Wednesday, October 30, 2019

පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!

පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!



*#පොදු මහත් සමස්ත ජනතාවගේ කැමැත්තට ඉඩක්..!
************************


*#සෝභිත ආතුරයා සත් පුරවැසියා කොයි කවුරුත් අවධාරණය කරගත යුතු සටහනක් අවංක විකල්පය *#පමණක් නියෝජනය කරමින් මේ හා සමගම තැබූ වගයි...

*#පවතින අරාජිකත්වයෙන් සමස්ත ජනතාව මුදවා ගැනුමට විකල්පීය වූ අවංක, පාරදෘශ්‍යය වූ අප සැම.. දිවි දෙවැනි කොට ගන්නා මේ උත්සාහය සමස්ත පීඩිත මහජනතාව වෙනුවෙනි මුලු හදවතින්ම.

*#එය තේරුම් ගැනීමට ලක්ෂ එකසිය හැටකට මදක් අඩු ඡන්දදායක ජනතාව වග බලා ගත යුතුමය. බන්දේසියක තබා කිසිවක් ලැබෙන්නේ නැත. එය ලබා ගැනීමට අඩු තරමින් ඔවුන්ට උවමනාවක්වත් තිබිය යුතුය.

*# බැව් කැපකරුවන් හට කිසියම් ප්‍රමාණයකට හෝ දෘශ්‍යමාන විය යුතුය. එවිට එය ඔවුන්ට මහත් ධෛර්යයක් වනු ඇත.

*#ගමේ ගොඩේදී පොදු කටයුත්තකදී උවත් ආත්මාර්ථකාමී මිනිසුන්ගේ සිරිත වන්නේ බිලි බෝයිලා විසින් ඉටු කර දෙන තෙක් එය නොදැක්කා වගේ සිටීමය.

*#ආතුරයා ඇතුළු සමස්ත විකල්පයේ සැමටම කොහොමත් යමක් නැතුව නොවේ. පිටරටකට යන්නට වුවද බැරුව නොවේ. මෙරටෙහි වුවද ඉතා යහපත් දිවියක් ගෙවීමට නොහැකිව නොවේ. අරාජිකත්වයට පත්ව තිබූ රටක පැවැති ගිරි දුර්ඝ මැදින් ඔවුන් තම ස්වාධීනත්වය ගොඩනගා ගෙන ඇත.

*#ඒ වගේම ආතුරයා ඇතුළු *#අවංක විකල්පයේ සැවොම සමස්ත පීඩිත ජනතාවගේ තිරසාර විමුක්තිය වෙනුවෙන් දිවි දෙවැනි කොට කැප වී සිටින්නේ විශ්‍රාම සුවයෙන් සැපෙන් සිටිය යුතු වන කාලයක දහසක් දුක් කරදර කම්කටොලු අත්විඳ වර්තමානයේ සිටිනා යහපත් තත්ත්වයට සපැමිණ ඇති පසු බිමක් තුළ බව විමුක්තිය ඉල්ලා හඬා වැටෙන්නන් කිසිසේත් අමතක නොකළ යුතුය.

*#නමුත් සාමූහික විකල්පීය අපගේ ඒ වටිනා සුව පහසු ජීවන සන්දර්භයන් පවා පසෙකලා හදවතින්ම උත්සාහ ගන්නේ සරණක් නොමැති අසරනයින් හට පරහිතකාමී සිතින් සදාතනික විමුක්තියක් අත්පත් කර දීමටය.

*#එවන් උත්සාහයකදී ජීවිතයට බරපතළ හානියක්, තර්ජනයන් ඇති වුවද.. අවසානයේ කෘතගුණ වෙනුවෙන් *#ජීවිතය අහිමි වුවද එය ප්‍රශ්නයක් කර නොගනිමි.

*#ඒ මන්ද යත් සමස්ත විකල්පය විශ්වයේ සිට මෙලොවට සපැමිණ ඇත්තේ එම භාරදූර කර්තව්‍ය, යුග මෙහෙවර වෙනුවෙන්ය යන ගැඹුරු ආධ්‍යාත්මික වැටහීම නිසාය.

*#ඒ කෙසේ වෙතත් සත් භාවයෙන් යුත් සමස්ත විකල්පයේ පරහිත කාමීන්ගේ විනිවිද භාවයෙන් යුත් පාපෝච්චාරණය එසේ දිගහැරෙත්දී...

*#පාස්කු ප්‍රහාරයෙන් පසු 225 ම එපා යැයි හඬ, හඬා කෑ මොර දුන් සියල්ලෝම *(ඉහළ සිට පහළට)* දැන් නිහඬය. එය ඔවුන්ගේ ආත්මාර්ථය විය හැක...

*#ගේම ගහලා දෙන තුරු උසි ගන්නපු කූට කැස්බෑවුන් වැල්ලේ හිස ඔබා ගෙන සිටියද උන්ගේ පස්සා පැත්ත එළියෙ බව උන් තවම නොදනී.

*#නමුත් දෑසට අමතරව පවතිනා තෙවැනි ඇසත්.. ඊටද අමතරව දෙකන් පෙති වල ඇති ඇස් සහ කෙස් ගස් පුරාම ඇති ඇස් දස දහසක් තුළින්ද අප ඒවා දැක හමාරය. නොදැක්කා වගේ, නොදැනුනා වගේ සිටියාට...

*#එම නිසා 2019/12/31 දින මධ්‍යම රාත්‍රි 12.00 කනිසමෙන් පසු සදහටම සමාජ මෙහෙවරයන් ගෙන් සමු ගැනීමට අපේක්ෂිත විකල්පයෙන් සුදුසු ප්‍රයෝජනයක් ඇත්නම් පමණක් ඉක්මනින් ලබා ගනිත්වා...

*#යලි කිසිදා නොලැබෙනා මෙම මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වැටුප් වරදාන කිසිවක් අපේක්ෂා නොකරනා සාමූහික විකල්පයේ කර මතින් විමුක්තිය උදා කර ගැනීම අවශ්‍ය නොවේ නම්...

*#එය අවාසනාවන්ත ජාතියක දෛවය හෝ ඉරනම පිළිබඳ ප්‍රශ්නයක් මිස.. කිසිසේත් සාමූහික විකල්පයේ මතු පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.

*#එම නිසා විමුක්තිය ඉල්ලා පෙළ ගැසෙන්නා වූ බහුතරයක් වුවහොත් පමණක් ඒ සැම වෙනුවෙන් නියත ලෙසම ඔවුන් පතනා විමුක්තිය අත් කර දීමට විකල්පයේ අප සැම අවසන් හෝරාවත් ගත වන තුරු ඇප කැප වී සැදී පැහැදී සිටිමු.

*#නමුත් තිරිංග නොමැතිව දුවන කෝච්චියකට අනවසරයෙන් හෝ බලහත්කාරයෙන් හෝ පනින්නට සාමූහික විකල්පයට හෝ ආතූරයාට හැකි වේද.. සෝභිත හිමියන් කිව්වා වුවත්, ජනතාවට ඇවැසි නොවේ නම්...

*#අවසන් වශයෙන් තැබිය යුතු නියත සටහන වන්නේ...               *********************                               
*#පාලක පාලිකාවන් ඇතුළු සමස්ත ජනතාව ඉතාමත් මැනවින් සිතා බලා ලැබී ඇති මේ මහඟු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබා නොගත හොත් මතු කවරදාකවත් ශ්‍රී ලංකාව නමැති මුතු ඇටයට යහපත් වූ සුන්දර අනාගතයක්.. සාධාරණ සමාජයක්.. යනු මිරිඟුවක් පමණක් වනු නියතය.

*#ඒ ශාප කිරීමක් නොව අනාවැකියකි.. තුන් කල් දැක්මකි.. එළැඹීමට නියමිත අනතුර, අවදානම නුවණින් දැකීමකි..

*#සෝභිත ආතුරයා සත් පුරවැසියා නොහොත් *සෝභිතාවතාර* කොයි කවුරුත් අවධාරණය කරගත යුතු සටහනක් තැබූ වගයි... 

sobithawathara.blogspot.com www.facebook.com/sobithawathara www.facebook.com/sathpurawasiya
 
email - sathpurawasiya@gmail.com 

2019/10/15x updated.. - 2019/10/30*

No comments:

Post a Comment