Wednesday, October 30, 2019

*#සෝභිතාවතාරයෙන් නියත විවරණයට අධ්‍යාත්මික හරයක්...

සෝභිතාවතාරයෙන් නියත විහරණයට අධ්‍යාත්මික හරයක්...

*#සෝභිතාවතාරයෙන් නියත විහරණයට අධ්‍යාත්මික හරයක්...
******************

*#සෝභිතාවතාරයේ ආතුරයා සත් පුරවැසියාගේ ජීවන පුරුද්දක් වන්නේ...

*#දෙවියන් හට අල්ලස් ලබා දීලා කිසියම්ම හෝ දෙයක් මොන යම් අපහසු අවස්ථාවකදී හෝ නොඉල්ලීම... නොපැතීම.

*#බොහෝ මිනිසුන් දෙවියන් හට අල්ලස් ලබා දී බොහෝ දේ ලබා ගන්නට කල්පනා කළද.. උත්සාහ ගත්තද... ආතුරයා ඒ ප්‍රතිපත්තිය කිසි කලෙකත් භාවිතා නොකරයි.

*#ඔහු එවැනි වූ.. සද්ධර්මයට උචිත නැති වූද.. ස්වභා දහමේ මූලයන්ට පටහැනි වූද.. කටයුතු වලට බොහෝ සේ බිය වෙත්..

*#සෝභිත ආතුරයාගේ තවත් වැදගත් ප්‍රතිපත්තියක් වන්නේ..

*#ජනාධිපති හෝ ඕනෑම ජගතෙකු හමුවට අවශ්‍ය වූවහොත්.. එය, මන්ත්‍රී, මැති ඇමතිවරු හෝ කබල්ලෑවන් ලව්වා ඉෂ්ට කර නොගැනීමයි. ඔහු කෙලින්ම ජනපති හෝ සක්විති රජු හෝ වයිට් හවුස්, බකිංහැම් වෙත හෝ නොබියව තනිවම (හමුවට) යයි.

*# ප්‍රතිපත්තිය ඔහු එසේම අනුගමනය කරමින් ලෝ පාලන දෙවියන් (*#මාගේ දැක්ම සහ දර්ශනයට අනුව විශ්ව මාතාව නොහොත් සොබා දහම) වෙත කිසියම් හෝ දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවහොත්...

*#දේවාල වල සිටිනා හොර කපුවන්ගේ කර මතින් යනු නොලබයි. කෙලින්ම විශ්වයට ආමන්ත්‍රණය කරනු ලබයි. ඉන් මහඟු ප්‍රතිඵලද ලබයි.

*#සත් ගුණවත් මිනිසුන් හට විශ්වය තුළ පවතින ස්වභා දහමේ ඇල්ම, බැල්ම, ශක්තිය, ආශිර්වාදය, නිරතුරුවම හිමිවේ.

*#නමුත් ඒ යථාර්ථය අවබෝධයේ නොමැති හෝ නොපිළි පදින්නන් ගෙන් දෙවියන් අල්ලස් ලබා ගෙන ඔවුන් ඉල්ලන දේවල් අතරින් දිය හැකි පුංචි, පුංචි දේවල් කිසිවක් ලබා දුන්නද, ඒ හැම කෙනෙක්වම විශාල පරික්ෂාවකට ලක් කරනු ලබයි.

*#නමුත් ලබා ගන්නා ඒ අල්ලස් වලින් මනදොළ පුරවා ගනුයේ දේවාලවල සිටිමින් දෙවියන් විකුණනා තක්කඩියන්ය. 

*#තම තමන් තුළ පවතින විභව ශක්තිය අවබෝධ කර ගත නොහැකි, තුලනය කර ගත නොහැකි, අඥානවන්ත මිනිසුන් සැබෑ යථාර්ථය අවබෝධ කර නොගෙන හෙට දවසේදීත් තක්කඩියන්ගේ සරණ පතයි. ඔවුන්ගේ පසු පස යයි..

*#අහේතුව වන්නේ චිරාත් කාලයක සිට මෙම දුර්ගුණය පැවත ඒම සහ අමනෝක්ඥ මිනිසුන් විසින් අනාගතය කරාද එය කරපින්නා ගෙන යාමය.

*#කෙසේ නමුත් නොදැනුවත් කම නිසා හෝ මනුසතා විසින් දෙවියන් හට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීමේදී සිදුවන හානිය වන්නේ...

*#විශ්ව මාතාවගේ මහානුභාවයෙන් මෙලොව එළිය දකිනා මනුසතා හට ස්වභා දහමේ උරුමයෙන්ම දායාදව ඇති බොහෝ දෑ අහිමි වීම පමණි.

*#අල්ලස් ලබා දී ඉල්ලන දෑවලින් අල්පේච්ඡ යක් පමණක් ලබා දී උරුමව ඇති නියත බොහෝ දේ ආපසු ලබා ගනී. (*#සුපිරි කෝටා කපා හරී)

*#දෙවියන් වහන්සේ බොහෝ සේ ආදරය කරනා අයව විශාල පරීක්ෂාවන් හට ලක් කරනා බවට බයිබලයේ කියමනක් ඇතැයි අසා තිබේ.

*#දෙවියන්ගේ අසීරු පරීක්ෂාවන් හට අප ඉතාමත් උපේක්ෂා සහගතව මුහුණ දිය යුතුය. එවිට සද්භාවයෙන් යුත් මනු සතුන් හට දේවාශිර්වාදයට පාත්‍රවිය හැකි වන්නේය.

*#එමෙන්ම මනු සතුන් හට කුමන කස්තිරම් ඇල්ලුවද හිමි වනුයේ උරුමව ඇති දේ පමනි. අහිමි කිසිවක් කිසිදාකත් හිමි නොවේ.

*#දෙවියන් හට අල්ලස් දී ලබා ගන්නා දේවල් දඩ පොලීද සමගින් කොයියම් මොහොතක හෝ නියත ලෙසම ආපසු ගෙවීමට සිදුවේ. එහිදී සමහර විට හිමිව තිබුණු බොහෝ දෑද අහිමි විය හැක.

*#මනු සතුන් නිරන්තරවම තමන් හට හිමි දෙයින් පමණක් සෑහීමට පත් වන්නට තරම් විනය ගරුක වන්නේ නම්ද.. උපේක්ෂා සහගත වන්නේ නම්ද, මානව සමාජය මෙතනම් අරාජිකත්වයකට කිසි කලෙකත් නොපිවිසෙනු ඇත.

*#මීටත් වඩා යථාර්ථයක් මාගේ ජිවිතයේ ගෙවුණු දශක හය තුළ මිහිපිට මා දැක නැත.

*#පරම පවිත්‍ර යථාර්ථවාදී වූ ප්‍රායෝගික සත් ධර්මය තෝරා බේරා ගත හැකි බුද්ධිමතුන්ට පමණයි.

*# 2019/10/30 - අලුයම 00.30 ට නියත විවරණ තැබූ වගයි.

sobithawathara.blogspot.com www.facebook.com/sobithawathara www.facebook.com/sathpurawasiya
 
email - sathpurawasiya@gmail.com

No comments:

Post a Comment