Sunday, September 29, 2019

රබර් බෝලයක් කෙතරම් කාලයක් දියයට ඔබාගෙන සිටියද කෙදිනක හෝ එය දිය මතු පිටට පැමිනීම ස්ථිර සේම සොභා දහමේ නොවෙනස් කල හැකි මූලධර්මතාවයන්ද කෙදිනක හෝ යථාර්තයක් වීම හෙට පායනා හිරු සඳු සේම නිස්චිතය. - සෝභිතාවතාර / Sobithawathara - 2019/09/29

රබර් බෝලයක් කෙතරම් කාලයක් දියයට ඔබාගෙන සිටියද කෙදිනක හෝ එය දිය මතු පිටට පැමිනීම ස්ථිර සේම සොභා දහමේ නොවෙනස් කල හැකි මූලධර්මතාවයන්ද කෙදිනක හෝ යථාර්තයක් වීම හෙට පායනා හිරු සඳු සේම නිස්චිතය.

රබර් බෝලයක් කෙතරම් කාලයක් දියයට ඔබාගෙන සිටියද කෙදිනක හෝ එය දිය මතු පිටට පැමිනීම ස්ථිර සේම සොභා දහමේ නොවෙනස් කල හැකි මූලධර්මතාවයන්ද කෙදිනක හෝ යථාර්තයක් වීම හෙට පායනා හිරු සඳු සේම නිස්චිතය.

නමුත් රටේ පුරවැසියෙකු ලෙස මා හට මහත් ගැටළුවක්ව අැත්තේ ඒ වන විට අපගේ දේශය යලි ගොඩ ගත හැකි ස්ථරයක පිහිටා පවතීද යන්න පමනි...!


ව්යාකූල නියායන්ටවත් හසු නොවුනු ඒ ඒ සංවිධානයන්හි (හිමිකාර) නායකකාරකාදීන් නුදුරු පාර්ලිමේන්තු මැතිවරනයේ සිහින අගමැති, අැමති, මන්ත්රී පත්වීම් පතාගෙන තම තමන්ලාගේ හෘද සාක්ෂිය තුල සඟවා ගත් අවස්ථාවාදී පටු අරමුනු පසෙකලා අන් සියළු විකල්ප කණ්ඩායම් සහ සර්ව අාගමික නායකකාරකාදීන් හා රට අභිමුව අැති මේ මහා තීරනාත්මක අරාජික කඩඉම සම්බන්ධයෙන් සාමූහික වූ අවංක ගැඹුරු කතිකාවතකට ගොස් සුදුසු කාලීන තීරන ගනු වෙනුවට ඒ සියල්ලන්ද මුලා කොට තම වටිනා අපේක්ෂකයින්ගේ පුද්ගල ප්රතිරෑප සහ ඒ අයගේ අනාගතයද විනාශ කොට මහා ශබ්ද දමා පාට පාට ලයිට් පෙන්වා සිදු කරනා මේ ජාතික අපරාධය සුලු කොට තැකිය යුතු නැත. සොබා දහම පවා මුලා කරනා මෙය මහා ජාතික පාපයක් ලෙසයි රටේ පුරවැසියන් ලෙස අපට පෙනී යන්නේ.

කිසිදු සාමූහිකත්වයක් නොමැති විකල්ප කණ්ඩායම් ගනනාවක් නිසා රට තිබුනාටත් වඩා ගැඹුරු ප්රපාතයකට අැද වැටීම වලක්වනු මැනවි දෙවියනි...

රට සහ දුකට පත් සමස්ථ ජනතාව දිනවීම කෙසේ වෙතත් තම තමන් දිනවීමේ අවස්ථාවාදීන්ගේ තරඟයක් අතරට බලහත්කාරයෙන් පිවිස සියලු ජයග්රාහකයින්ගේ චන්ද කඩා රට වල පල්ලට යැවුවා යැයි අභූත චෝදනා අාතූරයා කුමට නම් අසන්නද ජීවිතයේ මෙතෙක් කාලයකට කිසිවෙකුගෙන්වත් වචනයක් අසා නැති අහිංසක මා සෝභිත හිමියන්ගේ අාත්මය බල කලා උවත්...!

එසේ හෙයින් ඒ පිලිබඳව අනිසි මැදිහත් බවක් බලහත්කාරී චේතනාවෙන් අැති කරලීම මා හට අකැප බව පුද්ගලික හැඟිමයි.

කෙසේ වෙතත් NPM හි වත්මන් නාමික අපේක්ෂකයා සහ ලැයිස්තුගතව සිටි පෙර අපේක්ෂකයින් සියල්ලෝම ප්රායෝගිකව සලකා බැලූ කල නියත සුදුස්සෝ වෙත්. ඒ බව අවිවාදාත්මකයි. ඒ සියල්ලන් වෙනුවෙන් හද පිරි අවංක සුභාශිංෂනය සහ නියත ජය පතමි. නමුත්....!! මෙවන් විවෘත තලයන්හි පෙන්වා දිය නොහැකි කරුනු කාරනාද තව බාෙහෝමැයි...

නමුත් NPM හි ලොකුම විහිළුව වන්නේ ඔවුන්ගේ අකලංක නිර්නායක 14 ට සිදුවූයේ කිමෙක්ද යන්නයි.? දෙවැනි විහිළුව වන්නේ උගත් ගණිතඥයාගේ අනාවැකිය හෘද සාක්ෂියට අනුව නිවැරදිද යන්නය.? වැදගත්ම විහිළුව වන්නේ දශක ගනනාවක ඉතිහාසයක් අැතැයි පුරසාරම් දොඩනා සර්වෝදයේ අයිතිකාරයින් දෙපලට තවත් සංවිධාන 30 ක් සමග ඒකරාශීව උවද ඩිජිටල් තිරයෙන් වැසී ගිය සුගතදාස ගෘහස්ත ක්රීඩාංගනයේ 4 වැනි පැත්ත පසෙකලා ඉතිරිව තිබුනු තුන් පැත්තවත් බස් වලින් සෙනග පැමිනියද නොපිරී ගියේ මන්දැයි යන්නය. 

ඒ නිසා පෙන්වා දිය යුතුව අැත්තේ මෙවන් අක්ඥානවන්ත විහිළු වැඩවලින් සිදුවන්නේ වටිනා චරිත 3 ක පවතිනා අභිමානවත් ප්රතිරූපයන් සෝදා පාළුවට ලක්වීම පමනි. ඒ නිසා ඉදිරි ක්රියාමාර්ගයන්හිදී ව්යාකූලත්වයෙන් ඔබ්බට පිවිස ජයග්රාහී ඉලක්කයන් සපුරා ගන්නා ලෙස ඉතාමත් අාදරයෙන් යෝජනා කරමි. අමනාප නොවන්න. තිත්ත අැත්ත මෙය නිසයි කියන්නේ යහපතට..

පෙරහැර නිසි ලෙස පෙනෙන්නේ පෙරහැරේ ගමන් කරන්නන්ට නොව පෙරහැර බලා සිටිනා මග දෙපස සිටිනා ජනතාවටය. ඒ නිසා සමාජයේ සිදුවනා සියල්ලම මැනවින් දෘශ්යමාන වන්නේ ඒ සමාජ  කටුකත්වය හා දිවි ගෙවනා සාමාන්යය ජනතාව වන අප හටය.

කෙසේ වෙතත් බල ලෝභයක්.. නිල අාශාවක්.. නිසා බෙදී වෙන්වී අැති රට සහ ජනතාව තව තවත් බෙදුවා යන චෝදනාවකට ලක් වීමටද අාතූරයාට අවශ්යය නැත්තේ උවමනාව සොභා දහමේ නම් ඉතිරියේ වගකීම අැත්තේද සාෙබා දහම තුලම බැවිනි. මා සොබා දහමේ දුහුවිල්ලක් මිස සොබා දහම නොවේ. මා ඒ බැව් මොනවට පසක් කර ගත් අාර්යය අශ්ඨාංගික මාර්ග පල දැනටමත් අතික්රමනය කොට අැත්තෙක්මි. ඒ නිසා මා හට අත් හැරිය හැකි දෙයක් නොමැත මිහිපිට මා වඩාත්ම ප්රිය කරනා මේ සරල දිවිය ඉක්මවූ...

රුපියල් දහස් ගනන් වැය කොට (Digitel Colour Prints ) සකස් කර ලියා පදිංචි තැපෑලෙන් අතටම යැවූ ලිපි ලේඛන කෙරෙහි අවධානය යොමු කරලීමට අති උතුම් ගරු මැල්කම් රන්ජිත් කාදිනල් උතුමන්ට ලැබුනාදැයිදවත් නොදත් සහ එතුමන්ගේ පුද්ගලික ලේකම් දුරය හොබවනා ගරු ඩෙනින්ටන් සුභසිංහ දේවගැති තුමා දුරකතන අැමතුම් නොතකයිනම්ද.. බොහෝම අමාරුවෙන් අල්ලාගෙන තත්ත්පර ගනනක් ලබාගෙන පෞද්ගලිකව දැනුවත් කල භද්දිය හිමියන්ට පවතිනා ජාතික අරබුදයට දායක වීමට වඩා රට රටවල්වල (youtube) බන දෙසන්නට යාම වඩා වැදගත් නම්ද, සිරස මාධ්යය ජාලයේ මහා දේශපාලන වීරයා රොෂාන් වටවල රටේ පුරවැසියෙකු වන මා හට සමස්ථ රට වැසියන් සහ තම ජාලයේ ප්රේක්ෂක ප්රජාවට අාමන්ත්රනයක් සිදු කිරීමට අවස්ථාවක් නොසලසා මගේ ඒ වටිනා ලේඛන කසල බදුනට දමා අැත්නම්ද... අපේ මුදල් වලින් ජීවත් වන ජාතික මාධ්යය සියල්ල මුනිවත රකීයී නම්ද.. සහ වෙනත් තව බොහෝ දෙනෙකු හට රට හමුවේ උදාවී අැති මේ තීරනාත්මක අවස්ථාව පිලිබඳව විදිමත්, හරවත්, සාමූහික කථිකාවතක් අැරඹීමේ උවමනාව තවමත් නැත්නම් රටේ සාමාන්යය පුරවැසියෙකු ලෙස රට දැය වෙනුවෙන් මා හට යාහැකි දුර මෙපමන නොවේද...???

කොහේවත් සිටිනා අහිංසකයෙකුට රට දැය වෙනුවෙන් උවත් තරඟකාරීත්වයක් අැවැසි නැත. අරමුන විය යුත්තේ කවුරුන් හෝ සමස්ථ පීඩිත ජනතාවගේ "අපි වෙනුවෙන් අපේ" ගිලිහී අැති විමුක්තිය යලි අත්පත් කර දීම පමනි.


කුමක් කෙසේ වෙතත් හද පිරි සතුටක්ව අැත්තේ අාතූරයා මේ වන විට ජාතික සහ සියළු විකල්ප ක්රීඩකයින්ගේ සියළු ක්රීඩා පිටිවල සියළු තණ තිලි ක්රක්ක්රමයෙන් ජනතාවාදී ඉලක්ක වැඩි ප්රමානයක් දිනා දීම වෙනුවෙන් සකස් කරවීමට සමත් වී අැති බව දකිනා විට හදවත ඉමහත් සතුටින් ඉපිල යයි.

කිසියම් අකමැත්තකින් උවත් අවසානය දක්වා කියැවූ සැමටම තෙරුවන් සරනයි. සොබා දහමේ පිලිසරනයි.

ස්තුතියී.
සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා නොහොත්...
සෝභිතාවතාර / Sobithawathara
2019/09/29

No comments:

Post a Comment