Saturday, November 2, 2019

ප්‍රජාතන්ත්‍රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි "කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්" සෝභිතාවතාර මාධ්යය ඒකකය. 2019/11/02

ප්‍රජාතන්ත්‍රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි 

 

"කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්"

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාරයේ මෙම පහත දක්වනා පැහැදිලි කිරීම කිසිසේත් දේශපාලනික මඩ ගැසීමක් හෝ මෙතුමන් පිලිබඳව අැති කිසිදු හෝ පෞද්ගලික කෝන්තරයක් නිසා හෝ සිදු කරනා ලද්දක් නොවනා බව ඉතා වගකීමෙන් කිව යුතු මනාය. අාතූරයා/සත්පුරවැසියා කරූ ජයසූරිය මැතිඳුන් හට ඉතාමත් ගරු කරනා අගය කරනා පුද්ගල චරිතයක් බව සියල්ලන්ටම වඩා හොඳින් කරූ ජයසූරිය මහතා සහ ඔහුගේ පවුලේ අාසන්නතමයින් නොදන්නවා විය නොහැක. *(ඒ මන්ද යත් මා විසින් ඉතිහාසය පුරා එතුමන් අගය කල බොහෝ දෑ ලියා අැති බැවිනි.)*

කෙසේ නමුත් මෙම ගෙන හැර දැක්වීම සිදු කල යුතුව අැත්තේ කරූ ජයසූරිය මැති තුමන්ගේ අනාගත දැක්ම යාවත්කාලීන කොට පිලිසකර කර ගත යුත්තේ කිනම් දැක්මක් අවබෝධයක් යටතේදැයි ඉඩක් ලද විටකදී පෙන්වා දිය යුතු යැයි කලක සිටම අදිටන් කරගෙන සිටි නිසාමය.

***එවැන්නක් සිත් සතන්හි ධාරනය වන්නේ නිසි නිලයක් අල්ලා බලා බේත ලබා දුන්නොත් පමනි.***

මගේ මතකයේ හැටියට පසුගිය මෑත කාලයේ එක්තරා දිනක කිසියම් මාධ්යය වේදියෙකුගේ ප්රශ්නයකට මෙතුමන් ලබා දුන් ඉතාමත් අඤ්ඥාණවන්ත වූ අමනෝඤ්ඥ පිලිතුරක් මා පුදුමයට පත් කරවමින් තවමත් මනසේ දෝංකාර දෙයි.

මාධ්යය වේදියා එතුමන්ගෙන් විමසා සිටියේ රටේ අාර්ථිකය නගා සිටුවිය හැකි අාකාරය පිලිබඳ වූ කිසියම් ප්රශ්නයකි. *(එම වීඩියෝව අන්තර්ජාලයේ youtube, හෝ facebook පිටු අතර කොහේ හෝ තවමත් තිබිය හැක. *එනිසා මෙය ද්වේශ සහගතව ඉදිරිපත් කරන ලද්දක් නොවනා බව විශේෂයෙන් සැලකුව මනාය.*

නමුත් මෝඩ කමක් හෝ මෝඩ ප්රකාශයක් හෝ සිදු කලානම් තම මව් රට හෑල්ලුවන පරිද්දෙන් සහ මව්බිමේ උරුමයන් පිලිබඳව නිසි අැගයීමකින් හෝ නිසි අවබෝධයෙකින් තොරව එහි විපාක නැතහොත් විපුල අත්චිඳීමටද සූදානම් විය යුතුය.

ඔව්, ඒ ප්රශ්නය වෙනුවෙන් එතුමන් ලබා දුන් පිලිතුර වූයේ ***(පෝට් සිටිය/Port City වැඩ නිමාවෙන් පසු රටේ අාර්ථිකය යහපත් අතට ගත හැකියී යන්නය)***
මේ රටේ උපත ලද, මේ රටේ අධ්යාපනය ලද, මේ රටේ සුලඟින් හුස්ම ගෙන, මේ රටේ දිය බිඳෙන් විජලනය මකාගෙන, මේ රටේ මහ පොලවේ බත බුදිමින්, ජීවිතයේ ඉහලම ස්ථරයකට පත්ව මව් බිමේ පාලක පාලිකාවන් අතර උත්තරීතර අාසනයෙක වැඩ සිටි අපේ මහා භූමි පුත්රයෙකුගේ පිලිතුර අැසූ මා හට අැති වුනු ලජ්ජාව කොතෙක්ද යත් මහ පොලව පලාගෙන යන්නට සිතුනි.

*එතුමන් 2020 වෙනුවෙන් ජනපති අපේක්ෂකයෙක් නොවූයේ රටේ ජනතාවගේ පෙර පිනකට යැයි එවෙලේ මෙහොතකට මට සිතුනි.

නමුත් පසුව මා ඒ පිලිබඳ බොහෝ දුරට කල්පනා කොට සිතා ගත්තේ මතක අැති කාලයෙකින් එතුමා මේ උතුම් මාතෘ භූමියේ මහ පොලවේ පවතිනා විශ්ව ශක්තිය, චුම්බක ශක්තිය, ගතට සමීප වනු පිනිස වැරදිලාවත් මහ පොලවේ පස් පෑගී නැති නිසා මනස විකෘති වී තිබිය හැකි බවය.
 
විශ්ව තලයේ සොබා දහම් මාතාවගේ නිර්මානාත්මක මැවීම් වන දුහුවිලි වන් මේ මහා පොලවේ උපත ලද කොයි කවුරුත් මහ පොලවට සමීප නොවී එක් දශමයක් වත් ඊට ඉහලින් ඉන්නට කල්පනා නොකල යුතුය.

ඉඩක් ලද හැකි සෑම අවස්ථාවකම තම විමන්වලින් එලියට බැස පාවහන් සෙරප්පු ගලවා විශ්ව ශක්තිය, චුම්බක ශක්තිය, තම තමන්ගේ ශරීරයට අවශෝෂනය කර ගනු පිනිස හැකි තාක් දෙපයින් මහ පොලව ස්පර්ශ කල යුතුමය. හැකිනම් එය එසේම වැඩි දියුනු කරමින් (ඩිප්ස් දමන අාකාරයට හෝ දෑත් වලින්ද ) මේ උතුම් මහ පොලව ස්පර්ශ කල යුතුය.

අපේ ඒ අති උතුම් අාදී මුතුන් මිත්තන් කිසිදු ලෙඩක් දුකක් නොමැතිව 120 ට 220 ක් අායුබෝ වේවා කියා ජීවන අායුෂ වැලඳුවේත්.. වයසට ගියද දෙනෙත් ඉතා හොඳින් පෙනෙමින් පුංචි අකුරු උවත් කන්නාඩි නොමැතිව පත්තර පොත් කියවමින් ජීවන අායුෂ වැලඳුවේත්.. දෑතේ සහ දෙපයේ පවතිනා ස්නායු අග්ර (1200 X 4) = 7200 හත්දාස් දෙසීයක් උත්තේජනය වීම නිසා අැති වන්නා වූ ප්රති ශක්තිය, විශ්ව ශක්තිය සහ චුම්භක ශක්තියේ මහිමයෙන් මිස..

විනාඩි 5ක් වත් තම සේවාදායකයා පරීක්ෂා නොකර පැරසිටමෝල් පෙත්තක්වත් නොමිලේ නොදී චැනලින් වලට පමනක් රු.3200/= ක් අය කරමින්... මුහුන කටවත් නොසෝදා කුණු කෙල ගඳ ගසමින් එලිවන තුරු.. රෑ වන තුරු 20 බැගින්.. 40 බැගින් දිනකට ලෙඩුන් සිය ගනන් බලමින් එක වරකට බත් පිඟන් 2 ක් ගිල දමන්නටවත් බැරි අපේ ඩොට්ටර්ලා නොකා නාෙබී කැන්ටිමෙන් ෂෝටීස් කකා අසරනයින් ගැන කිසිදු තෙතමනයක් අනුකම්පාවක් නොමැතිව විඳින්නට අැති ජීවිතය නොවිඳිමින් පව් ගෙවමින් විඳෝවමින් එලොව ගෙනියන්නට ධනය රැස් කරනා සැටි දැක්කම පුදුමයි.. ඒත් අැත්තයි...!

...නොමිලේ අධ්යාපනය හදාරා තම සහෝදර ජාතියට පිටුපා කන්න දුන් අත සපාකන, ඉහලට නගින්නට දුන් ඉනිමගට පයින් ගසනා පාහර දාෙස්තරලාගෙන් බේත් බීලා ශක්ති සම්පන්න වී නොවනා බවත්.. මෙහිදීම තාෙප්පි හරි යන පාදඩ/දෙනියලාට හිස දමා ගන්නට නොමිලේම ලබා දුන් වගයි.

 
අෑත අතීතයේ අපේ අාදී මුතුන් මිත්තන් දෑත් දෙපා සියල්ල කිසිදු අත් හෝ පා අාවරනයෙකින් වසා නොගෙන ගල් මුල් අතරින් මහ පාෙලව පාගාගෙන සියළු වැඩ කටයුතු සිදු කල නිසාද, දෑත් අාවරනය නාෙකොට මවුස් කාෙම්පියුටර් ලැප්ටොප් ටැබ් වයිපයි, අැපල්-සෙවන්/එයිට්, සැම්සුන්-එස්-සෙවන්/එයිට්, වයිබර්, වටස්අැප්, ඉමෝ, එෆ්බී, නොව...

කැත්ත උදැල්ලේ වැඩ කරමින් ගහ කොල සතා සීපාවා සමග පවා සහජීවනයෙන් බැද්දේ කොලනියේ දිය කඩිත්තේ වෙල් ඉපනැල්ලේ කමතේ, කිරිල්ල මාදම් බාේවිටියා අැටඹ කමින් ඉරටු බටලී සොයා අපේ සරුංගලේ (චීනගේ පෝට් සිටියෙන් ගොඩබාන තුරු බලා නොසිට) අපිම හදාගෙන, අැමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ තුවක්කු රට මැදින් දෙකට බෙදා අලුතින් දාන්න හදන පාරෙන් ඉම්පෝට් කර නොගෙන, පේර ගැට කඩා කමින් ඒ ගහෙන්ම කෙලින් කෝටුවක් කපා මැදගෙන බට ලී දන්ඩක් සාෙයා අපේ තුවක්කුව අපිම සාදාගෙන කිරිල්ල ගැට කඩා කන ගමන් හොඳට මෝරපු ගෙඩි ටික ජංගි/සාක්කුවේ පුරවාගෙන දුම් පිටවෙන්න කොල්ලෝ එක්ක වෙඩි හුවමාරු කර ගත්තේ *(පෝට් සිටියෙන් හෝ රට මැදින් දෙකඩ කරනා පාරෙන්) හෝ...

අපේ මේ උතුම් මාතෘ භූමියේ දියුනුව කාගෙන්වත් බලාගෙන පතාගෙන නොවේ කරූ මහත්තයෝ සමාවෙන්න, මේ වගේ අවස්ථාවක නොකිව යුතු දෙයක් ඔබ තුමාව වාහකයා කරගෙන කියා පෑවාට තොප්පි හරි යන අයට කිසි ලෝභ කමක් නැතිව නිකම්ම දුන්නා ඔන්න මේඩ් ඉන් ශ්රී ලංකා තොප්පි නොමිලේ දාගන්නවලා හරි යන අැත්තෝ සේරමල්ලා...
 
අන්න.. එවැනි ලෙස මහ පොලවේ පය ගහලා ජීවත් උන අපේ මුතුන් මිත්තන්ගේ අභිමානය කෙලෙසාලූ කිසිවෙකුටත් හොඳක් නම් සිද්ධ නොවිය යුතුයි.

***කොහොමත් 2019 යනු මේ අපගේ මාතෘ භූමියේ ශාපයේ අවසානයයි. 2020 සිට මේ රටේ බිහි වන්නේ මේ මහා පොලවේ පය ගසා ඒ විශ්ව ශක්තියෙන් පෝෂිතව සිටිනා යුග පුරුෂයන් බව මෑත අනාගතය සාක්ෂි දරාවි.

***සමස්ථ විකල්පයේ අපි වත්මන් පාලකයින්ට සහ හිටපු පාලකයින් හට අභියෝග කරනවා පුලුවන්නම් චීනගේ චීන මහා ප්රාකාරය අවුරුදු 5 කට ඉල්ලගෙන අැවිල්ලා පෝට් සිටිය වට කරලා වසා දමලා අපිට අපේ මව් බිමේ මහ පොලව පමනක් දීලා බලන්න.

අපි චීනගේ පමනක් නොවේ ඔබලා සියල්ලෝම දශක ගනනාවක් පුරා අපේ මතු පරපුර සමග රටම උගස් කර සිදු කර අැති ණය ට්ලියන 11 ම ගෙවා දමා. චීනාටත් ණය දෙන්න පුලුවන් තත්ත්වයට මේ අපේ මාතෘ භූමිය තුල පවතිනා අපමන සම්පත් සහ ධන නිධානයන්ගෙන් නිසි පල ලබා ගෙන ඔබලාගේ දුවා දරුවන් සහ ඊයේ පෙරේදා අලුතින් උපන් ඒ අහිංසක කිරි කැටියාගේත් අනාගතය ණය බර නැති සුන්දර විමනක් බවට පත්කාෙට දෙවනි මුනුබුරා හෝ මිනිබිරිය දකින්නට කලින් වලකජ්ජ ගසයිද දන්නේ නැති අාසියාවේ අාශ්චයිර්යමත් සීයාට සැනසිලි සිතින් අවසන් ගමන් යන්නට සැනසිල්ල උදා කර දෙන බවට ශපථ කරමු.

ද්වේශ සහගත ප්රකාශයක් නොවේ, සත්තයි.
රටේ ජාතියේ මුතුන් මිත්තන්ගේ අභිමානය රකිනු පිනිසයි.

ස්තුතියී. සැමටම තෙරුවන් සරනයි. මව් බිමට විශ්ව මාතාවගේ පිහිටයි.

සෝභිතාවතාර යේ අණ පරිදි සෝභිත අාතූරයා සත්පුරවැසියා විසින්
2019/11/02 දින - රාත්රී 11.28 ට...


*මූද ගොඩ කර බඩ/කට අල්ලාගෙන රට දියුනු කරන්නට බලා සිටිනා පෝට් සිටියට පොඩ්ඩක් එහායින් අැති මව්බිමේ රත්තරන් මුහුනේ පැත්තක් ණයෙන් පොඩි කොටසක් පියවාගෙන චීනා සැදූ අර සහරාන්ගේ බෝම්බය පිපිරුනු හෝටලයට ඩිංගිත්තක් මෙහායින් තියෙන පරන පාර්ලිමේන්තුවේ එලැඹෙන 2020 නව ජනතාවාදී අාණ්ඩුවේ අතීතයට බලාපානා නීති සැකසීමේ පලමු දෝෂාභියෝගය ලෙස න්යාය පුස්ථකයට අැතුළු කල වගයි*

=================================================================

ප්‍රජාතන්ත්‍රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි 

 

"කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්"

 
(සුජිත් මංගල ද සිල්වා)
“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා ජාත්‍යන්තර ගෞරව සම්මානයට පාත්‍ර විය.


“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස කරු ජයසූරිය මහතා මෙසේ ජාත්‍යන්තර ගෞරවාභිමනී සම්නමායට පාත්‍ර වූයේ එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20 වන සංවත්සරය නිමිත්තෙන් වන අතර ඊට අදාළ ගෞරව සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සෙනසුරාදා (02) අභිමානවත් ලෙස පැවැත්විණ.

"දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා" ජාත්‍යන්තර ගෞරව සම්මානය කතානායක කරු ජයසූරිය මහතාට වෙත පිරිනැමුණේ භාරතයේ "සන්සාඩ්" සංවිධානයේ මහ ලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් මැතිතුමා සහ ඇමරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වූ මුනී ඉරෝනී මැතිනිය ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ මුලිකත්වයෙනි.


“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස ජාත්‍යන්තර සම්මානය දිනා ගනිමින් කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාවට අති විශාල ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් අතර සිය මව්බිමේ ශ්‍රී නාමය සහ එහි අභිමානය යළිත් වතාවක් මුළු ලෝකයටම රැගෙන ගිය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 ඔක්තෝබර් 26 වැනිදා සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයේදී ද,කරු ජයසූරිය මහතා ඊට බිය සුළු,ගැති සහ වංක නොවී ඊට එරෙහිව රට ජනතාව වෙනුවෙන් ඍජුව සිටිමින් එම කුමන්ත්‍රණය පරාජය කරවා සිය නීති ගරුක,යුක්ති ගරුක සහ ප්‍රජාතන්ත්‍රවාදී භාවය රටට ජනාතවට වගේම මුළු ලෝකයටම මනාව ඔප්පු කළ බව ද ඔවුහූ පැවසූහ.


ඒ අර්ථයෙන් කරු ජයසූරිය මහතා රටට,ජනතාවට සහ එක්සත් ජාතික පක්ෂයට අභාරණයක් වගේම ගෞරවයක් බව ද,මේ මොහොතේ මෙම ජාත්‍යන්තර ගෞරව සම්මානය දිනා ගැනීමට ඔහුට හැකිවීම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක් වනු ඇතැයි ද එම දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් අවධාරණය කළහ. 

Link - 

No comments:

Post a Comment