Wednesday, April 4, 2018

පරාජයට පත්වනා විශ්වාස භංග වෙනුවෙන් පනතක් ඕනා..! සෝභිතාවතාර යහපාලන ජනයා සමග - 2018/04/04


දහසක් කරදර කම්කටොලු මධ්යයේ තම තමන්ගේ සහ තම දුවා දරුවන්ගේ ජීවිත නගා සිටුවීම උදෙසා මහත් වෙර වීර්යයක් ගෙන ජීවන සටනක යෙදී සිටිනා ජනතාවට වර්තමානයේ පවතිනා විශාලතම හිසරදය බවට පත්ව අැත්තේ මේ අනර්ථවත් විශ්වාස භංග සින්ඩ්රම් මේනියාවය.

ජනතා පරමාධිපත්ය බලයෙන් පාර්ලිමේන්තුවට යවනා ජනතා නියෝජිතයින් බහුතරයකගෙන් ඒ අපේක්ෂා සහ වගකීම්/යුතුකම් කිසිවක් ඉටු නොවනා අරාජික තත්ත්වයකට රටේ දේශපාලන ව්යුහය පත්ව තිබීම ඉතාමත් කණගාටුදායකය.

දශක ගනනාවක් පුරා දේශපාලන ක්රියාදාමයන් නිසා මහත් කෙඩෙත්තුවට පත්ව සිටි දේශපාලනික කටයුතු කාරනා පිලිබඳ යම් අවබෝධයක් අැති සබුද්ධික ජනයාගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉහල තලයකට ගෙන එමින් සෝභිත මාහිමිපානන්ගේ 2015 ජනවාරි 08 වැනි දින පැවති අවිහිංසාවාදී දේදුනු විප්ලවය ජය ගැනුමටත්... පැවති ඒකාධිපති වියරුවට තිත තැබීමටත් හැකි විනි.

නමුත් මේ වන විට වසර තුනක් ඉක්මව ගොස් අැතත් යහපාලන පොරොන්දු ගතවූ කාලයට සාපේක්ෂව බලනා කල පවතින්නේ ඉතාමත් මන්දගාමී පසුබිමකය. නිදහසට කරුනු කොයි අාකාරයෙන් ඉදිරිපත් කලද තම දේශපාලනික ගජ මිතුරන් සහ තම කඳවුර අාරක්ෂා කිරීමේ හීන් සූත්තර ක්රියාත්මකව පැවතියේ නැතැයි කියා සබුද්ධික ජනයා මුලා කිරීම සමස්ථ පාර්ලිමේන්තු නඩයටම කිසි දිනකත් සිදු කල නාෙහැක්කක් වනු අැත.

ඒ නිසා අද දින පරාජයට පත්වුනු අගමැති වරයාට එරෙහි විශ්වාස භංගය පිලිබඳ කිසිදු සතුටුදායක අදහසක් පල කරන්නට දේදුනු ජ්රජාව සූදානම් නැති මුත් ඒ අරබයා රජයටත් අගමැති වරයාටත් ජනාධිපතිවරයාටත් කිසියම් කාරනාවක් අවධාරනය කරනු වස් මෙම ජනතා නිවේදනය සහ යෝජනාව ජනාධිපතිවරයා සහ පාර්ලිමෙන්තුව හමුවේ සභාගත කරන්නට කල්පනා කලෙමු.

නිවේදනය වන්නේ...
පවතිනා රජය තුල දූෂිතව හිඳිමින් රජයට ද්රෝහිකම් කරනා ජනතා නියෝජිතයින් මෙන්ම රජයක වගකීම සහ ප්රතිපත්ති අාරක්ෂා කරමින් රජය තුල සිටිනා යහපත් ජනතා නියෝජිතයින්ද යන සංයුතිය යටතේ මුත් සබුද්ධික සහපිරිවරකගේ ඉවසිලිමත් ඥාණවන්ත ක්රියා කලාපය නිසා අද දින අභ්යන්තර ගැටළු කොතරම් බරපතල අාකාරයෙකින් පැවතියද... ගෝත්රික සොර නඩයේ කූඨ අභිප්රායයන් සුනු විසුනු කර දමා හරි හෝ වැරදි අද යෙදුනු අග්රාමාත්ය වරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඡන්දය පාවිච්චි කලද පරාජය වන අප්රකාශිත ඡන්ද පවා කසල ගොඩට දමමින් 55% පමන ප්රතිශතයෙකින් ජය ගැනුමට රජයට හැකි විනි.

මෙම ජයග්රහනයත් සමගම ගෝත්රික සොර නඩයේ කඩාකප්පල්කාරී අනාගත සැලැස්ම (නගුට පස්සා පැත්තේ ගසා ගනිමින්) අකුලා ගන්නට සිදුව අැත.

එම ගෝත්රික සොර නඩයේ කඩාකප්පල්කාරී යටි අරමුන නොවන්නට අග්රාමාත්යවරයා 2015 ජනවාරි 8 සෝභිත හිමිගේ දේදුනු ජනයාගේ විශ්වාසයන් බිඳදමා තිබුනු බැවින් විශ්වාස භංගය දිනවා ධුරයෙන් ඉවත් කොට ගෙදර නොව අර්ජුන් මහේන්ද්රන්ගේ අැප කරුවා ලෙස අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කල යුතුව තිබිනි.

නමුත් තමන් විශ්වාස කල සුපිරි සහ පන්තියේ මිතුරන් තමන්ව හෙලූ ප්රපාතය පිලිබඳව සහ තමුන් විසින් අාරක්ෂා කරනු ලැබූ යමපාලන දූෂිත ගජ මිතුරන් තමන් හට අැටවූ උගුල පිලිබඳවද ගැඹුරින් කල්පනා කොට ඉදිරි ක්රියාමාර්ගයන් සම්බන්ධයෙන් අලුතින් සිතන්නට අග්රාමාත්යය වරයාට අවසන් අවස්ථාවක් ලබා දෙන්නට අදූෂිත වූ තම පක්ෂ සාමාජිකයින් සේම සෝභිත හිමිගේ යහපාලන ජනතාවද තීන්දු කර අැති බව මෙයින් දන්වමු.

යෝජනාව වන්නේ...
ජනතාවගේ ධනය නාස්ති කරවමින් සහ ජනතාවගේ දෛනික කටයුතු අඩාල කරවමින් තේරුමක් අැතිව හෝ නැතිව මෑතක සිට සිදුවෙමින් පවතිනා විශ්වාස භංග ඉදිරිපත් කරවනා විකාරය විධිමත් කිරීමට කාලය එලැඹ අැති බව පෙනී යයි.

එම නිසා කිසියම් විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඒ ඉදිරිපත් කරනා කණ්ඩායමටත් ඒ පිලිබඳ කිසියම් වගකීමක් අැතිව එය ඉදිරිපත් කරවීමේ වගකීමක් බන්ධනය කරවීම අත්යාවශ්යය කාරනයක් බව ජනතාවගේ සුපැහැදිලි අදහසයි.

නොඑසේව එක එකාගේ සිත් සතන් තුල පවතිනා ඊර්ෂ්යාකාරී වූද... වෛරී වූද... කෑම දිරවා ගැනීමේ ඔට්ටුතාන් හැංගිමුත්තන් වැඩවලට තිත තැබිය යුතුය.

එම නිසා මින් මතු කිසියම් විශ්වාස භංගයක් ඉදිරිපත් කර විවාදය කොට ඡන්ද විමසීමෙන් අනතුරුව ලැබෙනා ප්රතිඵලය පරාජයක් නම් ඒ ඉදිරිපත් කල පාර්ශවයේ නායකයා හෝ ඉදිරිපත් කල පුද්ගලයාගේ මන්ත්රී ධුරය අහෝසි වීම හෝ ඉල්ලා අස්වීමට සිදුවනා හෝ පනතක අත්යාවශ්යයතාවය ජනතාවගේ පැත්තෙන් වඩා ඉහල අවශ්යයතාවක් ලෙස පැන නැගී අැත.

නොඑසේනම් මෙම අදහසට නීති විශාරදයින්ගේ අනුදැනුමින් සුදුසු ක්රියාමාර්ගයක අවශ්යතාවය සබුද්ධික ජනතාව විසින් රජයට අවධාරනය කරනු ලබයි.

ස්තුතියී.
නිර්පාක්ෂික සෝභිතාවතාර සබුද්ධික ජනතාව සමගින්
2018/04/04

No comments:

Post a Comment