Friday, May 3, 2019

$$ අන්තවාදී පාවිච්චියේ (072) පාරා වලල්ල $$

$$ අන්තවාදී පාවිච්චියේ (072) පාරා වලල්ල $$

අප රටේ පැවති සහ පවතිසා සියළුම දේශපාලකයින් දේශපාලනික වාසි තකා අන්තවාදී විය. ඒ නිසා ඔවුන් සෑම කල්හිම පුද්ගලික වාසිය තකා තම ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීම අරබයා සුළු ජන කොටස් පාවිච්චි කරනු ලැබීය නැතහොත්  බිල්ලට ගනු ලැබීය.

එකී සුළු ජන කොටස්වල භාර කරුවන් ලෙස සැලකෙනා ඔවුන්ගේ දේශපාලනික නායකයින්ද තම ප්රජාවගේ අභිවෘද්ධිය පසෙකලා තම පුද්ගලික සුඛ විවරනය උදෙසා අන්තවාදී විය. එපමනකින් නොනැවතුනු ඔවුන් ධනවත් අන්තවාදී රාජයයන් විසින් මෙහෙයවනු ලැබ අන්තවාදීන් බවට පරිවර්ථනය කොට අැති ත්රස්තයින් හා සහ සම්බන්ධ කම් පවත්වමින් අන්තවාදයේ අගතැන් පත් විය. 

ඒ උදෙසා ඔවුන් තම සුළු ජන ප්රජාව උගසට තැබුවා පමනක් නොව මේ වන විට බිලි දී හමාරය. එම ක්රියාවලියේ අනිටු ප්රතිථලය ලෙස ඔවුන් යෙහෙන් වැජබෙත්දී ඔවුන්ගේ උගුලේ හසු උනු උගත් ධනවත්, නූගත් දුප්පත්, අඩු වැඩි වශයෙන් බොහෝ පිරිසක් මේ වන විට මරාගෙන මැරී ජීවිත අහිමි කොට ගෙනද, සියළු දේපල රාජසන්තකව දිවි අැති තෙක් හිරේ විලංගුවේ වැටීමටද පාර කපාගෙන අවසන්ය. ඒ පාවිච්චියේ හොඳ එකය.

නමුත් ඒ මිත්යා දෘශ්ඨිකයින්ගේ අැදහිලි සහ ශ්රේෂ්ඨ කම් තම අභිමතාර්ථයන් සඳහා පාවිච්චි කල දේශපාලකයා සුවසේය. නමුත් ඒ සියළු දේශපාලකයින් හටද පාචිච්චිය පාරා වලල්ලක් වී වැඩේ වැරදී හමාර බව ඉතාමත් මෑතදීම දැක ගත හැකි වනු නියතය.

ධනවත් අන්තවාදී රටවල් අාගම් තුල පවතිනා උතුම් අාකල්ප විකෘති කොට රට රටවල්වල සිටිනා අන්ධ භක්තිකයින් මුලා කර තම යටි අරමුනු ඉටු කර ගැනීම වෙනුවෙන් පාචිච්චි කොට ත්රස්තයින් බවට පරිවර්ථනය කර ලොව පුරා ත්රස්ථ භීතිකාවක් මවා අැත.

එකී භීතිකාව පාචිච්චි කාෙට ලොව පුරා ගොඩ නැගෙමින් පවතිනා පුංචි පුංචි රාජ්යයන් සහ මේ වන විට තමන් හට තරඟකාරී වූද... අභියෝගකාරී වූද.. බලවත් රාජයයන් පවා තම පැවැත්ම ත‍හවුරු කර ගැනුම අරබයා දුර්වල කොට ග්රහනයට නතු කර ගැනීම උදෙසා පාවිච්චි කරමින් සිටියී. එම නිසා මෙවන් වූ $$ / 072 වැනි ත්රස්තයින්ද කලකට පෙර අහිංසක ගති අැතිව සිටි මුත් අන්ධ භක්තිය නිසා බලවතුන්ගේ රැවටුම් බස්වලට මුලාව මරාගෙන මැරෙනා තත්ත්වයට පාවිච්චි වී අැත.

කෙසේ වෙතත් පාචිච්චි වන්නන් සහ පාචිච්චි කරන්නෝ කෙදිනක හෝ සොබා දහම විසින් පාවිච්චි කර විනාශ කර දමනු ලැබීම විශ්වීය මූල ධර්මයක් නිසා අප ඒ පිලිබඳ නොසොයා සිදුව අැති පාචිච්චියේ රඟ පමනක් අධ්යයනය කර බලමු.

උගත් උවත් පොහොසත් උවත්, මෝඩ උවත් දුප්පත් උවත් අන්ධ විශ්වාසය සහ අන්ධ භක්තිය නිසා සහ අසීමාන්තික අාත්මාර්ථය නිසා දෙව්ලොව ගොස් සුර දූතියන්  $$ 072 $$  සමගින් දිව්යය සැප විඳීමට ලැබේනම් සියල්ලන් නැසිය හැකි තරම් අදමිටු පිරිසක් මේ වන විට කල පව් මිහිබටදීම පල දී  $$ / 072 අදෘශ්යයමාන බලවේගයන්ගේ අරමුනු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් පාචිච්චි වී අවසන්ය. (Expire)

ඒ අනු‍ව වෙනත් රටකින් පලි ගැනීමට තිබූ අවශ්යයතාවයක් අප රටේ සිටි අන්තවාදී මෝඩ(චූන්) සුළු ජන පිරිසක් පාචිච්චි කොට $$ / 072 ත්රස්තයින් හෝ ඔවුන්ව පාචිච්චි කරන්නන් තම අරමුන ඉටුකරගෙන අවසන්ය. දැන් ඔවුන් හට අප රටේ අන්තවාදී ත්රස්තයින් අැතත් එකය.. නැතත් එකය. මන්ද යත් ඒ බලවේගයන් විසින් මොවුන් පාචිච්චි කර අවසන්ව අැති බැවිනි.

එහෙයින් දැන් ලාෙව පුරා වෙසෙනා සියළු ත්රස්ත මෝඩයින් හට කදිම පූර්වාදර්ශයක් අත්කර දෙමින් අප රටේ අන්තවාදී ත්රස්තයින් හට යන එන මං නැතිව අැත. මෙරට හෝ පිටරටක හෝ ඔවුන් බේරා ගැනීමටද දැන් කිසිවෙකුත් නැත. සියළු ඥාතීන්ද අහිමිව අැත. තමන්ට පිටුපා අනුන් වෙනුවෙන් පාචිච්චි උනු මොවුන් යලි තමන්ගේ පාචිච්චියට ගෙන දංගෙඩියට බිලි වීමට පවුලේ කිසිවකුද සූදානම් නැත. මොවුන් හට දැන් දේපල ධනය රැකී රක්ෂා අනාගතය යන මේ සියල්ල අහිමිව අැත.

ඒ නිසා අප රටේ සිටිනා අන්තවාදී ත්රස්තයින් සහ ඊට අනුබල දුන් සැම හට දැන් ඉතිරිව අැත්තේ තමන් වෙනුවෙන් තමන්වම පාචිච්චි කොට තම දිවි තොර කර ගැනීම පමනකි.

මොවුන්ගේ හැකියාවන් උපරිම වශයෙන් පාචිච්චි කල $$ / 072 අන්තවාදී නායකයා යැයි කියා ගන්නා සැඟව සිට මිනිසුන් ගැහැනුන් දරුවන් පූජක උතුමන් ඉතාමත් ම්ලේච්ච ලෙස  මරනයට පත් කිරීමට අණ දෙන නිවට නායකයා කාලයකින් හිතට ගතට දැනෙනා ලකුණු ටිකක් දමා ගත් සතුට වෙනුවෙන් වසර ගනනාවක් සැඟව සිටීමට පෙර කලුවට පැවති මුත් දැන් පැසී අැති කෙස් සහ රැවුල් සමගින් කල එලි බැස ලොවටම අැසෙන පෙනෙන සේ  පුරසාරම් දාෙඩා අවසන්ය.

අප රටේ වෙසෙනා අන්තවාදී අවස්ථාවාදී අාත්මාර්ථකාමී පක්ෂ විපක්ෂ සියළු පාදඩ දේශපාලකයින්ගේ ගති සෝභාව මැනවින් හඳුනනා අන්තවාදී $$ / 072 ත්රස්තයින් කල් යල් බලා නිලය හරියටම අල්ලා නොවරදින සේ  බැට් කර ගේම වින් කර අැත.

අවිහිංසක ප්රජාවකගේ මිනී මතින් තාවකාලික ජයග්රහනයක් අත්කර ගත් මුත් සදාකල් පරාජිත අප රටේ අන්තවාදී මිත්යා දෘශ්ඨිකයින් හට සහ අන්ධ භක්තිකයින් හට සෝභිතාවතාර මේ අවස්ථාවේදී අවබෝධ කර දීමට සැරසෙනුයේ එවැනි ලෙස තවත් වරක් කිසිවෙකුගේ පාචිච්චියකට ගොදුරු නොවී උපන් මව් රට සහ ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් පාචිච්චි වන්නට අලුතින් සිතනා ලෙසය.

එලැඹෙන තීරනාත්මක මැතිවරනයේදී නිස්චිත අරමුනක් වෙනුවෙන් ඔබ/අප සැමගේ වටිනා පරමාධිපත්යය බලය පාවිච්චි කොට ඔබ/අප කිසිවෙකුටත් අාදරයක්, කරුණාවක්, ලෙන්ගතු කමක් නොමැති සැමදාම අප රැවටූ අපව පාචිච්චි කර අපහරනය කල අන්තවාදී සමස්ත දේශපාලන ධාරවන් සියල්ල පලවා හැර අපේම වූ අපටම අනන්යය වූ අපේම ජනී ජනයා අතරින් නවමු නායකත්වයක් තෝරා, නවමු අාණ්ඩුවක් බිහි කොට, නවමු ව්යවස්ථාවක් තනා, එක රටක්, එක නීතියක්, එක ජාතියක් ලෙස ජනතාවාදී පාලන ක්රමයක් බිහිකොට සහජීවනයෙන් සහ සමාදානයෙන් විසුමට සියල්ලන්ගේ වටිනා බුද්ධිය පාවිච්චි කරමු.

සෝභිතාවතාර විශ්වයේ සිට නිවනටවත් නොපිවිස ජනතාව සමගින් 2020 අවසන් මහ සටන් පෙරමුනේ....
2019/05/04

No comments:

Post a Comment