යහපාලනයට වදනක්..
Thursday, January 28, 2016
Wednesday, January 27, 2016
සියළු යුගයන් තුල - ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල කළ භීෂණය සොයා බැලීම - අත්‍යාවශ්‍යයි...
පුවත්.... (2016/01/26)
සියළු යුගයන් තුල - ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල
කළ භීෂණය සොයා බැලීම - අත්‍යාවශ්‍යයි...
-----------------------------------------------------------------
රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එල්ල කළ භීෂණය සොයා බැලීමට ජනාධිපති කොමිසමක් ඉල්ලා කළ ආරම්භක උද්ඝෝෂණයේ සේයාරූ

(ලංකා ඊ නිව්ස් -2016.ජන.26, ප.ව.11.40) රාජපක්ෂගේ භීෂණ යුගයේදී උතුරේත් දකුණේත් ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදහන් කිරීම්, පහර දීම්, තර්ජන හා බියවැද්දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතන වලට එරෙහිව සිදුකළ ප්‍රහාර ගිනි තැබීම් ඇතුලු ජනමාධ්‍ය නිදහසට එරෙහිව සිදුකළ සකළාකාරයේ අපරාධ පරීක්ෂා කෙරෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවන්නැයි වත්මන් යහපාලන ආණ්ඩුවට බල කෙරෙන විශේෂ ක්‍රියාන්විතය.......
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
http://www.lankaenews.com/news/3413/si
------------------------------------------------------------------------------------------------------------------------------
යහපාලන දරුවාට විශ්වයෙන් පනිවිඩයක්
මේ සම්බන්ධයෙන් සෝභිතාවතාර අඩවිය ඔස්සේ කිනම් අදහසක් ජනගත කල යුතුදැයි විමසා සත්පුරවැසියා විශ්වයට පනිවිඩයක් නිකුත් කරන්නට යෙදුනි..
ඊට පිලිතුරු ලෙස අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ අවධාරනය කල කාරනා පහත සටහන්ව අැත.
මඳක් කෝප සහගත මුහුනින් යුතුව උන්වහන්සේ පවසා සිටින්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ කාලාන්තරයක් පුරා සිදුවුනු මෙවන් බොහෝ නොවිසඳුනු කරුනු කාරනා නමැති ඝර්භය තුල මෝරා වැඩුනු... පීඩාවට පත් ජනීජනයා නමැති.. පීතෘත්වය විසින් සහජාත කල යහපාලන කලලය මෙලොවට බිහිව අැත්තේ බලකිරීම් බලන්නට නොව ඉෂ්ඨකිරීම් සිදු කිරීමට බවයි..
එනිසා උන්වහන්සේ විශ්වයේ සිට බලා හිඳිනුයේ යහපාලන දරුවාගේ වැඩීමත් සමග අපේක්ෂිත නිස්චිත කාරනා පිලිබඳ ඉල්ලීම් හෝ බලකිරීම් සිදුවන තුරු බලා නොසිට දින පොතකට හෝ කැලැන්ඩරයකට අනුව අදාල කර්තව්‍යයයන් නොපිරිහෙලා ඉෂ්ඨ සිද්ධ කිරීමට වග බලා ගත යුතු බවයි. ඉන් ඔබ්බට විසුරුනු විකල්පයක් යහපාලනයට තිබිය නොහැකි බවනම් ඉතාමත් දරුනු විලාසයකින් යුතුව පවසා සිටියේ සත්පුරවැසියාද බියට පත්කරවමිනි...
----------------------------------------------------------------------
මේවට කවුරුවත් අහිංසක මා සමග විරසක වන්නට නම් එපා උන්වහන්සේගේ ගති ස්වභාවය මට වඩා හොඳට සියල්ලෝම දන්නවානේ...
ස්තුතියී.
සෝභිතාවතාර පනිවිඩය ජනගත කල මා සත්පුරවැසියායි..
(ලංකා ඊ නිව්ස් -2016.ජන.26, ප.ව.11.40) රාජපක්ෂගේ භීෂණ යුගයේදී උතුරේත් දකුණේත් ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදහන් කිරීම්, පහර දීම්, තර්ජන හා බියවැද්දීම් මෙන්ම ජනමාධ්‍ය ආයතන වලට එරෙහිව සිදුකළ ප්‍රහාර ගිනි තැබීම් ඇතුලු ජනමාධ්‍ය නිදහසට එරෙහිව සිදුකළ සකළාකාරයේ අපරාධ පරීක්ෂා කෙරෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවන්නැයි වත්මන් යහපාලන ආණ්ඩුවට බල කෙරෙන විශේෂ ක්‍රියාන්විතය.......
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
http://www.lankaenews.com/news/3413/si
------------------------------------------------------------------------------------------------------------------------------
යහපාලන දරුවාට විශ්වයෙන් පනිවිඩයක්
මේ සම්බන්ධයෙන් සෝභිතාවතාර අඩවිය ඔස්සේ කිනම් අදහසක් ජනගත කල යුතුදැයි විමසා සත්පුරවැසියා විශ්වයට පනිවිඩයක් නිකුත් කරන්නට යෙදුනි..
ඊට පිලිතුරු ලෙස අපවත් වී වදාල සෝභිත මාහිමිපානෝ අවධාරනය කල කාරනා පහත සටහන්ව අැත.
මඳක් කෝප සහගත මුහුනින් යුතුව උන්වහන්සේ පවසා සිටින්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ කාලාන්තරයක් පුරා සිදුවුනු මෙවන් බොහෝ නොවිසඳුනු කරුනු කාරනා නමැති ඝර්භය තුල මෝරා වැඩුනු... පීඩාවට පත් ජනීජනයා නමැති.. පීතෘත්වය විසින් සහජාත කල යහපාලන කලලය මෙලොවට බිහිව අැත්තේ බලකිරීම් බලන්නට නොව ඉෂ්ඨකිරීම් සිදු කිරීමට බවයි..
එනිසා උන්වහන්සේ විශ්වයේ සිට බලා හිඳිනුයේ යහපාලන දරුවාගේ වැඩීමත් සමග අපේක්ෂිත නිස්චිත කාරනා පිලිබඳ ඉල්ලීම් හෝ බලකිරීම් සිදුවන තුරු බලා නොසිට දින පොතකට හෝ කැලැන්ඩරයකට අනුව අදාල කර්තව්‍යයයන් නොපිරිහෙලා ඉෂ්ඨ සිද්ධ කිරීමට වග බලා ගත යුතු බවයි. ඉන් ඔබ්බට විසුරුනු විකල්පයක් යහපාලනයට තිබිය නොහැකි බවනම් ඉතාමත් දරුනු විලාසයකින් යුතුව පවසා සිටියේ සත්පුරවැසියාද බියට පත්කරවමිනි...
----------------------------------------------------------------------
මේවට කවුරුවත් අහිංසක මා සමග විරසක වන්නට නම් එපා උන්වහන්සේගේ ගති ස්වභාවය මට වඩා හොඳට සියල්ලෝම දන්නවානේ...
ස්තුතියී.
සෝභිතාවතාර පනිවිඩය ජනගත කල මා සත්පුරවැසියායි..
Sunday, January 24, 2016
සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්.. (සේයා/සේරා) (Seya/Sara)
පුවත්.... (2016/01/24)
සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්.. (සේයා/සේරා) (Seya/Sara)
-------------------------------------------------------------------------------------------------------------------------------------------
සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්..
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
http://www.gossiplankanews.com/2016/01/seya-sandewmis-mother-speaks.html
----------------------------------------------------------------------------------------------------------
සේයා මතක් වන නිසා පව්ලේ අය නිවස හැර ගිහින්..
(සේයා/සේරා) (Seya/Sara) පොල්කිරි ලාබයි
-----------------------------------------------------------------------------------------------------------මෙම සෝචනීය කාරනය සම්බන්ධයෙන් මා තුල කැකෑරුනු කාරනය සමාජගත කිරීමට අවස්ථාවක් ලැබීම වෙනුවෙන් අදාල මාධ්‍ය සහෘදයින් වෙනුවෙනුත්, ගොසිප්ලංකා වෙබ් අඩවියටත් පුවත් පතට අදහස් දැක්වූ අගතියට පත් සේයා දැරියගේ මෑණියන් හටත් ඉතාමත් ස්තූති වන්ත වෙමි.
මෙම සංවේදී කාරනය වෙනුවෙන් සමස්ථ සමාජයම ඉදිරියේදී මේ වෙනුවෙන් නැගී සිටින්න කියල මම අායාචනය කරනවා...
අගතියට පත් මෙම පවුල විනාශයෙන් ප්‍රපාතයට අැද වැටෙද්දී විකුනන්ඩ පුළුවන්නම් මීනී මස් හරි විකුනන් කන අපේ සමහර ව්‍යාපාරික ප්‍රජාව අදාල අපරාධය සිදුවූ වකවානුව තුල මෙම දැරියගේ නමට ඉතාමත් අාසන්න නමක් පිලිබඳ මහා ප්‍රචාරනයක් ගෙනගොස් පසුව ඒ නමින් පොල්කිරි පැකට්ටුවක් වෙළඳ පලට පිවිසියේය. මේවාට කියන්නේ තුච්ච වැඩ කියලයි. උනදේ වෙලා ඉවරයි හැබැයි මේ විකුනන සෑම පොල්කිරි පැකට්ටුවකින්ම අඩුම තරමින් රුපියලක්වත් මෙම අායතනය (සේයා/සේරා) දැරිය වෙනුවෙන් වෙන් නොකලහොත්..!
ස්තුතියී.
සෝභිතාවතාර...
අදෘශ්‍යමාන බලවේග පිලිබඳ යමක් දැනගන්න පිවිසෙන්න...
අදෘශ්‍යමාන බලවේග පිලිබඳ යමක් දැනගන්න පිවිසෙන්න...
හොල්මන් සහ අවතාර...
මේ ලෝකයට ආ කිසිවෙක් සදාකාලික ජීවිතයකට උරුම කම් නොකියති... යම් දවසක ඔහු/ ඇය ආදරය කල සියල්ල හැර දා කිසිවෙකු නොදන්නා ගමනක් යාමට ඔහුට/ ඇයට සිදු වේ..
ඒ නමුත්.......
මේ ලෝකයට බැඳ තබන බැමි සියල්ල ලිහාගැනීමට අසමත් වූ, නොඑසේ නම් මෙලොව කිරීමට තිබුණු රාජකාරි සියල්ල ඉටු කිරීමට අපොහොසත් වූ අය සිය භෞතික කය ඇතිව හෝ නැතිව මෙලොව හැසිරෙන බවට නොයෙක් සාක්ෂි ඉදිරිපත්ව ඇත... සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔවුන් හඳුන්වනුයේ...
........අවතාර නමිනි....

ඒ නමුත්.......
මේ ලෝකයට බැඳ තබන බැමි සියල්ල ලිහාගැනීමට අසමත් වූ, නොඑසේ නම් මෙලොව කිරීමට තිබුණු රාජකාරි සියල්ල ඉටු කිරීමට අපොහොසත් වූ අය සිය භෞතික කය ඇතිව හෝ නැතිව මෙලොව හැසිරෙන බවට නොයෙක් සාක්ෂි ඉදිරිපත්ව ඇත... සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔවුන් හඳුන්වනුයේ...
........අවතාර නමිනි....
අදෘශ්‍යමාන බලවේග පිලිබඳ යමක් දැනගන්න පිවිසෙන්න...
http://angaharuwa.blogspot.com/2014/05/blog-post.html
http://www.lankadeepa.lk/index.php/articles/17928
https://www.google.lk/url?http://ruwitha.blogspot.com/2011/12/blog-post_2699.html
http://www.sithmalyaya.com/index.php?page=buddhist&cat=other&id=156
http://holmandisti.blogspot.com/
සෝභිතාවතාරයේ ඉඟි බිඟි..!
පුවත්.... (2016/01/24)
--------------------------------------------------------------------------------------------------
ප්‍රගීත් එක්නැලිගොඩ..! ඔබ නැතිව ඔබත් එක්ක අදට වසර 6 යි..!! 26 දින මතක ආවර්ජනයට එන්න..!!!
(ලංකා ඊ නිව්ස් -2016.ජන.24, පෙ.ව.7.45) ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අදට පුරා වසර 6 කි. 2010 ජනවාරි 24 වෙනිදා රාත්‍රී 7.30 ටපමණ අවසන් වරට එවක රාජගිරියේ පිහිටි ලංකා ඊ නිව්ස් කාර්යාලයෙන් පිටව ගිය ඔහු අද දක්වා යලි පැමිණියේ නැත.
ගිරිතලේ හමුදා කඳවුරේ මිනීමරු හමුදා නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන ගිය බව අද වන විට හෙලි වී තිබේ....
----------------------------------------------------------
-----------------------------------------
---------------------
..... මේ අතර ප්‍රගීත් ද පුරෝගාමී වී 2010 දී බිහිකළ ජාතික විද්වත් මණ්ඩලය විසින් ‘එක්නැලිගොඩ මතක ආවර්ජනා‘ නමින් වැඩ සටහනක් අනිද්දා එනම් ජනවාරි 26 වෙනිදා සවස 3.00 ට කොළඹ 7 ග්‍රෙගරි පාරේ පිහිටි ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එක්නැලිගොඩ මතක ආවර්ජනා කිරීමට ප්‍රගීත්ගේ හිතවතුන්ට එදිනට එහි එන්නැයි සංවිධායකයෝ ආරාධනා කරති.
ප්‍රගීත්.., ඔබ නැතිව ඔබත් එක්ක, ගෙවූ වසර 6 තුල සිටි ලංකා ඊ නිව්ස් පාඨකයන් හිතවතුන් සහ කාර්ය මණ්ඩලය ඔබට වින කළ අවසාන අපරාධ කරුවාටද දඬුවම් දෙන තුරු සටන අත් නොහරින බව දිව්රා කියන්නෙමු..!
^සම්පූර්නයෙන් කියවන්න පිවිසෙන්න&
http://www.lankaenews.com/news/3397/si
--------------------------------------------------------------------------------------------------
සටහන...
සෝභිතාවතාරයේ ඉඟි බිඟි..!
මෙම කාරනය අැතුළුව මෑත අතීතයේ සිදුවූ විවිධාකාරයේ වූ අපරාධ සහ දූෂණ සම්බන්ධයෙන් කිසියම් අවස්ථාවක සිට නිසියාකාරව එක දිගට නීතිය ක්‍රියාත්මක වන බව සෝභිතාවතාරය ඉර්ධියෙන් ඉඟි පල කරනා මුත් ඒ කවදාද කුමන අවස්ථාවේදැයි පැවසීමට දැන්ම කාලය නොවේ යයිද අවධාරනය කර සිටීයී...
අපි බලා සිටිමු සෝභිතාවතාරය ඉඟි පලකරන්නේ අැත්තක්ද.. විහිළුවක්ද කියා..!
----------------------------------------------------------------------------
Saturday, January 23, 2016
වෙබ් අඩවි කියන්නේ කැලෑ පත්තර., ජනපති පුවතට සත්පුරවැසියාගෙන් පිලිතුරක්..!
පුවත්.... (2016/01/23)
--------------------------------------------------------------------------------------------------
සිරිසේනගෙන් ‘ගං මුගටි‘ කතාවක්..! ‘වෙබ් අඩවි කියන්නේ කැලෑ පත්තර., මම නං ඕවා බලන්නේ නෑ..!! කැලෑ පත්තර බලනවාට වඩා වෙන වැඩ තියෙනවා..!!!‘ -මුල අමතක ජනාධිපති සිරිසේන බීබීසියට කියයි
(ලංකා ඊ නිව්ස් -2016.ජන.23, ප.ව.5.45) වෙබ් අඩවි සිදු කරන්නේ නිදහස් සමාජයක පවතින නිදහස අශීලාචාර ලෙස භාවිත කිරීම බවත් වෙබ් අඩවි යනු කැලෑ පත්තර බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත. “මම නං ඕවා බලන්නේ නෑ. ඕවා කැලෑ පත්තර. කැලෑ පත්තර බලනවාට වඩා අපට වැඩ තියෙනවා“ යි ද ඔහු වැඩි දුරටත් පවසා තිබේ.
http://www.lankaenews.com/news/3394/si
---------------------------------------------------------------------------------------------------------
ඉහත පුවතට පිලිතුරක්...
ජනාධිපතිවරයා බීබීසීය සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී.....
ඉහත පුවත සහ ඒ තුල සැඟව අැති විරසකය සම්බන්ධයෙන් පාඨක ප්‍රජාව විදියට අපගේ කිසියම් ප්‍රමානයක මැදිහත් වීමක් සිදු නොකලහොත් එය අරබුදයට පත්ව සිටිනා සියළු පාර්ශවයන් හට කරනා අකෘතඥ කමකි. එනිසා සාධාරන සමාජයක් තුල පැවතිය යුතු සංහිඳියාව උදෙසා අපවත්වී වදාල ගරුතර සෝභිත මාහිමිපානන් වෙනුවෙන් සාම දූතයකු නැතහොත් දුක් ගන්නා රාල වීමට මෙහිදී සත්පුරවැසියා කල්පනා කලෙමි. නොඑසේ උවහොත් සැබවින්ම මැරුවත් අැත්ත කියනා ඊනිව්ස් මෙහිදී කලකිරුනහොත් ඒ සියළු පාඩු සමස්ත තිත්ත අැත්ත සොයනා ජනතාවටමය..
ප්‍රථමයෙන් ඊනිව්ස් කාර්යය මණ්ඩලය ජනාධිපති තුමන්ගේ ඉහත විවේචනය තම අඩවියම ඉලක්ක කර සිදු කරන ලද්දක් බව නොගත යුතු මනාය. මන්ද යත් ජනාධිපති තුමා සේම ඊනිව්ස්ද...
---------------------------------------------------------
(වෙබ් අඩවි සිදු කරන්නේ නිදහස් සමාජයක පවතින නිදහස අශීලාචාර ලෙස භාවිතා කිරීම බවත් වෙබ් අඩවි යනු කැලෑ පත්තර බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.“මම නං ඕවා බලන්නේ නෑ. ඕවා කැලෑ පත්තර. කැලෑ පත්තර බලනවාට වඩා අපට වැඩ තියෙනවා“ යි ද ඔහු වැඩි දුරටත් පවසා තිබේ)
---------------------------------------------------------
.... ඉහත නිදහස භාවිතා කර සිදුකරනා අශීලාචාර වෙබ් අඩවි ප්‍රචාරන බලන්නේද නැත. බලන්නට වෙලාවක්ද නැත. ඊට වඩා වටිනා වැඩ ඊනිව්ස් හටද බොහෝ අැත. එම නිසා මෙම චෝදනාව ඊනිව්ස් භාරගැනීම අවශ්‍ය නැත.
නමුත් අවධාරනය කල යුතු වන්නේ 2015 ජනවාරි 8 ට පෙර සිට ඊනිව්ස් නොසිටියානම් දේදුනු විප්ලවයේදී සමහර නිර්පාක්ෂික ප්‍රජාවගේ නොඅවබෝධය නිසා ඡන්ද ප්‍රකාශනයෙහි යම් රිනාත්මක වෙනස්කම් සිදුවිය හැකිව තිබුනු බවය. එකල ඊනිව්ස් ලංකාව තුල බැලීම වලකා තිබුනු නමුත් යමක් කමක් දත් මෙන්ම තමන් සොයනා සත්‍යය කෙසේ හෝ සොයා ගන්නා සවිඥ්ඥානිකයින් ලංකාව තුල හිඳිමින්ම තාක්ෂනිකව අන්තර්ජාලය ඔස්සේ වෙනත් රටවලට පිවිස රහස් මාර්ග ඔස්සේ ඊනිව්ස් අඩවියට පිවිස නිසි තතු දැන ගන්නට සමත් විනි. ඒ වගේම මව් රට වෙනුවෙන් ඊනිව්ස් ද තම කාර්යය භාරය පිටරටවල හිඳිමින් නොපිරිහෙලා අපගේ සෝභිත හිමිපානන් සේම ජීවිත පූජාවෙන් ඉෂ්ඨ කලේය. සැබවින්ම දේදුනු විප්ලවයේදී නම් ඊනිව්ස් දසමහා යෝධයින්ගේ කාර්යය භාරය ඉටුකල බවනම් නොමඳ ගෞරවයෙන් සිහිපත් කල යුතුමය. එම නිසා අපගේ වැටහීමේ හැටියට අදාල ප්‍රකාශයේ පවතින වචන කීපයක අඩුව හේතුවෙන් එය තමන් ඉලක්ක කොට සිදුකරන ලද්දක් බව ඊනිව්ස් සැලකිල්ලට නොගත යුතු මනාය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ/හෝ එතුමන්ගේ අාසන්නතමිකයින්... ඊනිව්ස් නොබලා නොමැති බව එතුමන් සිදුකල සමහර කතිකාවත් තුලින් පිබිඹිඹුව අැත.
නමුත් මෑතක සිට ජනාධිපති වරයා හෝ එතුමන්ගේ මාධ්‍ය ඒකකය සමග ඊනිව්ස් කිසියම් විරසකයක් හෝ නොඅවබෝධයක් නිසා හෝ මේ අතර අපට නොපෙනෙනා තවත් පාර්ශවයක් විසින් බේදබින්න අැති කරලීමේ අදිටනින් සිදුකරන්නා වූ කුමන්ත්‍රනයක් නිසා හෝ 100% ම නිවැරදි නොවන සමහර පුවත් ඊනිව්ස් තුලින් ප්‍රචාරනය වීම නිසා කිසියම් අරෝඅරාවක් පවතින්නේදැයි නිරන්තරව ඊනිව්ස් බලනා පාඨක අප හට සැකසාංකා අැතිවූ වාර අනන්තය.
එමෙන්ම සමස්ථ ඊනිව්ස් පාඨක අප හට ඊනිව්ස් පාලනාධිකාරිය වෙත පෙන්වා දිය යුතුව අැති සුවිශේෂී කාරනාවක් අැත. එනම් ඊනිව්ස් යනු නිර්භීත ලෙස පාඨක ප්‍රජාව වෙත උණුසුම් පුවත් ඉතාමත් රැඩිකල් ස්වාභාවයෙන් ඉදිරිපත් කරනා සමාජ මාධ්‍ය අඩවියකි. ඒ නිසාම ඊනිව්ස් වෙත නාමිකව හෝ නිර්නාමිකව ලිපි සපයන්නා වූ සමහර අය අතින් සිතා මතාම හෝ සිංහයින් වීමට සිතා හෝ දුරදිග නොසිතා නොසොයා සපයන්නා වූ යම් යම් පුවත් නිසා සමහර පාර්ශවයන් හට අගතීන් සිදු උනු අවස්ථාද නැතිව නොවේ...
මේ අතරින් වත්මන් ජනාධිපතිවරයා සුවිශේෂී ඉලක්කයක් විය.
එම අදහස ඊනිව්ස් වෙතින් ප්‍රතික්ෂේප උනත් නොවුවත් පාඨක අපගේ අවබෝධය නම් එයම විනි..!
කෙසේ වතුදු ඊනිව්ස් සේවාව කාලාන්තරයක් පුරා අතිමහත් සමාජ මෙහෙවරක් ඉටු කර අැති අගතියට පත් ලාංකිකයින් වෙනුවෙන් පෙනී සිටි ලාභ අලාභ කීර්ති ප්‍රශංසා පිලිබඳ කිසිඳු අපේක්ෂාවක් අැතැයි නොසිතෙන නිර්ව්‍යාජ මාධ්‍ය ජාල අඩවියක් බව අවිවාදයෙන් නැවතත් පසක් කරමු. ඉතිහාසය තුල අප ලබා අැති අත්දැකීම් අනුව නායකයින් සහ පාලකයින් විශ්වාසය පලුදු කල දා අවිහිංසක ජනතාවගේ පිහිටට හිටියේ ඊනිව්ස්ය. එබැවින් යම් ලෙසකින් අනපේක්ෂිත සුනාමියකින් හෝ අපට වත්මන් යහපාලනයද අහිමි උවහොත් නැවතත් පිහිටට සිටිතැයි විශ්වාසය පල කල හැක්කේ අන් කිසිවකුදු නොව ඊනිව්ස්ම පමනකි.
එදිනට අැත්ත වශයෙන්ම මේ අහිංසක දරුපවුල්කාර සත්පුරවැසියා පවා තම ජිවිත අවධානම තකා මුනිවත රැකීමට ඉඩ අැත...!
යමපාලන යුගයේදී සමහර ඊනිව්ස් පාඨක ප්‍රජාව මොන තරම් බයෙන් රහසින් ඊනිව්ස් බැලුවේද යත් (ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.)යන අායාචනය වෙනුවෙන්වත් ඊනිව්ස් වෙත මූල්‍යය දායකත්වයක් අාධාරයක් උපකාරයක් කිරීමට පවා බිය වූයේ අදාල ගෙවීම් තුලින් හෝ තම අන්‍යතාවයන් පිලිඹිඹු වේයයි යන ප්‍රාණ බිය නිසාය. ඒ හුඹස් බිය අදටත් ප්‍රජාව තුලින් නොවියැකීව පවතින්නේ යමපාලනය තවමත් සමාජය තුල හැලහොල්මන් කරනා බැවිනි.
ඊනිව්ස් ලංකාව තුල මෙහෙයුම් සිදුකල වකවානුවේදී පැවති යමපාලනය තමන් හට සිදු කල විනාශය සහ අලාභ හානි පිලිඹඳ කිසියම් දුක්ගැනවිල්ලක් දේදුනු විප්ලවය ජයගත් මුල් වකවානුව තුල ඔවුන් විසින් තම අඩවිය ඔස්සේද ප්‍රචාරනයක් සිදුකලා යැයි මට කිසියම් මතකයක් අැතුවා/නැතුවා වගේය.
නමුත් අදටත් නිතිපතා නොවරදවා දිනකට වාර කීපයක් දැන් කුමක් සිදුව අැත්දැයි කියා ඊනිව්ස් බලනා සත්පුරවැසියාට නම් යහපාලන රජය මගින් සිදුකල යුග මෙහෙවර උදෙසා ඊනිව්ස් වෙත කල ස්තූතියක් හෝ අඩුතරමින් අදාල සිද්ධිය වෙනුවෙන් පරීක්ෂනයක් සිදුකරනා බව හෝ ප්‍රකාශනය වනු නොදැකීම කණගාටුවට කරුණකි. නමුත් ඒ උණුසුම් කාල පරිජ්චේදය තුල අතපසුව ගියද තම ඉල්ලීම දිගින් දිගටම මතුකලා නම් යහපාලනය තුලින් යම් සාධාරනයක් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට ඉඩ කඩ නොතිබුනා යැයි සිතිය නොහැක්කේ යහපාලනය හිටපු යුධ හමුදාපති වරයාට කෘතගුණ සැලකූ අාකාරය දුටු නිසාය.
නමුත් මෙහිදීද ඊනිව්ස් ගති සෝභාව පිලිබඳ යම් අවබෝධයක් අැති මා හට සිතුනේ ඊනිව්ස් අඬ අඬ කිසිවකු පසු පස යන්නේ නැහැනේ යන්නයි...
සැමටම ස්තුතියී.
විරසකකම් පහවේවා. සංහිඳියාව රජ වේවා. රටට ජාතියට සාමය, සතුට, සෞභාග්‍ය උදාවේවා, ඊනිව්ස් කාර්යය මණ්ඩලයටත්, ජනපති, අගමැති අැතුළු යහපාලන රජයටත් දීර්ඝායු වේවා. තුණුරුවන්ගේ සරනයි. සියළු දෙවි රැකවරනයි.
නැවතත් ස්තුතියී. සත්පුරවැසියා මුළු රටම වෙනුවෙන්...
Thursday, January 21, 2016
අපවත් වී වදාල සෝභිත ස්වාමීන් වහන්සේ ට්වීටර් පනිවිඩයක් එවයි.. 2016/01/21
අපවත් වී වදාල සෝභිත ස්වාමීන් වහන්සේ ට්වීටර් පනිවිඩයක් එවයි..
ඊයේ 2016/01/21 අළුයම 01.45 ට සත්පුරවැසියාගේ අාත්මය තුලට සපැමිනි අපවත් වී වදාල සෝභිත ස්වාමීන් වහන්සේ තම අඩවිය ඔස්සේ මාධ්‍ය ගත කරන ලෙස පහත සඳහන් කාරනය ඉස්මතු කරන ලදී..
නමුත් ප්‍රායෝගිකව මෙම ක්‍රියාවලියේ වගකීම,බර දැරීමට සිදුව අැත්තේ දුප්පත් මා හට නිසා පසුදින - අද 2016/01/22 අළුයම වන තුරු ඒ සම්බන්ධව කටයුතු කිරීම ප්‍රමාද වීම පිලිබඳ උන් වහන්සේගෙන්ද.. උන් වහන්සේගේ අනුගාමිකයින් වන ඔබ සැමගෙන්ද සත්පුරවැසියා සමාව අයැද සිටීයී... ස්තුතියී.
වර්තමානය තුල ශ්‍රී ලාංකේය දේශපාලනික කරලියේ රැව්දෙන පලාත් පාලන මැතිවරන උණුසුම සම්බන්ධයෙන් උන් වහන්සේගේ අදහස පිලිබිඹු කරලීම මෙහි ප්‍රධාන අරමුනයි.
මෙවන් අවධානාත්මක මාතෘකා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල අඩවි තුල අදහස් දැක්වීම සත්පුරවැසියාගේ පැවැත්ම කෙරෙහි යම් සමාජ බලපෑමක් හෝ අතුරු අාන්තරාවක් පිලිබඳ භීතියක් පැවතුනද මා හට මින් ගැලවිය හැකි මගක් නොමැති බව පෙනේ.
මන්ද යත් මෙම යුග මෙහෙවර උදෙසා මා තෝරාගෙන අැති බවත් ජීවත් වීම හෝ නෝවීම පිලිබඳ තීරන ගැනෙන්නේ සතුරන්,ද්‍රෝහීන් හෝ අන් කිසිදු බලපෑමක්වත් නොව අපගේ දෛවය/ඉරනම හෝ කර්මය විසින් බවයි උන් වහන්සේ බුදුදහම තුලින් පෙන්වා දෙනු ලබන්නේ. එම නිසා චකිතයකින් මුත් උන් වහන්සේ මා හට කරනා බලපෑම මත තවදුරටත් සෝභිතාවතාර ලෙස ඉදිරියට යාමට සත්පුරවැසියාට සිදුව අැත. වෙන දෙයක් වෙච්චාවේ. උන් වහන්සේ රට ගැනම හිතල හිතලම යන්න ගියා ගිහිල්ල නිකන් ඉන්නේ නැතුව දැන් මටත් අඬ ගහනවා....
ඔන්න මන් දන්නෑ උන් වහන්සේ නම් ඔය හදිසි වෙලා දඟලන විකාර පලාත් පාලන ඡන්ද මල ඉලව්ව ගැන නම් කිසිම පැහැදීමකින් නෙමේ ඉන්නේ. අැති තරම් දුක් විඳල විඳල දිනා ගත්ත විප්ලවය අවශ්‍ය මූලික ප්‍රතිසංස්කරන ටිකවත් නිසි ලෙස පදනම නොදා තන තවත් මැතිවරනවලට ගිහිල්ල දියාරු කර ගන්නද හදන්නේ කියල හරි කේන්තියෙන් ඉන්නෙ.
ඡන්ද ඕන කරල තියෙන්නේ කාටද! සීමිත බත් බැලයො ටිකක් නම් ඉන්න බව උන් වහන්සේ නොදන්නවා නොවේ. උන් වහන්සේ එයාලට වැරදි හදාගන්න පොඩි චාන්ස් එකක් දීලයි තියෙන්නේ. තව ටිකක් බලල නොහැදෙන එකාලව මට්ටු කරන්න එයි මට පේන විදියටනම්.. කවුරු කවුරුත් ටිකක් පරිස්සම් උනොත් හොඳයි වගේ මටනම් පේන්නේ. උන් වහන්සේ අවශ්‍යම වකවානුවේ පරලෝ සැපත් වෙලා තියෙන්නේ නිකමට නෙවේ. හොඳින් බැරි උනොත් වෙන විදියකින් හරි උන් වහන්සේගේ අභිප්‍රායය කෙසේ හෝ ඉෂ්ඨ කිරීමටයි කියලයි මටනම් කියන්නේ..
රටට තවත් මත විමසීමක් අවශ්‍ය නෑ කියල නොවේ උන් වහන්සේ කියා සිටින්නේ. ඉතාමත් වැදගත් අත්‍යවශ්‍යම මත විමසීමක් කල යුතුයි ඉතාමත් ඉක්මනටම. ඒ තමයි මුළු රටම එකට එකතු වෙලා හදන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පවත්වන ජනමත විචාරනය. දුර දිග නොබලා පටු කල්පනා සහ/හෝ පටු අරමුනු නිසා ඊට මෙහා වෙනත් ජන්ද විමසීම්වලට ගිහිල්ල දශක ගනනාවක් පෙරුම් පුරල ලබා ගත්ත මේ සංහිඳියා වටපිටාව බොඳ කරහැර කවුරුවත් උන් වහන්සේගේ උදහසට නම් ලක් වන්න එපා. මොනවෑන් මොනවා වෙලා අවසන් වෙයිද මංනම් දන්නෑ ඕං.!
දේදුනු විප්ලවය ජය අරන් වසරක් ගෙවුන. ඒ ජයග්‍රහනයට උර දුන් නොදුන් පොදු මහත් ජනතාවට තාම අැඟට පතට දැනෙන්ඩ වෙච්ච සුගතියක් නැහැ. වෙලා තියෙන සුගතිය අතින් අල්ලලා බලන්න බැරි (ඉන්දන අඩුවීම හැර ඒකත් දැන් මතකයි/අමතකයි වගේ-කරන්න දෙයක් නැහැ ඒක ප්‍රතග්ජන ගතිය)නිසා සබුද්ධික නොවන අවිඥාණික බහුතරයකට යහපාලනයත් ප්‍රශ්නකාරී වේගනයි එන්නේ. යුද්ධය නිසා කොටින්ගෙනුත්, ඒකාධිපති පාලනය නිසා යමපල්ලන්ගෙනුත් මිනිසුන්ට තිබුන පීඩනය දැන් මතක නෑ...
මෙන්න මෙතැනයි භයානක කම තියෙන්නේ. රටට ජාතියට අාදරයක් නැති මමත්වය පමනක් දකින දුර්ජනයින් අජාසත්තලා බුදු සමයේත් සිටියානම් අදවන් පවුකාර ලොවකද නොසිටිය හැක්කේ.
මේ අය බලන් ඉන්නේ අවස්ථාව එනකම්. ජාතිවාදය අවුස්සලා, බඩගින්න පෙන්නලා, ප්‍රජාතන්ත්‍රවාදය නොඅඩුව රජයන නිසාම පවතින ජනතා උද්ගෝෂන පෙන්නලා, ඒ සියල්ල යහපාලනයේ නොහැකියාව බව පෙන්නලා අහිංසක මිනිසුන්ට ඔවුන්ගේ දරු දැරියන්ගේ මුළු අනාගතයම සුරක්ෂිත වීම උදෙසා ජාතියේ පිනට බිහි උන යහපාලන සංස්කෘතිය, සංහිඳියාව සුන්නත්දූලි කරන්න, දියකර හරින්න,බොඳ කරන්න කැස කව කව ඉන්න පිරිසක් එලියෙත් ඉන්නවා. බොරු නෙමේ අැතුලේත් ඉන්නවා. මේ සේරමල්ල දැනට කරන්නෙ කපන්න බැරි අත ඉඹ ඉඹ කල්මරනවා අවස්ථාව එනකම්...
හැබැයි මේ කිසිම ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. අර උන්ද නිසි කලදී ගරු කටුයුතු විදියට විශ්‍රාම ගිහිල්ල තම පරිනත දැනුම තමාගේ දරුවන්ටත් පක්ෂ විපක්ෂ කොයි කාටත් අනුශාසනාවෙන් ලබා දීල ගරු කටයුතු විදියට හිටියනම්. එහෙම හිටියනම් යුද්ධය දිනූ නායකයා කියල අපි අපේ දරු මල්ලන් අවුරුදු පතා එක්ක අැවිල්ල වන්ද/නමස්කාර කරවලා යන්නයි හිටියේ. කොරන්න දෙයක් නැහැ තන්හා ජායතී සෝකෝ...
යුද්ධෙ තනි අයිතිකාරය වෙන්න හැදුව, සදහටම බලයෙ ඉන්න හැදුව. අපිට කොරන්න දෙයක් නැහැ. දොවා ගත්ත කිරි මුට්ටියට තමුන්ම ගොම්බෙටි තලි තලි අරන් දා ගත්තට...
යහපාලනේ හිරුනිකාට නීතිය කලා වගේවත් ඔය මනුස්සයා එක දවසක් හරි කිව්වනම් අපේ මර්වියා එක්ක මොකවත් කරන්න බෑ කියලවත් මිනිස්සුන්ගේ හිත් ටිකක් හරි හරියන්න...කෝ මොනවද කලේ අඳ,ගොළු,බීර වගේ හිටිය මිසක්..
යහපාලනේ හිරුනිකාට නීතිය කලා වගේවත් ඔය මනුස්සයා එක දවසක් හරි කිව්වනම් අපේ මර්වියා එක්ක මොකවත් කරන්න බෑ කියලවත් මිනිස්සුන්ගේ හිත් ටිකක් හරි හරියන්න...කෝ මොනවද කලේ අඳ,ගොළු,බීර වගේ හිටිය මිසක්..
බලන්න මේ මනුස්සයා 2015 ජනවාරී 8 වැනිදා ඉඳන් අද මේ වන තුරු හරි නින්දක් ගත්තද කියල.. ඒ මදිවට අර අහිංසක හිටන්..ටත් මේ වන තුරු නිදා ගන්න දුන්නේත් නැහැ.මේ පැත්තකට වෙලා හිටපු ඒ අහිංසකයව දේශපාලනේ තිත්ත වෙලා හිටපු රටේ මිනිස්සු බිලි බෝයිට ගත්ත. අරන් ඒ මනුස්සයාට හුස්ම ගන්නවත් ටිකක් දෙන්නැතුව මොනවද කොරේ කියල අහනව. ඒ මදිවට අර මහාචාර්ය වරයෙක් කියල එක්කෙනෙක් සින්දුවක් අල්ලගෙන සෝභිත හාමුදුරුවන්ගේ අාසනේ ඉඳගෙන වාද බයිල කියනවා. ඕවද අපිට තියෙන ප්‍රශ්න. අපිට වෙලා තිබුන දේවල් හරියට මතකනම්.. පුදුමයි මේ මිනිස්සු. මේ රටේ නරකින් දෙයක් කරන්න දෙන්නේත් නෑ. ඒක කමක් නෑ විය යුත්තේත් ඒකනේ. නමුත් වැඩේ කියන්නේ අම්මාපල්ල හොඳින් දෙයක් කරන්න දෙන්නේත් නෑනේ. යස්ස වැඩ තමයි මේ විකාර කථා. බිස්නස් ගැන දන්නවානම් ඕව කියන්නේ නෑ. අපි අහල තියෙනවානේ දේශපාලනේත් එක්තරා ව්‍යාපාරයක් කියල. ඉතින් යහපාලන කඩේ බඩු හොඳ උනාටම වැඩක් නෑ අර සන්ලයිට් කාර්බොලික් සබන් කැටෙයි සිග්නල් SR වලයි කාලෙකට වරක් ලොකු වියදමක් කරල ලේබල් වලට අළුත් මුහුනුවරක් දෙන්නේ උන්ට කහන හින්ද නෙමේ. පාරිභෝගික ප්‍රජාව විවිධත්වයට ලක්කොට තරඟ කාරීන්ගෙන් අාරක්ෂා කරගන්නයි. යමපාලන කඩෙන් යහපාලන කඩේට ගැලවිලා ගිය බිස්නස් එක අාපහු කඩා ගන්න කැස කවන කාලේ මේක.. අපි ඒ පැත්තත් පොඩ්ඩක් හිතන්න ඕන. අරය පාඩුවේ හිටියනම් ඔය විකාර එකක්වත් සිරාගොයිය කරයි කියල අපිටනම් හිතෙන්නේ නැහැ. ඒ වගේම අපි අවධාරනය කරනවා වත්මන් ජනාධිපති තුමාත් අගමැති තුමාත් කවම කවදාකවත් එයාලගේ හිටපු නායකයින් කරපු තකතීරුකම් නම් කරන එකක් නෑ කියල.
------------------------------------------
ඕව ජාති ජාති ගෙවල ඉවර කරන්න බැරි පාප කර්ම. ක්‍රිකට් කාරයෙක් උනත් ලොං හැලෙනකම් ඉන්නේ නැතුව පිටියෙන් සමු ගන්න ඕන. එතකොටයි තමුන්ගේ වටිනාකම රැකෙන්නේ. බලන්න දැන් මේ උන්ද කර ගත්ත සංසගෙදිය හින්ද රටේ ගොඩක් අය ගනන් ගන්නෙත් නැහැ. ලෝකේ කවුරුවත්ම ගනන් ගන්නේත් නැහැ. ලෝකය පුරා සමහර සුවිශේෂී තැන්වල තියෙන සමහර සිහිවටනත් තව ටික කාලෙකින් ඉන්වෙන්ටරියෙන් අයින් කරල අබලි ද්‍රව්‍ය විදියට ඉස්ටෝරු කාමරවලට යන්න ඉඩ තියෙනවා තව දුරටත් මෙහෙම ගියොත්.
මෙතුමන්ට තාමත් හොඳටම ඉඩකඩ තියෙනවා ගිලිහෙන්නට ඔන්න මෙන්න තියෙන ගෞරවය රැක ගන්න. (අපි හැමෝම ප්‍රාර්ථනා කරමු මෙතුමන්ට අත් හැරීම පිලිබඳ යථාවබෝධය ඉක්මනින්ම පහල වේවා කියල...)
හැබැයි ඒ මීලඟ ඡන්ද ඉලක්ක කරගෙන විකල්ප කණ්ඩායම් එක්ක වල් වැදිල මාපියන්ටත් නිගාදෙන වෙනත් පක්ෂ බිහි කරගෙන නටන්න හිතන් ඉන්න කෝලමෙන් නම් නොවේ ඕං...නමෝ විත්තියෙන්ම කිව්ව.
හැබැයි මේකයි කාරනේ දැන් ඉතින් ගිය දේවල් ගියා. ගතවූ සියවස පුරාම රටේ අැති තරම් අඳුරු යුග පසුකලා. දැන් අපි අපේ සෝභිත මාහිමිපානන් පෙරටුව උන්වහන්සේගේ පුරෝගාමීත්වයට බුදු බව අත්වන්නට ඉතාමත් සොඳුරු යුගයකට සපැමින සිටිනවා. ඒ සොඳුරු බව නිසාමයි සත්පුරවැසියා උනත් එතරම් අකමැත්තක් නැතිව සෝභිතාවතාරයේ වැඩ බාර ගත්තේ. නැත්තම් මමත් මේ කපේදි එන්නෑ මේ නොදන්න දේශපාලන මල මගුල් කොරන්න. අනේද කියන්නෙ...
කොහොම උනත් කමක් නෑ අපි සේරෝමල්ලම තාම කැමතියී සියල්ලන්ගෙන්ම වෙච්ච වැරදි සියල්ලටම යුධ ජයග්‍රහනයේ අමිල වටිනාකමින් කොටසක් අරන් පියවලා දමන්න. අපි සමහරු වගේ සීමිත පිරිසක් පමනක් යථාවබෝධය නිසා හොරකම් තක්කඩිකම් මැරකම් දූෂනකම් සිදු නොකලට.. සමහරු මදියී නොකියන්න හරියට මතු අාත්මවල ඉපදෙන විදිහ දැන් ඉඳන්ම දන්නවා වගේ ඒ අාත්මවලදීත් නහිනකම් සුපිරි සැප විඳින්න ජනතා මුදල් හොරකම් කලා. කමක් නෑ ඒ ගිය පාඩු සේරටම වඩා අද අපි ලබල තියෙන මේ නිදහස අපිට වටිනවා.
එක්තරා ධර්මිෂ්ඨ යුගයකදි නඩුකාරයන් පවා ගල්මුල් කටුකම්බි අධර්මිෂ්ඨ කමේ උතුමානන් කෙනෙකුට බය වෙලා තවත් සමහරු හිස් කොලවල අත්සන් කරල නිහඬව හිටිය. තවත් ඒ වගේම බිත්තිවලට පවා කන් තිබුනු කෙසෙල්වතු යුගයකදී මිනිස්සු ගෝනි බිල්ලන්ට බයේ බැට්මින්ටන් වත් ගහන්න ගියේ නෑ. ඒ සේරම බිහිසුනු කම්වලින් ගැලවෙන්න කියල ජනතාව මැදමූලනේ පැත්තෙන් දෙව් රජෙක් ගෙනාව දත කාල. බැලින්නම් ඒකත් අන්තිමේ යම පාලනයක් වෙලා සුදු වෑන් එකෙන් ගිරිතලේ ගිහිල්ල මුහුදු පතුලෙ ගිලිච්ච නැව් ගනින්න උනා...
අන්තිමේ බැරිම තැන ජනතාවට සිද්ධ උනා තටු කපපු ගොයිරජ පරෙයියෙක් ගේන්න. ඒකත් පුදුම යකෙක් තමයි දවසක් සිල්ගන්න ගිහිල්ල නයෙක් වෙලා දැන් මල මගුලයි ඔක්කොම උන් එකහු වෙලා ඒකගෙන් දරමිටි බඳිනවා, මේ මැටි මෝලංගිරය දන්නෑ පොඩ්ඩක් පෙනේ කොරල ඉන්න හිටං.. හිටං.. එක එකාලගෙන් පාච්චල් වෙනවා ඉවරයක් නැහැ. නමුත් කමක් නැහැ සබුද්ධික ප්‍රජාව ඔබ සමගයි. හැබැයි චරිත සහතිකේ ගන්න තව අවුරුදු හතරකින් පස්සෙ එන්න හොඳේ...
හරි ඒක නෙමෙයි අපේ සෝභිත හාමුදුරුවෝ කියනවා අර අගමැති තුමා යෝජනා කරන සත්‍ය සෙවීමේ කොමිසම සහ දයාලූ සභාව හමුවට සියළුම චුදිතයින් ලක්කොට වැරදි සහ පවු සමා කරගන්න අවස්ථාවක් දෙන්න කියල. ඒක බුදු දහමේත්, කිතුනු දහමේත් අන්‍යාගම්වලත් තිබෙන පොදු ගුණාංගයක්. අනික මිනිසුන් නොමිනුසුන් කල කොටි ත්‍රස්තයින්ට සත්‍ය සෙවීමේ කොමිසම සහ දයාලූ සභාව කැප නම් මේ තක්කඩි ටිකක් ඒ ගොඩටම දාල මඩ හෝදල ඔළු හෝදල (බ්‍රේන්වොෂ්) එකක් දීල අරගමු. එයාල කරපු පව් රටටම පේන්න ගෙවල යන්න වෙයි දවසක සොබා දහමේ පවතින මූලධර්මවල ගති සෝභාව අනුව...
එවන් කුරිරු අඳුරු යුගයක් අපි පහු කලේ. ඉතින් මුන්ට සමාව දීල හරි මෙතෙක් කල්පයක් දුක් වින්ද තම ජීවිතේ හොඳම කාලය මේ සියළු ප්‍රශ්න සමග දියවෙලා ගිය රටේ අහිංසක මිනිස්සුන්ට (මේ මගේ වගේ) මැරෙන්න කලින් හෝ රට දාල යන්න කලින් හෝ සැනසිල්ලේ හුස්ම ටිකක් ගන්න නිවනක් අවශ්‍යයි...නෙතඟ තෙත් වේගන එනව පොඩ්ඩක් ඉන්න...
..............................
හරි.. ඉතින් මේකයි වැඩේ. සත්පුරවැසියාගේ මේ හඬ බඩේ බත් නැතත් සියල්ල විඳගෙන නම්බුකාර කම අාත්ම ගෞරවය රැකගෙන රටේ හැංගිලා ඉන්න නමුත් අාණ්ඩු වෙනස් කිරීමේ රිමෝට් එක (ඒක තියෙන්නෙ අර JVP කාරයෝ ගාව නෙවේ අපි ලඟයි) අතේ තියෙන සබුද්ධික, සවිඥානික, නිර්පාක්ෂික වූද, නිර්දේශපාලනීය වූද, මුත් තීරක ප්‍රජාව වෙනුවෙනුයි. මෙයාලගෙ හදවත තාම කිසිම දේශපාලකයෙක් කියවලා නැහැ.
හැබැයි අපිට යම් විශ්වාසයක් නැතුව නෙමේ ඉන්නේ...!
දශක පහකට අධික මුග්ධ දේශපාලන යුග තුල දෙපැත්තේ(දෙන්න දෙපැත්තේ සාන්චි මැද්දේ) ඉඳන් තම නායකයින් නටපු නැටුම් කරපු කෙරුම් ඉතාමත්ම සංයමයෙන් බලන් ඉඳල ඒ ලැබූ පන්නරය තුල දේශපාලනඥයකුගේ ගමන් මග කවරාකාරයේ විය යුතුදැයි බහුශෘත විඥාණයකින් යුතුව ඉතාමත් ඉවසීමෙන් සංයමයෙන් යුතුව රටත් ජනතාවත් එගොඩ කිරීමට වත්මන් නායක දෙපලේ සුසංයෝගයෙන් යන ගමන පිලිබඳව...
මෙම වටපිටාව අපේ පන්තියට අවබෝධයි. නමුත් මඩේ හිටෝපු ඉනි(යමක් වටහා දීල ගත්ත සමහර ඡන්ද) වැනෙනවා.
මේ දිහා තමයි අර විපක්ෂයේත් විපක්ෂය නොහොත් (දෙමල තම්බියා කියල අහිංසක සහෝදර ලාංකිකයින්ට ජාතිවාදීන් කිව්වට මේ අපේම උන්නේ අපිට වින කොරන්නේ බලනකොට) ජනතාවගේ රුහිරුවලින් නිදහස් අධ්‍යාපනය ලබල පින් බේත් ටිකත් අරන් පිං පඩියකුත් හදාගෙන කළු කොඩි අරන් අවසන් ගමන් යන්න ඉන්න කස්ටිය බලන් ඉන්නේ අපේ සෝභිත හාමුදුරුවන් ඕන කරන වෙලාවට එලියට ගන්න හංගන් ඉන්න තැටිය හොරකම් කරල රොටිය පුච්ච ගන්න. සෝභිතාවතාරෙ ඉන්නකම් ඒවනම් හරියන්නෑ ..පුතෝ
ඒ විතරක්යැ අැතුලෙත් ඉන්නවා කොටසක් මිස්ට සිරාදබ්‍රා එක්ක අාප්ප කකා අවස්ථාව අාපු ගමන් අරුන්ගෙ රොටි කන්න පනින්න බලාගෙන. ඉඳහල්ල ටිකක් දෙන්නම් ජම්බු අපේ ජනතාවාදී ව්‍යවස්ථාව ඉක්මනට හදල සේරටම කලින් ඒක ජනමත විචාරනයකට ලක් කරල වැට බඳිනකම්. ඊට පස්සේ අවීචිමහා නරකාදියේ ඉන්න යමරජා හරි කමක් නෑ අැවිල්ල අාණ්ඩු කොරන එකයි තියෙන්නේ.. ඕං... සෝභිතාවතාරේ අන්තරස්දාන උනා...
අනේ මේ මං අහිංසක සත්පුරවැසියා. මාව එහෙම ඕවට පටලෝ ගන්න එපා. සෝභිත හාමුුදුරුවෝ තාමත් ඉස්සර වගේමයි කියන්න ගියාම කට කෑවත් කියන්න ඕන දේ කියනවා. ඒ නිසා ඒ සේරම වෙච්ච වැරදිවලට සමාවෙන්න හොඳේ.! ස්තුතියී.
එලිවෙන්නත් කිට්ටුයි ඕං එහෙනම් අපිත් පොඩ්ඩක් දොයියන්න යනවා. හෙට දවසෙ රස්සාව කර ගන්නත් එපායැ. අපිට අැතෑ ඔය සමහරුන්ට වගේ පිං පඩි. අනේද හිටං නැද්ද මිස්ටර් කූල්..
බොරුද මං කියන්නෙ....
සියල්ලන්ටම තුණුරුවන් සරනයි. සියළු දෙවි රැකවරනයි.
Subscribe to:
Posts (Atom)

