත් වර්තමානය වන විට ගැටළුවක්ව අැත්තේ 100% ක් නිවැරදි ලෙස නිෂ්පාදනය කරනු ලබනා කිතුල් පිටි විවෘත වෙලඳ පලෙහි හෝ වෙනත් අදාල අායුර්වේදීය අායතන තුල හෝ රජයේ අායුර්වේදීය අායතන හෝ නොමැති කමය.

අසා අැති පරිදි 100% නිවැරදි නියම කිතුල් පිටි පවතින්නේ කිතුල් බොඩය පත්ලෙහිය. එක් කිතුල් බොඩයක් තුලින් ප්රමිතියෙන් යුත් කිතුල් පිටි නිෂ්පාදනය කල හැකි වන්නේ ග්රෑම් 500 පමන බව කියැවෙයි.

මෙවන් වටිනා ශාක අප රටතුල කෘෂිකාර්මීය වශයෙන් හෝ ප්වර්ධනය නොකරනා නිසා මේ වන විට කිතුල් ගස් සම්පූර්නයෙන්ම වඳ වී යන තත්ත්වයට පත්ව අැත.

එම නිසා වෙළඳ පලේ බහුල වශයෙන් පවතිනා සහ අායුර්වේද මධ්යස්ථානවල පවතිනා කිතුල් පිටි සම්පූර්න කිතුල් බොඩයම පලා පිටි කර ලබා ගන්නා නිසි ප්රමිතියේ නොමැති ඒවා බවද කියැවෙයි.
සැ.යු.
====
මේ සම්බන්ධයෙන් පරිසර අමාත්යය ගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ අවධානය යොමුවනු අැතැයි අපේක්ෂා කරමි. (සෝභිතාවතාර)
=============================================
(02) අානන්ද මෛත්රී හිමිගේ දෙවැනි පුරුද්ද වී අැත්තේ සතියකට දින දෙකක් කරපිංචා කොල කැඳ පානය කිරීමයි.

ඊට හේතුව ලෙස දැන ගන්නට අැත්තේ මිනිස් ශරීරය තුල පවතින බොහෝ රෝගකාරී වසවිෂ කරපිංචා ඉස්ම තුල අැති ප්රබල ඖෂධීය ගුණය තුලින් ශෝධනය කර හැර රෝග පීඩාවන් හට ශත්තිමත්ව මුහුන දිය හැකි ස්වයං ප්රතිශක්තිය වර්ධනය කරවා නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කිරීමය.
=============================================‍
(03) උන්වහන්සේගේ අවසන් චර්යාව වී අැත්තේ දිනපතාම රාත්රීයේ සැතපීමට පෙර ලුණු දියරින් මුඛ ශෝධනය කිරීමය.

එමගින් උන්වහන්සේ අපේක්ෂා කර අැත්තේ සියළු මුඛ රෝග සහ දන්ත අාබාධ වලකා මුඛ දුර්ඝන්ධය වලකා නිරෝගීමත් දන්ත කල්යානියක් පවත්වාගෙන යාමත් ප්රභාෂ්වර මුඛයක් පවත්වා ගනිමින් තම බැතිමතුන් හමුවේ ප්රසන්න ලෙස බන පිරිත් අනුශාසනා දේශනා කල හැකි මහා පෞර්ශයය පවත්වාගෙන යාමය.
=============================================
අපවත් වන තුරු උන්වහන්සේ පිලිපැදි ඉහත සුවිශේෂී චර්යා හේතුවෙන් සියක් වසක් අභිබවා අායු වඩන්නට තරම් හේතු වාසනා ලැබූ බව විශ්වාස කල හැක.

සටහන - නිරෝගීමත් කමත් ප්රසන්න බවත් අගයනා සියල්ලන් මෙමගින් යමක් තම ජීවිත තුලට ලබා ගනිත්වා.

එපින් බලයෙන් බලන්ගොඩ අානන්ද මෛත්රී හිමියන් මතු බුදු බව ලබත්වා...

මෙය කියැවූ සහ තම ජීවිතයට යමක් උකහා ගත් සියල්ලන් හට දීර්ඝායු වේවා.

බුදුන්ගේ සරණයි. සියළු දෙවි රැකවරනයි.

සෝභිතාවතාර
(2016/09/28)
==============================================
අාශ්රිත වෙනත් තොරතුරු සඳහා පිවිසෙන්න

No comments:

Post a Comment