Tuesday, October 1, 2019

සහෝදර සහෝදරියනි මා පිය දූ දරුවනි... අද 2019 ඔක්තෝම්බර් මස පළවෙනිදා. මේ අහන්න හොඳින් තේරුම් ගන්න. ඔබ අප සැමගේ සමස්ත වේදනාව දශක හතක් පුරා අපි සැම එකසේ විඳී මේ පීඩාව අපේ මතු පරපුරට උරුම කර දෙන්න බෑ. මෙවර දිවි පුදා හෝ අපි ඒ හැරවුම් ලක්ෂය කරා යා යුතුයි. ඒ උදෙසා රටේ සමස්ත ජනතාව සූදානම් නම් ඊට පෙරමුණ ගන්න මා සූදානම්... සෝභිතාවතාර


සහෝදර සහෝදරියනි මා පිය දූ දරුවනි...
*****************************************************************
අද 2019 ඔක්තෝම්බර් මස පළවෙනිදා.

මේ අහන්න හොඳින් තේරුම් ගන්න. ඔබ අප සැමගේ සමස්ත වේදනාව දශක හතක් පුරා අපි සැම එකසේ විඳී මේ පීඩාව අපේ මතු පරපුරට උරුම කර දෙන්න බෑ.

මෙවර දිවි පුදා හෝ අපි ඒ හැරවුම් ලක්ෂය කරා යා යුතුයි.

ඒ උදෙසා රටේ සමස්ත ජනතාව සූදානම් නම් ඊට පෙරමුණ ගන්න මා සූදානම්...

කැමැත්තක් නැතුව අකමැත්තෙන් තම තමන් ලාගේ මව්බිම දමා විදෙස් රට වලට වී ඔබ සැම විඳින චිත්ත පීඩාව මා නොදන්වා නොවේ.

විදෙස් රටවල සිටින මගේ සහෝදර සහෝදරියන්ගෙන්ද මා ඒ තත්ත්වය හොඳ හැටි අවබෝධ කරගෙන සිටිනවා.

මගේ වයස අවුරුදු හැටයි. එයින් හතළිස් පහක් මට හොඳටම මතකයි. මගේ ජීවිතේ විනාශ වෙලා තියෙන්නේ මේ රටේ මේ සමාජ අසාධාරණයෙන් යුත් දේශපාලන ක්‍රමය නිසයි.

විදෙස් රටවල සිටින මගේ සහෝදර සහෝදරියන් නැත්තං මගේ ජීවිතේ මෙලහකටත් අවසානයි.

සිදුවුණු සෑම ආර්ථික ගරා වැටීමක් හමුවේදීම අපගේ පුංචි ව්‍යාපාර කඩා වැටුනා. බැංකු ණය ගෙවා ගන්න බැරිව අපේ ගෙවල් දොරවල් සින්න වෙන්න ගියා. අපිව පාරට වැටෙන්න නොදී බේරා ගත් අපේ සහෝදර සහෝදරියෝ.

ඉතින් දැන් මං කල්පනා කරනවා මම ජීවත් වුණා ඇති කියලා. මට දැන් ඕන කරන්නේ ජීවිතේ පුදල හරි මගේ සහ ඔයාලගේ දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම පිණිස සැමට එකසේ සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහා මේ කාලකන්නි දේශපාලන ක්‍රමයෙන් ගලවලා නවීන ලෝකයට ගැලපෙන සිස්ටම් චේන්ජ් "Sydtem Change" එකකට යා යුතුයි කියලා. ඒ සැලසුම් සියල්ලම මගේ අඩවියේ තියෙනවා ගිහිල්ලා බලන්න. බොහෝ විට ඔයාලා මේවා සේරම දැකලා ඇති දැනටමත්..

ඒ වෙනුවෙන් මම පහුගිය වසර පහේම කැප වුණා. එළිවෙන ජාමෙ වෙනකන් නිදිමරාගෙන වැඩ කළා. කෑම බීම බේත් හේත් ගැනවත් හිතුවේ නෑ. නමුත් මේ වෙනකොට මගේ සටන හොඳ ප්‍රවේශයකට ගේන්න මම සමත් වෙලා තියෙනවා. දැන් ඉන්න විකල්ප කණ්ඩායම් කියන ගොඩක් ඒවා මගෙන් කොපි කර ගත්ත ඒවා. මගේ සටන් පාඨ. එයාලා මුලින් කියපු සටන් පාඨ සහ දැන් කියන ඒවා බලපුවම ඕගොල්ලන්ට එක තේරෙයි. සෝභිතාවතාර නාමය අදෘශ්‍යමාන නිසා එයාල හිතේ මම හැමදාම හැංගිලා ඉන්නේ කියලා. නෑ මම නියම වෙලාවට මගේ ජනතාව සමග එළියට එනවා. අද මේ ඒ පළවෙනි වෙඩි මුරයයි. 

මගේ බ්ලොග් අඩවිය වන්නේ...
මගේ ෆේස් බුක් පිටු වන්නේ...
මගේ ඊමේල් එක..
මගේ රාජකාරි නිල වෙබ් අඩවිය..
www.aquariumconsultant.com එහි facebook ෆේස්බුක් ලින්ක් එකට ඒකෙන්ම යන්න පුළුවන්. මට ඉක්මනට ඔයාලගේ ප්‍රතිචාරය අවශ්‍යයි. අද ඉදලා අපි පළමු පියවර තැබිය යුතුයි.

මෙහෙ ඉන්න විකල්ප කණ්ඩායම් ගොඩකට මම මේ වෙනකොට විවිධ පණිවිඩ යවල තියෙනවා. නමුත් ඒ හැමෝම කල්ලියක් නිසා බලන් ඉන්නේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ දිහායි. අගමැති ඇමති මන්ත්‍රී පටන් ගන්න බලාගෙන කෑදර කමෙන්. උවමනාව තියෙන්නේ අපි වෙනුවෙන් නෙමේ එයාලා වෙනුවෙන්. නමුත් පෙන්නන්නේ අපි වෙනුවෙන් කියලා. 

නමුත් ඒ එක්කෙනෙක්වත් මම ඉදිරිපත් කරපු අපිට වැදගත් වන අපේ ප්‍රශ්න තුනටම අද වෙන තුරු පිළිතුරු දීලා නෑ. 

වසර  5 ක් අන්තර් ජාලය පුරා මම අනුවර්තන නාමයකින් පෙනී සිටියා. නමුත් දැන් මම එලියට ඇවිල්ලයි ඉන්නේ. මට කවුරු වෙඩි තැබුවත් කවුරු පිහියෙන් ඇන්න කමක් නෑ. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සැමගේ ගොඩටම තවත් නර බිල්ලක් වී හෝ එවැනි අරාජික තත්ත්වයකට මේ රට ආපසු ගෙන යන්න දෙන්න බෑ.

ඒ නිසා අද ඔක්තෝම්බර පළවෙනිදා අපේ ඒ විමුක්තිය උදාකර ගන්න "අපි වෙනුවෙන් අපිම" කැපවෙමු.

මේ රටේ පවතින ජාතික සහ විකල්ප සියලුම කණ්ඩායම් තවමත් ඉන්නේ එක බල අරගලයක. ලොකු බල සූදුවක. ඔවුන් හැම එක්කෙනෙක්ම බලන්නේ රට සහ ජනතාව රජ කරවන්න නෙමෙයි. තම තමන්ගේ කල්ලිය රජ කරවන්නයි.

මේ සියල්ලන්ටම යස පාඩමක් ඉගැන්විය හැකි වන්නේ පුරවැසියන් වශයෙන් අපි සතු ඒ අපේ පරමාධිකාරි බලය නැතහොත් අපේ "වරම" අපේ අතට යළි ලබා ගැනීමයි.

ඉන් පසු ඒක අපි අපේ ආගමික නායකයින්ට බාර දෙමු. ඊට පසු අපි එයාලට කියමු අපේ රටේ අපි අතර ඉන්න උගත් විද්වත් නැණවත් බුද්ධිමතුන් රැස් කරලා අපිට ගැලපෙන හද ගැස්මට උචිත මතු පරපුරට වැඩ දායක සැමට එකසේ සැපෙන් සතුටින් සමාදානයෙන් ඉන්න පුළුවන් පාට පක්ෂවලට අපිව බෙදපු හණමිටි දේශපාලන ක්‍රමය නොමැති නොබෙදුනු ආණ්ඩුකරණයක් හදන්න කියලා.

ඒ සියලු විස්තර මගේ අඩවියේ තියෙනවා. ඒ සැලසුම් සියල්ලත් මගේ අඩවියේ තියෙනවා. ඔයාල ඔක්කොමල්ලා ඒ සියල්ලම හොඳින් බලන්න. ඔයාලට මොලේ තියෙනවා. අපි මොනවද දැන් කරන්ඩ ඕනෙ කියලා තේරුම් ගන්න. මේ දේශපාලකයෝ එක්කෙනෙක්වත් අපිට දැන් වැඩක් නෑ. ඒ එක්කෙනෙක්වත් අපි ගැන හිතන්නේ නෑ. ඒක දැන් හොඳටම පේන්න තියෙනවා.

එනිසා අපේ බලය අපේ අතට අරගෙන ඒ අය අතර ඉන්න සුදුසු අයට අපි මේක ආපහු බාර දෙමු. නමුත් ඊට කලින් අපි මේ බලය අපේ පූජාසනය මත තියමු. ඒ කියන්නේ අපේ බලය අපේ අතට අරගෙන අපේ ආගමික නායකයන්ට භාරදෙමු. ඉතිරි හරිය එයාල බලා ගනියී. ඉන්පසු අලුත් ක්‍රමවේදයක් අලුත් සංස්කෘතියක් බිහිවේවි මේ රටේ.

ඔයාලා දැන් ඔක්කොමල්ලා එකතු වෙලා ඔයාලා සියල්ලන්ගේම ආගමික නායකයන්ට කතා කරන්න. අපේ සැලසුම් එයාලට ඉදිරිපත් කරන්න. පන්සල් වලට වෙලා පල්ලිවලට වෙලා හිටියා දැන් ඇති කියන්න. අපි වෙනුවෙන් මේ යුග මෙහෙවර අපේ මතු පරපුරටවත් ඉෂ්ට සිද්ධ කරල දෙන කියන්න.

අපෙන් ගිලිහී ගොස් ඇති ඒ අපේ බලය ආපහු ලබාගෙන අපේ ආගමික නායකයින්ට භාර කරලා නොවැම්බර් 17 වැනිදා ආපහු මම ගෙදර එනවා. ඒකයි මම ලේවලින් අත්සන් කරලා දෙන පොරොන්දුව. මම බලයට ආස කෙනෙක් නෙමෙයි. මට ඕනේ ජීවිතේ ඉතුරු ටික කාලයක් ඔයාල ඒ අතරම මේ හිටියා වගේ ඉන්නයි.

මේ රහස දැන් මං මුළු රටටම කියලා ඉවරයි. මම දැන් ඉන්නේ විවෘතව. ඕන කෙනෙකුට දැන් ඇවිල්ලා මට වෙඩි තියන්න පුළුවන් පිහියෙන් අනින්න පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෙමේ. මොකද මම බෞද්ධයෙක් වශයෙන් "ආර්ය අෂ්ටාංගික මාර්ග ඵල" අවබෝධ කරගත්ත කෙනෙක්. මගේ දෛවය හෝ ඉරණම ලියවිලා තියෙන්නේ මම මේ ලෝකෙට බිහි වූ මුල් දිනයේමයි. එක මට අවබෝධ නිසා මම අන් කිසි දෙයකට බය නෑ.

නමුත් මට ශක්තියක් අවශ්‍යයි. ඒ තමයි ඔයාලගේ සහයෝගය. මම දන්නවා ඔයාලා සහ රෝහාන්ලා දෙස් විදෙස් රටවල ඉඳලා මවුබිම වෙනුවෙන් කරන සේවය.

ඔයාලා ඔයාලගේ ලංකාවේ ඉන්න යාලුවන්ට කතා කරලා කියන්න මාත් එක්ක එකතු වෙන්න කියලා. අද ඉඳලා ඉක්මනට ගිහිල්ලා මට සහාය වෙන්න කියන්න. මට කතා කරන්ඩ ඕනා නම් මගේ පිටරටවල ඉන්න සහෝදරයන්ගෙන් මගේ අංකය ඉල්ල ගන්න කියලා රෝහාන්ට කියන්න. අපි අපි අතර විවිධ මතවාද තිබුණත් දේශපාලනික වශයෙන් අපිට හිතන්න වෙලා තියෙන්නේ එකම කඳවුරක ඉදගෙනයි. ඔයාලත් ඒ මතයේ පිහිටලා ඉන්නවා කියලා මම කාලයක් පුරා දැක්කා. ඒවාත් මට විශාල ශක්තියක් වුණා. මම ඒ ගොඩක් දේවල් ෂෙයා කළා.

මම කාදිනල් තුමාට, බද්දිය හිමියන්ට, සිරසේ Sirasa tv රොෂාන් වටවලට, මේ සියලු විස්තර ලේඛනගතවම යවලා තියෙනවා. එයාලගෙන් තාමත් ප්‍රතිචාරයක් නැත්තෙ මොකද කියල මට ලොකු ප්‍රශ්නයක්... එයාලගේ ලේකම්ලා ඒව එයාලගේ අතට දෙන්නැද්ද කියලා මට සැකයක් තියෙනවා...

ඒ නිසා ඔයාලා එන්න මාත් එක්ක එකතු වෙන්න. මම මගේ ජීවිතේ පූජා කරල හරි ඔයාලගේ ඒ විමුක්තිය ඔයාලාට අරන් දෙනවා. මේ අපේ මව්බිම විනාශ කරපු වැරදි ක්‍රම වේදය සහිත ජනාධිපති ධූරයේ මම ඉන්න බලාපොරොත්තු වෙන්නේ පැය ගානක් පමණයි. ඒ තරමට මට ඒ පුටුවයි තනතුරයි ක්‍රමයයි පිළිකුල්.

මේ වැඩේට අපිම බහින්නේ නැතුව හරි යන්නේ නැති බව දැන් අපි හැමෝම තේරුම් ගන්ඩ ඕනෑ. අපිට තියෙන්නේ පොඩි කාලයයි. නමුත් අපිට ඒ ටික කාලයත් හොඳටම ඇති දැම්ම වැඩේට බැස්සොත්.

සැමටම ස්තූතියි සුභ අනාගතයක් සෝභිතාවතාර.
2019/10/01 - අලුයම 6 ට ජනගත කළ වගයි.
..............................................................

No comments:

Post a Comment